ඕක 2.5 perch නිසා 7.5 million වත් යයි ඕක සාමාන්යෙන් හොඳට කරනව නම් ...
5 මිලියන් වලින් අමාරුවෙයි හොඳට කරන්න නම් ..
බාස් කෙනෙක් දාගෙන කරන්න පුළුවන් 5 මිලියන් වලින්, එතකොට ඌ හරි මිශ්‍රණ වලින් දාන්නේ නෑ, හරි කොලිටියට හදන්නෙත් නෑ ඌ හදන්න දන්නෙත් නෑ .. රජයේ ඉක්ටාඩ් ආයතනයේ ලියාපදිංචිය තියෙන අඩුම ගානෙ ඉදිකිරීම් සංගමයේ ලියාපදිංචි කොන්ත්‍රාත් කාරයෙක් වෙන්න ඕනෙ .. නැත්තන් මොකක් හරි ප්‍රශ්නයක් උනත් නීතියෙන් පිළිසරණක් වත් නැති වෙනව උඹට .. අනිත් එක ඇග්රිමන්ට් ගහල පටන් ගනින් ඒක දෙපැත්තටම හොඳයි .. මගෙ බිල්ඩින් එකක් හැදුව ඒක නම් එහෙම කොන්ත්‍රාත් කාරයෙක් කලේ .. අව්ලක් නෑ දැනට අවුරුදු 7 -8 ක් වෙනව ... අමුද්‍රව්‍යත් උටම දාන්න කිව්ව ඒක ලේසි බන්, නැත්තන් සැරෙන් සැරේ අරක නෑ මේක නෑ කියනව අපිට වැඩක් කරගන්නත් නෑ මල කරදරේ ... මුලින් ඌට 35% ඇඩ්වාන්ස් දුන්න ... පොර ඒක බිල් වලින් සෙට්ල් කලා .. අව්ලක් උනේ නෑ .. ඒත් ඉතින් කලින් කිව්ව වගේ ඉක්ටාඩ් රෙජිස්ටර් වෙච්ච කෙනෙක්ට දෙන්න ඕනෙ නැත්තන් ඕක සල්ලි අරන් පැනල ගියොත් එහෙම බඩුම තමයි ...
අනිත් කාරනේ තමයි, ඔය ස්ලැබ් කොන්ක්‍රීට් දාන උන් ඉන්නව, උන් දාන්නෙ ස්ලැබ් විතරයි, එහෙම අයට එහෙම දෙන්න එපා ගෙවල් හෝ බිල්ඩින් .. එයාල කරන්නෙ කුඩ්ඩො සෙට් එකක් සෙට් කරගෙන මික්සර් එකක් ගෙනිහිල්ල කොන්ක්‍රීට් දාන එක .. උන් දන්නා ලබ්බක් නෑ ...ඒත් උන්ට කිව්වොත් බිල්ඩිමක් තියෙනව දාල දෙන්න කියල "ආහ්හ් හදල දෙන්නම් මහත්තය" කියනව .. ඒක නිකන් කොන්දොස්තරට ඔපරේෂන් කරන්න කිව්ව වගේ .. උන්ගෙ ගාන අඩුයි ඒක නිසා මිනිස්සු අහු වෙනව .. ඒ වගේ අයට ඉක්ටාඩ් රෙජිස්ට්‍රේෂන් එක ගන්න අමාරුයි ඒක නිසා ඉක්ටාඩ් රෙජිස්ටර් වෙලා තියෙන කෙනෙක් ගෙන් වැඩේ කරගන්න එක ඇඟට ගුණයි . ඔය වගේ තියෙනව බන් කන්ස්ට්‍රක්ෂන් වලත් හැමනෙන තැන් ...