පාලනයකර ගත නොහැකි වු ජිප් රථයක් දෙදෙනෙකුගේ දිවි අහිමි කරයි
කොට්ටාව, මහල්වරාව ප්‍රදේශයේ අද (12) උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මහරගම සිට කොට්ටාව දෙසට ධාවනය වූ ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
අද උදෑසන 6ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
මහරගම සිට කොට්ටාව දෙසට ධාවනය වූ ජීප් රථයක් සහ ලංගම බස් රථයක් මහල්වරාව හන්දිය අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
අනතුරින් ජීප් රථයේ රියදුරු එම ස්ථානයෙදීම මියගොස් ඇති අතර එහි ගමන්ගත් තවත් පුද්ගලයෙකු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව වාර්තා වන්නේය.
අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු කොට්ටාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.
ජීප් රථයේ වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.




