දේශපාලන ත්‍රෙඩ් එකක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දේශපාලන ත්‍රෙඩ් එකක්

    මේ කතාව බලන්න විනාඩි 18යි තියෙන්නෙ

    ඔය දැම්මට උඹල බලන්නෑ ගෝඨවත් නාගයවත් අපේ කුණු බිස්නස් මුදලාලිවත් ගැන නෙමේනෙ තියෙන්නෙ :( අපිට එතනිං එහා දේශපාලනයක් වැඩක් නෑනෙ නේ :sorry:

    හැම දාම ලංකාවෙ දේශපාලනේ ගැනම කතා කර කර ඉඳල හරියන්නෙ නෑ නේ ?
    මේ දූපතෙන් එහා තව රටවල් බර ගානකිං හැදුන ලොකූ ලෝකෙකුත් තියෙනවනෙ නේ ?
    මේ තියෙන්නෙ ඒ ලෝකෙ දේශපාලනේ ගැන Prof. John Mearsheimer කෙටියෙන් කරන සරල විස්තරයක්

    සරලව විස්තරේ මෙහෙමයි
    බටහිර දේශපාලනේ දැනට බලය තියෙන්නෙ ලිබරල් මත වලට
    ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වගේ දේවල් ගැන මහා ඉහලිං වර්ණනා වෙන්නෙ මෙයාලගෙ අතිං

    ලිබරල් දේශපාලනේ කරන අයගෙ හිතේ තියෙන මූළික අරමුණු තමා මුලු ලෝකෙම ප්‍රජාතන්ත්‍රවාදී කිරීම, සියලු රටවල් විවෘත ආර්ථිකේකට යෑම වගේ දේවල්. මේ දේවල් වලට එරෙහි වෙන මොකක් හරි රටක් තියෙනවනං මෙයාල කරන්නෙ ඒ රටට සම්බාධක දාල, මොන මොන විදිහෙ හරි බලපෑම් කරල පුලුවන් තරම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මාවතට ගන්න එක. මේක එක විදිහකට රටවල් වලට ගොඩබහින්නෙ නැතුව කරන යටත් විජිත වාදයක් හා සමානයි. 21 වෙනි සියවසේ crusader එකක්.

    තව Prof. John Mearsheimer කියන විදිහට මේ සිස්ටම් එක නැගීගෙන එන්නෙ සීතල යුද්ධය අවසන් වීමත් එක්ක. සීතල යුද්ධය අවසන් වෙනකං තිබ්බෙ bi polar ලෝකයක්. ඒත් සෝවියට් දේශය කඩාගෙන වැටීමත් එක්ක ඇමරිකාව ප්‍රමුඛ ලිබරල් වාදයට ප්‍රතිවාදියෙක් නැති වුනා. එතන ඉඳන් කලේ සියලු රටවල් තමන්ගේ ක්‍රමය අනුගමනය කරන තැනට ගන්න වෙහෙසුන එක

    ඉරාකෙට ඇෆ්ගනිස්ථානෙ වගේ හමුදාව බස්සගෙන බටහිර කරන්න හැදුවෙ මේක. වෙන වෙන හේතුත් තිබ්බ. ඒත් බටහිර වැසියාගේ හිතේතිබ්බෙ බටහිර වැසියා සහයදැක්වුවෙ තමන්ගෙ ඒ අති උතුම් විශිෂ්ඨ සිස්ටම් එක මුලු ලෝකෙටම බෙදා හරින උතුම් උවමනාව. ප්‍රජාත්නත්ත්‍රවාදයෙන් පිරි, ලිබරල් බටහිර වැසියා මානව හිමිකම් යැයි අදහන දෑ උතුම් කොට අදහන ඒගොල්ලන්ගෙම image එකක් මුලු ලෝකෙ පුරාම පතුරුවා හැරීම :love:

    Prof. John Mearsheimer කියන විදිහට බටහිර ලිබරල් වාදීන්ට මෙතනිං එහාට වෙනස් ලෝකයක් තියෙනව කියල හිතන්නවත් බෑ. ප්‍රජාතන්ත්‍රවාදය නැති මානව හිමිකම් නැති රටක් කොහොමද හොඳ වෙන්නෙ.

    ඒත් මේ ක්‍රමේ ලෝකෙ අනික් රටවල් වලයි බටහිරයි දෙකේම දැන් ප්‍රශ්න ඇතිකරගෙන යනව. ඒ අතිසාර්ථක ව්‍යායාමයේ අඳුරු පල දැන් දැනෙන්න පටං අරං. Prof. John Mearsheimer කියන විදිහට Trump ගෙ ජයග්‍රමණයට මේ ජාත්‍යන්තර ලිබරල් සිස්ටම් එරෙහි වීම හේතුවක් වුනා. ලෝකෙ පුරා ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත කරන්න තියෙන උවමනාවට විරුද්ධ පාලකයෙක්

    අද ජාතිකත්වය, සංස්කෘතික අනන්‍යතාවය වගේ දේවල් නැති වෙන්නෙ, සංස්කෘතිය වගේ දේවල් විහිලුවක් වෙලා තියෙන්නෙ මේ සිස්ටම් එක නිසා.

    ඒත් මේ සිස්ටම් එක අද කඩාවැටීගෙන යනව. ඇයි එහෙම වෙන්නෙ එහෙම වෙන්නෙ කියලත් Prof. John Mearsheimer පැහැදිලි කරනව.
    මේ සිස්ටම් එක කඩාගෙන වැටුන දාට ලෝකය මොන වගේ වෙයිද කියලත් Prof. John Mearsheimer පැහැදිලි කරනව.

    ගෝඨ, සජිත්, නාග, ධම්මික වෙනුවෙන් දහදිය සලන දේශපාලන ජීවීන් මේව ගැනත් සොයන්නේ නම් මැනවි :)

    ආ තව එකක් :baffled:
    රනිල් වික්‍රමසිංහල මේ කියල ලිබරල් සිස්ටම් එක අදහන බැතිමතෙක් ;) රනිල්ට ජාතිකත්වයක් ගැන හිතන බහුතරයක් අකමැති වෙන්නත් එක හේතුවක් (වෙන්න ඇති) මේ ලිබරල් සිස්ටම් එක ජාතිකත්වයත් සමඟ නොපෑහීම :sorry:

    මීට සමාන අදහසක් දරන ලංකාවෙ ප්‍රසිද්ධ ඇදුරුතුමෙක් ඉන්නව නම කියන්නෑ ඉතිං වැඩක් නෑ. ඇමරිකාවෙ ප්‍රොෆෙසර් කෙනෙක් මෙයා නං. Trump Supporterකෙනෙක් නෙමේ conservative පැත්තට බර කෙනෙක් නෙමේ. වෙන දේ යථාර්තවාදීව දකින කෙනෙක් විතරයි කියලයි කියන්නෙ.

    ඔක්කොම මේකෙ ලිව්වෙ නෑ. video එක බලන්න :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    well, regardless of the political structure the world has always been shit. human beings are too complex to be governed by set of principals.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    සේරම විස්තර කරලා ත්‍රෙඩ් එකක් දාපිය.. :rolleyes: එක එකාව නිල් කරන්නයි ඔප දූප හොයන්නෙයි නැතුව මේකේ :angry::rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සේරම විස්තර කරලා ත්‍රෙඩ් එකක් දාපිය.. :rolleyes: එක එකාව නිල් කරන්නයි ඔප දූප හොයන්නෙයි නැතුව මේකේ :angry::rolleyes:

    මේක බලපං
    එකෙක් ප්‍රශ්න අහනව මෙයා විස්තර කරනව :frown:
    මට පිස්සුයැ ඕක විස්තර කරල ත්‍රෙඩ් දාන්න
    පේනවනෙ මේකට වෙලා තියෙන දේ :frown:
    අත කඩාගෙන කාටවත් වැඩක් නැති ත්‍රෙඩ් එකක් ලියපංකො
    ඇයි මට කහනවනෙ :angry:

    දැන් මේකට අනුව අපි චන්දෙ දෙන්න ඕනේ කාටද කියල උපදෙසක් දීපන්කො ඉතිං :yes:

    එහෙම දෙයක් කියන්නෑ :angry:
    ලෝකෙ වෙන දේවල් ගැන විස්තරයක් විතරයි :dull:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    oh my poor little political thread :(
    everyone is busy trying to prove their leader is the best :(
    no one is interested in seeing the global picture
    nobody wants to understand why the politicians say the things they say, act the way the act and think the way they think :(
    people would argue about some hundred year old sentence in some constitution than understanding why the things happened the way they happened :(

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්

    meakth bump karamu:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    oh my poor little political thread :(
    everyone is busy trying to prove their leader is the best :(
    no one is interested in seeing the global picture
    nobody wants to understand why the politicians say the things they say, act the way the act and think the way they think :(
    people would argue about some hundred year old sentence in some constitution than understanding why the things happened the way they happened :(

    ඉංග්‍රීසි තේරෙන්නේ නෑ නෙ බන් ලිබරල් කියයි බුබුරල් කියයි කාටද තේරෙන්නේ ඕව :baffled: නැත්තන් මමනං මොකක්හරි කට කැඩිච්ච කතාවක් නොකියා ඉන්නේ නෑ :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඉංග්‍රීසි තේරෙන්නේ නෑ නෙ බන් ලිබරල් කියයි බුබුරල් කියයි කාටද තේරෙන්නේ ඕව :baffled: නැත්තන් මමනං මොකක්හරි කට කැඩිච්ච කතාවක් නොකියා ඉන්නේ නෑ :P

    :baffled::baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉංග්‍රීසි තේරෙන්නේ නෑ නෙ බන් ලිබරල් කියයි බුබුරල් කියයි කාටද තේරෙන්නේ ඕව :baffled: නැත්තන් මමනං මොකක්හරි කට කැඩිච්ච කතාවක් නොකියා ඉන්නේ නෑ :P

    බැලුවහම තේරෙනව ඒ හින්ද බලන්න :yes:
    views ගානත් වැඩිවෙනවනෙ :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ape Sajith sirta oya okkoma padiri

    සජිත්ට යම් තරමක ජාතිකත්වයක් තියෙනව :yes:
    රනිල්ල එක්ක හිටියට ලිබරල් අච්චුවෙ නෙමේ :no: