උපේක්ෂා සරත්ට සහාය දීම නිසා පබා අතුරුදහන්

Labels: උපේක්ෂා ස්වර්ණමාලි, ටෙලි නාට්‍ය, මාධ්‍ය
(2010 ජනවාරි 06 -W3Lanka) ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වනජනප්‍රිය වැල නාට්‍යයක් වන පබාහි පබාගේ චරිතය රඟපාන උපේක්ෂා ස්වර්ණමාලි ජනරාල් සරත් ෆොන්සේකාට සහාය පිණිස මැතිවරණ වේදිකාවට ගොඩ වීමත් සමග ටෙලි නාට්‍යයෙන් පබා අතුරුදහන් කිරීමට නිෂ්පාලකයන්ට උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව පබා හිටිහැටියේ අතුරුදහන් වන අතර පැහැරගෙන යාමකට ලක් වී ඇති බව අඟවන දර්ශනයක් හෙට විකාශය වීමට නියමිත ය.
පබා මරා කතාව ශෝඛාන්තයක් කරනවා ද, නැතිනම් හදිසි අනතුරකට පත් කර ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් කරවා වෙනත් නිළියක් චරිතය සඳහා යොදා ගන්නවා ද යන්න පිළිබඳව මේ දිනවල නිෂ්පාදකයන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. පසුගිය දිනවල තාරුණ්‍යයට හෙටක් දැන්වීම්වල පෙනී සිටි නිළියන් කීපදෙනෙක් ම දැන් මේ අලුත් පබාට ඉව අල්ලමින් සිටින බව ද ආරංචි මාර්ග පවසයි.
පබාට එවැනි බලු වැඩක් කළොත් පබා ප්‍රේක්ෂකයින් මහින්ද රාජපක්ෂට ඡන්දය නොදී සිටීදැයි බියක් ද අදාළ බලධාරීන්ට මතු වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මේ වන විට පබා ද මහින්ද රාජපක්ෂට මළ වධයක් වී ඇත.