මහා රාවණාගේ සිහිසුන් සිරුර තැබූ යහන්ගල..
එළකිරියේ ඉන්න travel කරන්න කැමති hiking වලට කැමති අයට මගෙන් පොඩි උපන් දින තෑග්ගක්.
යහන්ගල කියන්නෙ කඳු නගින්නන්ගේ එහෙම නැත්තන් ත්‍රාසජනක ගමන් වලට කැමති අයගේ එක හීනයක් කිව්වොත් හරි.අපිත් ඒ හීනෙ හැබෑ කරගත්ත ගිය මාසෙ.
මහා රාවණා රජතුමා සහ රාම කුමාරයා අතර යුද්ධය තිබුණ වෙලාවේ රාම කුමාරයාගේ ඊ තලයක් වැදිල රාවණා රජතුමා සිහි මුර්ජා උනා කියල අපි හැමෝම අහල තියෙනව.ඒ සිහි මුර්ජා උන දේහය අදටත් හග්ගල කඳු මුදුනක හංගලා තියෙනව කියන එක තමා ගොඩක් අය විශ්වාස කරන්නේ.ඉතින් රාවණා රජු සිහි මුර්ජා උනාම ,එතුමාගේ රට වැසියන්ට ඒ කියන්නෙ ලංකාවේ වැසියන්ට ,තමන්ගේ අසහාය රජුට අවසන් වතාවට ගෞරව කිරීමට එතුමාගේ දේහය තියපු ස්ථානය තමා යහන්ගල කියන්නෙ.යහන්ගල ලකේගල මීමුරේ රැහැස්ස රණමුරේ ගම්මානය වගේ නකල්ස් කඳු පන්තියේ ගොඩක් ස්ථාන රාවණා කථාවත් එක්ක ගොඩක් සම්බන්ධයි.මේවා ඇත්ත කියන්න කාටවත් කිසිම සාධකයක් හොයා ගන්න බැරි උනාට බොරු කියල කියන්නත් බෑ.
යහන්ගල යනවා නං යන්න ඕන උඩුදුම්බර කළුගල හරහා එහෙම නැත්තන් හසලක උඩවෙල බටුමුල්ල පැත්තෙන් හරි උඩ ගල්දෙබොක්ක කියන ගමෙන් හරි.ළඟම පාර තමා කළුගල පැත්තෙන් යන එක.ගොඩක් අය යන්නෙත් එහෙන්,අපි ගියෙත් එහෙන්.ඒත් අපි එහෙට ආවේ මහියංගණේ ඉඳන්.මොකද අපි ගමන පටන් ගත්තෙ මොණරාගලින්.
උදේට අපිට කෑම දුන්නා දර්ශන මහතා.එහෙන් කාල අපි පිටත් උනේ මහියංගනය බස් එකක් අල්ලගන්න..
Good morning monaragala.!
ගෙවල් පාරේ
කනත්තේ තිබුන ගහක්.
සල් ගහක් තිබුන.නයනා හිටියේ නෑ
ටව්න් එකේ
අපි එනකොටම වගේ බස් එකක් යන්න හැදුව නිසා එකට ගොඩ උනා..පුළුවන් තරන් ඉක්මනට යන එක හොඳ නිසා.
සහරා ෆ්ලෑෂ් තිබුනේ නැත්තන් ගමන සම්පූර්ණ නැති බව බස් එකේ ඩ්‍රයිවර් මහත්තයත් දැනගෙනද කොහෙද අපි එන්න කලින්ම දාල සහරා ෆ්ලෑෂ් සංගීතයක්.
අපි බස් එකේ.
සහරා ෆ්ලෑෂ් වේදිකාවේ
බිබිල පහු උනාම පරිසරය ලස්සන වෙනවා ටිකක්..
යන ගමන් ගත්ත photo.
පාරවල් නං හොඳට තියෙනව
පැය දෙකකින් වගේ අපි මහියංගනයේ
මහියංගණය ස්ථූපය
එතනින් අපි යන්න ඕන උඩුදුම්බර හරහා නුවර යන බස් එකක තමා.අපි එනකොටත් බස් එකක් තිබුන.ඒත් තේ එකක් බීල තව පොඩි පොඩි බඩු වගයක් ගන්න තිබුන නිසා චුට්ටක් පරක්කු උනා.
තේ බොනවා
හිනා වෙන්න හොඳ නෑ
අපි බස් එකේ
අපරාදේ කියන්න බෑ සහරා ෆ්ලෑෂ් නං ඉන්නවා කොහේ ගියත්.
සුප්‍රියා .අපේ සමහර උන් messege එක නොගහ බලන් ඉන්නවලු සුප්‍රියා දිහා.
මගදී දැක්ක මහවැලි ගඟ
අපි උඩුදුම්බර බහින්න කලින් බැස්ස 18 වංගුවේ උඩ.පොඩ්ඩක් අවට බලල යන්න.
ස්මාරකයක් තියෙනව
ලස්සන මලක්
ලංකාවෙනෙ
අපේ අය
කුරුල්ලෙක්ට පේන හැටි.
ඊට පස්සෙ අපේ නැවතුම උනේ උඩුදුම්බර නගරය..දවල්ට කන්න බත් පාර්සල් ටිකකුයි රෑට කන්න හොදි වගේ දේවල් ටිකක් අරන් ගොඩ උනා කළුගල බස් එකට.ඒ වෙලාවේ ඉස්කෝල වෙලාව නිසා ටිකක් සෙනග වැඩි..පොඩි ළමයි තමා ගොඩක්ම.පැයෙන් පැයට තම බස් තියෙන්නෙ
උඩුදුම්බර
බස් එක
බස් එක නවත්තන අන්තිම තැන ඉඳලත් යහන්ගල hike එක පටන් ගන්න තැනට ටිකක් දුර තියෙනව..අපි දවල්ට කන්න තැනක් හොයා ගන්න ඕන නිසාත් අපේ වැඩිපුර තියෙන බඩු ටික කොහේ හරි තියල යන්න උවමනාවක් තිබ්බ නිසාත් අපි ත්‍රීවීල් එකකින් ඇහුව විස්තරේ..පොර කිව්වා එන්න අපේ ගෙදර එහෙ තියල යන්න කියල.තවත් ත්‍රීවීල් එකකුත් කතා කරගෙන අපි කෙලින්ම ගියේ එහෙ.ඒ කියන්නෙ ධනුෂකලගේ ගෙදර.
මේ තියෙන්නෙ එහෙ
ගම්මිරිස්
අපි වැඩි වෙලාවක් ඉන්නෙ නැතුව ඉක්මනට කාල බඩු ටික ලෑස්ති කරගෙන පිටත් උනා යහන්ගල තරණයට.හවස් උනොත් ලෙඩේ.
මුලින් ගමන තියෙන්නෙ ගම්මිරිස් වගාවක් අතරින්..
ඊට පස්සෙ පොඩි කැලේකට ඇතුල් වෙනවා..චුට්ටක් විතර කන්ද තියෙනව.ඒත් අපිට නං හොඳ ගණන් ඒ වෙනකොටත්..ඒකට හේතුව අපි දවස් ගානක් එහෙ මෙහෙ ඇවිදලා තිබුන තෙහෙට්ටුව.
කරන්න දෙයක් නෑ..නැවතී නැවතී ගියා ඉස්සරහටම.
ලඟදි වැහැල නෑ වගේ
ටික දුරක් ආවම පොඩි වැදගත් තැනකට එනව.ඒ තමා මේ ගමනේ වතුර හම්බෙන අන්තිම තැන.මෙතනින් එහාට වතුර නෑ.වතුර හොයන්න පුළුවන්..ඒත් මෙතනින් පුළුවන් තරන් අරන් යන එක තමා හොඳම..කන්ද උඩ නං කොහොමත් නෑ.
මේ ටැප් එක ගලවල තමා වතුර ගන්නේ..ඊට පස්සෙ හයි කරල යන්න..නැත්තන් පහල උන් හාමතේ
එතන ගැහුවා සෙල්ෆියක්
ටික ටික අවට පේන්න ගන්නවා
පොඩි ආතල් එකක්
උඩට යන්න යන්න ගස් අඩු වෙනවා කන්ද වැඩි වෙනවා.ඔය කන්දෙන් උඩ තමා වෙලන්ගොල්ල පතන තියෙන්නෙ.
ටික වෙලාවකින් අපි උඩට ආව.එනකොට හම්බවෙනවා දේවාලයක්..ඒ තමා ගලේ බණ්ඩාර දෙවියන්ගේ දේවාලය.මේ යහන්ගල කෙහෙල්පත්දොරුවෙගල වෙලන්ගොල්ල පතන වගේ තැන්වල ඇවිදින්න යනවා නං මෙතනට පඬුරක් දාල ආශිර්වාද අරන් යන එක තමා හොඳ..අනික් එක තමා යහන්ගල උඩට මස් මාළු වගේ පිලී දේවල් නොගෙනියන තරමට හොඳයි.උඩට ඒවා අරන් ගියොත් කරදර වෙන්න තියෙන ඉඩකඩ වැඩියිලු.
මේ තියෙන්නෙ දේවාලේ
අපිට ඔතනදි හම්බුනා මනුස්සයෙක්.ගොඩක් හොඳට විස්තර කරල දුන්නා යහන්ගල ගැන. පොර තමා දිසානායක..මලක් කපන්නලු කැලේට ගියේ.එයා කියන විදියට නං යහන්ගල කියන්නෙ රාවණා රජ්ජුරුවන්ගේ එක ගබඩාවක්.ගොඩක් ඉස්සර කාලෙ,ඒ කියන්නෙ පරම්පරා ගානකට කලින් මිනිස්සු ගොවිතැන් කරන්න ආයුද නැති උනාම තමන්ට ඒවා ලබා දෙන්න කියල හවස බාර උනාම යහන්ගල පාමුල තියෙන ගල් ගුහාවක බඩු තියෙනවලු උදේට..ඔක්කොම වැඩ ටික ඉවර කරල ඒවා ආපහු ගෙනිහින් තියනවලු.එක දවසක් කව්රුහරි කෙනෙක් එහෙම අපහු තියෙන්නෙ නැතිව ඉඳල තියෙනව.එදා ඉඳන් මුකුත් ලැබුනේ නෑලු.
මේ ඉන්නෙ එයා සහ එයාගේ බල්ලා. හැබැයි මිනිහ ගිහින් නෑ කිව්වා යහන්ගල මුදුනට.
අපි ඉන්නෙ වෙල්ලන්ගොල්ල පතනෙ.
එතනට යහන්ගල නියමෙට පේනවා
ඕක උඩට යන්න පාරවල් දෙකක් තියෙනව..එකක් උඩ photo එකේ වම් පැත්තෙ තියෙන ගල් ටික දිගේ උඩට නගින එක..ඒක ගොඩක් අවදානම් තැන් දෙකක් වගේ තියෙන ගමනක්.ඒත් ගොඩක්ම ඉක්මන්.හැබැයි හදිසියේ හරි ලිස්සල ගියොත් මිනිය හොයන්නත් පට්ට කට්ටක් කන්න වෙනවා.
අනික් පාර තමා පේන photo එකේ දකුණු පැත්තෙන් නගින එක..ඒකට මාර වෙලාවක් යනවා.හරි පාර හොයාගන්න බැරි උනොත් තව වෙලා යනවා..අනික් එක තමා අඩි 6ක් විතර උස ඉලුක් ගාලක යන්න තියෙන්නෙ..පතනෙ සමහර කාල වලදී අලිත් ඉන්නවලු .හරියට පේන්නෙ නැතුව ගිහින් අලියෙක්ගේ ඇඟේ හැප්පුනත් දන්නේ නෑ.ඒත් තීරණය තමන් අතේ..අපි නං වම් පැත්තෙන් තමා ගියේ.
මුල් හරිය පොඩි කැලෑවක යන්න තියෙන්නෙ
ගොළුබෙල්ලෙක්
මුල් හරිය නං අමාරුත් නෑ..බය හිතෙන්නෙත් නෑ.
ඉර බැහැගෙන යන ලස්සන
බොහොම කල්පනාවෙන් යන්න ඕනා..හැම තැනම භයානක නැති උනත්
ඈත තියෙන පිට්ටනිය වගේ තැන ඉඳන් තමා අපි ආවේ
ඔය පේන උඩට තමා යන්න ඕන
මෙතන එක භයානක තැනක්..මෙතැනදී කකුලක් ලිස්සුවොත් පහල තමා.හරියටම timing කරල පනින්න තමා තියෙන්නෙ.උස එකෙක්ට නං එච්චරම අව්ලක් නෑ..
ඈත පේනවා
පහල
Next
මෙතන එච්චර අමාරු නෑ
බණ්ඩ බ්‍රෝ
ඊළඟට තමා හම්බුනේ ගමනේ අමාරුම තැන..එතන තියෙන්නේ ගලක් වටෙන් යන්න..හැබැයි ඒ ගල හෙල්ලෙනවා.අල්ලන්න කියල තැනක් නෑ..එකයි අමාරු.ඒත් photo නෑ..අපේ වීඩියෝ එකක් එනව..එක බලන්න.
එක තැනකදී bag පාස් කළා උඩට.
තව පොඩ්ඩයි
just came..
ඈතින් කෙහෙල්පත්දොරුවෙගල පේනවා
අපේ අය
සැන්දෑ අහසේ..මේ photo එකේ වම් අත පැත්තෙන් ටිකක් ඈතින් පේන්නෙ අපි කලින් ගිය ප්‍රසිද්ධ නකල්ස් කඳු මුදුන් 5.
අපි උඩට එනකොට රෑ වෙන්න ඔන්න මෙන්න තිබුන නිසා අපි ඉක්මනට නවතින්න හොඳ තැනක් හෙව්වා.කන්ද මුදුනෙ එක ගහක්වත් නෑ.ඒ නිසා ගිනි ගොඩවල් ගහන්න ඕන නං දර පහලින් ගෙන්න වෙනවා.අනික් එක තමා ගිනි ගොඩක් ගහනවා නං කල්පනාවෙන්..වටේටම තියෙන්නෙ තණකොළ..පොඩ්ඩක් හරි ඇවිලුනොත් සෙට් එකම බාබකිව් වෙලා නවතින්නෙ.අපි පොඩි පොඩි වේලිච්ච පඳුරු ටිකක් හොයාගෙන ගැහුවා පොඩි ගිනි ගොඩක්..ගිනි තපින්න නෙමෙයි බඩ ඉරිඟු ටිකක් පුච්චන්න..ඒ ටික හොඳට ආව..පාන් ටිකත් රත් කරන් කන්න හිතන් හිටියට පාන් නරක් වෙලා..ඒ නිසා අනික් කෑම ටිකෙන් සෑහෙන්න සිද්ද උනා..ඒත් ඇති.
අපේ ගිනි මැලේ.
ඕක ගහන්න විඳපු දුක
අපේ කෑම ටික
ටික වෙලාවක් කතා කර කර ඉඳල නින්දට ගියා.වෙලාවට එදා හුලන් තිබුනේ නෑ..තිබුන නං අපි හීතලට ගල් වෙනවා..හිටපු ගමන් පොඩි හුලන් පාරවල් එනව පට්ට හීතලයි.ටෙන්ට් අරන් ගියේ නෑ බර නිසා..ටෙන්ට් එකේ rain coat එක බිම දාල නිදා ගත්තෙ.
අපි නිදි . Good night..!
milkey way..!
Under the five billion stars...!
හරියට එක දිගට නින්ද ගියේ නෑ..ඒ නිසා සැරෙන් සැරේ ඇහැරිලා photo ගැහුවා.
පාන්දර වෙන්න කිට්ටුව
උල්හිටිය ජලාශය
නකල්ස් range එක සහ කෙහෙල්පත්දොරුවෙගල.ගොඩක් එලි වෙලා
උඩුදුම්බර ටව්ම
එලිය වැටෙන්න ටිකකට කලින්
ජිමා
ඉර පායනවා.Good morning sri lanka..!
ඉර දෙවියන් හා මහා රාවණා නමස්කාරය.
close up
අපේ camp site එක
ඉරට මුවා වී
drone එකෙන් උදේම වැඩ ගත්ත
අපි හිටපු තැන හරියටම කෙලින් උඩට පේන හැටි
අපි
මේ තියෙන්නෙ යහන්ගල කුරුල්ලන්ට පේන හැටි
වෙල්ලන්ගොල්ල පතන පේන හැටි
අපි ආපු පාර පේන හැටි
අපි
උල්හිටිය ජලාශය zoom කරල
අළුගල් කන්ද පේන හැටි..ඕක පාමුල තමා අළුගල්ලෙන තියෙන්නෙ.
කෙහෙල්පත්දොරුවෙගල
කවදාහරි යන්න ඕන
මීමුරේ ආඩම්බරය .සුප්‍රසිද්ධ ලකේගල.
ගැරඬි ගල සහ ගැරඬි ඇල්ල..ඇල්ල නං පේන්නෙ නෑ
උඩුදුම්බර ටව්ම
කළුගල ගමේ වෙල්යාය
දහඅට වංගුව පේනවා හොඳට බැලුවොත්
මහියංගනය ස්ථූපය
වෙල්ලන්ගොල්ල පතන ලං කරල
තනියම
ඔය පැත්තෙන් තමා අපි ආවේ
පොඩි දල අදහසක් ගන්න..සජ්ජ ඉන්නවා කොනක පොඩිවට
ඔය ඉන්නෙ මම
මේවට මොනවද කියන්නෙ
තවත් group photo එකක් ගැහුවා අපේ style එකට.කලින් ට්‍රිප් එකෙත් කිව්වා වගේ දෙපාරකට වඩා බලන්න එපා වශී වෙයි..
ඊට පස්සෙ පිටත් උනා ආපහු ගම රටවල් වලට.අපි ආවේ අනික් පැත්තෙන්.ඒ කියන්නෙ අර හෙළ දිගේ නෙමෙයි පතන දිගේ.ඕක ඒ පත්තේ බහින්න හරි පාරක් තියෙනවද දන්නේ නෑ.අපිට මගදී නං ටිකක් පාරක් වගේ සුද්ද කරපු එකක් සෙට් උනා..ඒත් එතනට එන්න මාර දුකක් වින්ද.
මුල් හරිය නං අව්ලක් නෑ.ටිකක් බෑව්ම වැඩියි සමහර තැන්වල..ඒවා මග ඇරලා යන්න පුළුවන්
නැවතත් ගමනේ
මේ ටික නං මාර ලස්සනයි
අව්රුද්දෙ සමහර කාල වල ලස්සනටම ඇති
මම ටිකක් ඉස්සර වෙලා හිටියේ.අපේ අය මග එනව
හොඳට බැලුවොත් දෙන්නෙක් විතර පේනවා.
සමහරු ලිස්සලත් ආවලු
මම වෙන මගක ගියා
පතන ලස්සනට පේනවා..ඇත්තටම ඒක දකින්නම ඕන දෙයක්
තනිවෙලා
අපේ අය
WOW...! just like a painting.
මොකෝ බන්
පාරක් හොයනවා
පේන තරන් ලේසි නෑ
ගොඩක් තැන්වල දල බෑව්ම
Framed
කොච්චර අමාරු උනත් පාර වැරදුනත් මේක නොකර බෑ
ටික වෙලාවකින් පාර ඉවරයි වගේ..තණකොළ වගේ තිබ්බ ටිකත් ඉවර උනා..අපේ වතුරත් ඉවර උනා..අන්තිමට අපි මූඩිය මූඩිය බෙදාගෙනත් වතුර බිව්වලු.ඒත් උඩදී ඈතට දැක්ක වතුර වලක් හොයාගෙනම ගියා..මාන අකුලේ යනවා කියන්නෙ මාරම කරුමයක් තමා..ඇඟවල් ඉවරයි.පිහි වලින් ඒවා කපන්න ගිහින් තව පොඩ්ඩෙන් අපේ බෙලි කපල යනවා.
මේ ඉලුක් ගාල පටන් ගත්ත ගමන්ම.
පැය ගානක කට්ටක් කාල මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී අපි ආව වතුර වල ලඟට.ඇති තරන් වතුර බීල ගොඩක් වෙලා හිටිය ඇඟට ටිකක් හරියනකන්.කවදාවත් නැතුව සජ්ජත් කියනවා අඩෝ මටත් තිත්ත වෙලාලු හිටියේ..අපි හිතුවේ දැන් ඉවරයි කට්ට .දන් ඉක්මන් කරල යන්න පුළුවන් කියල.
මේ ඉන්නෙ අපිට එපා උන අවස්ථාවේ.මේකට අපි නියම වචනයක් කිව්වා..එක දාන එක හරි මදි
වතුර පුරවනවා.
පුළුවන් තරන් වතුර පුරවාගෙන පිටත් උනා අන්තිම ටිකට
යහන්ගල දැන් පේන විදිය
දැන් අපි ඉන්නෙ පතනෙ
යහන්ගල වටේට රව්මක් යන්න තමා දැන් තියෙන්නෙ
තැනින් තැන පොඩි පොඩි පයිනස් කැලවල් හම්බවෙනව..හැබැයි ඉලුක් ගාල නෙමෙයි ඉවර උනේ.
පොඩි අඩි පාරක් තිබුන..එක දිගේම ආව..
නැවතුනා
තවත් පොඩි විවේකයක්..ඈත පේන කන්දට තමා අපි යන්න ඕන
එතනට පේන යහන්ගල
මේ හරියේදී අපි පොඩි වෙනසක් දැක්ක කන්දෙ..ඒ කියන්නෙ යහන්ගලේ..එකේ නිකන් චිත්‍ර දෙකක් ඇඳලා තියෙනව වගේ තමා පේන්නෙ.
උඹලත් බලල බොරුද කියහන්
යහන්ගලේ උතුරු අන්තය තමා මේ
මොකක්ද මේ කියල කල්පනා කරන අපේ සෙට් එක
හා බෙටි හැම තැනම
හා බෙටි පිලිබඳ specialist කෙනෙක් වන මහාචාර්ය බණ්ඩා ඒවා පරීක්ෂා කරන ගමන්
මේකත් බැලුව නං
තව සැහෙන වෙලාවක් ඇවිදල ඇවිදලා අපි ආවේ වෙල්ලන්ගොල්ල පතනෙ උඩට.
ඒක දිගේත් සෑහෙන දුරක් යන්න ඕන ගමන පටන් ගත්ත තැනට..එච්චර දුරක් නැති උනත් මාර අමාරුයි ඇඟට.ආපහු කන්දක්
ටික වෙලාවකින් අපි ආව අපි ගමන පටන් ගත්ත තැනට.දේවාලෙට ගිහින් පඬුරක් දාල පිටත් උනා ගමට එන්.
පල්ලම් බහිනවා
එක තමා ගහල තියෙන අන්තිම photo එක.තැන් දෙකක විතර නැවතිලා අපි කෙලින්ම ආවේ ධනුෂ්කලගේ ගෙදරට..අපි කලින්ම call කරල කියල තිබුන නිසා යනකොටම කෑම ලෑස්තියි..
අපි ධනුෂ්කලගේ තාත්තාගෙන් ඇහුව අර වගේ රූප දෙකක් පෙනුනේ අපිට විතරද කියල..නෑලු.එයාලත් දැකල..ඕක ඇතුලට යන්න දොරවල් 7ක් තියෙනවලු.ඕන නං අර දිසානායක කියපු බඩු තියන ගුහාව බලන්නත් පුළුවන් කිව්වා ගල පාමුලට ගියා නං.
අපි නාල කාල ත්‍රීවීල් දෙකකින් පිටත් උනා උඩුදුම්බර එන්න..1000ක් ගන්නවා එකකින්..පැය බාගයකින් වගේ අපි උඩුදුම්බර.එතන ඉඳන් නුවර ඇවිල්ල කොටුවට එන්න තමා හිතන් හිටියේ..අපේ සහරා ෆ්ලෑෂ් එක්ක තියෙන ඒ බැඳීම කියන්නෙ අපි ගාව ඇවිල්ල නතර කරන බස් වල දාල තියෙන්නෙත් සහරා ෆ්ලෑෂ්..එකට කියන්නෙ ආත්මීය බැඳීමක් කියලලු.අපේ කොල්ලෙක් තමා කිව්වේ.සැහෙන වෙලාවක් ඉන්නකොට ආව අම්පාර ඉඳන් ආපු AC බස් එකක් .ඉක්මනට bag ටික පටවාගෙන එන ගමන් හොඳ නින්දක් එහෙම දාගෙන ආව..නුවරින් බැහැල බලනකොට එකෙක් කියපි අඩේ කෝ බන් මගේ bag එක කියල.අපි එක bag එකක් බස් හෝල්ට් එකේ දාල ඇවිල්ල..70d එකකුත් තිබුන..අදටත් හම්බුනේ නෑ.ගානක් නෑ ඕව ඔහොම තමා කියල හිත නිවන කතා කියල හිත හදා ගත්ත..ඇත්තටම මට නං ගොඩක් දුකයි උන දේ ගැන.ගණන් ගන්න එපා මචන්.අපි රෑ 1 වගේ වෙනකොට කොටුවෙ.
ඔන්න ඔහොම තමා අපේ තවත් ට්‍රිප් එකක් ඉවර උනේ.ඉතින් මේ ගමනට සහභාගී උන ඔක්කොටම ගොඩක් ස්තුතියි අපි ගැන විශ්වාසය තියලා ආවට.මොනා හරි වැරද්දක් උනා නං සොරි වෙන්න ඕනා ..ගොඩක් අත්දැකීම් ගත්ත..අමුතු දේවල් දැක්ක ගොඩක් ත්‍රාසජනක අත්දැකීමක් ලැබුන.ඉතින් මේ ගමන වෙන කව්රු හරි යනවා නං ඒ යන කෙනාට මේක ගොඩක් උදව් වෙයි කියල හිතනවා..එක තමා වෙන්න ඕන..නැත්තන් මේවා දාන එකේ තේරුමක් නෑ..යන අය පරිස්සමින් ගිහින් එන්න.office එකේ අම්බානක වැඩ අස්සේ හිර වෙලා මේක ලිව්වේ..ඒ නිසා වැරදි එහෙම තියෙනව නං සොරි හොඳේ..
අපි මේ ගමන් තුනටම use කරපු දේවල්.කාටහරි වැදගත් වේවි.
හැමෝටම බුදු සරණයි..!
නමෝ බුද්ධාය..!

Last edited:

+++++