ජාතික කොඩිය නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද
ජාතික කොඩිය අඩකුඹ කිරීම
ජාතික ශෝක දිනයන්හිදී ජාතික කොඩිය අඩකුඹ කර තබනු ලබයි. එලෙස ජාතික කොඩිය අඩකුඹ කරන අවස්‌ථාවන් තීරණය කරනු ලබන්නේ රජය විසිනි.
ජාතික කොඩිය අඩකුඹ කර තැබීමේදී පළමුවෙන් කළ යුත්තේ කොඩිය මොහොතකට කොඩි ගසෙහි ඉහළට ඔසවා තබා, යළි අඩකුඹ කර තැබෙන ස්‌ථානය දක්‌වා පහත් කිරීමයි. එහෙත් දවස අවසානයේදී ජාතික කොඩිය පහත් කිරීමට පෙර එය නැවතත් මුදුනටම එසවිය යුතුය. කොඩිය අඩකුඹු කළ යුතු දුර ප්‍රමාණය වන්නේ කොඩි ගසේ මුදුනේ සිට මනින විට 1/3 ක උස ප්‍රමාණයකින් පහත් කිරීමෙනි.