හම්බයින් අතරත් ඇදහිය යුත්තන් සිටී

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    හම්බයින් අතරත් ඇදහිය යුත්තන් සිටී

    මුස්ලිම් වරුන් අතරත් ඇදහිය යුතු මිනිසුන් සිටී.මෙම කතාව කියවා අවසානයේ මා හම්බයින්ට පු* අල්ලනෙක් යැයි ඔබ කියාවි.ඇතැමුන් නොයෙක් කුණුහරප ලියාවී.රෙප් කපාවී.නමුත් මෙය ලිවිය යුතුමය.ප්‍රථමයෙන් මා මුස්ලිම් ආගම දැඩි සේ පිළිකුල් කරන්නෙක් බව කිව යුතුමය,නමුත් මනුස්සත්වය ගත් කල එය එසේ නොවේ..

    මීට වසර 3කට ප්‍රථම මා සිංගප්පුරුවේ රැදි සිටියේය.ඒ මාගේ මෑණියන්ගේ අක්කා ලඟය.දිනක් මා හට ක්ලාන්ත ගතියක් දැනුනු හෙයින් ගෙදර පුටුව මතට වී නිදා ගත්තේ, එය ඉවසීමට මා අසමත් බැවිනි,නමුදු මොහොතකින් මා හට දැනුනේ යටි බඩ ඉතා දරුණු ලෙස රිදෙන බවකි,මා එය ලොකු අම්මා හට පැවසුවෙමි,එවෙලෙහිම ඇය මා රෝහලක් කරා යොමුකරවීය,ස්කෑන් යන්ත්‍ර දමා පරික්ෂා කලද කිසිදු රෝගයක මූලයක් සොයා ගැනිමට ඔවුන් අසමත් විය.නමුත් එම වේදනාව සමනය නොවී තිබිනි.මෙලෙසින් දින 7ක් ගිය තැන මා ලංකාවට පැමිනියේ මෙම රෝගය නිශ්චිත වශයෙන් සොයා ගැනීම සඳහාය.

    මහරගම සිටි සිංහල වෙද මහතෙකු මා පරික්ෂා කර පවසා සිටියේ මෙය ''ඉනාවක්'' නිසා ඇතිවී තිබෙන බවකි.ශරිරය තුලට යම් කිසි විසක් කවා එය මගින් එම තැනැත්තා පාලනය කිරීමට උත්සහ දැරීමක් ''ඉනාවක්'' ලෙස නම් කල හැකිය.එය දියුනු වෛද්‍ය විද්‍යාවට හසුකර ගැනීමට අපහසු බැව් ද ඔහු මා සමග පවසා සිටියේය.නමුත් එම කතාව පිළි ගැනීමට මොහොතකට වත් මාගේ සිත ඉඩ නොදුන්නෙ මක් නිසාදැයි අදටත් මා කල්පනා කරමි.

    මේවන විට මා රෝගයට ලක්වී දින 21කි.කලින් පෙන්නු රෝග ලක්ෂන මා තුලින් පහව ගොස් තිබේ,නමුත් කනට නොඇසෙන්නට කතා කල මා.නිශ්ෂබ්ධව මාගේ වැඩ කටයුතු කරගත් මා විටෙන් විට අමුතුම වෙනසක් කරා ලක්වන බව නම් මා හට හැගි තිබින.එය වචනයෙන් විස්තර කිරීමට මා නොදන්නෙමි,ශරිර වර්ණය,හැඩරුව පවා මාස 3,4ක් නොකා සිටි අයෙක් මෙන් විය,ගෙදර ජීවත් වන අනෙක් මිනිසුන් මා හට පෙනෙන්නෙ හතුරන් මෙනි

    මාරා වේශයෙන් කටයුතු කරන මා එය පිළිබද සැනෙකින් කනගාටුවට පත්වෙයි.ගෙදර තිබූ සාමකාමි තත්වය පහව ගොස් ඇත.ඇතැමෙක් ගෙදරින් පවා පිටව ගියේ මාගේ නපුරුකම ඉවසා ගැනීමට නොහැකි තැනය,මෙලෙස මාස කිහිපයක් ගෙවී ගියේය.ඉතුරු කල හැම සතයම නිස්කාරනයේ වියදම් කිරීමට මා සමත්වුනි.මාගේ මිත්තනිය දිනක් ගෙදර දෝශයක් දැයි විමසීම සදහා අයෙක් කැදවාගෙන පැමිනියේය,ඔහු පැවසුවේ පදිංචිව සිටිනා ගෙදර හෝ මූලයේ දෝශයක් නොමැති බවකි.පසුව ඔහුද මා පරික්ශා කර පැවසුවේ පෙර කතාවටම සමාන දෙයකි.එය රොඩි දැහැනයි,(එම කාලයේ මා හට ගැහැනු ලමයෙක් සමග සම්බන්ධයක් තිබිනි.)ගැහැනු ලමයෙක්ගෙන් ලබා ගත් ලේ බිඳුවකට මතුරා,එය කිරි සමඟ මා හට දී ඇත,තවද හොඳින් වැඩුනු කිරි ගසක නොමැකෙන සේ අප දෙදෙනාගේ නම ලියා,එම නම මත ඇන ගසා ඇත,පිට්ටු හෝ ඉඳි ආප්ප වැනි පිටි සහිත අහරක් සමඟ ජීවම් කල කුඩු බිඳක් කෑමට දී ඇත.

    මෙය ඇසූ මා හට පු*න් චූන්ය.2011 වැනි දියුනු කාල සීමාවක මෙවැනි ගොන් හරක් සිටින්නේදැයි මා මගෙන්ම විමසා බැලුවෙමි.තව දුරටත් ඔහු කියා සිටියේ කුරුණෑගල පුවක්පිටිය ප්‍රදේශයේ මුස්ලිම් වෙද මහතෙකු නම් කර,ඔහු වෙත යන ලෙසය,දිනක් මිත්තනියගේ බලවත් ඉල්ලීම පිට මා ගමන සදහා සුදානම් විනි,නමුත් අප ගමන් කල වාහනය අනතුරකට ලක්වුයේ කිසිවෙකුටත් සීරීමක් වත් නොවන අයුරෙන්ය,එදින අපගේ ගමන නවතා දැමීමට සිදුවිය,එය අහම්බයක් මෙන් සිතුවද අහම්බයක් නොවන බව වැඩි කල් නොගොස්ම අප තේරුම් ගත්තේය,දෙවැනි දිනද ගමනට සුදානම් වූ විට අනෝරා වැස්ස නිසා ගමන නැවැත්තීය,මෙලෙස දින 4ක් ගිය තැන මාගේ මිත්තනිය බලවත් ලෙස රෝගාතුර විය,නමුත් ඇයගේ ශක්තිය මත උදෑසන පංසල වෙත ගොස් පිරිත් කරවූ නුලක් ගෙන මාගේ අතෙහි බැන්දේය,පිරිත් වතුරද මා හට ඉස්සේ බලවත් සෙනෙහසකින්ය,මිත්තනිය ගෙදර දමා මා මාගේ මිතුරන් සමඟ ගමනට එක්විය.එදින කිසිදු කරදරයකින් තොරව පෙර කී ස්ථානයට පැමිනීමට අපට හැකි විය.

    පුවක්පිටියට පැමිනි අප වැඩි වෙහෙසක් නොගෙනම පෙරකී ස්ථානය සොයා ගත්තේය.එය එතරම් දියුනු නොමැති කඩ කාමරයක් වැනිය.එහි ඒ වනවිටත් මිනිසුන් පිරී ඉතිරි ගොසිනි.මුලින්ම තිබෙන්නේ ඇඟේ විශක් ඇතිදැයි නිගමනයකට ඒමය.ඒ සඳහා රුපියල් 200ක් වැනි සුළු මුදලක් අය කරයි.මා ද තවත් මිතුරන් දෙදෙනෙකු සමග එම විශ පරික්ෂා කිරීමේ ස්ථානය වෙත පියමන් කලෙමු.වතුර වැනි කොල පැහැති දියරයක් ගෙන මාගේ දකුනු අත්ල මතට දැමීය.පුදුමයක් මෙන් එය එම මොහොතෙහිම ගල් විය.අනෙක් මිතුරන් දෙදෙනාටද දැමුන මුත් ඔවුන්ගේ තිබෙන්නේ දියර ස්වරූපයෙන්ය.

    වෙද මහතාගේ උපදෙස් පරිදි මා ඇතුළු අනෙක් දෙදෙනා එම දිරය දැමු අත පහලට හැරවුයේය.නමුත් මාගේ ගල් වූ ද්‍රවය එලෙසින්ම රැදී තිබිනි.අනෙක් දෙදෙනාගේ එය නොමැත,පසුව මා අනෙක් මිතුරන් දෙදෙනාද සමග කඩ කාමර පිටුපස ඇති බෙහෙත් කරනා ස්ථානය වෙත පියමන් කලෙමු.එහිදී මා හට ලැබුනේ සිංහල බෙහෙතක් යැයි කිව හැකි කිරි විදුරුවකට සමාන දියරකි.එය මදක් තිත්ත ගතියෙන් වූවත් එය පානයෙන් පසු මා හට මහත් වෙහෙසක් දැනින

    ඇඟ ඇතුලතින් කිනම් හෝ විපර්යාසයක් වන බව මා හට හැඟී තිබිනි.විනාඩි 20කට පසුව මා වමනය කරනා ස්ථානයට කැඳවාගෙන යෑමට මුස්ලිම් මිනිසෙකු පැමිනියේය.ඔහු මාගේ මිතුරන් හට පවසා සිටියේ මා සමගම රැදී සිටිනා ලෙසය,අප එහි යන විට ගැහැනු පාර්ශවය හා පිරිමි පාර්ශවයේ බොහෝ දෙනෙක් වමනය කරමින් පසුවිය.නමුත් කිසිම අයෙකුට අප්පිරියාවක සේයාවක් වත් ඇති නොවිනි.එතරම් එය පිරිසිදුව මනා අයුරින් පාලනය කරන්නට මුස්ලිම් පිරිස සමත්ව තිබිනි.මා හට ලැබුනේ පොඩි බේසමකි.තව හකුරු කැබලි කිහිපයක් දීසියකට දමා තිබුනේය.මුස්ලිම් මිනිසා මා සමග පැමිනි මිතුරෙකුට පැමිනෙන ලෙස අතින් සංඥා කලේය.ඔහු එම මිනිසා සමග පිටව ගොස් මොහොතකින් ආපසු පැමිනියේ තේ වතුර රැගත් ජෝගුවක්ද සමගය.දැන් මා හට ඇත්තේ එම ජෝගුවම පානය කිරීමයි.මෙලෙස තේ වතුර පිරි ජෝගු 3ක් පමන කිසිදු අපහසුවකින් තොරව පානය කිරීමට මා සමත්වුනි.නමුත් අනෙක් ජෝගුව ගෙන පානය කරන විට මාද අනෙක් අය මෙන් වමනය කිරීමට පටන් ගත්තේය

    වමනය වන්නේ තේ වතුර පමනකි.එය මල විකාරයක් සේ පෙනුනු නිසාම මම මුස්ලිම් මිනිසා අමතා ''මොන මගුලක්ද හලෝ මේ,කිසිම තේරුමක් නැති රෙද්දක්'' යනුවෙන් පැවසීය.නමුත් ඔහු ඉවසා ප්‍රකාශ කලේ ''මහත්තයා තව ටිකක් ඔහොමම වමනෙ කරන්න,කටට තිත්ත රහක් වගේ දැනුනම කට ඇතුලට ඇඟිල්ල දාන්න'' පමනකි.වැඩි වෙලාවක් නොගෙනම කටට තිත්ත රහක් දැනිනි.උපදෙස් පරිදි මා ඇඟිල්ල නොදැම්මේ අප්පිරියාව නිසාමය.නමුත් මිතුරෙක් මාගේ දෑතින් අල්ලා ගත්තේය.අනෙකා කට ඇතුලටම ඇඟිලක් දැමුවේය.පුදුමයකි,මා හට පිටි වැනි දෙයක් වමනය ගියේය,ප්‍රමානයෙන් කිවහෝත් දෝතින් එකක් පමන විය,පසුව එම මුස්ලිම් මිනිසා පැමින ''තවම ඉවර නම් නෑ මහත්තයෝ.ඒත් ඇවිත් මේ දේ බලන්න'' යනුවෙන් පවසා මා වමනය කල බේසම ගෙන ගොස් පෙරනු ලැබීය.

    එහි තිබුනේ පිටිත් සමඟ දම් පැහැ කුඩු බිඳකි,එතැනින් පසුව නැවතත් මා වමනය සඳහා කැඳවාගෙන යනු ලැබිනි.එලෙස විනාඩි 5ක් ගිය තැන කිරි හා ලේ බිඳු කිහිපයක් වැටිනි.පුදුමයක අරුමය නම් මා වමනය කල තේ වලට එය මිශ්‍ර නොවීමයි,ඉන් පසුව මා කලින් කියූ කිරි වැනි ලා කොල පැහැ ගත් දියරය වමනය විය.ඇඟට දැනුනේ දැඩි සීතලකි.උගුරටද හැක්ස් ටොෆියක් කෑ කල් මෙන් දැඩි සිසිලසක් දැනුනි.ඔලුව පවා පුදුමාකාරයෙන් වෙනස් විය.කොටින්ම කිවහොත් දිව්‍ය ලෝකයක් මාගේ ඇඟ තුලින් මට දැනුනි.

    පසුව මා කලින් විශ බැලූ වෙද මහතා ලගට කැඳවාගෙන ගියේය.ඔහු කෑම ගැනිමේදි පරිස්සම් විය යුතු ආකාරය කියා දුන්නේය.මේ වන විට මා මිනිසෙකු ලෙස ජීවත් වෙමි.කලින් තිබූ පිස්සු ගතිය,හිතුවක්කාර අදහස් දැන් සෙවීමටවත් නැත,ජීවිතය අද මා විදින්නේ එම වෙද මහතාට පිං සිදුවන්නටය.යම් කිසි මුදලක් අය කලත්,එම වෙද නාමය පවත්වාගෙන යෑම පිළිබධ එතුමාට මා ස්තූතිවන්ත වෙමි.මා මෙන් දිනකට 30ක්,35ක් පමන සුවය ලබනා බව දෑස් වලින්ම දැක ගතිමි

    පසුව සොයා බලන කල්හි කිරි ගසක මගේ නම හා එකල සිටි කෙල්ලගේ නමද තිබුනි.එහි තිබු ඇන කිහිපය මාගේ මිත්තනිය මිනිසෙකුට කියා (කට්ටඩි වෙන්න ඇති උන්ට කියන්නෙ.) ගැලවුයේය.නමුත් එම ගස මාසයක් වැනි කාල සීමාවක මිය ගියේය.

    ලංකාව වැනි රටක දියුනු තාක්ෂනයටත් හසු කරගැනීමට අපහසු රෝග සදහා බෙහෙත් ඇත.මුස්ලිම් මිනිසෙකු වුවත් එම වෙද මහතා කැත කුණු නොබලා සියල්ලන්ටම පිහිට වන එකම මතු ආත්මයක පල දිය යුතුය.මුස්ලිම් මිනිසුන් අතරත් දෙවියන් වැනි මිනිසුන් සිටිනා බව මා පිළිගන්නෙ මෙම නිසාය.එම මිනිසා නොමැති නම් මා අද පිස්සුවෙන් ජීවත් වන්නේය,විදි වේදනා අපමනය,''ඉනාව'' විශ්වාස කල නොහැකි වුවත් මා අද පිළිගන්නෙ ඇස් දෙකින්ම දුටු නිසාය,එය මාගෙන් පමනක් නොව,මා සමග එදා වමනය කල අනෙක් අයගේ මුහුනු තුලින්ද මා දුටුවේය,පසු කාලීනව පිළිකා වැනි මාරක රෝගවලට හේතු වන්නේද මෙයම බව මා ඔහුගෙන් අසා දැනගතිමි.මතක් වෙන හැම මොහොතකම මෙම වෙද නාමයට මා පින් පුදමි

    මෙම කතාවේ බොහෝ අඩුපාඩු තිබෙන්නට පුළුවන,නමුත් මාගේ අත්දැකීමක් විස්තර කිරීමට ගත් උත්සහයකි මේ
    11.gif

    Contact Number
    0662289279
    mohomad rauf
    0662289018
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    kawuda ban weda mahaththayage nama ??

    ee wistharath dapan machang one wena kenekta wada gath wei :D :D
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඕනම ආගමක් හොද මිනිස්සු ඉන්නවා බන්. කව්ද නෑ කීවේ.. මම දන්න විදිහට ලෝකේ මේ තරම් සමබරව තියෙන්න හේතුවත් ඒකයි. නැත්නං පව් කරන එවුන් එක තැනක හිටියනම් ඔඋන්ට හෙන ගහනවනේ.බවුද්ධ මිනිස්සුත් ඉන්නවා දරුවෝ දහම් පාසල් යවලා උන් මාලු බාන්න යන පව් කාරයෝ ඒකට අපිට කරන්න දෙයක් න එවුන් අදුරෙන් අදුරට යන එවුන්.
     
    • Like
    Reactions: subash dushmantha

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කවුද බං කියන්නෙ මුස්ලිම් ආගමේ හොද අය නැහැයි කියලා.. ඕන තරම් ඇති.. ඒ වගේම වැරදි කරන එවුනුත් ඕන තරම් ඇති.. මුස්ලිම් ආගමේ විතරක් නෙමෙයි හැම ආගමකම එහෙමයි.. අපේ ආගමේ උනත් එහෙම අය ඕන තරම් ඉන්නවා.. මිනිහෙක් හොඳද නරකද කියලා අපිට මතුපිටින් බලලා කියන්න අමාරුයිනේ.. ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා.. ඒත් සමහර එවුන් ඒ ආශ්‍රය කලත් අඳුනගන්න අමාරුයි.. අඟේ ඉඳන් කන කන එවුන් ඕන තරම් ඉන්නවා..

    සිනහ පපා කීවත් රස මියුරු කතා
    මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
    :yes:

    උඹටත් වෙන්නෙ මරු වැඩ තමා.. ඔය ගුරුකම් වල නම් ඇත්තක් නැත්තෙමත් නැහැ.. යම්තාක් දුරට මාත් ඕවා විශ්වාස කරනවා.. විශ්වාස කරන්න පුළුවන් හේතු තියෙන නිසා..

    :yes::yes::yes:
    ඒක ඇත්ත බං.. අපේ පැත්තෙත් ඉස්සර හිටියා ඔහොම බුවෙක්.. හැම පෝයටම පන්සල් යනවා.. පන්සලට හොඳට උදව් එහෙමත් කරනවා.. ඉන්නෙත් උපාසක මහත්තය වගේ.. ඒත් ඒ යකා හැම ඉරිදටම ඌරො මරලා විකුණනවා.. ඌට මිනිස්සු ඉස්සර එක එක ඒවා කියනවත් එක්ක.. එක දවසක් මූ වෙනක් පොය දවසෙ පින්කමකට පන්සලට ආවා.. ඌ මිනිහෙක් එක්ක කියලා මං මේ පන්සල් එන්නෙ, මේවට උදව් කරන්නෙ කරන පවු මකාගන්න මිසක් ආසාවකින් නෙමෙයි කියලා..

    බැහැයි ඒ ටෝක් එක දීලා පොරට වැඩි දවසක් යන්න වුණේ නෑ රිටන් එක ලැබුණා මේ ආත්මෙදිම.. මහ රෑ ඌරොන්ට තලන්න ඌරු කොටුවට යද්දි සර්පයෙක් දශ්ඨ කරලා කකුලට.. දවස් දෙකයි හිටියෙ මැරිලා ගියා.. එයාගෙ නෝනත් මැරුනා ළඟදි පිළිකාවක් හැදිලා.. පුතාගෙ අතක් නැතිවුණා බයික් එකෙන් වැටිලා..

    ඉස්සර තවත් බුවෙක් හිටියා හරක් මරන.. ඌත් මැරුනා.. ඌ නම් මැරුණෙ මහ අසික්කිත විදියට.. පණපිටින් කුණුවුණා ඌ.. වලියකදි කඹර තෙල් ගහලා කවුදෝ එකෙක්..

    ඔය දෙන්නම සිංහල..:yes:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :yes:kala paw pala denawa kawada hari.
     
    33000W

    Member
    කවුද බං කියන්නෙ මුස්ලිම් ආගමේ හොද අය නැහැයි කියලා.. ඕන තරම් ඇති.. ඒ වගේම වැරදි කරන එවුනුත් ඕන තරම් ඇති.. මුස්ලිම් ආගමේ විතරක් නෙමෙයි හැම ආගමකම එහෙමයි.. අපේ ආගමේ උනත් එහෙම අය ඕන තරම් ඉන්නවා.. මිනිහෙක් හොඳද නරකද කියලා අපිට මතුපිටින් බලලා කියන්න අමාරුයිනේ.. ටික කාලයක් ආශ්‍රය කරන්නම වෙනවා.. ඒත් සමහර එවුන් ඒ ආශ්‍රය කලත් අඳුනගන්න අමාරුයි.. අඟේ ඉඳන් කන කන එවුන් ඕන තරම් ඉන්නවා..

    සිනහ පපා කීවත් රස මියුරු කතා
    මිනිසා තමයි හඳුනාගත නොහැකි සතා
    :yes:

    උඹටත් වෙන්නෙ මරු වැඩ තමා.. ඔය ගුරුකම් වල නම් ඇත්තක් නැත්තෙමත් නැහැ.. යම්තාක් දුරට මාත් ඕවා විශ්වාස කරනවා.. විශ්වාස කරන්න පුළුවන් හේතු තියෙන නිසා..

    මමත් කියන්න හැදුවෙ ඕකම තමයි.ඒත් ඉතින් උබ කියපු නිසා නිකං ඉන්නව.අනිත් දවසෙ මොනව හරි ලියනකොට අනිත් උන්ටත් මොනව හරි ලියන්න ඉතුරුකරපිය :growl::growl::rofl:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මාර සීන් එක බං... :baffled:

    මචෝ වෙදමහත්තයාගේ විස්තර ටිකක් කියපන්...

    නම. ගම. යන පාර එහෙමි කිව්වනං අනික් අයටත් ඒක උදවිවක් වෙයි මචන් :yes:
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මා මුස්ලිම් saha ආගම දැඩි සේ පිළිකුල් කරන්නෙක් බව කිව යුතුමය
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,855
    1
    9,603
    113
    Gampaha
    පට්ට මචන් තෑන්ක්ස්. එළකිරි භූත කොටුවෙත් මේ වගේ කතා දෙක තුනක් තිබ්බ. :yes: