ලක්දනවි මගඩි

monson

Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    රු. 16-18 ට දෙන බවට ගිවිසුම් අත්සන් කළ කෙරවලපිටිය වෙස්ට් කෝස් විදුලි ඒකකයට රු. 29.85 ක සාමාන්‍ය ගෙවීමක් කරලා.

    විදුලිබල මණ්ලයට සිදුවූ පාඩුව රු.බිලියන 18 ඉක්මවා තිබෙන බව වාර්තා වෙයි.

    කෙරවලපිටිය වෙස්ට් කෝස් ඩීසල් විදුලි බලාගාරයේ විදුලි ඒකකයක් සදහා ගෙවිය යුතු මිල යාවත් කාලීන නොකිරීම නිසා ගෙවී ගිය වසර 8 තුල රු. බිලියන 18 කට වැඩි මුදලක් ලංකා විදුලි බල මණ්ඩලයට පාඩු වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යද නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    තවද එම නිවේදනයට අනුව කෙරවලපිටිය විදුලි බලගාරයේ ගනුදෙනුව ආරම්භයේ සිටම දුෂිත ගණුදෙනුවක් වන අතර, ඒ සදහා වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 225 ක් ලෙස සදහන් කොට අදාළ ටෙන්ඩරය ලක්දනවි සමාගම විසින් මිලදී ගෙන ඇති නමුත්, සැබෑ ලෙස ඒ සදහා සමාගම විසින් ඇ.ඩො. මිලියන 294 ක් වැය කර ඇත. එම පාඩුව දැරීමට සිදුව ඇත්තේ ද, විදුලිබල මණ්ඩලය හරහා මේ රටේ බදු ගෙවන ජනතාවට ය.

    වෙස්ට් කෝස් විදුලි සමාගම විසින් නිෂ්පාදනය කරන එක් විදුලි ඒකකයක් සදහා 2008 සිට 2017 දක්වා වසර 9 තුල එක් ඒකකය රු. 29.85ක සාමාන්‍ය අගයක් ගෙවා ඇත. 2013 වසරේ දී ඒකකයක් සදහා රු. 46.93 ක් ද, 2014 දී ඒකකයක් සදහා රු. 42.55ක් ද, ගෙවා ඇත. 2015 දී ඒකකයට රු. 36ක් ද, 2016 දී ඒකකයට රු. 33ක් ද බැගින් ලක්දනවි සමාගමට ගෙවා ඇත.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසූවේ, ඩීසල් විදුලි මාෆියාව ලෙස ව්‍යවහාරයේ හදුන්වන හදිසි විදුලිය මිලදී ගැනීම් සදහා විදුලිබල මණ්ඩලය ගෙවනු ලබන්නේ රු. 30 ක ආසන්න මුදලකි. සුළං බලයෙන් විදුලි උද්පාදනයේ දී ඒකකයක මිල රු. 10.07 ක් වන අතර, සූර්ය බලයෙන් නිපදවන විදුලිය සදහා විදුලිබල මණ්ඩලය මේ වන විට ගෙවමින් සිටින්නේ රු. 11.86ක මුදලකි. ඒ අනුව, ස්වභාවික විදුලි ප්‍ර‍භවයන්ගෙන් විදුලිය උද්පාදනයේ දී වැය වන මුදලට වඩා තුන් ගුණයක් වැය කරමින් විදුලිය මිලදී ගැනීම සිදුව ඇත.

    විදුලිබල ජනන කේෂ්ත්‍ර‍ය ලංකාවේ දුෂිතම මාෆියාවයි. තමන් පසුගිය වසර 5 තුල ලබාදී ඇති ටෙන්ඩර් 18 ක් විමර්ශනය කර තිබෙන අතර ඒ සියල්ලම ආරම්භයේ සිට අවසානය දක්වා විවිධ අධියරවල දී දුෂණයන් සිදුව තිබෙන බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිකුත් කල නිවේදනයේ දැක්වේ.


    - https://newstube.lk/news/2887-18-3

    Me Lakdanavi karayo aluth Kerawalapitiya LNG plant eke tender eka chinese company ekata dunnoth 50 billion paduwenawa 1 rupee aduwen unit eka denawa kiyala dagalanne me wade denna thamai apahu :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    කොහොමත් ඔය CEB එකේ උන්ගෙ පඩි අඩු කරන්න ඕන. උන්ට සැප ගන්න රටේ මිනිස්සුන්ගෙන් හූරගෙන කන්න. :angry:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,380
    113
    Colombo
    ළඟදීම ලයිට් බිල වැඩි කරන්න ඕනේ කියල ඔය කියන්නේ මචන්ලා :lol::(
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    කොහේ හරි ආර්ටිකල් එකක් දැක්ක පලියට ඒක ශෙයාර් කරන්න කලින් පොඩ්ඩක් කරුණු වල සත්‍යථාවය හොයලා බලලා ශෙයාර් කරන්න.

    1. කෙරවලපිටිය 1(දැනට ක්‍රියාත්මක වන ) බලාගාරය ඉදි කිරීමට ලක්දනවි සමාගමට ලැබෙන්නෙ ටෙන්ඩරයකින් නෙමේ.. ඒක සත්‍යක්.එම කාලයේ විදුලි බල අවශ්‍යතාවයට අනුව ගොඩක් ව්‍යාපෘති ලබාදුන්නෙ ටෙන්ඩර් පටි පාටියෙන් බැහැරව.තවත් උදාහරනයක් විදියට මෙහි සදහන් අන්දමට, සූර්ය බලයෙන් නිපදවන බලාගාරයකට රුපියල් 11.86 ක් ගෙවනවා කීවත්. 2015 ට පෙර ඉදිකිරිමට ලබා දුන් සියලු සූර්ය බලාගාර වල විදුලි ඒකකයක මිල රුපියල් 23ක් වගේ වෙනවා. දැනට කෙරවලපිටිය 2 300MW බලාගාරයේ දෙවැනියට අඩුම ලන්සුව තබා ඇති චීන සමාගමේ ලාන්කික කොන්තරාත්කරු WF වන සමාගමටද රුපියල් 23ට දුවන සූර්ය බලාගාර 2ක් තියෙනවා.

    2.සූර්ය බලාගාර, සුළං බලාගාර 10MW වලට වඩා අඩු ක්‍රියාකරනව විදිය සහ, 10MW වලට වඩා වැඩි බලාගාර ක්‍රියාත්මක විදිය වෙනස්. 10MW වලට වඩා වැඩි බලාගාර පාලනය වන්නෙ විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මද්‍යස්ථානයෙන් වන අතර, එහි නියාමයන් මත 300MW වැනි විශාල බලාගාර පද්ධතියට එකතු කර ගැනීම, ඉවත් කිරීම සිදු වෙනවා. උදාහරනයක් විදිහට, මේ මොහොතේ ලන්කාවෙ විදුලි පරිභෝජනය 1400MW නම්, නොරොච්චොලේ බලාගරය 600MW දෙනවානම් ඉතිරි හිග විදුලි ඉල්ලුම අනෙක් බලාගාර වලින් පද්දතිය සමතුලිත වෙන විදියටත්, අනෙක් අවශ්‍යතා සපුරාලන විදියටත් (ජල අවශය්‍යතා) බලාගාර එකතු කරගන්නවා.

    3.මේවැනි විශාල බලාගාර වල විදුලි ඒකකයක මිල තීරනය වන ප්‍රධාන සාධක 2ක් පවතිනවා.
    a. බලාගාරය සැදීමට ගිය මූලික පිරිවැය
    b. බලගාරයේ මෙහෙයුම් සදහා වැය වන මුදල
    c. ජනනය කරන ලද විදුලි ඒකක ගනන

    විදුලි ඒකකයක් අලෙවි වන මිල= (a+b)/c

    ඔය සාධක තුන එක්ක විදුලි ඒකකයක මිල වෙනස් වෙනවා සැම අවුරුද්ද්කම. අඩුවෙන් පද්දතියට එකතු කර ගතොත්, විදුලි ඒකකයක මිල වැඩියි. වැඩියෙන් එකතු කර ගතොත් මිල අඩුයි.ඒකයි ඔය මිල ගනන් වෙනස් අගයන් පෙන්නලා තියෙන්නේ.

    වෙස්ට් කෝස් විදුලි සමාගම විසින් නිෂ්පාදනය කරන එක් විදුලි ඒකකයක් සදහා 2008 සිට 2017 දක්වා වසර 9 තුල එක් ඒකකය රු. 29.85ක සාමාන්‍ය අගයක් ගෙවා ඇත. 2013 වසරේ දී ඒකකයක් සදහා රු. 46.93 ක් ද, 2014 දී ඒකකයක් සදහා රු. 42.55ක් ද, ගෙවා ඇත. 2015 දී ඒකකයට රු. 36ක් ද, 2016 දී ඒකකයට රු. 33ක් ද බැගින් ලක්දනවි සමාගමට ගෙවා ඇත

    4.ලාන්කාවෙ විදුලි ඉල්ලුම පීක් එක තියෙන්නෙ හවස 6 ඉදන් රෑ 10 වෙනකන්. ඒ වෙලාවට ගන්න ඔය සූර්ය බලාගාර නෑ (NCRE (Solar, Wind) ) . එක නිසා ඒවගෙ විදුලි ඒකක යකට යන මිල එක්ක තර්මල් පවර් ප්ලාන්ට් (ඕනෑම වෙලාවක විදුලිය දිය හැකි) විදුලි ඒකක යකට යන මිල සන්සන්දනය කිරිම විද්‍යාතමක නෑ.

    5. ඔය කතාවේ අනික් පැත්ත තමා. මෙම බලාගාරය LNG වලින් දුවන්න නිර්මානය කරත් දැනට ලන්කාවේ LNG සැපයුමක් නැ. එක නිසා ඕක දුවන්න වෙන්නෙ Diesel/HFO වලින්. එක නිසා ඒකක්යක් ලොකු ගානක් වෙනවා. අපිට ගොඩ යන්න ඕන්නම් දැනට කරන්න තියන එකම විකල්පය තමා Coal බලාගාරයකට යන එක.

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ane manda ban.. hemathenama horakama...
    parliment1ta bombayak gahala mul 225 alu karala dala ita passe thamayi anikwa gena balanna wenne..
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    කොහේ හරි ආර්ටිකල් එකක් දැක්ක පලියට ඒක ශෙයාර් කරන්න කලින් පොඩ්ඩක් කරුණු වල සත්‍යථාවය හොයලා බලලා ශෙයාර් කරන්න.

    1. කෙරවලපිටිය 1(දැනට ක්‍රියාත්මක වන ) බලාගාරය ඉදි කිරීමට ලක්දනවි සමාගමට ලැබෙන්නෙ ටෙන්ඩරයකින් නෙමේ.. ඒක සත්‍යක්.එම කාලයේ විදුලි බල අවශ්‍යතාවයට අනුව ගොඩක් ව්‍යාපෘති ලබාදුන්නෙ ටෙන්ඩර් පටි පාටියෙන් බැහැරව.තවත් උදාහරනයක් විදියට මෙහි සදහන් අන්දමට, සූර්ය බලයෙන් නිපදවන බලාගාරයකට රුපියල් 11.86 ක් ගෙවනවා කීවත්. 2015 ට පෙර ඉදිකිරිමට ලබා දුන් සියලු සූර්ය බලාගාර වල විදුලි ඒකකයක මිල රුපියල් 23ක් වගේ වෙනවා. දැනට කෙරවලපිටිය 2 300MW බලාගාරයේ දෙවැනියට අඩුම ලන්සුව තබා ඇති චීන සමාගමේ ලාන්කික කොන්තරාත්කරු WF වන සමාගමටද රුපියල් 23ට දුවන සූර්ය බලාගාර 2ක් තියෙනවා.

    2.සූර්ය බලාගාර, සුළං බලාගාර 10MW වලට වඩා අඩු ක්‍රියාකරනව විදිය සහ, 10MW වලට වඩා වැඩි බලාගාර ක්‍රියාත්මක විදිය වෙනස්. 10MW වලට වඩා වැඩි බලාගාර පාලනය වන්නෙ විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මද්‍යස්ථානයෙන් වන අතර, එහි නියාමයන් මත 300MW වැනි විශාල බලාගාර පද්ධතියට එකතු කර ගැනීම, ඉවත් කිරීම සිදු වෙනවා. උදාහරනයක් විදිහට, මේ මොහොතේ ලන්කාවෙ විදුලි පරිභෝජනය 1400MW නම්, නොරොච්චොලේ බලාගරය 600MW දෙනවානම් ඉතිරි හිග විදුලි ඉල්ලුම අනෙක් බලාගාර වලින් පද්දතිය සමතුලිත වෙන විදියටත්, අනෙක් අවශ්‍යතා සපුරාලන විදියටත් (ජල අවශය්‍යතා) බලාගාර එකතු කරගන්නවා.

    3.මේවැනි විශාල බලාගාර වල විදුලි ඒකකයක මිල තීරනය වන ප්‍රධාන සාධක 2ක් පවතිනවා.
    a. බලාගාරය සැදීමට ගිය මූලික පිරිවැය
    b. බලගාරයේ මෙහෙයුම් සදහා වැය වන මුදල
    c. ජනනය කරන ලද විදුලි ඒකක ගනන

    විදුලි ඒකකයක් අලෙවි වන මිල= (a+b)/c

    ඔය සාධක තුන එක්ක විදුලි ඒකකයක මිල වෙනස් වෙනවා සැම අවුරුද්ද්කම. අඩුවෙන් පද්දතියට එකතු කර ගතොත්, විදුලි ඒකකයක මිල වැඩියි. වැඩියෙන් එකතු කර ගතොත් මිල අඩුයි.ඒකයි ඔය මිල ගනන් වෙනස් අගයන් පෙන්නලා තියෙන්නේ.

    වෙස්ට් කෝස් විදුලි සමාගම විසින් නිෂ්පාදනය කරන එක් විදුලි ඒකකයක් සදහා 2008 සිට 2017 දක්වා වසර 9 තුල එක් ඒකකය රු. 29.85ක සාමාන්‍ය අගයක් ගෙවා ඇත. 2013 වසරේ දී ඒකකයක් සදහා රු. 46.93 ක් ද, 2014 දී ඒකකයක් සදහා රු. 42.55ක් ද, ගෙවා ඇත. 2015 දී ඒකකයට රු. 36ක් ද, 2016 දී ඒකකයට රු. 33ක් ද බැගින් ලක්දනවි සමාගමට ගෙවා ඇත

    4.ලාන්කාවෙ විදුලි ඉල්ලුම පීක් එක තියෙන්නෙ හවස 6 ඉදන් රෑ 10 වෙනකන්. ඒ වෙලාවට ගන්න ඔය සූර්ය බලාගාර නෑ (NCRE (Solar, Wind) ) . එක නිසා ඒවගෙ විදුලි ඒකක යකට යන මිල එක්ක තර්මල් පවර් ප්ලාන්ට් (ඕනෑම වෙලාවක විදුලිය දිය හැකි) විදුලි ඒකක යකට යන මිල සන්සන්දනය කිරිම විද්‍යාතමක නෑ.

    5. ඔය කතාවේ අනික් පැත්ත තමා. මෙම බලාගාරය LNG වලින් දුවන්න නිර්මානය කරත් දැනට ලන්කාවේ LNG සැපයුමක් නැ. එක නිසා ඕක දුවන්න වෙන්නෙ Diesel/HFO වලින්. එක නිසා ඒකක්යක් ලොකු ගානක් වෙනවා. අපිට ගොඩ යන්න ඕන්නම් දැනට කරන්න තියන එකම විකල්පය තමා Coal බලාගාරයකට යන එක.

    CEB da wada...
     
    Last edited:

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Uba CEB da wada...

    Coal gana kiwa nisada uba CEB da kiala ahuwe :confused::lol:

    Ne ban CEB neme.... Aththatama bias nathuwa Power Sector eke economy eka diha baluwahama lankawa goda enna nam Coal plant 2,3k gaha ganna wenawa :yes:

    Impacts tika adu karagena manage karagathoth!
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    LTL උපසභාපති මාධ්‍ය අන්දන්න ඇවිත් : හත්පොළේ ගාගෙන නවතියි !

    ඉදිකිරීමට නියමිත මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරය ටෙන්ඩර් ක්‍රියාදාමය උල්ලංඝනය කරමින් චීන සමාගමකට පැවරීම නිසා රටට රුපියල් මිලියන 90,000ක පමණ අලාභයක් සිදුවන බවට චෝදනා කරමින් ඊයේ (20) මාධ්‍ය හමුවක් පැවැත්විණ.

    ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ කාර්‍ය මණ්ඩල වෘත්තීය සමිතිය නමින් ඉදිරිපත් වූ පාර්ශවයක් ඒ පැවැත්වූ අතර එහිදී පසුගිය සමයේ සමාජ මාධ්‍ය වෙබ් කිහිපයක් විසින් සිදුකර තිබූ අණාවරණය නැවත කියවීමක් එහිදී සිදුවිය.

    මෙහිදී මාධ්‍යවේදීන් අතර නිර්මාණයවූ පොදු කතාබහක් වුයේ අවස්ථා කිහිපයකදී LTL පාර්ශවයේ මූලික විරෝධතා නිසාම වසර ගණනාවක් ඉදිකිරීම සඳහා අවස්ථාව අහිමිව කල්තැබුනු මේ ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුවද දරුණු විවේචනයකට ලක්වීම සැකසහිත බවය.

    එසේම LTL පාර්ශවය සිදුවන පාඩුව ලෙස මාධ්‍ය හමුවේ අනාවරණය කර ඇති මිල ගණන වන රුපියල් මිලියන 90000ක මුදල උපකල්පිත අගයක් පමණක් වීමය.

    මෙහිදී සිදුවූ විශේෂ සිදුවීම වූයේ මාධ්‍යවේදීන් මෙම මාධ්‍ය හමුවට අදාලව විමසූ ප්‍රශ්න කිසිවකට මාධ්‍ය හමුව පැවැත්වූ පාර්ශවය නිසි පිළිතුරු ලබාදීමට නොහැකිව LTL වෘත්තීය සමිතිය නමින් පෙනීසිටි පාර්ශව අසරණ වීමය.

    මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න මෙන්න !

    LTL ආයතනය පසුගිය සාමය පුරා දියත්කල මාධ්‍ය මෙහෙයුම තුළ අමාත්‍යංශ ලේකම්වරයා දුෂිත බවත් අමාත්‍යංශය ඊට සහය දෙන බවත් සඳහන් කෙරිණ. ඒ අනුව මාධ්‍යවේදීන් රැසක් අවධානය යොමුකර සිටියේ LTL සහ ඊට අනුබද්ධ සමාගම් වල තිබෙන විනිවිදභාවය සම්බන්ධවය.



    ඒ අනුව LTL හෝ ඊට අනුබද්ධ සමාගම් රාජ්‍ය විගණනයට ආවරණය නොකිරීම සම්බන්ධව විමසු විට ඔවුන් සඳහන් කළේ තමන් පෞද්ගලික සමාගමක් බවය. එහෙත් මාධ්‍ය පෙරළා විමසා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයේ 62%ක කොටස් හිමි සමාගමක් රාජ්‍ය විගණනයට යටත් කිරීමේ වැදගත් කමය. කෙසේ වෙතත් ඔවුන් ඊට නිසි පිළිතුරක් ලබාදුන්නේ නැත.

    එසේම මාධ්‍ය හමුව පැවැත්වූ පාර්ශවය තමන් පෞද්ගලික සමාගමක් බව සඳහන් කර සිටියත් මෙම අවස්ථාවට සහභාගීවූ රාවය මාධ්‍යවේදියා දක්වාලුයේ අදාළ සමාගමට විගණකාධිපති චෝදනා නොමැති බවට එහි ප්‍රධානියෙකු යොමුකළ ලිපියක සත්‍ය අසත්‍යතාවය. ඊටද නිසි පිළිතුරක් ලබාදීමට මේ පාර්ශවය සමත් වුයේ නැත.

    තවද මාධ්‍ය විමසා සිටි වැදගත් ප්‍රශ්නයක් වූයේ "සී/ස ලංකා ට‍්‍රාන්ස්ෆෝමර් සමාගම මගින් 100%කට කොටස් යොදවා 1998දී සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට‍්‍රාර් ජෙනරාල් කාර්යාලයේ අංක NPVS 21196 යටතේ ලියාපදිංචි කරන ලද සී/ස LTL ප්‍රොජෙක්ට් පුද්ගලික සමාගම මෙලෙස නීති විරෝධී ලෙස රටට විශාල මූල්‍ය පාඩුවක් සිදු කරමින් අන්සතු කර ඇති බවට" දුෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු විසින් කෝප් කමිටුව වෙත යොමුකර ඇති ලිපිය සම්බන්ධවය.

    ඊටද නිසි පිළිතුරක් ලබාදීමට ඔවුන් සමත් වූයේ නැත. එසේම මෙම දුෂණ විරෝධී හඬ සංවිධානය අදාළ ලිපිය හරහා අවධානය යොමුකර ඇති බරපතළ කාරනා කිසිවක් ඔවුන්ට බරපතල නොවූ බවක් පෙනෙන්නට තිබු අතර ඒඅනුව ඔවුන් වෙතින් ප්‍රදර්ශනය වූයේ අදාළ ටෙන්ඩරය තමන්ට ලැබිය යුතුයි - නැත්නම් එම ටෙන්ඩරය අත්හිටවිය යුතුයි පන්නයේ හැසිරීමක් පමණය.

    ඒ නිසාම මාධ්‍ය නැවත ඔවුන් වෙතින් ප්‍රශ්න කර සිටියේ රාජ්‍ය විගණනය සහ සමාගම සම්බන්ධව මතුකළ විනිවිදභාවය සම්බන්ධ ප්‍රශ්න සැහැල්ලුවට ගෙන අදාළ ටෙන්ඩරය පමණක් මාතෘකාව කරගෙන සංවාදය ඉදිරියට ගන්නේ මාධ්‍ය ප්‍රහාරයක් හරහා මේ කටයුත්ත අත්හිටුවීමට හෝ එය තමන්ටම පමණක් හිමිවිය යුතුය යන පදනමේ සිට නොවේද යන්නය. ඊට නිදර්ශන ලෙස මාධ්‍යවේදියකු කරුණු පැහැදිළි කර සිටියේ රාජ්‍ය ප්‍රසම්පාදනයට අදාළ සියලු ආයතන විසින් තහවුරු කල ටෙන්ඩරයක් සම්බන්ධව ටෙන්ඩරයට කොහෙත්ම සම්බන්ධ නොවන වෘත්තීය සමිතියක් පවා ඉදිරිපත්ව සිටීමය. එසේම මේ තියෙන්නේ බිස්නස් එක නොලැබීම ගැන ප්‍රශ්නයක් පමණක් නොවේදැයි යන්නද එහිදී මතුකෙරිණ.

    අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් නෑ !



    තවද මේ වන විටත් විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශයේ කිසියම් හෝ දුෂණ අක්‍රමිකතාවක් ඇත්නම්, ඒ සම්බන්ධව හෝඩුවාවක් හෝ තිබේ නම් සෘජුව අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන්නට එන ලෙස අමාත්‍ය රවී කරුණානායක සිදුකර ඇති විවෘත ආරාධනය සම්බන්ධවද මාධ්‍ය විමසනු ලැබිණ.

    ඊටද මාධ්‍ය හමුව පැවැත්වූ පාර්ශව ලබාදුන් පිළිතුර වූයේ අමාත්‍යංශය සම්බන්ධ විශ්වාසයක් තමන්ට නොමැති බවය. ඒ නම් අපූරු වෘත්තීය සමිති එළඹුමක් බව තවත් කරුණු අනවශ්‍යය.

    වෘත්තීය සමිතියේ ඉන්නේ සමාගම් ජාලයේ ලොක්කන් පමණයි !

    කෙසේ වුවත් ඒ සඳහා ද පිළිගත හැකි පිළිතුරක් නොලැබුණු අතර කෙසේ වුවත් අවස්ථා කිහිපයකදීම අනාවරණය වුයේ මේ වෘත්තීය සමිතිය LTL සහ ඊට අනුබද්ධ සමාගම් වල විධායක මට්ටමේ නිලධාරීන් ඇතුළත් එම සමාගමේ ප්‍රචාරක කණ්ඩායමක් මිස වෙනත් පිළිගත් වෘත්තීය සමිති වගකීමක් සහිත සංවිධානයක් නොවන බවය.

    සමිතියේ සභාපති : LTL උපසභාපති

    මේ අතර විශ්වාසවන්ත ආරංචිමාර්ග අපට සඳහන් කර සිටියේ මෙම මාධ්‍ය හමුව කැඳවූ වෘත්තීය සමිතියේ සභාපති වන සමීර ගනේගොඩ LTL හී උපසභාපති ධුරය දරන බවය.

    එපමණක් නොව මේ වන විටත් LTL සහ ඊට අනුබද්ධ සමාගම් විසින් මෙහෙයුම් සිදුකරන ඩීසල් බලාගාරයක් පසුගිය මාසයේ විදුලි ඒකකයක් විකුණු මිල විමසු කළ එකී ආයතනය නියෝජනය කළ නිලධාරියා නිරුත්තර වූ අතර පසුව ඔහු රුපියල් 21ක් වැනි ව්‍යාජ ගණනක් සඳහන් කර ප්‍රශ්නයෙන් ගැළවීමට අසාර්ථක උත්සාහයක් දැරීය. නමුත් එහිදී මාධ්‍යවේදීන් සිහිපත් කර සිටියේ අදාළ බලාගාරය ඉතා ඉහල මිලකට විදුලි ඒකකයක් ලබාදෙන බවත් ඒ සම්බන්ධ තොරතුරු රැසක් තමන් සතුව තිබෙන බවය.

    මිල තරගය එන නිසා ගෙනා බිල්ලා !



    එසේම මේ වන විටත් මෙම බලාගාරය ඉදිකර අවසන්වූ පසු විදුලිය මිලදී ගැනීමේදී ඇතිවන තරගය සහ එහිදී අඩු මිල තිබෙන බලාගාරයට වැඩි ඉඩක් ලැබීමත් වැඩි මිල බලාගාරය මෙතෙක් විදුලි ඒකකයක් වැඩි මිලට විකිණීමට නොහැකිව මුහුණදෙන තත්ත්වයද මාධ්‍ය හමුවේ හොඳින් පැහැදිළි විය.

    සියලු පාර්ශව විවෘත මාධ්‍ය හමුවකට ගේනවා - ඇමති රවී

    මේ අතර 20 වනදා මේ මාධ්‍ය හමුව ඇතුළුව මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුතු කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරය ටෙන්ඩර් ක්‍රියාදාමය ප්‍රශ්න කළ සහ ඊට අදාළ සියලු පාර්ශව කැඳවා විවෘත මාධ්‍ය හමුවක් පැවැත්වීමට විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

    පළවන පුවත් සම්බන්ධව අමාත්‍ය රවී කරුණානායක වෙතින් අප කළ විමසුමේදී ඔහු අන්දහන් කර සිටියේ ජර්මානු තානාපති නියෝජිතයන්, ඇමරිකානු තානාපති නියෝජිතයන්, අනෙකුත් සියලු තානාපති නියෝජිතයන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ Windforce සමාගමේ, LTL සමාගමේ, LTL සේවක සංගමයේ, දුෂණ විරෝධී සංගමයේ නියෝජිතයන්ටද විවෘත ආරාධනයක් තම අමාත්‍යංශය සිදුකරන බවය.

    ඒ අනුව අදාළ මාධ්‍ය හමුව 21 වනදා පෙ.ව. 10.30 ට අමාත්‍යංශයේ දී පැවැත්වෙන බවත් එහිදී සියලු පාර්ශවයන්ගේ හරි වැරදි නියම ලෙස රටට දැනකියා ගන්නට අවස්ථාව උදාවෙන අතර එම ප්‍රතිපත්තිය අනෙක් අමාත්‍යංශ වලටද ආදර්ශයක් බව තමන් විශ්වාස කරන බවය. එසේම තැන තැන පාලු ගෙයි වලං බිඳින ප්‍රතිපත්තිය වෙනුවට විවෘත සංවාදයක් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ යහපාලන මුලධර්මයක ආදර්ශයක් බවත් පැවසු අමාත්‍යවරයා හොඳ දේ නිවැරදි දේ රටට නොලැබීම වෙනුවට වැරදි අනාවරණය වී නිවැරදි ගමනක් යාමට ලැබෙන බැවින් එය රටටත් ජනතාවටත් යහපතක් බවද අවධාරණය කළේය.



    - https://newstube.lk/news/5521-ltl-2
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    The electricity mafia strikes again!

    Written by Staff Writer 28 Jul, 2018 | 12:12 AM

    Share:
    Colombo (News1st) : A study done by Verite Research has exposed that the Government of Sri Lanka had taken a massive risk and made investments using public funds in the electricity sector, with no benefit. This transaction dates back to 2006. A firm by the name West Coast (Pvt) Ltd had been formed for the construction of the 300 MW Kerawalapitiya Combined Cycle Power Plant. Initially, it had been decided that the main shareholder of this company should be Lakdhanavi Ltd.

    A majority share of Lakdhanavi Ltd is owned by Lanka Transformers Limited (LTL is a company in which the Ceylon Electricity Board holds a majority share). However, it is the government that had given a guarantee to secure a 22.7 Billion Rupee loan facility from HSBC for this project.

    The government had also intervened to secure more funding for the project – 2.9 Billion Rupees from the National Savings Bank and another 2.9 Billion Rupees from the Employees Provident Fund.

    According to the Foreign Loans Act of Sri Lanka, if a guarantee is given by the Government of Sri Lanka relating to a foreign loan for a project, the state should have 50 percent stake in the project. The study has revealed, that the 50 percent share of West Coast (Pvt) Ltd had been temporarily vested with the government on 14 separate occasions to fulfill the aforementioned criteria.

    As of March 2011, the Government owned the 50 percent shares of West Coast (Pvt) Ltd, while 18.2 percent was owned by Lanka Electricity Company Private Limited which is owned by the CEB, another 27.1 percent was owned by the EPF and the other 4.8 percent was owned by Lakdhanavi Ltd.

    A startling factor in this expose, is that for the guarantee, no dividends were paid to the Government of Sri Lanka.However, dividends had been paid to Lakdhanavi Ltd, LECO, and the EPF.

    The method of payment is an astounding factor in this misappropriation of funds;

    Accordingly, Lakdhanavi Ltd which owns only 4.8 percent of shares had been paid a dividend of 39.75 percent. The EPF which owns 27.1 percent of shares was paid a dividend of 20.04 percent. LECO which owned 18.2 percent of shares was paid a dividend of 20.4 percent.

    Adding to this, an agreement had been reached for the 50 percent shares owned by the Government to be vested with Lakdhanavi Ltd once the entire loan amount is paid off.

    The research study also revealed that the Ceylon Electricity Board does not own 48.5 percent of shares in West Coast (Pvt.) Ltd.

    Left Centre Convenor Chameera Perera states with regards to the energy sector revelations, this scam is far greater than the Central Bank Treasury Bond Scam and that a Presidential Commission should conduct independent inquiries regarding these massive scams.




    - https://www.newsfirst.lk/2018/07/28/the-electricity-mafia-strikes-again
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    LTL ප්‍රධානීයෙක් මාධ්‍යවේදියෙක්ට තර්ජන කරන්න ගිහින් ඇන ගනියි - Video

    අද (21) පෙරවරුවේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ්‍රයේදී, කෙරවලපිටිය මෙගාවොට් 300 සංයුක්ත ද්විත්ව චක්‍රීය බලාගාර ටෙන්ඩරය පිළිබදව පැවති විවෘත මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ LTL ආයතනයේ ප්‍රධානියෙක් මාධ්‍යවේදියෙක්ට තර්ජනය කිරීමට උත්සහ කිරීම නිසා උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

    LTL ආයතනය හා සම්බන්ධ බවට පැවසෙන වෙස්ට් කෝස් පවර් සමාගම විසින් විදුලි ඒකකයක් රුපියල් 33 බැගින් ලංකා විදුලි බල මණ්ඩලයට අලෙවි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් විසින් කළ විමසුමක දී LTL ආයතනයේ ප්‍රධානියා මෙසේ ප්‍රතිචාර දැක්වීය.




    More: https://newstube.lk/news/5532-ltl-video
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    කෙරවල පිටියෙ මෙගා වොට් 300 LNG විදුලි බලාගාරය සම්බන්දයෙන් page admin වරුන් ලක්ශ ගානක sponsored advertisments දමා ඔබට පෙන්වන දේ සහ ඔබට නොපෙන්වන දේ.......

    පෙන්වන දේ

    - කෙරවලපිටියෙ බලාගාරයක් හදනව. මෙගා වොට් 300යි. ඒක LNG

    - මේ බලාගාරය හදන්න අවම ලංසුව දාල තියෙන්නෙ දේශීය රජයේ හවුල් ව්‍යාපාරයක්. ඒකෙ නම ලක්දනවි (ලංකා විදුලි බල මණ්ඩලයේ කොටස් තියෙන සමාගමක්). එම ලංසුවේ අගය ඩොලර් මිලියන 175යි.

    - හැබැයි මේ බලාගාරය හදන්න කැබිනට් එකෙන් අවසර දෙන්නෙ චීන සමාගමට. චීන සමාගමේ ලංසුව ඩොලර් මිලියන 299යි. වෙනස ඩොලර් මිලියන 124යි. හම්මෝ මාර පාඩුව නේහ් !!

    ඒ වගේම බලාගාරය හැදුවට පස්සෙ ලක්දනවි ආයතනයෙන් විදුලි ඒකකයක් CEB එකට අලෙවි කරන්නෙ රු 14.98ට. හැබැයි චීන සමාගට විදුලි ඒකකයක් අලෙවි කරන්නෙ රු 15.97ට. ඒ කියන්නෙ එක ඒකකයකින් රජයට සත 99ක් පාඩුයි. මේ ව්‍යාපෘතිය වසර 20කට ගිවිසුම් ඇතුව කරන්නෙ. එතකොට විදුලි ඒකක වලට චීන සමාගට වැඩිපුර ගෙවීම නිසාත්, ඩොලරය එන්න එන්න ඉහල යන නිසාත් වසර විස්සක් ඇතුලත ලංකාවට බිලියන 90ක් පාඩු වෙනව කියලයි කියන්නෙ.

    බිලියන 90ක් පාඩු වෙනව කියල ඇහුනු ගමං බොක්ක කූල් උනා නේද? ශෙයාර් කරල දේශපාලකයගෙං හෙන ඉල්ලන්න හිතෙනව නේද? ආ එහෙනං sponsored ad අරං පෝස්ට් හද හද දාන facebook admin ලගෙ ප්‍රයත්නය අති සාර්තකයි.

    .

    .

    .

    facebook page ඇඩ්මින් උතුමානන්ලා ඔබට නොපෙන්වන දේ

    මේක Public Private Partnership (PPP) project එකක්. හරියටම කියනවානම් PPP වල අනු අංගයක් වන BOOT project එකක්. ඒ කියන්නෙ Build, Own, Operate and Transfer. තවත් කියනවානම් මේ ව්‍යාපෘතිය බාර ගන්න කම්පැනිය තමංගේ කොම්පැනියෙ අරමුදල් වලින් ව්‍යාපෘතිය ගොඩ නගල (රජයේ මුදල් වැය වෙන්නෙ නෑ එතකොට), ව්‍යාපෘතිය අදාල ගිවිසුම් ගත වසර ප්‍රමානය ක්‍රියාත්මක කරල, ගිවිසුම අවසන් වුනු පසු රජයට පවරන්න ඕනෙ. මේ වගේ අතිශය සංකීර්න ව්‍යාපෘතියක් අවම ලංසුවටම දෙන්න ඕනෙ කියල නියමයක් නෑ. අවම මුදලට වඩා සලකා බලන කරුනු තියෙනව.

    රජයක් විසින් PPP project එකකට අත ගැසීමේ මූලික පරමාර්තයන්

    1. රජයට සපුරාගත නොහැකි මුදල් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීම

    2. රජයට දැරිය නොහැකි අවදානම් (මූල්‍ය අවදානම් හෙවත් ඇපවීම් - කල් ගත වන විට ව්‍යාපෘතීන්ගේ වියදම වල විවිද හේතූන් මත වැඩිවීම සාමාන්‍යයි) පෞද්ගලික අංශයට දැරීමට දීම

    3. තරඟකාරීත්වය තුලින් වියදම් කරන මුදලට සාපේක්ශ ඉහලම වටිනාකම ලබාගැනීම (value for money)

    උක්ත කෙරවල පිටිය බලාගාරයේ රජයේ පාර්ශවයේ employer (පෞද්ගලික සමාගම එක්ක ගිවිසුම් ගතවෙන රජයේ ආයතනය) වෙන්නෙ CEB එක.

    එම ව්‍යාපෘතියේ ටෙන්ඩර් බෝඩ් එකේ ඉන්නෙත් CEB මිනිස්සු.

    එම ව්‍යාපෘතියට ඔය කියන අවම ලංසුව වන ඩොලර් මිලියන 175 තියන්නෙත් CEB එකට 63%ක හිමිකාරීත්වයක් තියෙන ලක්දනවි සමාගම.

    මේ ලක්දනවි සමාගමේ ඉතුරු 37% අයිති එම සමාගමේ සේවකයින්ට (මේ බහුතරේ හිටපු CEB නිළදාරීන්). ඒ 37%නුත් 27%ක්ම අයිතිව තියෙන්නෙ කොම්පැනියෙ ඉහලම නිළඳාරීන් 3 දෙනෙකුට. ඉතුරු සේවකයින් සියල්ල අත තමා 10% හිමිකාරීත්වය බෙදෙන්නෙ.

    ලක්දනවි සමාගමේ කූට ඉතිහාසය.

    2006 දී කෙරවලපිටියෙම බටහිට බලාගාරය හදන්න අලුත් සමාගමක් හැදුව. මේ සමාගමේ හිමිකාරීත්වය

    රජය : 50%

    LECO : 18.2%

    EPF : 27.1%

    ලක්දනවි : 4.8%

    නමුත්, ස්වාධීන පරීක්ශන ආයතනයක් වන verite research ආයතනය විසින් හොයාගත් ආකාරයට බටහිර විදුලි බලාගාරයේ ලාබාංශ බෙදී ගියපු ආකාරය,

    ලක්දනවි : 39.75%

    LECO : 20.4%

    EPF : 20.4%

    සියයට 5 කටත් අඩු හිමිකාරීත්වයක් දරන ආයනේක ලාබාංශ ප්‍රමානය මුලු ලාබාංශ ප්‍රමානයෙන් 39%ක් වෙනව. එතකොට පැහැදිලිවම මෙතන පෞද්ගලික අංශයේ සුලු පිරිසක් අතිශය ඉහල ලාබ ලබනව. හැබැයි රජයේ පාර්ශවේට ලාබාංශ අවමයි. ඒ වගේම බලාගාරයේ ණය වලින් 98%ක අවදානම (bond guarantee) දරන්නෙ රජය. ලක්දනවි ආයතනේ දරන්නෙ 2%ක් විතරයි.

    ඒ වගේම මෙම ව්‍යාපෘතියෙන් අපේක්ශිත value for money කියන දේ ලැබී නැති බවටත් තර්ක කෙරෙනව. විදුලි ඒකක වල මිළ ගනන් නොසිතූ ලෙස වැඩි වී තියෙනව.

    .......

    ලක්දනවි ඉතිහාසය මෙහෙම වෙනකොට ආපහු කෙරවලපිටියේම බලාගාරෙට ලක්දනවි ලංසු තියෙනව. මේ පාර ලංසුව මිලියන 175යි. හැබැයි මෙම ව්‍යාපෘතියට ලංසු තැබූ අනිත් සියලුව සමාගම් 7ම ලංසු තියන්නෙ ඩොලර් මිලියන 300කට ආසන්න අගයකට්. එතකොට ලක්දනවි එකේ අගය විශ්වාස කල නොහැකි මට්ටමේ පහල අගයක්. හැබැයි ලක්දනවි එක මෙම බලාගාරය හදන්න ජර්මන් වල බැංකුවකින් ණයක් අයදුම් කරනව ඩොලර් මිලියන 330කට. 175කට යන වැඩේට 330 ක ණයක් ගන්න එකේ කොස්ස පැහැදිලී නේද? මොකද මෙම ව්‍යාපෘතිය අවම ලංසුව තියල දිනාගත්තට පස්සෙ ව්‍යාපෘතියෙ මිළ ඉහල යාම අනිවාර්‍ය දෙයක් බව ලක්දනවි දන්නව. ඒකයි මිලියන 300කට එහා ණයක් අරගෙන සූදානම් වෙන්නෙ. වංචාවෙන් ව්‍යාපෘතිය ගැනීම තමා එකම පරමාර්තය.

    එහෙම ව්‍යාපෘතිය ගත්තත් කලින් වතාවේ බටහිර බලාගාරයේදි ලක්දනවි ආයතනය රජයට සිදුකල පාඩුව ඇස් පනාපිට පේන්න තියෙනව. එහෙම පාඩුවක් කරපු ආයතනේම ආපහු හොඳ මූණු පෙන්නගෙන ආවට මම කලින් සඳහන් කරපු PPP වල ප්‍රධන අර්මුණ ඉශ්ට කරගන්න රජයට නොහැකි වෙන එක අනිවාර්‍යයයක්.

    1. ලක්දනවි බහුතරය අයිති CEB. CEB අයිති රජයට. ඒ කියල්ලෙ මූල්‍ය දායකත්වය වැඩිපුර ආපහු රජයෙන්. (නමුත් ලාබාංශෙ වැඩි පංගුව ගන්නෙ ලක්දනවි සුලු කොටස් කරුවො)

    2. බටහිර බලාගාරයේත් විදේශ ණය මුදලකට ඇප වෙන්නෙ රජය. ඒ ඇප වීම 98%යි. මේ වතාවේත් ඒකම සිද්ද වේවි. ඒ කියන්නෙ මූල්‍ය අවදානම නැවතත් රජයටමයි. මිලියන 175 ක් කියල අරගෙන මිලියන 330ක් දක්වා ණයක් ගන්නව කියන්නෙ රජයේ අවදානම තව තව වැඩිවෙන එක.

    3. කලින් වතාවේත් ලක්දනවියෙං CEB යට අලෙවි කල ඒකක මිල ඉහල ගිහිං තියෙනව. මේ වතාවේත් ඒකක මිල ඉහල නොයා තියේවි කියල විශ්වාස කරන්න අමාරුයි. මොකද මිලියන 175 වැඩේ මිලියන 300+ කට අධික මුදලක් වැය කිරීමට බලාගෙන සිටින නිසා. මේ ඒකක මිළ ඉහල දාන්න අවශ්‍ය වෙන්නෙ cabinet decision එකක් විතරයි. එදාට චීනට දුන්නනම් බිලියන 90යි පාඩුව කියල කියන කටවල් වලටම ලක්දනවිට දීම නිසා පාඩුව බිලියන 100 පනී වගේ නිව්ස් දාන්නත් වෙයි....

    මෙහෙම කල්පනා කරාම කෙරවලපිටිය බලාගාරය ලක්දනවි එකට දීමෙන් PPP ව්‍යාපෘතියක අරමුණු තනිකරම ෆේල් වෙනව. එම නිසා ශ්‍රී ලංකා රජයට අවදානම අවම චීන සමාගමට මේ ව්‍යාපෘතිය දීම උචිතයි.

    .

    .

    දැං ඉතිං ඔයාල ගිය සතිය ඇතුලත දැකපු "..... ලංකාවට බිලියන 90ක් පාඩුවෙන LNG බලාගාරය චීනට පවරයි......" කියන නිව්ස් එක facebook pages බරගානකට දාන්න sponsor කලේ කවුද කියල හොයන්න යන්න එපා. ඇඩ්මින්ලාද මනුශයෝය නෙ. හැමෝටම සල්ලි වල අවශ්‍යතා තියෙනවනෙ. සල්ලි දෙනවානම් මාකඳුරේ මදූශ්ගෙ සමාජ මෙහෙවර ගැන හරි පෝස්ට් දාල කීයක් හරි හම්බ කරගන්න එක ඉතිං ඇඩ්මින් ලාගෙ අරමුණ. අපි කවුද අනේ ඕව ජජ් කරන්න.... !


    https://m.facebook.com/story.php?story_fbid=10215788003827319&id=1060931758 වැඩිදුර කියවීම්

    - https://www.facebook.com/pandulanayanabandara/posts/10215794383386804
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,675
    113
    ඕකේ වැඩ කරන එකෙක් පෙන්නපන් හොරකන් නොකරපු කියලා....මම දන්නා අසැල්වැසි ලොක්කෙක් සිටියි. උගේ ගෙදරට අවුරුදු,නත්තල් කාලෙට හැම්පර්,ටීවී,ෆ්‍රිජ්,.... අරන් එන එවුන් නිසා පාරේ ට්‍රැෆික්....දම්රෝ ලොරියක් නිතරම ඒ කාලෙට බලාගත්තෑකි.... ඔය බඩු විතරද දෙන්නේ ? නෑ....
     

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ඕකේ වැඩ කරන එකෙක් පෙන්නපන් හොරකන් නොකරපු කියලා....මම දන්නා අසැල්වැසි ලොක්කෙක් සිටියි. උගේ ගෙදරට අවුරුදු,නත්තල් කාලෙට හැම්පර්,ටීවී,ෆ්‍රිජ්,.... අරන් එන එවුන් නිසා පාරේ ට්‍රැෆික්....දම්රෝ ලොරියක් නිතරම ඒ කාලෙට බලාගත්තෑකි.... ඔය බඩු විතරද දෙන්නේ ? නෑ....

    gewal koheda ube :rolleyes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    LTL පරපොෂිතයාගෙන් විදුලි බල මණ්ඩලය බේරා ගනු..!

    “ලක්දනවිය” කොලය වසා ගහපු ගැහිල්ල මෙන්න..!

    විදුලි අර්බුදය මාෆියාවක් ද..!

    ජනතාව විදුලි පුටුවේ හිඳුවා සුර සැප විඳින LTL ද්‍රෝහීන්..!


    (නිමල් අබේසිංහ)

    රටේ ඒක පුද්ගල විදුලි පරිභෝජනය කිලෝ වොට් පැය 9.5ක් බව ගණනය කර තිබෙන අතර වසරක් පාසා විදුලි ඉල්ලුම 5% සිට 10% දක්වා පරාසයක පවතී. විදුලිබල අමාත්‍යාංශය මේ වන විටත් හදිසි විදුලි මිලදී ගැනීමේ අවශ්‍යතාවක සිටින අතර ඒ වෙනුවෙන් කැබිනට් පත්‍රිකාද ඉදිරිපත් කර ඇත. එම මිලදී ගැනීම් පිළිබඳවත් ආන්දෝලනාත්මක කතා පැතිරෙමින් පවතී.

    රට මේ වන විට පවතින්නේ විදුලි අර්බුදයක මුව විටේය. එවකට සිටි විෂය භාර ඇමති රංජිත් සියඹලාපිටිය 2018 ජුනි 11 දින ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය අනුවද මෙම විදුලි අර්බුදය කලින් හඳුනා ගෙන සිටි බව සනාථ වේ.

    එහි සඳහන් ආකාරයට “ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලැස්මට අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ මෙගා වොට් 300ක ධාරිතාවයෙන් යුක්ත ද්විත්ව චක්‍රීය වායු බලාගාරයක් පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගෙන ඉදිකිරීමට සැලසුම් කොට ඇත්තේ 2019 රට තුළ ඇති විදුලි හිඟයට මුහුණ දීම සඳහායි.” යනුවෙනි.

    මෙම සටහනට අනුව විදුලිබල අමාත්‍යාංශය මෙකී අනතුර හඳුනා ගෙන තිබූ බැවින් 2015 -2037 විදුලි බල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලැස්මට කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබේ. මීට අමතරව දකුණු පළාතේ මෙගා වොට් 100ක විදුලි බලාගාරයක් ඉදිකිරීමද එම සැලසුමෙහි අන්තර්ගතය. එහෙත් වගකිව යුත්තන් උක්ත සැලැස්ම අපේක්ෂිත ඉලක්කයන් කරා ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය නොකිරීමෙන් මෙකී අවධානම තවත් තීව්‍ර වී ඇත.

    ඒ අතරේ පවතින කාලගුණික තත්ත්වයන්ද නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ පවතින දෝශයන් හේතුවෙන් නිෂ්පාදන ධාරිතාව අඩු වීමද අර්බුදයේ ඉරණම නරක අතට යනු ඇත.

    නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ටර්බයින් 3කින් එකක් මෙගාවොට් 270 බැගින් විදුලිය නිපද වේ. එහෙත් මේ වන විට එක් නිෂ්පාදන යන්ත්‍රයකින් නිපදවනු ලබන්නේ මෙගාවොට් 200ක් පමණි. පවතින තත්ත්වයන් මත එම යන්ත්‍රය අලුත්වැඩියාවකටද යා නොහැකි වන්නේ ඒ සඳහා විදුලි උත්පාදන යන්ත්‍රය අක්‍රීය කළ යුතු බැවිනි. එසේ වුවහොත් තවත් මෙගාවොට් 200ක නිෂ්පාදනය ඇණ හිටිනු ඇත.

    මෙවැනි පසුබිමක කෙරවලපිටියේ ඉදි කිරීමට යෝජිත මෙගාවොට් 300 විදුලි බලාගාරයේ ඉදිකිරීම සම්බන්ධයෙන්ද අර්බුදයක් හට ගෙන තිබීම පවතින විදුලි අර්බුදයට තවත් අර්බුදයක් එකතු කිරීමක් බවට පත්ව තිබීම කනගාටුදායකය.

    කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදි කිරීම වෙනුවෙන් 2016.11.16 ටෙන්ඩර් කැඳවා ඇති අතර 2017.04.21 දින ටෙන්ඩර් විවෘත කරනු ලදුව ලංකා විදුලිබල මණ්ඩලයට අයත් “ලක්දනවි” සමාගම සහ “Consortium of GCL windforce and Renewger” යන සමාගම් දෙකෙන් කුමන සමාගමකට මෙකී ටෙන්ඩරය ප්‍රදානය කරන්නේද යන්න බරපතළ සාකච්ඡාවක් පැවත්වී තිබෙන බව රංජිත් සියඹලාපිටිය හිටපු ඇමතිවරයා සහ වත්මන් අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් සන්දේශවලින් අනාවරණය වේ.

    රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා 2018 ජුනි 11 දින ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයේ මෙසේ සඳහන් වේ.

    “ව්‍යාපෘති ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 175ක් වශයෙන් සඳහන් කොට තිබූ අතර දෙවන අවම ලංසුකරුගේ ලංසුව ඇමරිකානු ඩොලර් මිලියන 299කි. මෙහි ඉංජිනේරු ඇස්තමේන්තුව ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වු බැවින් “ලක්දනවි” ආයතනයේ ලංසුව ඉන්ජිනේරු ඇස්තමේන්තුවෙන් 58%කි.”

    කැබිනට් සන්දේශයේ සඳහන් ආකාරයට ව්‍යාපෘතියේ කාරක ප්‍රාග්ධනය “ලක්දනවි” ආයතනය ඇතුළත් කර තිබී නැත. එලෙසම “ලක්දනවි” ආයතනය සිය ලංසුවේ ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන 175 ලෙස සඳහන් කර තිබුණත් ඔවුන් සිය ණය ලබා ගන්නා ආයතනය වන KFWIPEX BANK වෙත ව්‍යාපෘතියේ මුළු ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් 330ක් ලෙසද, EFC කොන්ත්‍රාත් වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 265ක් ලෙසද, ජර්මනියෙන් ලබාගන්නා උපකරණවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 190ක් ලෙසද, තොරතුරු ඉදිරිපත් කර ඇත.

    එලෙසම “ලක්දනවි” ආයතනය VAT හා NBT බදු සඳහා රජයේ සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කර තිබුණද පවතින නීති අනුව එසේ කිරීමට නොහැකි බැවින් එය ගැටලුවක් බවද ඇමති රංජිත් සියඹලාපිටිය ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයේ තවදුරටත් සඳහන් වේ.

    ඒ අනුව “ලක්දනවි” සිය බැංකුවට ව්‍යාපෘති වියදම ඇමරිකන් ඩොලර් මිලියන 330ක් ලෙස ඉදිරිපත් කර ව්‍යාපෘතිය සඳහා ලංසුව ඇමරිකන් ඩොලර් මිලියන 175ක් ලෙස සඳහන් කර ඇත්තේ කිසියම් යටි අරමුණක් ඇති බවද පැහැදිලිය.

    මෙහිදි “ලක්දනවි” විසින් මීට පෙර කෙරවලපිටියේ මේ හා සමානම විදුලි බලාගාරයක් ඉදි කිරීමේදී ඉදිරිපත් කළ ලංසුව මීට වඩා ඉහළ අගයක් ගෙන තිබීමද පුදුමය. ඒ මීට වසර ගණනාවකට පෙරදීය.

    එසේ නම් ඩොලරයේ අගය ඉහළ ගොස් ඇති අවස්ථාවක ඩොලර් මිලියන 175 වැනි මුදලකට මේ විදුලු බලාගාරය ඉදිකිරීම කළ හැකි යැයි පැවසීමම විහිළුවකි. අනෙක් අතින් මේ වන විටදී “ලක්දනවි” සමාගම VAT, PAL හාNBT බදු මුදල් තමන් විසින්ම දරා ගෙන ව්‍යාපෘතිය කිරීමට සූදානම් බවද දන්වා ඇත. එය බෙහෙවින් සැක සංකා මතු වෙන කාරණයකි. එසේ නම් ඔවුන් මේ බව මුලින්ම දැනුම් නොදුන්නේ ඇයිද යන ප්‍රශ්නය ද පැන නගී.

    2009 ජනවාරි 30 දින අමාත්‍ය රවී කරුණානායක විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් මණ්ඩල සන්දේශයේද මේ සම්බන්ධ විස්තරාත්මක කරුණු ඇතුළත් කර ඇති අතර “ලක්දනවි” සමාගම මෙම ව්‍යාපෘතිය ඉදි කිරීමට සුදුසුකම් නොලබන බවද සඳහන් වේ. ඊට හේතු වන කරුණුද සවිස්තරාත්මකව දක්වා තිබේ.
    “ලක්දනවි” ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම අනුබද්ධ සමාගමකි. ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගමේ මුළු අයිතියෙන් 63%ක් අයත්ව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයටය.

    එහෙත් මව් සමාගම ඇතුළු අනෙකුත් සමාගම්හි පරිපාලනය සිදු වන්නේ 63%ක් කොටස් හිමි විදුල බල මණ්ඩලය නියෝජනය කරන අධ්‍යක්ෂවරුන් යටතේ නොවේ.

    එහෙත් කෙරවලපිටිය “යුගදනවි” බලාගාරය ඉදි කිරීමේදී වෙස්ට්කොස්ට් සමාගම (ලක්දනවි සමාගමේ උප සමාගමකි) විසින් විදුලි බල මණ්ඩලය සමග ගිවිස ගත් බරපතළ කොන්දේසියක් කඩකර ඇති බව දැනගන්නට ඇත.

    ඒ “යුගදනවි” බලාගාරය ක්‍රියාත්මක කර වසරකට පසුව ඒ සඳහා වන ඉන්ධන වියදම නිසි ලෙස ගණනය කිරීමක් සිදු කර ඒ අනුව විදුලි බල මණ්ඩලය ඉන්ධන සඳහා වැඩිපුර “යුගදනවි” බලාගාරයට ගෙවා ඇති මුදල් වෙස්ට්කෝස්ට් සමාගමෙන් ආපසු ගෙවීමේ කොන්දේසියය.

    මේ වනතුරුත් මේ පිළිබඳ ගණනය කිරීම් සිදු කර නැති බව ලියුම්කරු අවධාරණය කරන අතර එම මුදල ගණනය කළහොත් රුපියල් බිලියන ගණනාවක්ද විය හැකිය. කාලය ලෙස බැලුවොත් එය 2008 සිට 2018 දක්වා වසර 10කි. වෙස්ට්කෝස්ට් ආයතනය එසේ නොකිරීමම මුදල් නොගෙවා පැහැර හරින්නට ගන්නා උත්සාහයකි.

    මේ අතර විදුලිබල මණ්ඩලය මහජන බැංකුවට හා ඉතිරිකිරීමේ බැංකුවට ණය වශයෙන් ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන 60කි. ඊටත් අමතරව ඛණිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 40කි.

    මෙවැනි තත්ත්වයක් පවතිද්දී 63%ක් සිය අයිතිය තිබෙන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ඇතුළු එහි අනුබද්ධ සමාගම් ලාබ ලබමින් සිටින මුත් ඒවායේ ප්‍රතිලාභ විදුලි බල මණ්ඩලයට අහිමි වෙමින් තිබේ. වෙනකක් තබා එම සමාගම් රජයේ විගණනයට බඳුන් වීමද සමාගමේ බලධාරීහු වලකති.

    එසේ කරමින් විටෙක මේ අය ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් සමාගම ඇතුළු අනුබද්ධ සමාගම් රජයේ ඒවා බවට ප්‍රසිද්ධ ප්‍රකාශ කරන අතර තවත් විටෙක එසේ නොවේ යැයි කියති. මේ කබර ගොයා තල ගොයා හා තල ගොයා කබර ගොයා කෙරුවාවට තිත තැබිය යුතු කාලය එළඹ ඇත. එය පවතින්නේ වත්මන් විෂය භාර ඇමතිවරයා අතය. එළඹ තිබෙන්නේ ඒ සඳහා සුදුසුම කාලවකවානුවය.

    මෙගාවොට් 300 කෙරවලපිටිය “යුගදනවි” බලාගාරය 100%ක්ම රජය සතු විදුලි බලාගාරයක් බව සඳහන්ය. එය සනාථ කරනුයේ එවකට හිටපු විදුලි බල ඇමති චම්පික රණවක විසින් 2011 ජුලි 06 දින ඉදිරිපත් කරන ලද කැබිනට් සන්දේශයක සඳහන්ය.

    ඒ අනුව එහි අයිතිය මහ භාණ්ඩාගාරයට 5.7%ක් ද, LECO සමාගමට 16.1%ක් ද, EPF එකට 23.9%ක් ද, ලක්දනවි ලිමිටඞ් ආයතනයට 4.23%ක් ද වශයෙන් වේ.

    එහෙත් ලාභාංශය බෙදීමේදී වැඩිම ලාභාංශ බෙදා ගන්නේ ලක්දනවි වෙතය. මේ පිළිබඳවද අප දිගින් දිගටම කරුණු හෙළිදරව් කළත් බලධාරීන්ගේ පියවී තිබූ නෙත් හැරුණු බවත් නොපෙනේ.

    මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 294.8ක් වැය වී තිබේ. කලින්ද සඳහන් කළ පරිදී මෙම ප්‍රමාණයේම විදුලි බලාගාරයක් ඩොලර් මිලියන 175කින් ඉදි කරන්නේ කෙසේද යන පැනය මතු වෙයි.

    2016 අප්‍රේල් 04 දින පාර්ලිමේන්තුවේ පැවති විදුලි අර්බුදය සහ පසුගිය මිලදී ගැනීම් පිළිබඳව විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසා ඇත්තේ විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම පිළිබඳ අදහස් දක්වමින් විදුලි බල මණ්ඩලය 63% අයිතිය ඇති ලංකා ට්‍රාන්ෆෝමර්ස් ලිමිටඞ් සමාගම හා අනුබද්ධ සමාගම් ලබන අයුතු ලාභය ගැන සොයා බැලිය යුතු බවය.

    එයිනුත් එහි අනුබද්ධ සමාගම් වන Esot සමාගම සහ එල්.ටී.එල් ප්‍රොජෙක්ට් සමාගම්හි අධ්‍යක්ෂවරුන්ගේ අදායම් හා වත්කම් පිළිබඳව සොයා බැලිය යුතු බවය. එවන් දූෂිත වටපිටාවක් පවතින සමාගම්වලට කෙරවලපිටිය නව විදුලි බලාගාරය ඉදි කිරීමේ ටෙන්ඩරය ලබාදීමද විහිළුවකි.

    විදුලි බල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය විසින් සකසන ලද අභ්‍යන්තර රහස්‍ය ලේඛණයට අනුව “ලක්දනවි” සහ වින්ඞ්ෆෝස් සමාගම් දෙක වසර විස්සක කාලය තුළ විදුලි බල මණ්ඩලයට විදුලිය අලෙවි කරන මිල ගණන් මෙසේය.

    ලක්දනවි ඒකකයකමිල රු. වින්ඞ්පොර්ස් ඒකකයක මිල රු.

    2 වසර 24.28 24.04
    5 වසර 24.09 23.61
    10 වසර 23.85 23.08
    15 වසර 22.76 20.77
    20 වසර 22.76 20.77

    මේ අනුව පෙනී යන්නේ “ලක්දනවි” සමාගමට වඩා අනෙක් සමාගමේ මිලගණන් අඩු බව පෙනේ. එමෙන්ම මෙම මිල ගණන් සම්පාදනය කර ඇත්තේ මේ ආයතන දෙක විසින් ඉදිරිපත් කර ඇති ටෙන්ඩර් සංඛ්‍යා ලේඛන අනුවද වේ.

    -රාවය-


    - http://lankanewsweek.com/ltl-පරපොෂිතයාගෙන්-විදුලි-බල/