හම්බයන්ද ? සිංහලුන්ද?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    හම්බයන්ද ? සිංහලුන්ද?

    හම්බයන්ද ? සිංහලුන්ද?

    අපි බොහොමයක් මුස්ලිමුන් හඳුන් වන්නේ ඉහත නමින්ය . හම්බන්වැල්ල , හම්බන්තොට යන වචන සෑදී ඇත්තේ ඉහත වචනය මුල් කරගෙන විය යුතුය .

    සිංහල පාඩම පසෙක ලා අපි අතරේ කලක පටන් තියෙනා ඇරියස් එක ගැන කතා කරමු . සිහලයින්ට මුස්ලිමුන් සමග විසඳා ගත යුතු ගැටළු කිහිපයකි .

    මුස්ලිමුන් ගේ ජනගහනය නුදුරේම සිහල ජනගහනය අභිබවා යෑමට නියමිතය.

    මේ වන විටත් ලමා ජනගහනය සිහලුන් පසු කොට හමාරය !

    ආර්ථිකය සූක්ෂම ලෙස අල්ලාගනිමින් සිටියි .

    ඉඩම් අත්පත් කරගනී .

    ආගම ව්‍යාප්ත කරයි .

    ස්වභාවයේ ජීවත් වන; ශාඛ සත්ව සියලු දෙනා හට තමවර්ගයා බෝකරලිය හැක . ඒ සඳහා ඇවැසි සියලු අංගෝපාංගයන් වලට අප උපතින්ම උරුමකම් කියන්නෙමු . ඒ අතින් මුස්ලිමුන් ; සිහලුන් අභිබවා යෑමක් හෝ මුස්ලිමුන්ට සිහලුන්ට නැති විශේෂ හැකියාවක් හෝ නැත . සිහලුන් තම පුංචි පවුල පවත්වාගෙන යෑමටත් ; මුස්ලිමුන් මහා පවුල් ඒකකයක් පවත්වා ගෙන යෑමටත් ඇති ඉතාකුඩා ගුණාකාරය වන්නේ එකිනෙකා සිතන ආකාරය පමනකි .

    මෙහිදී සිහලුන් Quality ගැන සිතද්දී මුස්ලිමුන් සිතන්නේ Quantity ගැනය . සිහලුන් තම කුඩා පවුල් ඒකකය විශිෂ්ඨ මට්ටමකට ගෙන එන්නට උත්සාහ ගන්නේ අධ්‍යාපනයෙන් , විනයෙන් , පෝෂනයෙන්, සමාජ සුරක්ෂිත භාවයෙන් වැනි කරුණු තුලින්‍ය . පුංචි දරුවන්ට ඉගැන්වීමේදී උපයෝගී කරගතයුතු මූලික කරුණු තුන වන “ටිකක් , සෙමෙන් , හොඳින්” විය යුතුසේම;
    සිහලුන් තම පවුල ටිකක් , සෙමෙන් , හොඳින් සෑදීමට වැඩි නැඹුරුවක් දක්වයි .

    මුස්ලිමුන් බහුතරය උත්සාහ ගන්නේ තම පවුල ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමටය. මුස්ලිමුන් සිතන්නේ ආර්ථික වශයෙන් මෙම සමාජය ජය ලැබීමට නම් යොමුවිය යුතු වන්නේ ව්‍යාපාරික ලෝකය වෙතය .ව්‍යාපාරයක් සාර්ථකව පවත්වා ගෙන යෑම සඳහා විශ්වාස වන්තයින් සිටිය යුතුය . තම පවුල් ඒකකය කෙතරම් විසල් වුවද ඒ සෑම සාමාජිකයා වෙත්ම එල්ල වුනු වගකීමක්, රැකියාවක් පවතී .

    “විශ්වාසා පරමා ඥාතී” යන්න සිහලුන් විශ්වාස කරත්ම ඔවුන් ගේ ඉගැන්වීම වන්නේ “ඥාතී පරමා විශ්වාසා” යන්නය ! අප ජනඍතිය තුලම “මිනිසාට වින කරණ සතුන් තිදෙනා ලෙස නම් කොට ඇත්තේ මීයා , වේයා සහ නෑයා ය! බහතෝරණ වියේ පටන් අප උගෙන ගන්නා ; මිනිසාට හානි කරණ සතුන් වන මීයාට හා වේයාට පසු කලෙක එක් කරණ්නේ නෑයා වය .(සත්‍ය ලෝකය තුල විවාදයක්ද නැත.)

    මුස්ලිම් ජන සමාජය මාළු ටැංකියක් සේය ! මාළු ටැංකියක සිටින මාළුවකු කසාදයක් බඳින්නට උවමනා වූ විට අල්ලපු ටැංකියෙන් මනමාලියක් සොයා ගන්නේ නැත . ඌ තම සහකාරිය ,පෙම්වතිය හෙවත් මාළු කෑල්ල සොයා ගන්නේ තමා සිටිනා ටැංකිය තුලින්මය . මුස්ලිම් ජන සමාජය තුලද මේ තත්වය බොහෝ දුරට සමානය . ඒ නිසාම මුස්ලිමුන් වසන ගමක් ගත්තද ,නගරයක් ගත්තද ,වෙනත් කුමන ආකාරයේ ජනපදයක් ගත්තද හැම එකාම “අපේ එකෙකි”! මේ නිසාම එම ප්‍රදේශය තුල ඇතිවන ඕනෑම ආර්ථික සටනකින් එකෙකු පරාද වුවද ජය ගෙන ඇත්තේ තවත් “අපේම” කෙනෙකි . ඒ නිසාම අවුලක් නැත !

    ඔවුන් ගේ සමාජය වෙත වෙළෙඳ කටයුත්තකට කිසියම් අගන්තුකයෙකු ගිය හොත් ; එම ව්‍යාපාරික කටයුත්තට ඍජුවම සම්බන්ධ වන අය හැරුණුවිට තව බොහෝ දෙනෙක් ග්‍රවුන්ඩ් සපෝට් එකට එම ස්ථානයට රොක් වේ . ඒ අය එම කටයුත්තට අවශ්‍ය පෙළඹවීම් , පනගැන්වීම් , උසිගැන්වීම් ,උත්ප්‍රේරක ,අනුපාන, කුඩ ඇල්ලීම් , ගොටු ඇල්ලීම් ,චියර් කිරීම් ,වතුර ගැසීම් , පවන් ගැසීම් ආදි එකී මෙකී නොකී සියල්ල වටේ සිට කරණු ඇත . ඒ වැඩේ කෙරෙණ පැත්තටය . මොනයම් හෙයකින් ඔහුගෙන් ඔබ ඉවත් වීමට සැරසුනහොත් මෙතෙක් පවන් ගැසූ අය භාණ්ඩ අලෙවි කරන්නා වී ; එතෙක් අලෙවි කරන්නාව සිටි අය පවන් ගැසීමට පටන් ගනී . මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙවර අලෙවි වන්නේ ඔබේ අව්ශ්‍යතාවයට වඩත් සමීප දෙවෙනි අයට අයත් භාණ්ඩයකි ! මෙය මුල් අලෙවි කරුවා ගැටළුවක් කරගන්නේද නැත . එයට හේතුව වන්නේද “ඌ ද අපෙ එකෙකු” වනබැවින් විය යුතුය !

    මේ නිසාම ඔවුන්ගේ නිවාස තුලින් ජනනය වන පිරිසට ජීවත්වීම මහා අමාරු කටයුත්තක් නොවනු ඇත . මොන විදියකින්වත් බිස්නස් එක පිට නොයැවීමට ඔවුන් වග බලා ගනිති!

    ඕනෑම ජන සමාජයක , පරිසර පද්ද්තියක ජීව සමතුලිත තාවයක් පැවතිය යුතුය. එය කිසිවෙකුට බැහැර කල හැකි කරුණක් නොවන්නේය . අපේ රටේ දිවියන් වේගයෙන් වඳවීයාමෙන් සිදුවන අඩු පාඩුව මකා ගැනීමට අප්‍රිකාවෙන් සිහයන් ගෙනත් අපේ වනාන්තර වලට මුදා නොහරින්නේ ඒ නිසාය . මෙසේම අපේ රටේ වේවා වෙනයම් රටක හෝ පවතින ජන සංයුතිය වෙනස් වීම භයානක තත්වයකි . මන්ද එක් සංස්කෘතියක් විසින් තවත් සංස්කෘතියක් සිතා මත හෝ නොසිතා ගිල දැමීම සාපරාධී ක්‍රියාවකි . ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචි කරුවන් වූ ඇබොර්ජිනී වරුන් හට , රතු ඉන්දියානුවන් හට උවද සිදු වූයේ මේ තරම් බර පතල නොවූ වද අවසාන ප්‍රථිඵලය එකසේ භයානක වූ ක්‍රියාවලියකි .

    නැවතත් අප කතාවේ මුලට ගියහොත් බහුතරයක් වූ සිහලුන්හට තම පැවැත්ම පවත්වා ගෙන යාමට මුස්ලිමුන් කර ඇති බලපෑම කුමක්ද ? සිහලුන්ගේ ජනනය කිරීමේ හැකියාව ඔවුන් විසින් කප්පාදු කොට ඇත්ද? මුස්ලිමුන් සිහලුන් අතික්‍රමනය කිරීම නවතා දැමිය හැකි සදාචාර සම්පන්න කිසිදු ක්‍රමවේදයක් වෙත්ද ?සිහලුනට මේ අතික්‍රමණය නවතාලීමට තමන් විසින් මෙලොවට ජනනය කරණ සංඛ්‍යාව තීරණය කරන්නේ පිටස්තර බලවේගයක් විසින්ද ?
    මෙහිදී මුස්ලිම් පල්ලිය විසින් සමාජයේ පවතින ආර්ථික අසමතුලිත තාවය මග හැරවීමට අර්ථයෙන් ධර්මයෙන් සමහර අවස්ථාවල මැදිහත් වීමක් කරණු ලබනු ඇත .

    එය උපදේශනය , ණය ගනුදෙනුවක මැදිහත් කරුවකු ලෙස කටයුතු කිරීම , උදව් උපකාර හුවමරුවක පහසුකම් සපයන්නා ලෙස කරණ මැදිහත් වීම විය හැක . මේ මැදිහත් වීම කරණු ලබන්නේ ණය ගැනීමේදී පමනක් නොවේ . ආපසු ගෙවීමේදීද, ආපසු නොගෙවා කට්ටි පැනීමේදීද මේ ඇදිහත් වීම කරණු ලබයි .

    බොහෝ විසල් පරිමානයේ මුස්ලිම් වියාපාර කෙරෙණ ස්ථානයන්හි කුඩා වියාපාරිකයින්ද තම එදිනෙදා ජීවිතය ගෙනයාමට කුමක් හෝ කුඩා වියාපාරයක් කරති . පේමන්ට් එකේ හෝ ඉදිරිපස පඩියමත හෝ තබාගෙන ජීවන සටන ගෙනයන මුස්ලිම් දුප්පතා හැදෙන්නේ වැඩෙන්නේ මහා වියාපාරිකයා සෙවනේය. සමහර විට එම අවසරය ලැබෙන්නේ පල්ලිය හරහා විය හැක . එකම පොකුනකින් මුව දොවාගෙන , එකම ශාලාවක එකට බිම අසුන් ගෙන සෑම පන්තියකටම අයත් මුස්ලිමුන් එකට ; එකම දෙවියෙකු යදිති . ලොකු වියාපාරිකයින් පැමිනි විට ලොකු මව්ලවි තුමා පැමින මහතින් වැඩි නූල් බදින්නට යන්නේ නැත . ලඟටම ගොස් දෙවියන් වන්දවන්න යන්නේ නැත . කොටින්ම පන්සල් වල ඇති පංති බේදය මුස්ලිම් පල්ලියක දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකින්ය. මෙය අප කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවද පිලිගත යුතු සත්‍යයයි. පන්සලට මේ මැදිහත් වීම කරණ්නට නොහැකි වන්නේ මන්ද ? කළුතර බෝධිය , අනුරාදපුර අට්මස්ථාන, දළදා මාළිගය , සෝමාවතිය , කැළණිය වැනි සිද්ධස්ථාන වල දිනක ආදායමෙන් පවුල් කීයක්නම් නගා සිටුවිය හැකිද ?
    සිහලුන් පුංචි පවුලට ආදරය කර්න්නට මූලික වූ හේතු කිහිපයකි .

    දරුවන් කුඩාකල රැක බලා ගැනීමට තියෙන අපහසු භාවය .

    කිරි පිටි ආදියට යන වියදම් දැරීමට නොහැකි වීම .

    පාසැලක් සොයා ගැනීමට ඇති අපහසුව .

    දැරිය නොහැකි ඉගැන්වීම් සඳහා යන වියදම්

    එදිනෙදා වියදම්

    මුස්ලිම් ගෙදරක සිටින අධික ජනගහනය නිසාම දරුවන් බලා ගැනීම කජු කන වැඩකි . කුඩා පරිමානයෙන් සිදුකෙරෙන ව්‍යාපාරික කටයුතු හා සමාජයෙන් ලැබෙනා අධාර උපකාර මගින් වියදම් බර සැහැල්ලු කර ගත හැක. එසේම ඔවුනට ඇති ප්‍රාථමික අවශ්‍යථා නිසා ආර්ථිකය ගැට ගසා ගත හැක . පාසැල් පිලිබඳව තිබෙන ආකලපය වන්නේ ලඟම පසැල - හොඳම පාසැල යන්නයි . මෙසේ ජීවිතය අල්පේච්ඡ කරගෙණ ඇත . 90% ක් ම මුස්ලිම් ගැහැනුන් ගෙදරට වී සිටිති. වදන හැම ලමයෙකුම බලාගන්න නැනීලා ගෙදරම සිටිති .මේ නිසාම පවුල කොයි තරම් විසල් වුවත් එය බරක් ලෙස ඔවුනට නොදැනේ.

    ලමුන් 6 දෙනෙකු මෙලොවට බිහිකල කුච්චවේලිහී මුස්ලිම් මවකගෙන් වරෙක ඒ පිළිබඳව විමසීමක් කල විට ඇය පැවසූවේ “ දෙවියො දුන්නා අපි ගත්තා ” කියාය. මෙය කොයි තරම් සරළ වූත් සාධරණ වූත් සාර්ථක වූත් ප්‍රකාශයක්ද ? මේවාට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කල හැක. නමුත් තම කුස තුලට සිතා මතා හෝ නොසිතා අහම්භයක් ලෙස හෝ එන දරුවා ; දෙවියන්ගෙන් ලත් තිළිණයක් ලෙස මවකට දැකිය හැකි නම් ඒ දරුවා මොනතරම් වාසනා වන්තද ?
    වරක් විශාල ලොතරැයි දිනුමකට හිමිකම් කී අයෙකු මුණ ගැසුනු පුවත් පත් වාර්ථා කරුවෙකු තමා ලොතරැයි අංකය තෝරා ගත් හැටි විමසීය.

    “මම නමයේ ඉලක්කම තුන් පාරක් දැක්කා . නම වරක් තුන විසි හතරයිනේ ! ඉංග්‍රීසි හෝඩියේ විසි හතර වෙනි අකුර ඇම් නේ !! ඉතින් මම පාන්දරම ලොතරැයි කාරයා ලඟට ගිහින් ඇම් විසිහතර ඉස්සරහට එන ටිකට් එකක් ගත්තා !!” දිනුම් හිමිකරු කියාගෙන ගියේය.
    “ඉතින් නම වරක් තුන විසි හතරත් නෙවෙයි. ඉංග්‍රීසි හෝඩියේ විසි හතරවන අකුර ඇම්මුත් නෙවෙයිනේ !?”
    “ඕකනේ ඕනවට වඩා ඉගෙන ගන්න හොඳ නෑ කියන්නේ …!”

    සමාජය ඥානණය කරනවා යැයි සිතන බොහෝ දෙයින් සිදු වන්නේ අප නොසිතන අවැඩකි. අප පාසැල් යන අවදියේ තිබුනු මත් නිවාරණ ප්‍රදර්ශන තුලින් අප හොඳින් මත් ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් විමු . ඒ නිසාම අප අළුත් අළුත් අත්දැකීම් ලබා ගැනීමට ඒවාට හුරුවූ අයද නැතිවා නොවේ !

    මා පෙර සඳහන් කල බෞද්ධ සිද්ධස්ථාන වලින් සිංහලයාගේ යහ පැවැත්ම උදෙසා කල දෙයක් වෙත්ද ? බණ දෙසීම් ,බෝධි පූජා, පාංශුකූල, හැරුනාම දුප්පත් දරුවෙකු වෙනුවෙන් කල දෙයක් වේනම් එය ලැබැන ආදායමට සාපේක්ෂව කෙතරම් අල්පද ?

    මේ ගැන කෑමොර දෙන උන් තම වර්ගයා වැඩි වශයෙන් බිහි කිරීමට කල සම්මාදම කුමක්ද?අවම වශයෙන් දරුවන් තිදෙනෙකු මෙලොවට එක් කොට ඇත්ද? එසේනම් හම්බයෝ බෝවෙනවා ! කියා මර ලතෝනි දුන් පමනින් සිංහල කුස තුලට දරුවන් පිළිසිඳ ගන්නවාද ? අපට කියන්න ඇත්තේ අනෙක් ජාතිය වැඩි වෙනවා කියා මර ලතෝනි නොදී ගෙදරටවී ඉතා පහසුවෙන් කල හැකි තමාගේ යුතුකම් කොටස වගකීම නොපිරිහෙලා ඉටුකොට ; පසුගිය සමයේ තම පන්සල් අසලට දමා ගිය ඇත්පැටව් බලාගත් හිමිවරුනට උපදින දරුවා භාර දෙන ලෙසය . මන්ද ඇත් පැටවෙකු බලා ගන්නවාට වඩා මිනිස් පැටවෙකු බලාගන්නා එක පහසු බැවින්ය.

    කිරිබත්ගොඩ පානදුර ආදී සමහර ප්‍රදේශවල මුස්ලිම් ව්‍යාපාර බිහිවීමට එම ප්ර්දේශයන්හී සමහර බිස්නස් කාර තක්කඩින් පසුගිය කාලයේ මාෆියා ගේම් දුන්නේය . එහෙත් අදවනවිට කිරිබත්ගොඩ තත්වය ස්වල්ප වශයෙන් වෙනස් වී ඇත . ඒ “හමීඩියාස්” ලා උදේශි සිටියට පැමිනීමත් සමගය . මා දන්නා පරිද්දෙන් මුස්ලිම් කූල් ප්ලැනට් එකට රෙදි මසා ජීවත් වන බොහෝ සිංහල අය සිටිති . මෙය හොඳ ප්‍රවනහාවයකි. මුස්ලිමුන් උපන් ගෙයි බිස්නස් කාරයෝය. උන්ට ඒ වැඩේ කරන්නට දී බඩු ටික සප්ල්යි කිරීම සින්හලුන් භාරගෙන ඇත. කූල් ප්ලැනට් එක වර්ජනය කරන්නට කතා කරණ අයට මෙම සිංහල ඇඟළුම් සපයන්නන්ට කලහැකි විකල්ප යෝජනාව කුමක්ද ? . සිංහල අයියලා නගර ආක්‍රමණය කරගෙන මුස්ලිමුන්ට එන්න නොදෙන්නේ ජාති ආලේටද? නොඑසේ නම වෙළෙද මාෆියාව හේතු කරගෙනද ?

    යටියන්තොට නගරයේ හාඩ්වෙයාර් කඩ හතරක් පවතී. මින් දෙකක් මුස්ලිම් වන අතර එකක් සිංහල බෞද්ධ වන අතර අනෙක සිංහල කතෝලික වේ. මින් සිංහල බෞද්ධ කඩේ ඇති මගුලක් නැත ! කතෝලික කඩේ ඉන්න එකාට අපි කථා කලත් ඌ කතා කරන්නේ නැත !! (බොරුනම් සිරී පාදෙ යන වෙලාවක හරි යටියන්තොට පෙට්‍රල් ෂෙඩ් එක ඉස්සරහ තියෙන හාඩ් වෙයාර් එකට ගොඩවී බලන්න. මේ බ්ලොග් එක පල්ල මම බොරුවක් කියනවානම් මේ බ්ලොග් එකට හෙණ හත වදීවි !) කඩේ උගේ මස්සිනාගේය. මාසයක් එක දිගට උගෙන් බඩු ගත්තද එක දවසක් රුපියල් 50 ක් අඩු උවහොත් කඩේ එකා කියන්නේ “එහෙමනං ඇණ ටික තියලා යන්න!” කියලාය . එතකොට උගෙන් අහන්න හිතෙන්නේ ඇණ ටික තියලා ටකරං ටික විතරක් ගෙනිහිං ඒවා වහලේ රීප්ප වලට හයි කරන්නේ “අහවල්”එකෙන්ද කියලාය !
    මුස්ලිම් කඩේට ඇත්ලු වෙද්දීම කඩේ එකා සිනහ පිරි මුහුනෙන් යුතුව “අයියේ මොනවද ඕනේ ?” කියලා ඔබෙන් අසාවි .ඔබ ගිය දෙවන තෙවන දවසේ රුපියල් 500 ක පමන භාන්ඩ ප්‍රමාණයක් ණයට ගන්නට පුළුවන. මේ ණය වීමේ හැකියාව දින පතා වර්ධනය වන ගුනාංගයකි . නගරයේ වැඩිපුරම බිස්නස් ඇත්තේ මේ කඩේටය !
    මේ කථාව අහපු ගමන් ; මීට කලින් මම මේ කථාව කියනවා අහන් හිටපු අපේ වෑල්ඩින් රුවන් වාගේම ඔබත් කියාවි “ඒ උන්ගේ කපටිකම! ඒ උන් ඔයාව අල්ලගන්න !!” කියලා . එතකොට මම අපේ රුවාට කියපු කතාවම ඔබට කියන්නම් . “ගමක ඇහැට කනට පේන කෙල්ලක් සිටී . මේ කෙල්ල එකෙකුගේවත් මුහුණ බලන්නේ නැත . ඒකිට අපේ එවුන් කියන්නේ මොනවාද ? ඒකිගේ කිසියම් අවයවයකට ස්තාන මාරුවක් ලැබී ඇතැයි අපේ එකාලා පූර්ව නිගමනයකට නොඑළඹේද ?මේ කෙල්ලම සැමදෙනා සමඟ සුහද ශීලී ලෙස සිනහ වන්නේනම් ,කතා කරන්නේනම් ; ඇයට කියන්නේ කුමක්දැයි මා නොකිවමනාය .” මේලෙසින්ම කඩේ එවුන් කලයුතු වන්නේ “කපටිකමින්” අප සමග සිනහවී හදිසියේ අතමාරුවක් කර ගැනීමට අවකාශය සපයමින් කරණ වෙළඳාමද ? නොඑසේනම් කඩේට එන එකාගේ මුහුනවත් නොබලමින් හදිසියකට රුපියලක්වත් නයට නොදී කරණ “රෙස්පට්” වෙළඳාමද ?
    (මා මුලින් කී කඩේ අයිතිකරු-මස්සිනා සෑම සියලු දෙනා සමග සුහද ශීලී අයෙකි. ඔහු නිකමට වත් කඩේට එන්නේ නැත . වරෙක මා ඔහුගෙන් ඒ පිළිබඳව විමසූ විට කීවේ “එන්නේ නැත්තේ ආවොත් නයට දෙන්න වෙනවා !” කියාය. )

    ඔබ මුස්ලිම් සැලූන් එහෙකින් කොන්ඩය කපන ගමන් අයිස් ක්‍රීම් එකක් ඉල්ලුවද සැනෙකින් එය ඔබ අත තබාවි. එසේම එම සැලූන් එකෙන්ම අයිස් ක්‍රීම් එකක් ගන්න තැනක් ඇසුව හොත් ; අයිස් ක්‍රීම් විකුණන තවත් මුස්ලිම් කඩයක්ම පෙන්වාවි.

    මේ පරීක්ෂනයම සිංහල කඩයක් කේන්ද්‍ර කරගනිමින් කල හොත් නිරීක්ශණය කුමක්දැයි මා කිව යුතු නොවේ.

    ජීවිතං අනියතං මරණං නියතං කියා උදේ හවා කියවන අප මරණයකදී බිම පෙරලි පෙරලි හඬති ! මැරුණු එකා ප්‍රථිසංධියක් ලබා හෝ අවසාන විශ්චයෙන් සතියකට පසු මළකුණ වලදමති . ඒ මුළු බොඩියෙන් යම් ප්‍රථිශතයකි . අව්ශේෂ කොටස වෙනමම වල දමනු ලැබේ . මුස්ලිමුන් මැරුණු එකාගේ මුළු බොඩියම පැය 24 න් එකටම වලලති .

    මුස්ලිම් ජන සමාජය පුරුෂ මූලික කොට සෑදී ඇත . එහෙත් කාන්තා ආරක්ශාව පිළිබඳව බොහෝ අවදානයක් දක්වති . මුළු මුස්ලිම් සමාජයම පුරුෂ මූලික ලක්ෂණ පහල කලද කාන්තාවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වති. වරෙක ත්‍රිකුණාමලයේ සිට පුල්මුඩේ දක්වා දිවෙන බස් රියට මුස්ලිම් කාන්තාවක් මගින් නැග්ගේය . ඇය සිටගෙන සිටි අතර මාගේ ආසනයට අනෙක් පසින් මුස්ලිම් යුවලක් වාඩිවී සිට්යෝය. ටික දුරක් යද්දී මා අසල ආසනය හිස් විය. එවිට එතැන සිටගෙන උන් කාන්තාව මා අසලින් අසුන් ගැනීමට සැර සෙත්ම අසල සිටි මුස්ලිම් යුවලෙහි හුන් පිරිමියා වහා නැගිට ඔහුගේ අසුන ඇය වෙත ලබාදී මා අසලින් අසුන් ගත්තේය !ඕනෑම ජන සමාජයක් ත්ම ස්ත්‍රී වර්ගයාට දක් වන ගරුත්වය මත ඔවුන්ගේ මතු දියණුව රඳා පවතී. බොරුනම් ඔබ ඔබගේ අම්මාගෙන් හෝ බිරිඳ ගෙන් අසා දැනගන්න. (වාහන මිළදී ගැනීමට ලීසිං දෙන ආයතනයක සේවය කල මාගේ මිතුරකු පැවසූයේ : ලීසිං ණය මුස්ලිමුන්ට ලබා දීමේදී ගනුදෙනු කරුවාගේ බිරිඳ ඇපකරු ලෙස යොදාගන්නට ඔවුන් හැමවිට උත්සාහ කරණ අතර එවිට මුස්ලිම් ණය කරුවා කෙසේ හෝ ණය ගෙවන්නට පෙළඹෙන බවයි. මන්ද ඔවුන් තම බිරිඳෑවරුන්ව උසාවියට අමුනුවන්නට දැඩි මැළි කමක් දක්වන බැවින්ය .)

    සිහලුන් නිදහස් ස්ථානයක තම නිවස සෑදීමට සූදානම් වෙද්දී මුස්ලිමුන් ඈත එපිට සුන්දර ස්ථානයන් හි තිබුනු නිස්කලංක පරිසරය බල්ලට දමා කෙසේහෝ නගරයෙන් පර්චස් 2 ක් හෝ ගෙන තට්ටු ගනනක නිවසක් තනා ගෙන ; යට තට්ටු තුන කඩ කාමර සඳහා කුලියට දෙනු ඇත .මේ නිසාම නගරයේ සිංහලයන් සතු ඉඩම් සඳහා ඉහල මිලක් ගෙවීමට මුස්ලිමුන් ඕනෑම විටෙක සූදානම්‍ය . සිහලුන් මෙම ගනුදෙනුවලට අකමැති වේ නම් තම ඉඩම් නො විකුනලා තියාගන්නට පුළුවන . නමුත් ඔවුන් කරන්නේ තම ඉඩම විකුනා දමා එම මුදලින් තමන්ගේ වෙනත් අවශ්‍යතාවයක් පිරිමසා ගැනීමය . එය තම තමන්ගේ කැමැත්තය . මෙම ක්‍රියා වලිය මුස්ලමුන් ඉඩම් අල්ලනවා යැයි කිව හැක්කේ බලාඉන්න අයට පමනි . විකුණූ අයට එය හුදෙක් තවත් එක් වෙළඳමක් පමනි !

    කිසියම් පලාතක එසේ සිංහලයකු තම මුදල් අවශ්‍ය තාවය මත තම ඉඩම මුස්ලිම් අයෙකුහට අලෙවි කරන්නට සූදානම් උවහොත් ඊට වඩා වැඩි මුදලක් ගෙවන්නට සූදානම් වන සිංහල ජාති මමකයන් සිටිත්ද ? මුස්ලිමුන් සිංහලයිනට ඉඩම් විකුනන්නේ නැත යන්න ; “සිංහලයන්ට මුස්ලිම් පල්ලි ඇතුලට යන්න නොදෙති! යන්න සේම තවත් මුසාවාදයකි. බොහෝ විට සිදු වන්නේ සිංහලයෙක් ගැනීමට පෙර ඔවුන් ගෙන් එකෙකුම ලොකු ඔෆර් එකක් දීමය .

    අප දන්නා කොතරම් ලංකිකයින් ප්‍රමානයක ඕස්ට්‍රේලියාව ,කැනඩාව ආදී රටවලට සංක්‍රමනය වී ගෙවල් දොරවල් මිලදීගෙන පදිංචි වී ඇත්ද ? එම රටවල මුල් පදිංචි කරුවන් ; “ලංකිකයන් අපේ රටවල ඉඩම් කොල්ල කනෝ !” කියා රෙදි උස්සගෙන කෑ ගසනවා ඔබ අසා ඇත්ද ?

    පෙරදී මෙන් නොව මේ වන විට බොහෝ මුස්ලිමුන් හට අධ්‍යාපනයේ වටිනාකම මැනවින් වටහා ගෙන ඇත. නව පරපුරට සිංහල දෙමල ඉංග්‍රීසි මැනවින් හසුරවත් ! ජනගහනය වැඩිනොකලද , ඉඩම් නොඇල්ලුවද , වෙළඳාම ආක්‍රමණය නොකලද ; ඔවුනට අධ්‍යාපනයේ මහිමයෙන් ඉදිරියේදී රට යටත් කල හැකිවේ.

    මුස්ලිමුන් ආගම ව්‍යාප්ත කරණා තුරු හාමුදුරුවන් කළයුතු වන්නේ කුමක්ද ? ඔවුනට බුද්ධාගම ව්‍යාප්ත කරන්න්ට බැරි ඇයි ? මුල මැද අග ඉතාමත් තර්කානුකූලව ඇති දර්ශණයක් වන බුද්ධ ධර්මය පන්සලට එන උපාසක උපාසිකාවන්ට හැර වෙන කිසිවෙකු වෙත ගොස් වදාල බවක් හීනෙන් වත් අසා ඇතිද ? දිඹුලාගල හාමුදුරුවන්ගෙන් පසුව අන්‍ය ලබ්ධිකයෙකු මහණ කරගත් හාමුදුරුවන් වහන්සේ කෙනෙකු ගැන අසා ඇතිද? වටා පත නැතත් අන්ඩ්‍රොඉඩ් ෆෝන් එක අතේ ඇති අද කාලේ හාමුදුරුවන්; එයින්වත් බණ දෙසා ආගම ව්‍යාප්ත කරන්නට සැරසෙන්නේනම් කොයිතරම් අගනේද ?

    බුදුන් වහන්සේ පවා ඒකාලේ “කොක්ක ගැසුවේ” අන්‍ය ලබ්ධිකයින් හටය. ඒනිසා කිසියම් ආගමකින් නැවත ඒ දෙයම කරන්නේ නම් මෙත් සිතින් බලා සිටීම හා බුද්ධාගම ව්‍යාප්ත කිරීමට විධිමත් ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීම හැර අනිත් ආගමික ස්ථාන පොලොවට සමතලා කිරීම සාධාරණ වේද ?
    මෙම ලිපියෙන් මා උත්සාහ ගන්නේ මුස්ලිමුන් කරණ සියලු ජඩ වැඩ අනුමත කරන්නට නොවේ. විල්පත්තුව කිසියම් අයෙකු විනාශ කලේ නම් එයට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වී දඬුවම් ලබාදිය යුතුය.නැගෙනහිර බෞද්ධ නටබුන් ඩෝසර් කොට ඇත්නම් ඒවාට නිසිපරිදි “සැළකිය”යුතුය . මේ සියල්ලට රටේ සාමාන්‍ය නීතියෙන් පිළිතුරු දිය යුතුය .

    කල යුතු වන්නේ අන්ජාතිකයින් නැගී සිටින විට ඒ අයගේ කකුලෙන් ඇදීම හෝ “මෙන්න මුන් අපේ ජාතිය කනවෝ !” කියා කෑමොර දීම නොව තම ජාතියේ නැගීසිටින්නට වෙරදරණ වුන්ට අත දීම හා අපේ එවුන්ට කෙළවී ඇත්තේ කොතනදැයි සොයා එයට නිසි ප්‍රථිකර්ම යෙදීමය.

    source http://thattayagekolama.blogspot.com/2017/05/blog-post.html
    .
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    :yes::yes: මට කියන්න ඕන වෙලා තිබුන හැම දේම ලියල තියනවා. ඉතා හොඳ දැක්මක් ඇතුව ලියපු ලිපියක්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,697
    113
    :yes::yes: මට කියන්න ඕන වෙලා තිබුන හැම දේම ලියල තියනවා. ඉතා හොඳ දැක්මක් ඇතුව ලියපු ලිපියක්.
    :yes::yes:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    Excellent machan.

    Api ape, minissu / school studentla keedenekta udav kalaada.

    Hebei eetawadaa lesi, "ham_ya" kiyala dawasata keepaserayak kiyana eka.

    Ara SLVLOG karaya kiyanawaa wage ape hitheeme podi avulak thiyanawa.
    maan kivva wage ,kasippu karayo, merayo, chain horu, harak horu, sthree dushakoyo ape minissu "porawal" karagannawa. Etapasse un chande illuwoth chande deela anagathe baradenawa.

    Ithin ohoma chinthanayak thiyana minissu relak ekka kohomada api, muslim , tamil minissunta FIGHT ekak denne

    mama twn giyoth priority eka denne mage jaathiye minihekge kadekata.
    Eka mage wagakeema.

    .
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    ඕක මචන් සැලසුම් සහගතව කරන වැඩක්. සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සු සහයෝගෙන් ඉන්නවට සුද්දාගෙන් පස්සෙ රට කරවන්න ආපු කිසිම කෙනෙක් කැමති නෑ. ප්‍රශ්න තිබිල මිනිස්සු බෙදිලා ඉන්නකොට රට කරගන යන්න ලේසියි. ඕවා බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නෙමේ මේකෙ අස්සෙම ඉන්න එවුන්ගෙ අවශ්‍යතාවයට වෙන දේවල්. දැන් බලපන් ඔය ඇටෙන් පොත්තෙන් එන පොඩි එවුන් ෆේස් බුක් එකෙයි, EK එකෙයි දාන පෝස්ට් මොනවද කියල. උන් මෙලෝ හසරක් දන්නෙ නැතුව තව කෙනෙක් කියන දෙයක් අහන් ඉඳල ඉතාම වයිරී කාරී විදිහට ජාතිවාදෙ වපුරනවා. දෙමල හෝ මුස්ලිම් මනුස්සයෙක් කරන හොඳ දෙයක් කවදාවත් දකින්නෙ නෑ, දැක්කත් නොදැක්ක වගේ ඉන්නවා. වෙන ජාතියක මනුස්සයෙක්ගෙ අතින් වැරද්දක් උනොත් ඒක උගේ මුළු ජාතියටම එල්ල කරනවා.

    p.s. මම උඹගේ පෝස්ට් එක අගේ කරන්න රිප්ලයි එකක් ගහන අතර උඹ පෝස්ට් එක එඩිට් කරලා සිංහල කඩ වලට යන්න ප්‍රයෝරිටි දෙනවා කියල දාල. උඹට බය හිතුනද උඹ කියල තියන එකට නෙගටිව් කමෙන්ට් වැටෙයි කියල? හරි දේ වෙනුවෙන් පෙනී හිටින්න බය වෙන්න එපා බන්. එහෙම නැති උනාම තමයි ඔය එක එක ගොබ්බයින්ගේ ජාතිවාදී අදහස් වලට තැනක් ලැබෙන්නෙ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    punuruthpaththiya anuwa me aathme sinhala aya eelanga aathme muslim weeme (saha vice versa) sambawithawak thianawa.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    එකඟයි, එත් ඔය සියළු ප්‍රශ්න කැරකෙන්නේ තම ජීවන වියදම් කොහොම කොහොමින් හරි අමාරුවෙන් සරි කරගන්නා අප වැනි මධ්‍යමපාන්තික ජනයා තුල පමණි...

    ඇති එකාට මුස්ලිම් සිංහල මගුලක් අවශ්‍ය නැත.. ඌට අවශ්‍ය මුදල් පමණය.. මෙය ආගම් දෙකටම අදාලය.. ඌ තමා සතුව ඇති ධනයට අලුතින් ධනයක් රැස් කරගන්නා ක්‍රමයක් ගැන වද වෙනවා විනා උට ආගමක් රැකීමට වුවමනාවක් නොමැත.. නමුත් ඇති එකා යහමින් ආගම කෙරෙහි අනුග්‍රහය දක්වයි.. බොහෝ අවස්ථා වල ඒ උගේ ධනය showoff කිරීම සඳහාම පමණි.. ඇති බෞද්ධ එකා පන්සල් වලට තරු පහේ දාන ලෑස්ති කරන අතර ඉඩම් පිටින් දන් දෙනු ලබයි.. ඇති මුස්ලිම් එකා පල්ලි වලට බුරියානි දෙන අතර ඌත් පල්ලි වලට ඉඩම් පිටින් පූජ කරයි.

    නමුත් නැති එකාගේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.. ඌට ඇති ධනයක් නොමැත. ඌට ඇත්තේ උගේ ශ්‍රමය පමණි. ඌට ඇති එකම රාජකාරිය උගේ ශ්‍රමය වපුරවා "ඇති එකෙක්" වන්නේ කවදාදැයි සිහින මැවීම පමණි. නැති එකාටත් ආගම රැකීමක් ගැන සිතීමට වෙලාවක් නොමැත.. හේතුව ඌ දුවන රේස් එකේ මුදල් හැර වෙන දෙයක් කල්පනා වන සෙනිකවම ඌට සහ උගෙන් යැපෙන සියලු දෙනාටම වේලක් බඩගින්නේ සිටීමට සිදු වීමය..

    මේ දෙගොල්ලන්ටම පසුව එන පෙර කියූ මධ්‍යමපාන්තික අප, ආතක් පාතක් නැති උන්ය.. ඇති එකාට හෝ නැති එකාට මේ කමෙන්ට් කියවමින් ඉන්නට අපට මෙන් වෙලාවක් ඇත්තේ නැත. අප උන් දෙගොල්ලන්ටම වඩා වෙනස් ය. සමහරවිට අප නැති එකාගෙන් වෙනස් වන්නෙ කොහොමදැයි ඔබට සිතෙනු ඇත. අප ශ්‍රමය වගුරවන බව ඇත්තය.. නමුත් අප විකුණන ශ්‍රමයෙන් අප හැකි සෑම විටම ලැක්ශුරි ලයිෆ් එකක් ගත කිරීමට අමතක නොකරන අය බව අප පිලිගත යුතුය. ඒ අප ඒ ජීවිතයට ආසා කරන නිසාය.. කන්න නැති උනත් ඉරිච්ච ඇඳුම් ඇඳීමෙන් අප වලකින්නෙමු.. ඒ අපට ලැජ්ජාව ඇති නිසාය.. අප හැමවිටම නැති එකාට කින්ඩිය දමමින් අප සතුව ඇති අන්තිම තඹ සතයද වියදම් කරමින් ඇති එකෙක් වීමට ෆුල් ට්‍රයි එක දීම අපේ කැපී පෙනෙන ලක්ශණයක් ය... අපේ මේ අධික පරිභෝජන රටාව නිසාම අප දැඩි මානසික අසහනයකින් පෙලෙන්නෙමු.. අප තුල ඊරිසියාව , තණ්හාව , කුහකකම යහමින් ඇත්තේ ඒ නිසාය.. හේතුව අපට අවශ්‍ය වන්නෙ ධනය රැකීමට හෝ ධනය එකතු කිරීමට නොව ධනය ඇති බව පෙන්වමින් ධනය නැති බව සඟවාගෙන සිටීමට පමණි. ඇති එකාට සහ නැති එකාට වඩා ආගම අපිට වැදගත් වන්නේ අන්න එතැනදීය. හේතුව, ආගම අපේ තත්වය නිරූපණය කරන නිසාය.. ලංකාව තුල ප්‍රධාන ආගම බෞද්ධාගම බව පිලිගත හැකිය.. මේ නිසා රට තුල බෞද්ධයෙක් ලෙස පෙනී සිටීමෙන් අපට අමුතු හැඟීමක් ඇති වීම නොරහසකි.. එය "වී ආර් ස්පෙශල්" හැඟීම ලෙස හැඳින්විය හැකිය. මේ නිසාම මධ්‍යම පාන්තික වන අප අපේ තත්වය රැක ගැනීමට නම් අපේ ආගම රැකගත යුතුය.. අපේ ආගමට කරන අපහාසයක් වේ නම් එය අපට කරන ලද පුද්ගලික අපහාසයක් බව අප යටි සිතින් පිලිගනීම නොවැලැක්විය හැකි කාරණයකි. හේතුව අර මා පෙර කියූ ධනය රැකීමට හෝ රැස්කිරීමට නොව ධනය ඇති බව පෙන්වීමට අවශ්‍ය තියරිය නිසාය..

    මෙම තියරියම මධ්‍යමපාන්තික මුසල්මානුවාටද අදාලය.. එය වෙනස් වන්නේ එක් තැනකිනි.. එය මධ්‍යමපාන්තික මහා ගැටීම ලෙස හැදින්වීමට මා වඩාත් කැමතිය. එනම් මධ්‍යමපාන්තික බෞද්ධ ජනයා තමන්ගේ තත්වය රැක ගැනීමට බෞද්ධකම ඉස්මතුකර පෙන්විය යුතුය.. නමුත් එසේ කිරීමට නම් අනෙක් ආගම් යටට දැමීමත් ඔවුන් විසින්ම සිදු කල යුතුය.. නමුත් මධ්‍යමපාන්තික මුස්ලිම් ජනයාට මෙතැනදී මධ්‍යමපාන්තික බෞද්ධ ජනයාට ඇතිවුණු හැඟීම ඒ ආකාරයෙන්ම ඇති වීම වැලැක්විය නොහැකිය.. එය තමන්ට සිදු කල පුද්ගලික අපහාසයක් බව ඔවුන්ටද දැනෙනු ඇත. මෙයට හේතුව බෞද්ධයා හෝ මුසල්මානුවා ලෙස අවසානයේ නිම වන්නේ මූලික මිනිස් ආකෘතියක් බැවිනි. මෙම ප්‍රශ්ණය හරියට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන කාන්දම් දෙකක් වැනිය.. මේ මධ්‍යමපාන්තිකයාගේ තත්වය පිලිබඳ ප්‍රශ්නය ආගමික ප්‍රශ්ණයක මුවාවෙන් දුරදිග යෑම අද අපි ජාතිවාදය ලෙස හදුන්වමු.. ජාතිවාදය මට පෙනෙන්නේ එකම මිනිහෙක් බෙදාගන්නට බැරිව විරසක වූ මුඩුක්කු ගැහැණුන් දෙදෙනෙක් ලෙසය.. එම තත්වය මවා ගැනීම ඔබට බාරය.. අවසාන වශයෙන් කීමට ඇත්තේ සැබෑ ප්‍රශ්ණය ඇත්තේ කිසිඳු ආගමක් තුල නොව මධ්‍යමපාන්තික අප තුල බවය.. මෙයට විසඳුමක් මට තේරෙන්නේද නැත..

    නොදන්න සිංහලෙන් ලිවීමට ගොස් පුක බිම ඇන ගත්තේ ඇයිදැයි ඔබට සිතෙනු ඇත.. එයට උත්තරයක් කල්පනාවට එන්නේ ද නැත... දැනට පුකේ කඩියා යන උත්තර භාර ගන්නා ලෙස කියමින් මම සමුගනිමි..

    මීට
    රොබින්හුඩ් වගේ එකෙක්
    @එලකිරි ඩොට් කොම්

    :) :) :)
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේලෙසින්ම කඩේ එවුන් කලයුතු වන්නේ “කපටිකමින්” අප සමග සිනහවී හදිසියේ අතමාරුවක් කර ගැනීමට අවකාශය සපයමින් කරණ වෙළඳාමද ? නොඑසේනම් කඩේට එන එකාගේ මුහුනවත් නොබලමින් හදිසියකට රුපියලක්වත් නයට නොදී කරණ “රෙස්පට්” වෙළඳාමද ?

    ඉතා විශිෂ්ඨ ලිපියක්. හැමොම කියවන්න ඕන.
    රෙප්+6
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ..... නොදන්න සිංහලෙන් ලිවීමට ගොස් පුක බිම ඇන ගත්තේ ඇයිදැයි ඔබට සිතෙනු ඇත..
    පිස්සුද බන්.... උඹල ලියන විදිහ දැක්කම අපිට හිතෙනවා ඇයි අපිට බැරි කියල. තව ලියපන්!
    උඹ කියන දේ ඇත්ත, මෙතන තියෙන්නෙ ජාතිවාදී අරගලයක්වත් ආගම්වාදී අරගලයක්වත් නෙමේ. පන්ති අරගලයක්.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    :yes::yes: මට කියන්න ඕන වෙලා තිබුන හැම දේම ලියල තියනවා. ඉතා හොඳ දැක්මක් ඇතුව ලියපු ලිපියක්.

    :yes::yes::yes:සිරාවට ..නියම තර්කානුකූලව ලියල තියෙනවා
    tfs+
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    එකඟයි, එත් ඔය සියළු ප්‍රශ්න කැරකෙන්නේ තම ජීවන වියදම් කොහොම කොහොමින් හරි අමාරුවෙන් සරි කරගන්නා අප වැනි මධ්‍යමපාන්තික ජනයා තුල පමණි...

    ඇති එකාට මුස්ලිම් සිංහල මගුලක් අවශ්‍ය නැත.. ඌට අවශ්‍ය මුදල් පමණය.. මෙය ආගම් දෙකටම අදාලය.. ඌ තමා සතුව ඇති ධනයට අලුතින් ධනයක් රැස් කරගන්නා ක්‍රමයක් ගැන වද වෙනවා විනා උට ආගමක් රැකීමට වුවමනාවක් නොමැත.. නමුත් ඇති එකා යහමින් ආගම කෙරෙහි අනුග්‍රහය දක්වයි.. බොහෝ අවස්ථා වල ඒ උගේ ධනය showoff කිරීම සඳහාම පමණි.. ඇති බෞද්ධ එකා පන්සල් වලට තරු පහේ දාන ලෑස්ති කරන අතර ඉඩම් පිටින් දන් දෙනු ලබයි.. ඇති මුස්ලිම් එකා පල්ලි වලට බුරියානි දෙන අතර ඌත් පල්ලි වලට ඉඩම් පිටින් පූජ කරයි.

    නමුත් නැති එකාගේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය.. ඌට ඇති ධනයක් නොමැත. ඌට ඇත්තේ උගේ ශ්‍රමය පමණි. ඌට ඇති එකම රාජකාරිය උගේ ශ්‍රමය වපුරවා "ඇති එකෙක්" වන්නේ කවදාදැයි සිහින මැවීම පමණි. නැති එකාටත් ආගම රැකීමක් ගැන සිතීමට වෙලාවක් නොමැත.. හේතුව ඌ දුවන රේස් එකේ මුදල් හැර වෙන දෙයක් කල්පනා වන සෙනිකවම ඌට සහ උගෙන් යැපෙන සියලු දෙනාටම වේලක් බඩගින්නේ සිටීමට සිදු වීමය..

    මේ දෙගොල්ලන්ටම පසුව එන පෙර කියූ මධ්‍යමපාන්තික අප, ආතක් පාතක් නැති උන්ය.. ඇති එකාට හෝ නැති එකාට මේ කමෙන්ට් කියවමින් ඉන්නට අපට මෙන් වෙලාවක් ඇත්තේ නැත. අප උන් දෙගොල්ලන්ටම වඩා වෙනස් ය. සමහරවිට අප නැති එකාගෙන් වෙනස් වන්නෙ කොහොමදැයි ඔබට සිතෙනු ඇත. අප ශ්‍රමය වගුරවන බව ඇත්තය.. නමුත් අප විකුණන ශ්‍රමයෙන් අප හැකි සෑම විටම ලැක්ශුරි ලයිෆ් එකක් ගත කිරීමට අමතක නොකරන අය බව අප පිලිගත යුතුය. ඒ අප ඒ ජීවිතයට ආසා කරන නිසාය.. කන්න නැති උනත් ඉරිච්ච ඇඳුම් ඇඳීමෙන් අප වලකින්නෙමු.. ඒ අපට ලැජ්ජාව ඇති නිසාය.. අප හැමවිටම නැති එකාට කින්ඩිය දමමින් අප සතුව ඇති අන්තිම තඹ සතයද වියදම් කරමින් ඇති එකෙක් වීමට ෆුල් ට්‍රයි එක දීම අපේ කැපී පෙනෙන ලක්ශණයක් ය... අපේ මේ අධික පරිභෝජන රටාව නිසාම අප දැඩි මානසික අසහනයකින් පෙලෙන්නෙමු.. අප තුල ඊරිසියාව , තණ්හාව , කුහකකම යහමින් ඇත්තේ ඒ නිසාය.. හේතුව අපට අවශ්‍ය වන්නෙ ධනය රැකීමට හෝ ධනය එකතු කිරීමට නොව ධනය ඇති බව පෙන්වමින් ධනය නැති බව සඟවාගෙන සිටීමට පමණි. ඇති එකාට සහ නැති එකාට වඩා ආගම අපිට වැදගත් වන්නේ අන්න එතැනදීය. හේතුව, ආගම අපේ තත්වය නිරූපණය කරන නිසාය.. ලංකාව තුල ප්‍රධාන ආගම බෞද්ධාගම බව පිලිගත හැකිය.. මේ නිසා රට තුල බෞද්ධයෙක් ලෙස පෙනී සිටීමෙන් අපට අමුතු හැඟීමක් ඇති වීම නොරහසකි.. එය "වී ආර් ස්පෙශල්" හැඟීම ලෙස හැඳින්විය හැකිය. මේ නිසාම මධ්‍යම පාන්තික වන අප අපේ තත්වය රැක ගැනීමට නම් අපේ ආගම රැකගත යුතුය.. අපේ ආගමට කරන අපහාසයක් වේ නම් එය අපට කරන ලද පුද්ගලික අපහාසයක් බව අප යටි සිතින් පිලිගනීම නොවැලැක්විය හැකි කාරණයකි. හේතුව අර මා පෙර කියූ ධනය රැකීමට හෝ රැස්කිරීමට නොව ධනය ඇති බව පෙන්වීමට අවශ්‍ය තියරිය නිසාය..

    මෙම තියරියම මධ්‍යමපාන්තික මුසල්මානුවාටද අදාලය.. එය වෙනස් වන්නේ එක් තැනකිනි.. එය මධ්‍යමපාන්තික මහා ගැටීම ලෙස හැදින්වීමට මා වඩාත් කැමතිය. එනම් මධ්‍යමපාන්තික බෞද්ධ ජනයා තමන්ගේ තත්වය රැක ගැනීමට බෞද්ධකම ඉස්මතුකර පෙන්විය යුතුය.. නමුත් එසේ කිරීමට නම් අනෙක් ආගම් යටට දැමීමත් ඔවුන් විසින්ම සිදු කල යුතුය.. නමුත් මධ්‍යමපාන්තික මුස්ලිම් ජනයාට මෙතැනදී මධ්‍යමපාන්තික බෞද්ධ ජනයාට ඇතිවුණු හැඟීම ඒ ආකාරයෙන්ම ඇති වීම වැලැක්විය නොහැකිය.. එය තමන්ට සිදු කල පුද්ගලික අපහාසයක් බව ඔවුන්ටද දැනෙනු ඇත. මෙයට හේතුව බෞද්ධයා හෝ මුසල්මානුවා ලෙස අවසානයේ නිම වන්නේ මූලික මිනිස් ආකෘතියක් බැවිනි. මෙම ප්‍රශ්ණය හරියට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන කාන්දම් දෙකක් වැනිය.. මේ මධ්‍යමපාන්තිකයාගේ තත්වය පිලිබඳ ප්‍රශ්නය ආගමික ප්‍රශ්ණයක මුවාවෙන් දුරදිග යෑම අද අපි ජාතිවාදය ලෙස හදුන්වමු.. ජාතිවාදය මට පෙනෙන්නේ එකම මිනිහෙක් බෙදාගන්නට බැරිව විරසක වූ මුඩුක්කු ගැහැණුන් දෙදෙනෙක් ලෙසය.. එම තත්වය මවා ගැනීම ඔබට බාරය.. අවසාන වශයෙන් කීමට ඇත්තේ සැබෑ ප්‍රශ්ණය ඇත්තේ කිසිඳු ආගමක් තුල නොව මධ්‍යමපාන්තික අප තුල බවය.. මෙයට විසඳුමක් මට තේරෙන්නේද නැත..

    නොදන්න සිංහලෙන් ලිවීමට ගොස් පුක බිම ඇන ගත්තේ ඇයිදැයි ඔබට සිතෙනු ඇත.. එයට උත්තරයක් කල්පනාවට එන්නේ ද නැත... දැනට පුකේ කඩියා යන උත්තර භාර ගන්නා ලෙස කියමින් මම සමුගනිමි..

    මීට
    රොබින්හුඩ් වගේ එකෙක්
    @එලකිරි ඩොට් කොම්

    :) :) :)

    හරියට හරි මචන්
    සල්ලි තියෙන කොට ඔය මුකුත් ඕන නෑ
    මගේ කෝටිපති මුස්ලිම් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා එකෙක් කාර් සෙල් එකක් කරන්නේ උට ඉන්නේ ළමයි දෙන්නයි අනික මැණික් බිස්නස් උට එක පුතයි ලමයව තාම සුන්නත් කරෙත් නෑලු . හැබැයි ළමයින්ට උපරිම සැප දෙනවා. එත් එදාවේල හොයාගන්න බැරි මුස්ලින් එවුන් පොඩි කාමර කැලි වල ළමයි 10ක් විතර හදනවා

    ආගම අබිං කියන්නේ ඕක තමයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පිස්සුද බන්.... උඹල ලියන විදිහ දැක්කම අපිට හිතෙනවා ඇයි අපිට බැරි කියල. තව ලියපන්!
    උඹ කියන දේ ඇත්ත, මෙතන තියෙන්නෙ ජාතිවාදී අරගලයක්වත් ආගම්වාදී අරගලයක්වත් නෙමේ. පන්ති අරගලයක්.

    11.gif
    :sorry::sorry:

    හරියට හරි මචන්
    සල්ලි තියෙන කොට ඔය මුකුත් ඕන නෑ
    මගේ කෝටිපති මුස්ලිම් යාලුවෝ දෙන්නෙක් ඉන්නවා එකෙක් කාර් සෙල් එකක් කරන්නේ උට ඉන්නේ ළමයි දෙන්නයි අනික මැණික් බිස්නස් උට එක පුතයි ලමයව තාම සුන්නත් කරෙත් නෑලු . හැබැයි ළමයින්ට උපරිම සැප දෙනවා. එත් එදාවේල හොයාගන්න බැරි මුස්ලින් එවුන් පොඩි කාමර කැලි වල ළමයි 10ක් විතර හදනවා

    ආගම අබිං කියන්නේ ඕක තමයි

    :sorry::sorry:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඕක මචන් සැලසුම් සහගතව කරන වැඩක්. සින්හල, දෙමල, මුස්ලිම් මිනිස්සු සහයෝගෙන් ඉන්නවට සුද්දාගෙන් පස්සෙ රට කරවන්න ආපු කිසිම කෙනෙක් කැමති නෑ. ප්‍රශ්න තිබිල මිනිස්සු බෙදිලා ඉන්නකොට රට කරගන යන්න ලේසියි. ඕවා බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නෙමේ මේකෙ අස්සෙම ඉන්න එවුන්ගෙ අවශ්‍යතාවයට වෙන දේවල්. දැන් බලපන් ඔය ඇටෙන් පොත්තෙන් එන පොඩි එවුන් ෆේස් බුක් එකෙයි, EK එකෙයි දාන පෝස්ට් මොනවද කියල. උන් මෙලෝ හසරක් දන්නෙ නැතුව තව කෙනෙක් කියන දෙයක් අහන් ඉඳල ඉතාම වයිරී කාරී විදිහට ජාතිවාදෙ වපුරනවා. දෙමල හෝ මුස්ලිම් මනුස්සයෙක් කරන හොඳ දෙයක් කවදාවත් දකින්නෙ නෑ, දැක්කත් නොදැක්ක වගේ ඉන්නවා. වෙන ජාතියක මනුස්සයෙක්ගෙ අතින් වැරද්දක් උනොත් ඒක උගේ මුළු ජාතියටම එල්ල කරනවා.

    p.s. මම උඹගේ පෝස්ට් එක අගේ කරන්න රිප්ලයි එකක් ගහන අතර උඹ පෝස්ට් එක එඩිට් කරලා සිංහල කඩ වලට යන්න ප්‍රයෝරිටි දෙනවා කියල දාල. උඹට බය හිතුනද උඹ කියල තියන එකට නෙගටිව් කමෙන්ට් වැටෙයි කියල? හරි දේ වෙනුවෙන් පෙනී හිටින්න බය වෙන්න එපා බන්. එහෙම නැති උනාම තමයි ඔය එක එක ගොබ්බයින්ගේ ජාතිවාදී අදහස් වලට තැනක් ලැබෙන්නෙ.

    නෑ මචන්. එහෙමම බය හිතල නෙවෙයි ඒකදැම්මේ.කපන එකෙක් රෙප් කපපුවවේ.
    අනිත් මිනිස්සු එයලගේ ජාතියට අදරේ වගේම ,මම මගෙ ජාතියට අදරෙයි.ඒමිනිස්සු මිනිස්සු එකමුතුවෙලා ඒජාතියට දෙයක් කරගන්නවා අපි උන්ට ෆේස්බුක් එකේ බනිනවා. ඔය කඩ කතාව මම කිව්වේ, අනිත් ජාතියට බැන බැන ඉන්නවට වඩා එහාගිය දෙයක් තමුන්ගේ ජාතියට කරවන්න.අරගල කරන්න පුලුවන් අවිහින්සාවාදීවත්.

    උබ කිව්ව වගේ, සින්හල විතරක් නෙවෙයි මුස්ලිම්,දෙමල හොදමිනිස්සු ඉන්නවා. මධ්‍යස්ත මිනිස්සු ඉන්නවා.අපිත් අසෑහෙන කාලෙකමිදලා අනිත් ජාතීන් දෙකම එක්ක ගනුදෙනු කරන හින්දා, ඒක අත්දැකීමෙන් දන්නවා..

    අපේ කෙනෙක්ට බිස්නස් අල්ලලාදීල තියෙන්නේ, මුස්ලිම් මුදලාලි කෙනෙක්.
    දවසක් ඔෆිස් එකේ බලුපැටියෙක් ඒකේම ලොක්කෙක්ගේ කාර් එකට යට උනා,ඊටපස්සේ වාහනයක් කතා කරවල ඇනිමල් හොස්පිටල් ගෙනියන්න බල්ලව පටවද්දී වෙන ඩිපාර්ට් මන් එකක හිටපු මුස්ලිම් මලයෙක් බලෙන්ම නැග්ග වාහනේට මාත් සපොර්ට් එකක් දෙන්නම් කියල.බල්ලව හොස්පිටලෙක ඇතුලට එකට අරන්ගියේ උගේ අතින්ම තමයි.බල්ල බේරුනා , නමුත් අර මැනේජර් නෙවෙයි බල්ලට කොහොමද කියලාවත් ඇහුවේ

    කිරියට ඇවිල්ල, ෆෝස්බුක් ඇවිල්ල සමහරු කරන ගොබ්බ වැඩවලින්( අපහාස, බොරු පෝස්ට් ) වැඩවලින් වෙන්නේ, අර මධ්‍යස්ත මිනිස්සුත් අපෙන් ඈත්වෙලා ඒඅයගේ අන්තවාදයට බරවෙන එක. එතකොට අපිට මොකදවෙන්නේ කියල මෙතන ලියන්න ඕනෙනෑ.
    Thanks for ++ reps ☺

    Last edited: