ඇමති මර්වින් බොරැල්ලෙන් සොහොන් බිමක් තෝර
ඇමති මර්වින් බොරැල්ල කනත්තෙන් සොහොන් බිමක් තෝරාගනී
නියෝජ්‍ය මහා මාර්ග අමාත්‍ය, ආචාර්ය මර්වින් සිල්වා අද බොරැල්ල කනත්තට පැමිණ තමා මැරුණු පසුව ආදාහනය කළයුතු ස්ථානය වෙන්කර ගත්බව වාර්තාවේ.
“ඩේලි මිරර් ඔන්ලයින්” වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට සිද්ධිය මෙසේය.
ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මහතා අභාවප්‍රාප්ත වී වසර 23 ක් පිරීම නිමිත්තෙන් අද බොරැල්ල කනත්තේ පැවත්වුණු ගුණානුස්මරණ උත්සවයට අමාත්‍ය මර්වින් සිල්වා බොරැල්ල කනත්තට පැමිණ තිබේ.
ජෝතිපාල මහතාගේ සොහොන අසල ටික වේලාවක් සිට ඇති මර්වින් සිල්වා අමාත්‍යවරයා රැස්ව සිටි පිරිස පුදුමයට පත්කරමින් එක්වරම පවසා තිබෙන්නේ අනාගතය අවිනිශ්චිත බැවින් තමා ආදාහනය කරන ස්ථානය දැන්මම වෙන්කර ගැනීමට තමාට අවශ්‍ය බවයි.
ඉන් අනතුරුව, අමාත්‍යවරයා එච්.ආර්. ජෝතිපාල මහතාගේ සොහොන අසල හිස්ව තිබුණු සොහාන් බිම් කැබැල්ලක් වෙත ගිය බවත් තමාගේ සොහොන සඳහා එම බිම් කැබැල්ල අවශ්‍ය බව සඳහන් කළ බවත් වාර්තාවේ.
ඉන්පසුව, අමාත්‍යවරයා ඔහුගේ ලේකම්වරයාට දැනුම් දී තිබෙන්නේ, කොළඹ මහ නගර සභාවේ විශේෂ කොමසාරිස්, ඕමාර් කාමීල්හට දැනුම්දී තමා වෙනුවෙන් අදාළ බිම් කැබැල්ල වෙන්කර ගන්නා ලෙසයි.
රැස්ව සිටි සෙනග ඉදිරිපිටදීම අමාත්‍ය මර්වින් සිල්වා බොරැල්ල කනත්තේ ප්‍රධාන සේවකයාට කතාකර පවසා තිබෙන්නේ මර්වින් සිල්වා ආදාහනය කරන තැන මතක තබාගන්නා ලෙසයි.
ඉන්පසුව, අමාත්‍යවරයා පවසා තිබෙන්නේ තමාගේ ගෙදර ඉඩ තිබුණා නම් තමාගේ මිනී පෙට්ටිය අදම මිලදී ගන්නා නමුත් එවැන්නක් තැබීමට තමාගේ ගෙදර ඉඩ නොමැති බවයි.
මිනිසුන් සතුව මුදල් තිබුණත් ඕනෑම කෙනෙකු මියයන බවත් කෙනෙකු මියයාම මුදල් වලට නවත්වා ගත නොහැකි බවත් මෙහිදී හෙතෙම පවසා ඇත.
මේ නිසා, තමා මැරෙන්න බිය නොවන බව අමාත්‍යවරයා පැමිණ සිටි පිරිසට කියා තිබේ.