
පහුගිය 17 වෙනිදා චීන සංචාරයේ අවසන් දවස ගෙවමින් හිටිය අනුර ඇතුළු කණ්ඩායමට ලංකාවෙන් ලැබුන ආරංචියත් එක්ක දෙකොන රත්වී ගිය බවට කිසිම සැකයක් නෑ.ඒ මහජන උපයෝගිතා කොමිෂමේ නියෝගයක් විදිහට 17 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිධි 20%;කින් විදුලි ගාස්තු අඩුකිරීමට දුන් අවසන් නිවේදනයෙන්.
අනුර චිනයේ ගිහින් ගෙනාවා කියන සයිනොපෙක් ඩොලර් බිලයන 3.7 ක ආයෝජනයේ ගෞරවයෙන් කොටසක් රනිල් සහ කාංචන අනුර ලංකාවට එන්නත් ඉස්සෙල්ලා උදුරගත්තා.ඒ ලැජ්ජාවත් අනුරට තියෙන්න ඇති.ඒක උඩට මේ මරාලයත් කඩාගෙන වැටුනම අනුර කරකවලා අතෑරියා වගේ වෙන්න ඇති.ඇත්තටම ජවිපෙට මේ අකරතැබ්බ සියල්ල සිද්ධ වෙන්නේ එයාලාගේ තියන දේශපාලන කුහකකම සහ බොරුවෙන්ම යන්න හදන තක්කඩි දේශපාලනය හින්දයි.
අපේ රටේ විදුලිබලය සම්බන්ධව අධිකාරී බලය තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලයට.
විදුලි බල මණ්ඩලය යටතේ තමයි රජයට අයිති සියලු ජලවිදුලි,ගල් අගුරු සහ ඩීසල් බලාගාර තීයෙන්නේ.විදුලි බලාගාරවල විදුලි සැපයුම මදි වෙනකොට පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය ලබාගැනීමේ අයිතිය තියෙන්නෙත් විදුලි බල මණ්ඩලයට.විදුලි බල මණ්ඩලය කියන්නේ පහුගිය කාලේ ලොකු මාෆියාවක් ක්‍රියාත්මක උන තැනක්. විශේෂයෙන්ම එතන ජවිපෙ වෘත්තීය සමිති ශක්තිමත්ව තියෙන තැනක්.
පහුගිය කාලය පුරාම රටේ සංවර්ධනයට සහ ජන ජීවිතයේ සාමාන්‍ය පැවැත්මට අවශ්‍ය විදුලි බලය ලබාදීම ජවිපෙ වෘත්තීය සමිතිවල මූලිකත්වයෙන් කරපු වැඩවර්ජන සහ උද්ඝෝෂණ නිසා කඩාකප්පල් වුනා.විදුලි බල මණ්ඩලයේ තිබුණ මේ වෘතීය සමිති මාෆියාව බොහෝ දුරකට පාලනය කළේ හිටපු විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර.හැබැයි ජවිපෙ බලයට පත්වීමත් එක්ක ජවිපෙ විදුලි බල වෘත්තී සමිති නායකයෝ ආයෙත් ජනතාවට පුප්පන්න පටන් ගත්තා.
රන්ජන් ජයලාල් කිව්වේ දැන් පුප්පලා විතරක් නිකං ඉන්නේ නෑ දෂ්ඨ කරන්නත් පටන් ගන්නවා කියලා. රන්ජන් කියපු කතාව තහවුරු කරමින් ජවිපෙ ආණ්ඩුව ඉස්සෙල්ලාම දෂ්ඨ කළේ ජනතාවට. ජවිපෙ ආණ්ඩුවක් යටතේ ජනතාවගේ බිදුලි බිලට සහනයක් නොදී රන්ජන් ජයලාල්ලා හැදුවේ දෙසැම්බර් බෝනස් එක සාක්කුවේ දාන්න.ඒ වෙනුවෙන් වෘත්තීය සමිති හයිය වගේම තමන්ගේ දේශපාලන හයියත් එයාලා පාව්චිචි කරගත්තා. 2023 අවුරුද්දේදී විදුලි බිලට අවස්ථා තුනකදී සංශෝධන සිද්ධවුනා.2024 දී අවස්ථා දෙකකදී ජනතාවගේ විදුලි බිලට සහන දුන්නා.
ඒ සියලුම සහන හම්බවුනේ කජු සියාගේ ආණ්ඩුවෙන්.හැබැයි සහෝදරයාගේ ජනතාවාදී ආණ්ඩුවෙන් කළේ ඔක්තොම්බර් මාසේ දෙන්න තිබුන විදුලි සහනය කප්පාදු කරන එකයි.අනුර ජනාධිපති උනාට පස්සේ ජනතාවට දෙන්න පොරොන්දුවෙලා තිබුන ඉන්ධන සහ විදුලි සහනය ජනතාවාදී ආණ්ඩුවේ සහෝදරවරු ඉතා කුමන්ත්‍රණකාරිව නතර කළා.ඒ මංකොල්ලයට ජනාධිපති ඇතුළු ආණ්ඩුව සහ විදුලිබලය මණ්ඩලය වගකියන්න ඕනි.
මේ අතර පහුගිය ඔක්තෝබර් මාසයේ විදුලි බල මණ්ඩලයයේ නියාමන ආයතනය වන මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල අඩුකිරීමට අවශය යෝජනාව සහ දත්ත ගැලපුම් වාර්තා විදුලි මණ්ඩලය විසින් යැවීම හිතා මාතා පරක්කු කළා.
අවස්ථා කීපයකදී මහජන උපයෝගිතා කොමිෂමෙන් ඒ යෝජනා ඉල්ලුවත් දිගට විදුලි බල මණ්ඩලය කළේ කල් ගන්න එකයි.මෙයාලා සති දෙකෙන් දෙක දිගටම කල් ගත්තා.ජවිපෙ වෘත්තීය සමිති නායකයෝ විදුලි බල මණ්ඩලයේ සභාපතිත් එක්ක එතකුවෙලා කරන්න හැදුවේ ජනතාවගේ විදුලි බිලට දෙන සහනය දින නියමයක් නැතිව කල් දාලා එයාලගේ බෝනස් එක සාක්කුවේ ගන්න.විදුලි බල මණ්ඩලයේ සභාපති කැමතියි ලාභයේ ජනතාවගේ කොටස නොදී තියාගන්න.පෞද්ගලික විදුලි සමාගම්වලින් විදුලිය මිලදී ගන්නකොටයි එයාගේ කරල පැහෙන්නේ.
මේ සම්බන්ධව ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස කිව්වෙත් එයාලට බොනස් දීමේ කිසිම වරදක් නෑ කියලා.
අපි සේවකයන්ට බොනස් දෙනවට විරුද්ධව නෑ. රටේ රාළත් දිගටම කිව්වේ විදුලි බල මණ්ඩලය ලාබ ලබනවා නම් සේවකයින්ගේ බෝනස් එක දෙන්න කියලයි,හැබැයි ඊට ඉස්සෙල්ලා අපේ රටේ විදුලි පාරිබෝගිකයාගේ අයිතිය දීලා ඉන්න කියලයි.මෙතනදී විදුලි බල මණ්ඩලයේ සභාපති සහ විදුලි බල ඇමති රටට බොරු කිව්වා. සාමාන්‍යයෙන් ජවිපෙ ඉන්නේ උපන් ගෙයි බොරුකාරයෝ බව අපි දන්නවා.එත් මෙහෙම අහුවෙන බොරු කියයි කියලා කවුද හිතන්නේ.විදුලි බල මණ්ඩලය කිව්වේ 01% කින් තමයි විදුලි බිල අඩු කරන්න පුළුවන් කියලා.
විදුලි බල ඇමති පාර්ලිමේන්තුවේදී කිව්වේ 37% කින් විදුලි බිල වැඩි කරන්න ඕනි කියලයි.චතුරංග කිව්වේ සුර්ය බල ව්‍යාපෘතිවලින් පස්සේ තමයි 30% කින් විදුලි බිල අඩු කරන්නේ කියලා.මභජන උපයෝගිතා කොමිසමේ නිර්දේශවලට අනුව ආණ්ඩුව පැත්තෙන් දීලා තියන දත්ත වැරදි බව දත්ත ගැලපීමේදී පෙනීගිහින් තියන බව කිව්වා. මහජන උපයෝගිතා කොමිසමෙන් ඒවා නිවැරදිව ගැලපුවාට පස්සේ තමයි පාරිබෝගිකයාට 20% ක සහනයක් දෙන්න පුළුවන් බව තහවුරු වුනේ.ඒක ඇත්ත තමයි ජෙප්පෝ යට ගහගෙන හිටියේ.
ජනාධිපතිවරණයේදී අනුර කිව්වේ විදුලි බිල 30% කින් ක්ෂණිකව අඩු කරන්න පුළුවන් වගේ කතාවක්.මහ මැතිවරණයට එතකොට ඒක
" ඉතාමත් කොටි කාලයක් " බවට පත්වුනා.ජවිපෙ ආණ්ඩුව ගත්තට පස්සේ මේ ඉතාමත් කෙටි කාලේ මුලදී මාස හයක් වෙලා පස්සේ අවුරුදු තුනක් වුනා. විදුලි බල ඇමතිවරයා පැහැදිලිව කිව්වේ 30% විදුලි බිල අඩු කරන්න අවුරුදු තුනක් යනවා කියලා.දැන් විදුලි බල මණ්ඩලයට,විදුලි බල අමාත්‍යාංශයට විතරයක් නෙවෙයි ජනාධිපති අනුර කුමාරටත් මහජන උපයෝගිතා කොමිසමෙන් හොඳ කනේ පාරක් දිලා තියනවා.
ඒක ජනතාව වෙනුවෙන් ජනාධිපතිට සහ ආණ්ඩුව දුන්න කනේ පහරක්.මේ නිර්දේශය ආපු ගමන් විදුලි බල ඇමති කිව්වේ මහජන උපයෝගිතා කොමිෂමේ නිර්දේශ මුදල් අමාත්‍යාංශට ඉදිරිපත් කරලා මුදල් ඇමති දෙන උපදෙස් මත ක්‍රියාත්මක වෙනවා කියලා.එතනත් විදුලි බල ඇමති බැලුවේ ජනාධිපති මුදල් ඇමති නිසා වැඩේ පස්සට දාගන්න.මහජන උපයෝගීතා කොමිෂම ස්ථාපිත කරලා තියෙන්නේ පාර්ලිමේන්තු පනතකින්.මහජන උපයෝගිතා කොමිසමෙන් දෙන්නේ ජනතාව සහ එයාලාගෙන් නියාමනය වෙන ආයතනය කියන දෙකටම අදාල සාධණීය තීරණ.
දැන් පුළුවන් නම් ජනාධිපතිට ඒ දිලා තියන නිර්දේශය ආපිට හරවන්න කියන්න.ඇත්තටම අනුරට ඒක කරන්න බෑ.ඒ නිර්දේශයට අත තියන්න අනුරට සදාචාරාත්මකව බෑ.ඒක නිසා අනුර ඇතුළු ආණ්ඩුවට මේ මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශවලට අනුව විදුලි බිල අඩු කරනවා හැර වෙන කරන්න දෙයක් කරන්න බෑ.ආණ්ඩුව එහෙම කරනවා නම් මේ ප්‍රශ්නය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්වෙන්න එක නවත්තන්න බෑ. ඇත්තටම මේ 20% ක විදුලි සහනය අනුරලා දුන්න එකක් නෙවෙයි.ඒක ආණ්ඩුවෙන් උදුරලා ජනතාවට දුන්න දෙයක්.
ආණ්ඩුව දණ ගස්සලා ජනතාවට දිනා දුන්න දෙයක්.ඒක නිසා මහජන උපයෝගීතා කොමිෂමට මේ රටේ ජනතාවගේ ප්‍රණාමය හිමි වෙන්න ඕනි.ඒ වගේම මහජන උපයෝගීතා කොමිසම ඉස්සරහට ගිහින් ජනතාව වෙනුවෙන් සාක්ෂි ලබාදුන්න සියලුම දෙනාටත් ජනතාවගේ ප්‍රණාමය හිමි වෙන්න ඕනි.ඊළඟට මේ හරහා රටට දැවැන්ත දේශපාලන පණිවිඩයක් දීලා තියනවා.රටේ ස්ථාපිත කරලා තියන මේ නීත්‍යානුකූල ආයතනික ව්‍යුහයන් හරියට පාව්චි කරනවා නම් අත්තනෝමතික ආණ්ඩු දණ ගස්සලා ජනතාවට ජයග්‍රහණ දිනා ගන්න පුළුවන්.
ජවිපෙ හදන්නේ ඒක වෙනස් කරන්න.ඒකට ඉපදෙන්න එපා.ඒ ආයතන රැකගැනීම ජනතාවගේ වගකීමක්.ජවිපෙ කුලී ලියන්නන්ට මේවායේ තියන වටිනාකම තේරෙන්නේ නෑ.තේරුණත් එයාලා ඒක කියනානේ නෑ.එයාදා බලන්නේ අතට එන ගාන ගැන විතරයි.රට ගැන ජෙප්පන්ට සහ බයියන්ට හැගීමක් නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.