Help සේවාව අන්තර්ජාලයට
Help සේවාව යනු, කොරොනා වයිරසය හේතුවෙන් නිවෙස් තුලට වී සිටින ඔබට අවශ්‍ය භාණ්ඩ මලු ඇණවුම් කිරිමට හා එම මලු බෙදාහරින අයගේ පහසුව වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන වෙබ් සේවාවකි.
ඔබ භාණ්ඩ මලු නිවෙස් වෙත ලබා දෙන වෙලදසැලක, ආයතනයක, සංවිධානයක කෙනෙක් නම් මෙම වෙබ් අඩවියට ඇතුල්වී ඔබේ පාර්සල් වල අඩංගු දේවල් , මිල ඇතුලත් කල හැක. එසේම ඔබට ලැබෙන ඇණවුම් කලමනාකරණය කරගැනීමේ හැකියාවද ඇත. වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට ඔබේ ආයතනයේ නම, සම්බන්ධ කරගැනීමේ විස්තර සහ භාණ්ඩ බෙදා හරින ප්‍රදේශ ගැන විස්තර 071-2396116 අංකයට ලබා දීමෙන් පසු වෙබ් අඩවියට ඇතුල් වීමට අවශ්‍ය username සහ password ඔබට අප විසින් ලබා දෙනු ඇත.
ඔබ නිවසටම භාණ්ඩ මලු ගෙන්වා ගැනීමට අවශ්‍ය අයෙක් නම් ඔබගේ ෆේස්බුක් ගිණුම භාවිතා කර වෙබ් අඩවියට ඇතුල් විය හැක. එහිදී ඔබට අවශ්‍ය කරන ප්‍රදේශය Search කර එම ප්‍රදේශයේ දැනට නිවෙස් වලට ලබා දෙන සියලු භාණ්ඩ මලු ගැන විස්තර මිල ගනන් සමග දැක ගැනීමට හැකි අතර එයින් ඔබට අවශ්‍ය භාණ්ඩ මල්ල තෝරා, ඔබව සම්බන්ධ කරගැනීමට විස්තර ඇතුලත් කර ඔබගේ ඇණවුම අදාල ආයතනය හෝ සංවිධානය වෙත යැවිය හැක. එසේම ඔබගේ පෙර ඇනවුම් විස්තරද බලාගැනීමට හැකියාවක් ඇත.
Facebook මගින් වෙබ් අඩවියට ඇතුල් වීමේදී ඔබගේ Facebook username / password අප වෙත ලැබීමක් කිසිසේත්ම සිදු නොවන අතර මෙය Facebook ආයතනය විසින්ම ලබා දෙන සේවාවක් භාවිතා කර නිර්මාණය කර ඇත.
වෙබ් අඩවිය - https://help.area51projects.com
මේ පිලිබදව ඉගෙන ගැනීමට හා වෙබ් අඩවියේ අලුත් කිරීම් සදහා ඔබටද සහය දීම සදහා,
Github URL - https://github.com/randika-srimal/help