~ ශ්‍රී_ලංකාවේ_කතානායකවරු ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ ශ්‍රී_ලංකාවේ_කතානායකවරු ~

    ශ්‍රී ලංකාවේ කතානායකවරු

    කතානායක ලංකා පාර්ලිමේන්තුවේ කතා පාලනය කරන්නාය.
    ඒ අනුව මැති සභයේ අතිශය තීරණාත්මක වූත්, අතිශයින්ම වැදගත්
    වූත් තනතුරක් වන්නේ කතානායක ධූරයයි.


    00000000000000007412.png


    ඩොනමෝර් කොමිෂන් සභාව මගින් හඳුන්වාදුන් රාජ්‍ය මණ්ත්‍රණ සභාව පිහිටවූ 1931 වර්ෂයේ මෙරට ප්‍රථම කතානායකවරයා පත්කැරුණි.

    සර්වජන ඡන්ද බලයෙන් තේරීපත්වූ රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ මංගල රැස්වීම 1931 ජූලි මස 07 වැනිදා පැවැත්විණි. මෙහි ප්‍රථම කාර්යය වූයේ සභාවේ කටයුතු මෙහෙයවීම සඳහා කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීමයි.


    1. ඒ.එෆ්.මොලමුරේ (07 ජූලි 1931 - 10 දෙසැම්බර් 1934)
    Hon. A. F. Molamure (Dedigama)

    fd2-3.jpg


    දැදිගම මංත්‍රී ඒ.එෆ්.මොලමුරේ හා මංත්‍රී ස්ටුවට් ස්නයිදර් ගේ නම් යෝජනා විය.
    නම් දෙකක් යෝජනා වූයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානායක වරයා තෝරාපත්කර ගැනීම සඳහා රාජ්‍ය මංත්‍රණ සභාවේ ඡන්ද විමසීමක් කිරීමට සිදුවිය.
    ඒ අනුව කරන ලද ඡන්ද විමසීමෙන් මොලමුරේ මහතා ඡන්ද 35:18 වශයෙන් ජයලැබීය.
    ඒ අනුව මෙරට ප්‍රථම කතානායකවරයා වීමේ භාග්‍යය හිමිවූයේ මොලමුරේ මහතාටයි.
    උසාවියට අපහාස කිරීමේ සිදිධියක් හා වෙනත් චෝදනාවක් මත, ඔහුට 1934 දෙසැම්බර් 10 දා කතානායක ධූරය අහිමි විය.


    2. එෆ්. ඒ. ඔබේසේකර (11 දෙසැම්බර් 1934 - 07 දෙසැම්බර් 1935)
    Hon Forester Augustus Obeysekera (Avissawella)


    3. ඩබ්ලිව්. දොරේසාමි (16 මාර්තු 1936 - 04 ජූලි 1947)
    Hon. Sir Waitialingm Duraiswamy (Kayts)


    දොරේසාමි මහතා අඛණ්ඩව වසර 11ක් කතානායක ධූරය දැරුවේය. ඔහුගේ ධූරය අවසන් වූයේ සොල්බරි ප්‍රතිසංස්කර්ණ යටතේ රාජ්‍ය මණ්ත්‍රණ සභාව වෙනුවට පාර්ලිමේන්තුව හඳුන්වාදීමෙන් පසුවය.


    4. ඒ. එෆ්. මොලමුරේ (14 ඔක්තෝබර් 1947 - 25 ජනවාරි 1951)
    Hon. Sir Francis Molamure (1 Balangoda)


    1947 පැවැත්වූ පලමු පාර්ලිමේන්තු මැතිවරණයේ මංගල රැස්වීම
    පැවැතියේ ඔක්තෝබර් 14 දිනයි.
    සිර දඬුවම් විඳි 1වන කතානායක ඒ. එෆ්. මොලමුරේ මෙම මහා
    මැතිවරණයේදී බලංගොඩින් තරඟ වැද පාර්ලිමේන්තුවට පත්විය.
    කතානායක ධූරය සඳහා ඔහුගේ සහ කුරුණෑගල දිස්තික් මංත්‍රී ශ්‍රී නිශ්ශංක මහතාගේ නම් යෝජනා විය. ඒ අනුව පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී මෙන්
    පලමු පාර්ලිමේන්තුවේදී ද කතානායක ධූරය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුනි.
    ඡන්ද 58:41 වශයෙන් ෆ්රැන්සිස් මොලමුරේ මහතා පළමු පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට පත්විය.

    fd2-3.jpg

    The Board of Ministers with the Speaker, A. F. Molamure


    5. ඇල්බට් එෆ්. පීරිස් (13 පෙබරවාරි 1951 - 08 අප්‍රේල් 1952/
    09 ජූනි 1952 - 18 පෙබරවාරි 1956)
    Hon. Sir Albert F. Peries (Nattandiya)


    මොලමුරේ මහතාගේ අභාවයෙන් පසුව ඇල්බට් එෆ්. පීරිස් මහතා,3 පෙබරවාරි 1951
    දින කතානායක ධූරයට නිතරඟයෙන් පත්විය.

    k2.jpg

    09 ජූනි 1952 දින පැවැත්වූ 2වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ මංගල රැස්වීම දා ඔහු නැවත නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය.


    6. එම්. එස්. ඉස්මයිල් (19 අප්‍රේල් 1956 - 05 දෙසැම්බර් 1959)
    Hon. H. S. Ismail (Puttalam)


    19 අප්‍රේල් 1956 දින පැවැත්වූ 3වැනි පාර්ලිමේන්තු මැතිවරණයේ මංගල රැස්වීම දා නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය.


    7. ටී. බී. සුබසිංහ (30 මාර්තු 1960 - 23 අප්‍රේල් 1960)
    Hon. T. B. Subasinghe (Katugampola)


    k3.jpg

    කටුගම්පොළ මංත්‍රී ටී. බී. සුබසිංහ හා හිටපු කතානායක ඇල්බට් එෆ්. පීරිස් අතර ඡන්දයෙන්, 93:60 වශයෙන් ජයලබා ටී. බී. සුබසිංහ කතානායක විය.
    ධූරය හෙබවූ කාලය : දින 23 යි.


    8. ආර්. එස්. පැල්පොල (05 අගෝස්තු 1960 - 24 ජනවාරි 1964)
    Hon. R. S. Pelpola(Nawalapitiya)


    1960 ජූලි මහ මැතිවරයෙන් පසු නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය.


    9.හියු ප්‍රනාන්දු (24 ජනවාරි 1964 - 17 දෙසැම්බර් 1964)
    Hon. Hugh Fernando (Wennappuwa)



    10. ඇල්බට් එෆ්. පීරිස් (05 අප්‍රේල් 1965 - 21 සැප්තැම්බර් 1967 )
    Hon. Sir Albert F. Peries (Nattandiya)


    දඹදෙණිය මන්ත්‍රී ආර්. පී. සේනානායක අතර ඡන්දයෙන් 96:57 ලෙස ජයගෙන.


    11. හලාවත මංත්‍රී ෂර්ලි කොරයා ( 27 සැප්තැම්බර් 1967 - 25 මාර්තු 1970)
    Hon. Shirley Corea (Chilaw)


    ඇල්බට් එෆ්. පීරිස් මහතා එම ධූරයේ සිටියදීම මියගිය හෙයින් නිතරඟයෙන් පත්විය.


    12. ස්ටැන්ලි තිලකරත්න ( 07 ජූනි 1970 - 22 මැයි 1972/
    22 මැයි 1972 - 18 මැයි 1977)
    Hon. Stanley Tillekeratne (Kotte)


    1970 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය.
    1072 දී ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගැනීමෙන් පසු නැවත එම ධූරයට පත්විය.

     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ~ ශ්‍රී_ලංකාවේ_කතානායකවරු-2 ~

    13. ආනන්ද තිස්ස ද අල්විස් ( 04 අගෝස්තු 1977 - 07 සැප්තැම්බර් 1978/07 සැප්තැම්බර් 1978 - 13 සැප්තැම්බර් 1978)
    Hon. Dr. Anandatissa de Alwis (Kotte)


    k7.jpg



    14. එම්. ඒ. බාකීර් මාකර් (21 සැප්තැම්බර් 1978 - 30 අගෝස්තු 1983)
    Hon. M. A. Bakeer Markar (Beruwala - First)


    Al-Haj-M.-A.-Bakeer-Markar.jpg



    15. ඊ. ඒල්. සේනානායක ( 06 සැප්තැම්බර් 1983 - 20 දෙසැම්බර් 1988)
    Hon. E. L. Senanayake (Mahanuwara)


    z_el.jpg



    16. එච්. එම්. මොහොමඩ් (09 මාර්තු 1989 - 24 ජූනි 1994)
    Hon. M. H. Mohamed (Colombo)

    k6.jpg

    අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී කේ. බී. රත්නායක අතර ඡන්දයෙන් 125:81 ලෙස ජයගෙන.


    17. කේ. බී. රත්නායක (25 අගෝස්තු 1994 - 18 අගෝස්තු 2000)
    Hon. K. B. Ratnayake (National List)


    k5.jpg

    අනුර බණ්ඩාරනායක අතර ඡන්දයෙන් 127:93 ලෙස ජයගෙන.


    18. අනුර බණ්ඩාරනායක (18 ඔක්තෝබර් 2000 - 10 ඔක්තෝබර් 2001)
    Hon. Anura Bandaranaike (Gampaha)


    anurab-2.jpg

    විපක්ෂයේ මංත්‍රීවරයෙකු නිතරඟයෙන් කතානායක ධූරයට පත්වූ එකම අවස්ථාව මෙය විය.


    19. ජෝසප් මයිකල් පෙරේරා (19 දෙසැම්බර් 2001 - 07 පෙබරවාරි 2004)
    Hon. Joseph Michael Perera (Gampaha)


    k4.jpg

    2001 මහ මැතිවරණයෙන් පසු නිතරඟයෙන් කතානායක ධූරයට පත්විය.


    20. වි. ජ. මු. ලොකුබණ්ඩාර (22 අප්‍රේල් 2004 - මේ වන තුරු )
    Hon. W. J. M. Lokubandara (Badulla)


    p0901221-1.jpg

    ඩිව් ගුණසේකර අතර තුන්වන වටයේ ඡන්දයෙන් 110:109 ලෙස ජයගෙන.


    උපුටා ගැනීම් : ලංකාදීප
     
    Last edited:
    • Like
    Reactions: ac2000 and nelik

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තවත් දැනුවත් කිරීමේ ත්‍රේඩ් එකක්. මේ වගේ ත්‍රේඩ් සාමාන්‍ය දැනීමට ව‍ගේ ම පාසල් යන අයට ගොඩක් වැදගත් වෙන්න ‍පුලුවන්. බොහොමත් ම ස්තූතියි.
     
    • Like
    Reactions: 1118lakmalkumara