මගෙන් ඉල්ලීමක් කලොත් සමාව දෙන්න පුළුවන්-&#
අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් පොළොන්නරුව, සුදු අරලියා හෝටලයේ ඊයේ පැවති සඟ සමුළුවකට ජනපති මහින්ද රාජපක්ෂ සහබාගි වුනා. එහිදී හිමිනමක් ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටියේ සරත් ෆොන්සේකා පිලිබදව "නහි වෙරෙන වේරානි" යන ධම්ම පදය අනුව ඔහු සම්බන්ධව කටයුතු කරන ලෙසයි. එවිට ජනාධිපති කියා සිටියේ
“හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව යුද අධිකරණය දුන් තීන්දුව අනුමත කළේ, පෞද්ගලික පළිගැනීමකට නොවේ. මම පත් කළ යුද අධිකරණයේ තීන්දුව මා නොපිළිගත්තා නම් සමස්ත පද්ධතියම ගැටලුවකට මුහුණ දෙනවා. මෙය මුදල් වංචාවකට සම්බන්ධ වරදක්. මාව ඝාතනය කරනවා කිව්වාට ඒ පිළිබඳව මම කිසිවිටකත් වචනයක්වත් කියලා නැහැ”
“ජනාධිපතිවරයා වශයෙන් මගෙන් ඉල්ලීමක් කළොත්, සමාව දෙන්න පුළුවන් කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ඒ විදියට ක්‍රමානුකූලව ඉල්ලීමක් කළොත් අපි ඒක එදාට බලමු . නීතිය කාටත් පොදුයි. සාධාරණයි. නඩුවේ බරපතළකම අනුවයි දඬුවම ලැබෙන්නේ”
කෙසේවෙතත් සිය සැමියාගේ නිදහස ඉල්ලා තමා ජනපතිගෙන් කිසි දිනෙක සමාවක් බලාපොරාත්තු නොවන බව ද පසුගියදා පැවැති මාධ්‍ය හමුවක දී අනෝමා ෆොන්සේකා පවසා සිටියාය. ඊයේ දිනයේදී ෆොන්සේකා මහතා සිය සිර දඩුවමේ පළමු දිනය ගත කළා. ඔහු සිරකරුවන්ගී ඇදුමින් සැරසී වෙනම කාමරයක් සිටි අතර ඔහු අසල පැදුරක් හා කොට්ටයුකුත් පිගානක් හා කෝ ප්පයකුත් විය. තම සිර දඩුවම් විදීමට කල වරද කුමක් දී ඔහු එහි ගිය ටිරාන් අලස් මහතාගෙන් විමසා ඇත.සරත් ෆොන්සේකා මහතා හට විශේෂ ආරක්ෂාවක් ලබා දී නොමැති බවත් අධිකරණය මගින් නියම කළහොත් එසේ ලබා දිය හැකි බවද මේජර් වී . ආර් . ද සිල්වා මහතා කියා සිටියේය.
සරත් ෆොන්සේකා මහතා බැලීම සදහා අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පිරිස් ඊයේ වැලිකඩ බන්ධනාගාරයට ගියහ.
සබැදි පුවත්
බරපතල වැඩ සහිතව අවු.දෙකහමාරක් ෆොන්සේකා හිරේ
ෆොන්සේකට මොනව වෙයිද?