සියදිවි නසා ගැනීමට පොළඹවන පරපෝශින්
පරපෝශිතයන් විශේෂ ගනනාවක් පෘථිවිය මත ජීවත් වෙනවා. ඒ අතරින් බොහෝ පරපෝෂිතයන් තමන්ගෙ අවශ්‍යතා සඳහා දාරක සත්වයන්ව මිය යෑමට නොදී ප්‍රයේජන ගැනීම සිදුවෙනවා. ඇතැම් පරපෝශිතයන් සිටිනවා දාරක සත්වයාගෙ සිතීමේ රටා, ස්වාභාවික හැසිරීම් රටා පවා, මොළයේ ක්‍රියාකාරීත්වය ආදිය වෙනස් කර ඇතැම්විට දාරකයා සියදිවි නසා ගැනීම දක්වා රැගෙන යන.
යුහැප්ලෝර්කිස් කැලිෆෝර්නෙන්සිස්' (Euhaplorchis californiensis) කියන්නෙ පැතලි පණුවන් විශේෂයක්. මේ සත්වයාගෙ ජීවන චක්‍රයට අවස්ථා තුනක් තිබෙනවා.
1. ජලජ පක්ශියකු තුල ගතකරන අවස්ථාව.
2. ජලජ බෙල්ලන් විශේෂයක් තුල ගතකරන අවස්ථාව.
3. මත්ස්‍යකු තුල ගතකරන අවස්ථාව.
තවත් සරල කරොත් මේ කියන්නෙ යුහැප්ලෝර්කිස් සත්වයන් සිය ජීවිත කාලය තුල ඉහතකී සත්ව විශේෂ තුන් ආකාරයේම ශරීර තුල ගතකරනවා.
ජලජ බෙල්ලන් තුලදි යූහැප්ලොර්කිස් සූහුඹුල් අවස්ථාව ඇතිවී ජලයට මුදා හැරෙනවා. මේ සුහුඹුල් යූහැප්ලොර්කිස් සත්වයන් පිහිනා ගොස් 'කිල්ෆිශ්' කාණ්ඩයට අයත් මත්ස්‍යකුගෙ කරමල් තුලින් ඇතුළු වී ක්‍රමයෙන් මොළය දක්වා ගමන් කරනවා. නමුත් ජීවන චක්‍රය මාළුවා තුල සම්පූර්ණ කරන්න බැහැ. ප්‍රජනනය සඳහා යූහැප්ලොර්කිස් ජීවන චක්‍රය පරිණාමය වී තිබෙන්නෙ ජලජ පක්ශියෙකුගෙ ආමාශ තුල.
මත්ස්‍යාගෙ මොළය තුල මේවන විට සිටින යූහැප්ලොර්කිස් පක්ශියාගෙ ආමාශයට ගමන් කිරීම සඳහා යොදාගන්නවා උපක්‍රමයක්. ඒ තමයි මාළුාවාගෙ මොළය පාලනය කිරීම. ඔබ දන්නවා ජලජ පක්ශින් මත්ස්‍යන් දඩයම් කරන්නෙ අදාල මත්ස්‍යන් ජලය තුල චලනය වන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් කියලා. ඒ නිසා බොහෝ මත්ස්‍යන් ජලය තුල ඉතාමත් සෙමින් ගමන් කිරීමටත්, නිශ්චලව සිටීමටත් පරිණාමිකව දියුණු වී තිබෙනවා.
මත්ස්‍යාගෙ මොළය තුල සිටින යූහැප්ලොර්කිස් මොළයේ රසායනික ක්‍රියාකාරීත්වය වෙනස් කිරිම සිදුකරනවා. එහිදි මත්ස්‍යාගෙ මොළයේ තිබෙන සෙරටොනින් හෝර්මෝන ප්‍රමාණය අවම කර ඩෝපමින් හෝර්මොන ප්‍රමාණය වැඩි කරනවා. ඩෝපමින් හෝර්මෝනය ක්‍රමයෙන් අධික වන විට මත්ස්‍යා නිශ්චලව සිටීම, සෙමින් පිහිනා යෑම වෙනුවට ජලය තුල අධික ලෙස චලනය වෙමින්, ගැස්සෙමින්, ආවේගශීලි හැසිරීමක් පෙන්නුම් කරනවා. මෙහි ප්‍රතිඵලය තමයි ජලජ පක්ශිනට මත්ස්‍යයා පහසු ඉලක්කයක් වීම. ඒත් සමඟම යූහැප්ලොර්කිස් පක්ශි ආමාශයට ලඟාවී ප්‍රජනනය සිදු කරනවා. මින් නිපදවෙන බිත්තර පක්ශි මලද්‍රව්‍ය සමඟ නැවත ජලයට මුසු වෙනවා. මේවා ආහාර බවට පත්වෙනවා ජලජ බෙල්ලන්ගෙ. යූහැප්ලොර්කිස් බෙල්ලන් තුලට යන්නෙ එහෙමයි.
මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන, හැසිරීම් රටා වෙනස් කරවන (Mind altering, behaviour altering) සිත්ගන්නාසුළු පරපෝශි ආකාර ගනනාවක් ලොව ජීවත් වෙනවා. පරිණාමික දිනපොත තුලින් එවැනි අවස්ථා ඉදිරියේදි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
http://www.facebook.com/1317737654994637/posts/1911882765580120/

Last edited:

TFS