ai sinhalunta hariyanne naththe?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    godak hamawelema thaman hari kiyala hithangena aanduwatai wate untai bennata aththatama thamanta hariyanne naththe thamage hithe kethakama kiyala hinda mata hithnwa. Issara math ehemai kiyala mata hithenwa. mata kelawenna eekath eka hethenawa. eth dannam ehema na.samaharawita dan karana weradi issrhta therum yanna pluwan. ethkota parakku wadi wennath pluwan. denatath parakkui kiyala hithenwa :(
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕකට කියන්නේ කර්මය ........රටක් වුනත් හැමදාම දියුණුවෙලාම තියෙන්නේ නෑ .අනිත්ය බව ධර්මතාවක්.අද ලොකේ දියුණුයි කියලා පාරම්බාන ඇමරිකාව උනත් අනාගතේදි වල් වැදෙනවා. දුප්පත් හිගන්නෝ කියලා අපහාසයට ලක්වෙන රටවල් සුරපුරවල් වෙනවා .ආයි ඕක අනිත් පැත්තට කැරකෙනවා .මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ ලෝකය තියෙන්නේ දුක උඩ කියලා කිව්වේ .ලෝකය ආසාරයි දුකයි කියලා කිව්වේ..

    අතීතයේ ඉතියෝපියාව කියන්නේ සුරපුරයක් .විශාල ශිෂ්ටාචාරයක් .මිනිසාගේ ගතිගුණ උනත් ධර්මතාවෙන්ම වෙනස් වෙනවා.කාලයක් හොද වෙනවා.කාලයක් නරක වෙනවා .

    මේවා නිසා තමයි තුන් ලොවට අධිපති සක්විති රජවරයෙක් නිවන් මගක් දේශනා කලේ ..මේ ඉපදීමෙන් නිදහස් වෙන්න ..
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    ගොඩක් එවුන් පණ දෙන්න කතා කරාට යටින් ඉරිසියයි . එතකොට කොයි වෙලෙත් කැත හිත වැඩ . අනික් එක කරන දෙයක් අවංකව කරන පිරිස අඩුයි . හැම එකාම බලන්නේ ජිල්මාට් දාලා කෙටි කාලෙකින් බෙන්ස් මොන්ටෙරෝ ගන්න .
    මිනිස්සු අනික් එවුන් එක්ක තමුන්ව මනිනනකන් හරියන්නේ නෑ . තමුන් විශේෂයි . මොකක් හරි විශේෂ දෙයක් තමුන්ටත් පුළුවන් කියලා දැන ගන්න .
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,931
    10,563
    113
    ආශික්ලන්තෙ
    ඕකට කියන්නේ කර්මය ........රටක් වුනත් හැමදාම දියුණුවෙලාම තියෙන්නේ නෑ .අනිත්ය බව ධර්මතාවක්.අද ලොකේ දියුණුයි කියලා පාරම්බාන ඇමරිකාව උනත් අනාගතේදි වල් වැදෙනවා. දුප්පත් හිගන්නෝ කියලා අපහාසයට ලක්වෙන රටවල් සුරපුරවල් වෙනවා .ආයි ඕක අනිත් පැත්තට කැරකෙනවා .මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ ලෝකය තියෙන්නේ දුක උඩ කියලා කිව්වේ .ලෝකය ආසාරයි දුකයි කියලා කිව්වේ..

    අතීතයේ ඉතියෝපියාව කියන්නේ සුරපුරයක් .විශාල ශිෂ්ටාචාරයක් .මිනිසාගේ ගතිගුණ උනත් ධර්මතාවෙන්ම වෙනස් වෙනවා.කාලයක් හොද වෙනවා.කාලයක් නරක වෙනවා .

    මේවා නිසා තමයි තුන් ලොවට අධිපති සක්විති රජවරයෙක් නිවන් මගක් දේශනා කලේ ..මේ ඉපදීමෙන් නිදහස් වෙන්න ..

    දුක කියලා වචනයක් මිනිස්සු හදාගෙන තියෙන්නේ වාසියට:lol:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    උගත් බව අඩු නිසා.
    පොතේ දැනුම තිබ්බට තාර්කික කරුණු විශ්ලේෂණය කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා දේශපාලකයන්ට හැමදාම රැවටෙනවා. නව නිපැයුම් බිහිකරගන්නත් බැහැ. අනුන්ගේ දැනුමෙන් සහ නිෂ්පාදනයෙන් යැපෙන්නේ. හැමදේම කරලා දෙන්න ඕනේ.

    හරියට පොත පත කියෙව්වනන් අත්දැකීම් තියෙනවනං අනුන්ට කුහකකම් කරන එකාට කෙළවෙනවා කියන එක, සංසාරය කියන එක, කර්මය, කර්ම ඵල ගැන අවබෝධයක් එනවා. මිනිස්සු ඉන්නේ තාවකාලිකව සල්ලි වලින් ලැබෙන ආතල් එකක විතරයි. ගැඹුරින් හිතන කෙනෙකුට දේශපාලකයෝ සහ මිනිස්සු කරන බොරු ටක් ගාල තේරුම් ගන්න පුළුවන්.

    දැන් ඉන්න තරුණ උනුත් බලන් ඉන්නේ කසාද බැඳලා ගෑනිගේ පිහිටෙන් හරි මෙලෝ වැඩක් නැති පවට හදපු ගෑනු හොඳ මිනිස්සුන්ගේ ඇඟේ එල්ලලා ගොඩ යන්න හරි තමයි. උන්ගේ දෙමව්පියනුත් එහෙමයි. ඉතින් උත්සාහයක් නැති ආත්මාර්තකාමී හැත්ත දියුණු වෙන්නේ කොහොමද?
     
    eeka aththa, duka kiyana eka therum gaththa aya thamai widarshanawa wadanne.godak welawata wenne club yanna salli nathi un kaleka setwela beela dukai kiynawa wage dewalne
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උගත් බව අඩු නිසා.
    පොතේ දැනුම තිබ්බට තාර්කික කරුණු විශ්ලේෂණය කිරීමේ හැකියාව නැහැ. ඒ නිසා දේශපාලකයන්ට හැමදාම රැවටෙනවා. නව නිපැයුම් බිහිකරගන්නත් බැහැ. අනුන්ගේ දැනුමෙන් සහ නිෂ්පාදනයෙන් යැපෙන්නේ. හැමදේම කරලා දෙන්න ඕනේ.

    හරියට පොත පත කියෙව්වනන් අත්දැකීම් තියෙනවනං අනුන්ට කුහකකම් කරන එකාට කෙළවෙනවා කියන එක, සංසාරය කියන එක, කර්මය, කර්ම ඵල ගැන අවබෝධයක් එනවා. මිනිස්සු ඉන්නේ තාවකාලිකව සල්ලි වලින් ලැබෙන ආතල් එකක විතරයි. ගැඹුරින් හිතන කෙනෙකුට දේශපාලකයෝ සහ මිනිස්සු කරන බොරු ටක් ගාල තේරුම් ගන්න පුළුවන්.

    දැන් ඉන්න තරුණ උනුත් බලන් ඉන්නේ කසාද බැඳලා ගෑනිගේ පිහිටෙන් හරි මෙලෝ වැඩක් නැති පවට හදපු ගෑනු හොඳ මිනිස්සුන්ගේ ඇඟේ එල්ලලා ගොඩ යන්න හරි තමයි. උන්ගේ දෙමව්පියනුත් එහෙමයි. ඉතින් උත්සාහයක් නැති ආත්මාර්තකාමී හැත්ත දියුණු වෙන්නේ කොහොමද?

    uba kiyapu eka hari.:yes:
    godak welawata ape game aya unath pansal yanne gamen konwei kiyala, eunata gamath ekka nathi aya pansal yanne niwan or wenadeyak balaporoththuwen.
    me lagadi AL witharak liyapu ekk kiyana igena ganna ekath kara eth job ekak na kiyala:baffled:

    amu modayo,including parents
    :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගොඩක් එවුන් පණ දෙන්න කතා කරාට යටින් ඉරිසියයි . එතකොට කොයි වෙලෙත් කැත හිත වැඩ . අනික් එක කරන දෙයක් අවංකව කරන පිරිස අඩුයි . හැම එකාම බලන්නේ ජිල්මාට් දාලා කෙටි කාලෙකින් බෙන්ස් මොන්ටෙරෝ ගන්න .
    මිනිස්සු අනික් එවුන් එක්ක තමුන්ව මනිනනකන් හරියන්නේ නෑ . තමුන් විශේෂයි . මොකක් හරි විශේෂ දෙයක් තමුන්ටත් පුළුවන් කියලා දැන ගන්න .
    man hithan htiye man anith ayata wada specialkiyala
    man thread ehemath damma aluth forex strategy gena ehema
    eth me kiriye inna un mata benna pissa kiyala:(

    මොකද සෑම විටම හැම සිංහලයම හරි නිසා
    uba muslimda?
    Karume thamai :P

    ape un oka kiyanne kammalikamata
    oka thamai hene
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රටේ ලොක්කත් මාර්ගපලලාබින් මර්ධනය කරන්න දගලන කොට ඉතින් සිoහලයට හරියයිද ???:lol::lol::lol:සුනාමි පිට සුනාමි ඒවි..ගoවතුර පිට ගoවතුර ඒවි :cool:

    ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ කොමඩිය!

    09.jpg

    ඔබට රූපවාහිනිය ස්පර්ශ කළ හැකිය. එහෙත් එහි විකාශනය වන ප්‍රවෘත්ති ස්පර්ශ කළ නොහැකිය. එලෙසින්ම පොතක් ස්පර්ශ කළ හැකිය. පොතේ අන්තර්ගතය ස්පර්ශ කළ නොහැකිය. මාධ්‍ය සහ සංදේශය යනු එකිනෙකට වෙනස් මානයන් දෙකකින් හඳුනාගෙන විග්‍රහ කළ යුතුය. මාධ්‍ය වෙනස් වේ. එය කාලානුරූපීය. අතීතයේ කටපාඩම් කළ දේ, පසුව තඹපත්, ගල්පුවරු, තල්පත් ආදියෙහි ලියැවිණි. එය ම පසුව කඩදාසි මත ලියැවිණි. පසුව මුද්‍රණය විණි. දැන් සයිබර් අවකාශය තුළ අස්පර්ශනීය වශයෙන් සකස්විණි. මාධ්‍ය එසේ ය. කාලීනව වෙනස් වේ. එහෙත් සංදේශය වෙනස් වන්නේ නැත.
    මේ අනුව බලන විට ත්‍රිපිටකය යනු කුමක්දැයි අප විග්‍රහ කර බැලිය යුතුය.
    බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු ඇරඹි පළමු ධර්ම සංගායනාවේදී භාණක පරම්පරා වශයෙන් බෙදී ධර්ම, විනය වනපොත් කිරීමේ කාර්යය ඇත්ත වශයෙන්ම ආරම්භ වූයේ බුද්ධ දේශනාව විකෘති නොවී පවත්වා ගැනීම පිණිසය. එහිදී වනපොත් කිරීමේ පහසුව පිණිස සූත්‍ර, විනය හා අභිධර්ම වශයෙන් කොටස් තුනකට වෙන් කරගන්නා ලදි. ත්‍රිපිටකය යනු එය විය.
    මෙසේ කටපාඩමින් පවත්වාගෙන ආ ධර්මය, රාජ්‍ය පූර්ව පළමුවැනි සියවසේදී ලංකාවේදී පොත් මත ලියැවිණි. එය පළමුවර රචනා කරන ලද්දේ තල්පත් මතද, නැතිනම් ලෝහ පත්‍ර මතද යන්න විවාදාත්මක කරුණකි. කෙසේ නමුත් අද වන විට මූලාශ්‍ර වශයෙන් භාවිත කරනු ලබන සිංහල වර්ණ මාලාවෙන් රචිත ත්‍රිපිටක ග්‍රන්ථ පවතින්නේ පුස්කොළ පොත් වශයෙනි. මම එවැනි ත්‍රිපිටක කිහිපයක්ම සංරක්ෂණය කර ඇති අයෙක් වන බැවින් ඒවායේ පවත්නා සංසන්දනාත්මක අඩුපාඩු අප්‍රමාණ බව ප්‍රත්‍යක්ෂයෙන් දනිමි.
    කෙසේ වෙතත් අද වන විට ලෝකයේ නොයෙක් භාෂාවන්ගෙන් ත්‍රිපිටක මුද්‍රණය වී තිබේ. මුල්ම ත්‍රිපිටක මුද්‍රණය කරන ලද්දේ සියමේ දී 1870 ගණන් වලදීය. එම තායි ත්‍රිපිටක මුද්‍රණයෙන් දැනට ඉතිරිව ඇති එකම අංගසම්පූර්ණ පොත් කට්ටලය සංරක්ෂණය කිරීමට ද මා හවුල් වී තිබේ.
    නැවත අප සිංහල ත්‍රිපිටක දෙස බැලුවහොත්, වඩාත් ශාස්ත්‍රීය සිංහල ත්‍රිපිටක සංස්කරණය වශයෙන් සැලකිය හැක්කේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලා ග්‍රන්ථ පෙළ යි. ඒ හැරුණු විට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් කළ පොත් පෙළක් ඇතත් එය ශාස්ත්‍රීය ප්‍රකාශනයක් නොවේ. මේ හැරුණු විට තායිලන්තයේ ධම්මකායි විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා අන්තර්ජාතික බෞද්ධ ඇකඩමිය එක්ව මූල පාඨ ග්‍රන්ථ සංසන්දනය කරමින් ත්‍රිපිටක සංස්කරණයක් සකස් කරන ලදි. එය තායි, ලංකා, බුරුම, ඉන්දියා අත්පිටපත් ආශ්‍රයෙන් කළ ඉතා අනගි සංස්කරණයක් විය. එහි සියලු කොටස් පළවී ඇත්දැයි නොදනිමි.
    කෙසේ වෙතත්, අදටත් වඩාත් යෝග්‍ය ත්‍රිපිටක සංස්කරණය සේ සැලකිය හැක්කේ පී.ටී.එස්. හෙවත් පාලි ටෙක්ස්ට් සොසයිටි මගින් පළ කළ ඉංග්‍රීසි ත්‍රිපිටක සංස්කරණයයි.
    දැන් ත්‍රිපිටකය ජාතික උරුමයක් වන්නේ කෙසේදැයි සිතා බැලිය යුතුය.
    ලෝක උරුම සඳහා යුනෙස්කෝව මගින් සම්මත කරන ලද නිර්ණායක, දේශීය කරමින් ජාතික උරුමයන් නම් කරනු ලැබිය යුතුය. ඒ සඳහා යුනෙස්කෝව මගින් හඳුනාගෙන ඇති නිර්ණායක මෙසේය.
    1. මානවයාගේ නිර්මාණශීලීත්වයේ අග්‍රඵලයක් වීම
    2. වාස්තු විද්‍යා, තාක්ෂණික, කලාත්මක, නගර සැලසුම්, භූමිනිර්මාණ යනාදී ක්ෂේත්‍රයක් තුළ මානව සන්තතියේ ප්‍රමුඛ හැරවුමක් වීම
    3. අනන්‍ය වාස්තවිකත්වය
    4. වෙනත් තැනක දක්නට නොලැබෙන මානවයා විසින් කරන ලද සුවිශේෂී ආකාරයේ භෞතික නිර්මාණයක් වීම.
    5. මානව ජනාවාස, පාරිසරික සබඳතා සම්බන්ධ අග්‍රගණ්‍ය උරුමයක් වීම
    6. ජීවන සංස්කෘතිය, කලාත්මකභාවය, සාහිත්‍යයික අගය පිළිබඳ ‘ස්පර්ශ කළ හැකි’ උරුමයක් වීම
    කිසියම් දෙයක් ජාතික හෝ ජාත්‍යන්තර උරුමයක් බවට හඳුනාගත හැක්කේ ඉහත නිර්ණායක අනුව ය. එහිදී පැහැදිලි වන ප්‍රධානම කරුණ වන්නේ “ජාතික හෝ ජාත්‍යන්තර උරුමයක් අනිවාර්යයෙන්ම භෞතික ස්වරූපයක් ගත යුතු බවයි.”
    සරලවම කිවහොත් උරුමයක් යනු සංරක්ෂණය කළ හැකි භෞතික සම්පතකි.
    දැන් ත්‍රිපිටකය ජාතික උරුමයක් වන්නේ කිනම් පදනමකින් ද යන්න විමසිය යුතුය.
    1. එය භෞතික සම්පතක් නොවේ. පන්සල්වල පොත්ගුල්හි මීයන්ට භෝජන වූ පුස්කොළ ත්‍රිපිටක බොහෝ ය. පී.ටී.එස්. ත්‍රිපිටක පිටපත් බොහෝ ගණනක් ලොව පුරා ඇත. බුද්ධ ජයන්ති ත්‍රිපිටක පිටපත් බොහෝ ගණනක් ඇත. මහමෙව්නාවේ සිඟිති ත්‍රිපිටකය කියා එකක් ද ඇත. නැදිමාලේ ත්‍රිපිටකය කියා එකක්ද ඇත. සිරිධම්මගේ ත්‍රිපිටකයක් ද ඇත. තායි ත්‍රිපිටක ද ඇත. ඩිජිටල් ඒවා ද ඇත. මේ සියල්ල එකිනෙක සසඳා බැලුවොත් එකිනෙකට වෙනස් තැන් බොහොමයක් හඳුනා ගත හැකිය.එසේ නම්,
    මේවා අතරින් ජාතික උරුමයක් වන්නේ කිනම් ත්‍රිපිටකයද?
    2. ජාතික උරුමයක් සංරක්ෂණය කළ හැකිවිය යුතුය. දැන් ආණ්ඩුව සංරක්ෂණය කරනු ලබන්නේ පුස්කොළද? කඩදාසිද? නැතිනම් ඩිජිටල් ත්‍රිපිටකද? සංරක්ෂණය කරනු ලබන්නේ කවරෙක්ද?
    3. ත්‍රිපිටකය භෞතිකව සංරක්ෂණය කිරීම කෙසේ කළත්, එහි අභ්‍යන්තරව පවතින ධර්ම සංදේශය සංරක්ෂණය කරන්නේ කෙසේද? සංරක්ෂකයා කවුද? හෑගොඩ විපස්සි ද? ගලගොඩ අත්තේ ඥානසාරද? පිටිදූවේ සිරිධම්මද? නැතිනම් කිරිබත්ගොඩ ඥානානන්දද?
    4. අනෙක් ජාතික උරුම අතර ඇති මාලිගාව, සීගිරිය, දඹුල්ල, අනුරාධපුර, පොළොන්නරු, ගාල්ල යනාදියේ වගකීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික ත්‍රිකෝණය ද දරයි. නකල්ස්, බඹරකන්ද, පිදුරුතලාගල යනාදී තැන් සම්බන්ධ වගකීම පරිසර අමාත්‍යාංශය, වන සංරක්ෂණ හා වනසත්ව අධිකාරීහු දරති.
    ත්‍රිපිටකය සංරක්ෂණය කොට පවත්වා ගැනීමේ වගකීම දරන්නේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවද? එවිට මහානායකලාට හෝ දියවඩන්නාට ඕනෑ ලෙසට හෝ ත්‍රිපිටකය වෙනස් නොවෙනු ඇත් ද?
    ත්‍රිපිටකය යනු කිසිසේත්ම ලංකාවේ පෞද්ගලික බූදලයක් නොවේ. එය ජාතික උරුමයක් කිරීම ත්‍රිපිටකය හෑල්ලු කිරීමකි. ආණ්ඩුව විසින් සිංහල බෞද්ධ නිලය අල්ලා චූන් කිරීමකි.
    පස්වැනිදා මහලොකුවට පැවැත්වූ උත්සවයෙන් පසු ජාතික උරුමයක් බවට පත්වූයේ එතැන ගොඩ ගසා තිබූ පොත් සේල් එක මිසක් බුද්ධ දේශිත සුවාසු දහසක් ධර්මස්කන්ධය නොවන බව දැන්වත් මෝඩ ලංකා-බෞද්ධයන් තේරුම් ගත යුතුය.
    පොත භෞතික/වාස්තවික බැවින් ජාතික උරුමයක් කළ හැකිය. එහෙත් අස්පර්ශනීය ධර්මය ජාතික උරුමයක් වන්නේ කෙසේ ද?
    අඩු තරමින් බහුභාණ්ඩිකව පන්සල්වල තබාගෙන පුස්කන, මීයන් කන, “සියලු පුස්කොළ පොත්” ජාතික උරුමයක් කළා නම් එය කාලෝචිත හා හරවත් තීරණයක් වනු ඇත.
    දැන් ජාතික උරුම ත්‍රිපිටකය කියා පිටිදූවේ සිරිධම්මටද පොත් සෙට් එකක් අච්චු ගැස්විය හැක. ජාතික උරුම ත්‍රිපිටකය හෝල් සේල් දමා, බුක්ෆෙයා එකේදී ඩිස්කවුන්ට් පිට විකිණීමටද පිළිවන! ජාතික උරුම ත්‍රිපිටක ඩීවීඩීද තිබිය හැක.
    ඉනුදු නොනැවතී, ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉල්ලීමක් ද කරන්නට යෑම ඉන්ටර්නැෂනල් ජෝක් එකක් වන්නට නියමිතව ඇත. එය සීගිරිය යනු ලෝකයේ ‘අටවැනි පුදුමය’ යැයි අපි ම පාරම් බාගත්තාට වඩා හාස්‍යයක් වනු නොවනුමාන ය.
    බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ‘ජාතික උරුමයක්’ හෝ ‘ලෝක උරුමයක්’ නොවන බව වටහා ගන්නට තරම්වත් මෙරටේ භික්ෂුන්ට මොළයක් නැතිවීම ගැන අප කම්පා විය යුතුය. ධර්ම මාර්ග ප්‍රතිපදාව බල්ලට ගියත් ත්‍රිපිටකය ජාතික උරුමයක් කොට ආතල් එකක් ගැනීමට අපිට හැකිවිය.

    අහෝ මෝඩ සිංහල බෞද්ධයා!

    රාවය January 18, 2019
    නිමේෂ තිවංකර සෙනෙවිපාල