මුඛ_සංසර්ගය පරිස්සමෙන්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මුඛ_සංසර්ගය පරිස්සමෙන්

    මුඛ සංසර්ගය මැඩලිය නොහැකි බැක්ටීරියාවක මුල

    newego_LARGE_t_821_105954626.JPG

    ගොනෝරියා බැක්ටීරියාවේ පාලනය කළ නොහැකි භයානක තත්ත්වයක් මුඛ සංසර්ගය හේතුවෙන් මතුවී ඇති අතර උපත් පාලන කොපු (condom) භාවිතයේ අඩුවක් පෙන්වීම එය පැතිර යාමට රුකුලක් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
    එම සංවිධානය අනතුරු අඟවමින් පෙන්වාදෙන්නේ යම් අයෙකුට ගොනෝරියා වැළඳුනහොත් දැන් ඊට ප්‍රතිකාර කිරීම අසීරුවන අතරම ඇතැම්විට ප්‍රතිකාර කළ නොහැකි බවය.ලිංගික සබදතාවලින් ආසාදනයවන මෙම බැක්ටීරියාව ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීමේ වේගවත් වර්ධනායක පෙන්නුම් කරයි.මේ සඳහා නව ඖෂධ වර්ග කිහිපයක් නිකුත්වීමට නියමිතව තිබුනද දැනට පවතින්නේ 'එතරම් සතුටුදායක නොවන' තත්ත්වයක් බව විශේෂඥයෝ පෙන්වා දෙති.

    වාර්ෂිකව ලොව පුරා මිලියන 78 ක පිරිසක් ලිංගාශ්‍රිත රෝගවලට ලක්වන අතර එය දරුඵල නොලැබීමට ද හේතුවකි.ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් 77 ක් ආශ්‍රයෙන් කරන ලද විශ්ලේෂණයකින් පෙන්වා දී තිබෙන්නේ ගොනෝරියා ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීම පුළුල්ව පැතිර ඇති බවය.ජපානය, ප්‍රංශය සහ ස්පාඤඤය යන රටවලින් වාර්තාවූ රෝග තත්ත්ව තුනකින් පෙන්වාදී තිබෙන්නේ ඒවා සම්පුරණයෙන් ම සුවකළ නොහැකි තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය තියඩෝරා වි සඳහන් කළාය.

    "ගොනෝරියා ඉතාමත් තීක්ෂණ රෝග බීජයක්. ඊට ප්‍රතිකාර සඳහා අලුත් වර්ගයේ ප්‍රතිජීවකයක් හඳුන්වා දෙන සෑම අවස්ථාවකම එම රෝග බීජය ප්‍රතිරෝධය දක්වන තත්ත්වයට පත්වෙනවා." යැයි ඇය කියා සිටියාය.අති බහුතර ගොනෝරියා ආසාදන වාර්තාවන්නේ දුගී රටවලින් වන අතර එහි ප්‍රතිරෝධය හඳුනාගැනීම ඉතා අසීරු වී ඇති බව සඳහන් කරන වෛද්‍ය තියඩෝරා පෙන්වා දුන්නේ "මේ සිදුවීම් ඇතැම්විට පාවෙන විශාල අයිස් කුට්ටියක (iceburg) මතුපිටට පෙනෙන ප්‍රමාණය වැනි විය හැකියි" යනුවෙනි.

    මුඛ සංසර්ගය

    ජනනේන්ද්‍රිය, අධෝ මාර්ගය හා උගුර ආශ්‍රිතව ගොනෝරියා ආසාදනය විය හැකි අතර මෙයින් වෛද්‍ය වෘත්තිකයින්ගේ වැඩි අවධානයට ලක්ව ඇත්තේ උගුර සම්බන්ධ තත්ත්වය වේ.
    වෛද්‍ය තියඩෝරා වි පෙන්වා දෙන ආකාරයට ගොනෝරියාවලට නෑකම් දක්වන බැක්ටීරයාද ඇතුළුව උගුර පසුපස ඇති බැක්ටීරියා ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධය දැක්වීම වර්ධනයක් පෙන්විය හැකි බවය.
    "සාමාන්‍ය උගුරේ ආසාදනයකට භාවිත කරන ආකාරයේ ප්‍රතිජීවක දෙන විට එය ඔබේ උගුරේ ඇති නීසේරියා (Neisseria) විශේෂය හා මිශ්‍රවීමේ ප්‍රතිඵලය වන්නේ ප්‍රතිරෝධයක් ඇතිකිරීමයි" ඇය සඳහන් කළාය.මුඛ සංසර්ගය මගින් ගොනෝරියා බැක්ටීරියාව උගුරට ඇතුළුවීමෙන් එතුළ ඇති පරිසරයට හේතුවෙන් එය සුපිරි - ගොනෝරියාවක් බවට පත්වේ.

    ගොනෝරියා යනු :


    _96845915_ad9ae2d0-d327-48a3-a4fe-e70c215eeee7.jpg


    *නීසේරියා ගොනෝරියා (Neisseria gonorrhoea) නම්වූ ඒක සෛලික ක්ෂුද්‍ර ජීවියෙකු (බැක්ටීරියාවක්) නිසා හට ගැනෙන රෝගයකි.

    *ආරක්ෂාකාරී නොවන පරිදි යෝනිය, මුඛය හා අධෝ මාර්ගය ආශ්‍රිත සංසර්ගයෙන් රෝගය ආසාදනය වේ.

    *ආසාදනයවූවන් අතරින්, විරුද්ධ ලිංගිකයින් ඇසුරු කරන පිරිමින් 10 දෙනෙකුගෙන් එක් අයෙකු මෙන්ම කාන්තාවන් හා සමලිංගික පිරිමින්ගෙන් හතරෙන් තුනක පහසුවෙන් හඳුනාගත හැකි රෝග ලක්ෂණ දැකිය නොහැකිය.

    *ලිංගික අවයවවලින් ඝන කොළ පැහැ හෝ කහ පැහැ ශ්‍රාවයක් පිටවීම, මුත්‍රා පහ කිරීමේදී වේදනාව හා ආර්තව කාල අතරදී රුධිර වහනය රෝග ලක්ෂණවල දැකිය හැකිය.

    *ප්‍රතිකාර නොලැබුවොත්, දරුඵල නැතිවීම, ස්ත්‍රී ප්‍රජනන පද්ධතියේ රෝග සඳහා මුල්වන අතරම ගර්භනී සමයේදී දරුවාට ද රෝගය අත්කරදිය හැකිය.

    ප්‍රතිජීවක ප්‍රතිරෝධී ගොනෝරියා සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙස රටවලින් ඉල්ලා සිටින ලෝක සෞඛ්‍ය සංවිධානය, නව ඖෂධ වෙනුවෙන් ආයෝජනය කරන ලෙසද ඉල්ලා සිටී."එතරම් සතුටුදායක නැහැ" යැයි පවසන ගෝලීය ප්‍රතිජීවක පර්යේෂණ හවුල්කාරීත්වයේ වෛද්‍ය මනිකා බාලසේකරම්, "ඖෂධ සංවර්ධන ක්‍රියාවලිය තුළ බලාපොරොත්තු තැබිය හැකි ඖෂධ තුනක් තිබුනත් එය ද ප්‍රතිඵලදායී වෙතැයි සහතික වෙන්නට බැහැ" යැයි පවසන්නීය.කෙසේවෙතත්, ගොනෝරියා නැවැත්වීමට එන්නත් අවශ්‍ය වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.මේ පිළිබඳව අදහස් දක්වන ලන්ඩනයේ සනීපාරක්ෂාව හා නිවර්තන වෛද්‍ය ශාස්ත්‍ර පිළිබඳ විද්‍යාලයේ මහාචාර්ය රිචඩ් ස්ටෙබ්ලර්, " වඩා විශ්වාසදායී හා ඉක්මන් ප්‍රතිකර්මයක් ලෙස පෙනිසිලින් හඳුන්වාදුන් තැන සිට නම්දැරුවත්, සෑම චිකිත්සීය ප්‍රතිජීවකයක් සඳහාම ගොනෝරියා ප්‍රතිරෝධයක් වර්ධනය කරමින් සිටිනවා" යැයි පැවසීය.

    "ලොවපුරා වාර්තාවන ප්‍රතිරෝධය ඉහළ යාමේ ප්‍රමාණය සැළකිල්ලට ගෙන, පසුගිය වසර 15 තුළදී තුන් වතාවක් චිකිත්සාව වෙනස් කරන්නට සිදුවුණා""අවසාන ප්‍රතිකර්මය හැටියට ඇති ඖෂධ භාවිතයට ගැනෙන අවස්ථාවකටයි අප පැමිණ සිටින්නේ" යැයි මහාචාර්යවරයා පැවසීය.

    ශ්‍රී ලංකාවෙත් 'ප්‍රතිරෝධී' අවස්ථා

    ගොනෝරියා සඳහා භාවිත කෙරෙන ප්‍රතිජීවක ප්‍රතිරෝධී තත්ත්වයක් පෙන්වීමේ අවස්ථා මීට ඉහතදී වාර්තා වේ ඇත."මෙම ප්‍රතිජීවකය යම් ප්‍රතිරෝධී තතත්වයක් දක්වන බව පෙනෙන්නට ලැබුණු පසු 2016 වසරේ මුල් කාලය තුළදී එය වෙනස් කළා." යැයි පැවසු ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ, "ප්‍රතිජීවකය වෙනස් කිරීමෙන් පසු එවැනි තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නැහැ" යනුවෙන් සඳහන් කළේය.

    කෙසේවෙතත් ගොනෝරියා නිශ්චය කරගැනීම සඳහා කෙරෙන ABST පරීක්ෂණය ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන් ඒකකයේදී මෙන්ම කළුබෝවිල රෝහලේදී සහ රාගම රෝහලේදී කරගත හැකි බව අධ්‍යක්ෂවරයා පැවසීය.

    ගොනෝරියා : ශ්‍රී ලංකාවේ තත්ත්වය

    පසුගිය වසරේ (2016) ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ ලිංගිකව සම්ප්‍රේෂණය වූ ආසාදනවලින් 3% ක් ගොනෝරියා වේ.එනම් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලට ගොදුරුවූ පුද්ගලයින් 9,129 දෙනා අතරින් 301 දෙනෙකුට ගොනෝරියා වැළදී තිබිණි.මේ අතරින් 235 දෙනෙකුම පුරුෂයින් බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන 2016 වසර සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාවේ දැක්වේ.



    bbc-blocks-dark.png
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඉස්සර විදියට තමන්ගේ ගෑණි එක්ක විතරක් සෙක්ස් කරා නම් ඕවා දැන් සමාජයේ ලොකු ප්‍රශ්ණ නොවන්න තිබුනා, නමුත් දැන් උන් බඩු ගහන නිසාත්, ගෑණු වේස කමේ යන නිසාත්, සමලිංගික කේස් නිසාත් ලිංගික රෝග වැහි වැහලා.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    ඉස්සර විදියට තමන්ගේ ගෑණි එක්ක විතරක් සෙක්ස් කරා නම් ඕවා දැන් සමාජයේ ලොකු ප්‍රශ්ණ නොවන්න තිබුනා, නමුත් දැන් උන් බඩු ගහන නිසාත්, ගෑණු වේස කමේ යන නිසාත්, සමලිංගික කේස් නිසාත් ලිංගික රෝග වැහි වැහලා.

    Yes
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඉස්සර විදියට තමන්ගේ ගෑණි එක්ක විතරක් සෙක්ස් කරා නම් ඕවා දැන් සමාජයේ ලොකු ප්‍රශ්ණ නොවන්න තිබුනා, නමුත් දැන් උන් බඩු ගහන නිසාත්, ගෑණු වේස කමේ යන නිසාත්, සමලිංගික කේස් නිසාත් ලිංගික රෝග වැහි වැහලා.

    :yes::yes::yes::yes::yes:
     

    agriculture

    Junior member
  • Jun 14, 2016
    36
    12
    8
    Sri Lanka
    ලෝක ජනගහනය එන්න එන්න වැඩිවෙනව. එය පාලනය කර, සමතුලිත කිරීම සදහා ස්වභාවධර්මයෙන් කරන දේවල් තමා මේ.
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඉස්සර විදියට තමන්ගේ ගෑණි එක්ක විතරක් සෙක්ස් කරා නම් ඕවා දැන් සමාජයේ ලොකු ප්‍රශ්ණ නොවන්න තිබුනා, නමුත් දැන් උන් බඩු ගහන නිසාත්, ගෑණු වේස කමේ යන නිසාත්, සමලිංගික කේස් නිසාත් ලිංගික රෝග වැහි වැහලා.

    :yes::yes::yes::yes::sorry:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,456
    8,614
    113
    තමන්ගේ ගැනී, මනුස්සයගෙන් සැනසෙන්න දන්නවනම් ඕවගේ ලෙඩ අඩුයි. එත් ඉතින් අපේ සමාජේ ඕව කතා වෙනවා අඩු නිසා 2න අතරේ අවබෝදයක් නෑ.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,434
    7,157
    113
    ඉස්සර විදියට තමන්ගේ ගෑණි එක්ක විතරක් සෙක්ස් කරා නම් ඕවා දැන් සමාජයේ ලොකු ප්‍රශ්ණ නොවන්න තිබුනා, නමුත් දැන් උන් බඩු ගහන නිසාත්, ගෑණු වේස කමේ යන නිසාත්, සමලිංගික කේස් නිසාත් ලිංගික රෝග වැහි වැහලා.

    අනිවා :yes: