ගෝඨාගේ මිනී මෝරු

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    ගෝඨාගේ මිනී මෝරු

    ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ නතරවී සිටියේ තුන්මුල්ලේ පිහිටි රජයේ නිල නිවාසයකය. මම මෙම නිවසට ඔහු හමුවීම සඳහා බොහෝ විට ගොස් ඇත්තෙමි. නිවසට ඇතුල්වන විටම බිත්තියට සවිකර තිබුනු සාමාන්‍ය තරමට වඩා විශාල මාළු ටැංකියක් විය. එහි සුරතල් මාළු දහ පහලොස් දෙනෙකු පිහිනමින් සිටි අතර මොරෙකුගේ හැඩැති අඩියක් පමන දිගැති මසුන් වර්ගයක්ද විය. නිවාසවල ඇති මාලු ටැංකි වල ඇති කරන මෙම සුරතල් මාළු වර්ගය මම තවත් බොහෝ නිවාස වල දැක ඇත. කවුරුන් හෝ විහිළුවට මේ ටැන්කියේ ඉන්නා කුඩා මාලුවන්ට මිනී මෝරු යැයි කී කතාව කොතරම් දුරදිග ගියාද කීවොත් ඔබ නොසිතනා අය පවා එය විශ්වාස කලෝය. මින් එක් අයෙකු වන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල අති විශිෂ්ඨ අන්තර්ජාතික මෙහෙයුමක් තුලින් 2009 අගෝස්තු මාසයේ අත් අඩංගුවට ගනු ලැබූ කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකත්වයට පත් කේ. පී.ය. මැලේසියාවේදී අත් අඩංගුවට ගනු ලැබු කේ. පී. ලංකාවට ගෙන එන විට ඔහුත් විශ්වාස කොට ඇත්තේ ගොඨාභය ඔහුව මිනී මෝරුන්ට කන්න දෙනු ඇතැයි කියාය. අද බටහිර රටවල් යුධ අපරාධ ගැන කොපමන බොරු චෝදනා නැගුවද ලංකාවේ බුද්ධි අංශ විසින් සිරභාරයට ගත් කිසිවෙකු මරා නොදැමූ බවට හොඳම උදාහරණය කේ පී ය. එහෙත් පසුකලක ගොඨාභයගේ මාළු ටැංකියේ සිටින අඩියකට වඩා දිග නැති සුරතල් මසුන් දුටු විට කේ පී ට සිතුනේ කුමක්දැයි අද ඔහුගෙන් ඇසුවොත් ඔහු සිනහ සෙමින් එයට උත්තර දෙනු නිසැකය.
    ගෝඨාභයගේ සුදු වෑන් ගැන මගෙන් අසන සියලු දෙනාගෙන්ම මා අසන එක් ප්‍රශ්ණයක් ඇත. "සුදු වෑන් එකකින් ගොස් අතුරුදහන් වූ එක් අයෙකු හෝ ඔබ පෞද්ගලිකව දන්නවාද ?" අද වන තුරු එම ප්‍රශ්ණයට මට පිලිතුරක් ලැබී නැත. ඔවුන් සියලු දෙනාම අසන්නේ පත්තරවල එතකොට තියෙන්නේ බොරුද කියාය. ගෝඨාභයගේ මිනී මෝරු සිටියෙත් පත්තරවල බව මම ඔවුන්ට මතක් කලද එයින් පලක් නොවන බවද මම දනිමි.
    නිහතමානී එහෙත් ඍජු රාජ්‍ය නිලධාරියෙකු වූ ගොඨාභය ගැන මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් බොහෝ වැරදි මත ගොඩනගා ඇත. මා මෙහි මහින්ද රාජපක්ෂගේ දේශපාලන ප්‍රතිවාදීන් යැයි කීවේ ගොඨාභය දේශපාලඥයෙකු නොවන බැවිනි.


    Nalaka Godahewaගේ facebook පිටුවෙන් ගත්තේ දැක්ක ගමන් හිතුනා කිරියේ බුකීගත නොවන සහෝදරයන්ටත් බලන්න දැම්මොත් හොඳයි කියලා.
     
    • Like
    Reactions: netlife007

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    anith karane samanya malu hitiya nam rajithata ge denakota ai tankiya his kale.
    mewa ithin saka upaddawana karana.

    habai ithin mona kara gaththath mokada yudde dinewwa eka madai. :)
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    anith karane samanya malu hitiya nam rajithata ge denakota ai tankiya his kale.
    mewa ithin saka upaddawana karana.

    habai ithin mona kara gaththath mokada yudde dinewwa eka madai. :)


    උබට ගැලපෙන් තොප්පිය හොයලා උබම දාගනින්

    එක දෙයක් කියල හිටපන් හැබැයි.


    උබ මෝරු දැක්කද ?
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    anith karane samanya malu hitiya nam rajithata ge denakota ai tankiya his kale.
    mewa ithin saka upaddawana karana.

    habai ithin mona kara gaththath mokada yudde dinewwa eka madai. :)

    tankinam thama e widiyatama thiyenawa
    uba dakkada his karanawwa :shocked:


    iwnkly.jpg
     
    Last edited:

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    මේකත් ඔය වගේම ඔය පිටුවෙම තිබුන කතාවක්ආරක්ෂක ලේකම් ගොඨාභයට කුරුණෑගල විශාල පොල් ඉඩමක් ඇතිබවට ආරංචියක් 2011 කාලයේ ඒ පලාතේ පැතිර ගොස් තිබුනි. වරක් ගෝඨාභයගේ කිට්ටු මිතුරෙකු වූ ජෙනරල් පාලිත ෆර්නෑන්ඩු මෙම පොල්වත්ත ගැන ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසීය. ගෝඨාභය පළමු වරට මේ කතාව ඇසුවේ එදාය. " බණ කතාකරනවද අයිසේ මට පොල්වත්තක් තියා ගෙයක්වත් තියෙනවද ? වහාම පොලීසිය ඇරල ඔය ගැන හොයල බලන්න" යැයි ගොඨාභය උපදෙස් දුන්නේය. ඉන් පසු සොයාගනු ලැබුනේ ඉළ ඇදෙන කතාවකි.
    පොලීසිය සොයාගත්තේ මෙම කට කතාව පතුරවා තිබුනේ වත්තේ නියම හිමිකරු විසින්ම බවය. " මහත්තයෝ මේ පලාතේ හරියට පොල් හොරු ඉන්නවා. ඒ නිසා මම කතාවක් පැතිරුවා මේ වත්ත ආරක්ෂක ලේකම්තුමා ගත්තා කියල . එදා ඉදන් විශ්වාස කරන්න වත්තට මුරකාරයෙක්වත් අවශ්‍ය නැහැ. මෙලෝ හොරෙක් වත්තේ පස් පාගන්නේ නැහැ " කියා වත්තේ හිමිකරු පපොච්චාරණය කලෙය.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ රවුම් කරල පෙන්නනෙ මොකද්ද බන් :oo:

    lankawe foreign media correspondent (afp,bbc etc... )
    set ekata rajitha party ekak dunna
    e awa ayata rajitha thagi dunna kiyala pennanna oka dala thiyenne
    pitipasse thama mini moru tankiya thiyene :lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ලංකාවේ තරම් බලයට කෑදර වෙලා පාවා දෙන්නෝ මේ මුලු ලෝකයේම නෙවෙයි මුලු විශ්වයේම නැතුව ඇති. අවුරුදු ගානක් මේ රටේ යුද්ධයක් තිබුනා කියලාවත් අමතක අමුම අමු මොකෙක් හරි කියන කෙබරයක් ඉස්මුදුනින් පිලි ගන්න ජාතියක් අපේ මිනිස්සු. මොකක් හරි බොරුවක් මවලා කරලා පෙන්නුවාම ඒ සැනින් පිලිගන්න එකනේ පුදුමේ. කොයි තරම් නිවැරදි කරන්න හැදුවත් පිලිගන්න ජාතියක් නෙවෙයි. බරපතල විදියට දෙයක් වෙන්නම ඕන නිවරැද්ද පිලිගන්න.. :sorry:
     

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    සාමාන්‍යෙන් රටක් ආරක්ෂාව පිලිබද විශාල බරක් ආරක්ෂක ලේකම් දැරිය යුතුය.ඊට හොඳම උදාහරනය ගෝඨාභය රාජපක්ෂයි.ඔහු පිළිබදව දෙරනේ 360° වැඩසටහනේදී නිවේදකයා ඇසූ ප්‍රශ්නයක් අතරතුර කමල් ගුණරත්න මහතා දුන් පිළිතුරෙන් කොටසක් මේ

    ශ්‍රී ලංකා බුද්ධි අංශය ලෝකයේ ඕනෑම බුද්ධි අංශයකට නොදෙවෙනි ලෙස ශක්තිමත්ව තිබූනා.මැලේසියාවේ ඉදලා කුමරන් පද්මනාදන් (KP) අත්අඩංගුවට ගෙන රහසේම මෙරටට ගෙන ඒම වැනි ක්‍රියාන්විත වලින් බුද්ධි අංශයේ දක්ෂතාවය ලෝකෙටම පෙන්නලා තියෙනවා ඒ වගේ ලෝකයේ ක්‍රියාන්විත කරන්න පුළුවන් මොසාඩ් (Mossad), සී අයි ඒ (CIA) වැනි රහස් ඔත්තු සේවයන්ට වගේ ලොකු ඔත්තු සේවයන්ට.
    ඒ වගේ විදේශ රටවල මෙහෙයුම් කරද්දි ආරක්ෂක ලේකම් තුමාගෙන් බුද්ධි නිළදාරින් ලැබුනු වගකීම් සහතිකය මිල කල නොහැකියි.

    බුද්ධි අංශ නිලධාරීන් තම ජීවිත දෙවැනි කොට සලකා තම මව්බිම වෙනුවෙන් දැඩි කැපවීමෙන් යුතුව සේවය කලත් ඒ බුද්ධි සෙබලුන් අද වන විට සිරගත කර තිබීම ගැන මා දැඩි වේදනාවට පත්ව සිටිනවා.