මගෙ වාසගම තියෙන අය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    අනුරාධ වගේ එකෙක් එලකිරියේ ඇරෙන්න වෙන කොහෙන්වත් දැකලා නෑ මම
    ගෙස් කරන්න බලන්න මගෙ වාසගම මොකක්ද කියල
    සිංහල එකක්
     
    • Like
    Reactions: Ryan08

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    බොලෑ අප්පට සහෝදරවරු ගොඩක් ඉන්නවද? උන්නේ ළමයින්ටත් බොට වගේම කොයිල්ද?
    නෑ බං මං විතරයි :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    මාත් හිතුවෙ එහෙමයි, පස්සෙ එෆ්බී එකේ පොතක් ලියපු එකෙක් හම්බුනා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    මාත් හිතුවෙ එහෙමයි, පස්සෙ එෆ්බී එකේ පොතක් ලියපු එකෙක් හම්බුනා.
    ඉන්ටර්නෙට් එකේ සර්ච් කලාමනං කට්ටිය ගොඩක් ඉන්නව
     

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    බොලෑ අප්පට සහෝදරවරු ගොඩක් ඉන්නවද? උන්නේ ළමයින්ටත් බොට වගේම කොයිල්ද?
    අඩේ එහෙම කියන්න එපා බන්.මොනා උනත් හොද එකානේ
     
    • Love
    Reactions: AnuradhaRa

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    ඔය වගේ මෙලෝ අල බෝලයක් තේරෙන්නෙ නැති කොල්ලෙක් දවසක් කෑම හොයාගෙන කැලේ ගියා. එයාට හම්බුණා, උගුලක අහුවෙලා හිටපු වලි කුකුළෙක්. කොල්ලා වලිකුකුළව බේරගෙන, “අපේ ගෙදරට පලයං“ කියල අත ඇරියා. වලි කුකුළත් බොහොම හදිසියෙං ඉක්මණට ඉක්මණට දුවලා ගියා.

    ඒ උනාට, කොල්ලා ගෙදර ඇවිත් බලනකොට වලි කුකුළා නෑ. ඉතිං එයා අම්මගෙන් ඇහුවා; වෙච්ච සිදුවීම විස්තර කරලා, “කෝ වලි කුකුළා?“ කියලා.

    අම්මා අරූට හොඳට ම බැණලා, හති වැටුනට පස්සෙ කියල දුන්නා, “ආයෙ එහෙම ඔය වගේ දෙයක් දැක්කොත් පිහියෙන් ගහල කපාගෙන අරං වරෙන්“ කියලා.

    ඊළඟ දවසෙ කොල්ලා කැලේට යද්දි දැක්කෙ වැලි හතු වගෙයක්. මූත් ඉතිං අම්ම කිව්ව වගේ පිහියෙන් ගහල කීතු කීතු කරලා අරගෙන ආවා.

    එව්වා උයන්න බැරි තරම් පුංචි කෑලිවලට කැපිල තිබුණු නිසා, අම්මා කියලා දුන්නා; “ආයෙ මේ වගේ දෙයක් දැක්කොත් මුලින් ම උගුල්ලගෙන වරෙං“ කියලා.

    ඊළඟ දවසෙ කොල්ලා දැක්කා ගස් බෙණේක තියෙන මී වදයක්. අනේ ඉතිං අහිංසක කොල්ලා, අම්ම කියපු විදිහට මුලින් ම උගුල්ලගන්න හිතලා, ගහට නැගලා බෙණේ ට අත දැම්මා. මී මැස්සො අර කොල්ලගෙ සරුවාංගේ එක හතර ට අනුපාතයට ඉදිමෙනකං ඇන්නා.

    තමංගෙ පුතාට වෙච්ච වින්නැහිය දැකලා අම්මට හොඳට ම දුකයි. ඉතිං වෙදකං කරලා, සනීප කරගත්තට පස්සෙ අම්මා කියලා දුන්නා; “ආයෙ එහෙම ඒ වගේ දෙයක් දැක්කොත්, ගිණි පන්දමක් හදාගෙන දුම් ගහලා ඉඳපන්...“ කියලා.

    ඉතිං ඊළඟ පාර කැලේට යද්දි කොල්ලට හම්බු වුණා හාමුදුරු කෙනෙක්. අම්ම කියා දුන්න විදිහට ම කොල්ලා ගිණි පන්දමක් අවුලා ගෙන, හාමුදුරුවන්ට දුම් ගහන්න ගිහිං, සිවුරට ගිණි ඇවිළුණා.

    හාමුදුරුවො ජබුක් ගාලා ඇලට වැඩම කරලා, ගින්න නිවාගෙන, අර කොල්ලගෙ පිට හරහට තදින් ම වදාරලා පන්සලට වැඩියා.

    ඔය සිදුවීම අහපු අම්මා කිව්වා, “අනේ පුතේ. හාමුදුරු කෙනෙක් අඳුනගන්න පුළුවන් කහ පාට ඇඳුමෙන්. එහෙම කෙනෙක් දැක්කම මීට පස්සෙ දණ ගහල වැඳපන්“ කියලා.


    ඉතිං ඊළඟ පාර කැලේ ගියාම කොල්ලට මුණ ගැහුණා කොටියෙක්. කොටියගෙ කහපාට ඉරි ඉරි හම දැක්කම කොල්ලා ඌට දණ ගහලා වැන්දා. කොටිය කොල්ලගෙ පිටට පැනලා, මරාගෙන කෑවා.

    බුරුම ජනකතාවක්