ඩෙංගුවෙන් කෙළවෙන්නට පෙර!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඩෙංගුවෙන් කෙළවෙන්නට පෙර!!

    රට පුරා දහස් ගණනක් දෙනා මේ වන විට ඩෙංගු වසංගතයට ගොදුරු වී සිටියද රජයේ හා පෞද්ගලික රෝහල් මේ වන විට පිරී ඉතිරී ගොස් ඇති නිසා බොහෝ දෙනෙකුට ගෙදරට වී ප්‍රතිකාර ගැනීමට සිදු වී තිබෙනවා.

    රජයේ රෝහල් වල, රෝගියාගේ රුධිර පට්ටිකා (Platelets) 80 (10^9/L) වන තෙක්ද,
    පෞද්ගලික රෝහල් වල එය 120 -130 (10^9/L) වන තෙක්ද මේ වන විට රෝගීන් ඇතුලත් කර නොගන්නා බවයි දැනගන්නට ලැබී ඇත්තේ.

    යමෙකුට උණ, හිසරදය, උදර වේදනාව, කෑම අරුචිය සහ වමනය ආදී ඩෙංගු රෝග ලක්ෂණ පවතීනම් මෙය වංසගත අවස්ථාවක් බැවින් එය ඩෙංගු ලෙස සැකකර කටයුතු කිරීම උචිතය.

    එබැවින් උණ සෑදී පළමු පැය 48 ඇතුලත දිනපතා ...
    Dengue Antigen සහ Full blood Count පරීක්ෂණ දෙක කර බැලීම සුදුසුය.
    එහි Dengue Antigen + Positive නොවුනත් Total White Cell Count එක සහ Platelet Count එක ක්‍රමයෙන් පහළ යන්නේ නම් වෙනත් වෛරස් උණක් විය හැකි වුවද සැකහැර දැන ගන්නා තුරු ඩෙංගු ලෙස සළකා ක්‍රියා කිරීම උචිතය.

    රෝගී සත්තාරය..
    උපරිම ඇද විවේකය අනිවාර්යය..
    උණට පැය 6කට වරක් පැරසිටමෝල් 2ක් පමණක් ගත හැකිය.
    සාමාන්‍ය වැඩිහිටි රෝගියෙකුට..
    සැම පැයකටම 100ml දියර ලබා දිය යුතුය.
    මෙහිදී ජලය දීම උචිත නොවන අතර පළතුරු යුෂ, සුප් වතුර, කැද වතුර, තැඹිළී, ජීවනී ආදිය උචිතය. කෘතීම සිසිල් බීම වර්ග කිසිටකත් නොදිය යුතුය.
    සෑම පැය දෙකකට වරක් මූත්‍රා පිටකර මැණිය යුතුය. එය අවම වශයෙන් පැය දෙකකට 100ml වත් විය යුතුය.
    ඒ සමග සාමාන්‍ය පොෂ්‍යදායී දිරවීමට පහසු ආහාර දීම සුදුසුය.

    රෝගියාට...
    සාපේක්ෂව මූත්‍රා පිටවීම අඩු වන්නේ නම් හෝ..
    අධික උදර වෙදනාවක් හෝ..
    උදරය පිපීමක් හෝ වෙනයම් ඉදිමීමක් වෙතොත් වහා රෝහලකට ගෙන යායුතුය.
    මෙය රුධිරගත ජලය අභ්‍යන්තර පටක හෝ අවකාශ වලට කාන්දුවීමක් විය හැකිය.
    එය ඉතා භයානක තත්වයකි. මෙය බොහෝ විට සිදුවන්නේ උණ ඇතිවී 5-8වන දින වලදීය.

    උණ ඇතිවී දින පහකින් පමණ පසු Dengue Antibody + Positive විය හැකිය.

    Platelet Count එක නැවත වැඩිවීමට පටන් ගත්තද ඇද විවෙකය දිගටම ගතයුතුය.
    ඒ අතර Liver Enzymes (SGOT & SGPT) පරීක්ෂණය කිරීම වැදගත්ය.
    මේ අවස්ථාවේදී පපුවේ වේදනාව, උදර වෙදනාව, හුස්ම ගැනීමේ අපහසුව, හතිය ආදී ලක්ෂණ වෙතොත් වහා වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය. මේ වැඩි දෙනෙක් ගනන් නොගන්නා කෙළවෙන අවස්ථාව බව මතක තබා ගතයුතුය!!

    මේ තත්වයන් තියේනම් තමන් දොස්තර නොවී දිනපතා වෛද්‍ය උපදෙස් ලබාගෙන කටයුතු කිරීම වඩා නුවනට හුරුය.

    පරිප්පුව කාලා අත්දැකීමෙන් කිවිවෙ ඕං!!
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    0711-02.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    පෞද්ගලික රෝහලක ETU එකකවත් පුටුවක්වත් ගන්න බැරි තත්වෙක තියෙන්නේ. ආණ්ඩුවේ රෝහල් ගැන කවර කතාද? ලෙඩ්ඩු ඉස්පිරිතාලෙට යනවා!! ආයෙ ගෙදර එවනවා!! අනේ මන්දා?:angry: