පල්ලම් වල neutral (නිවුටල්) එකේ යන්ට එපා

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,311
    113
    ගත්තෙ මෙතනින්...
    https://www.facebook.com/share/p/1HfTUoZmAh/

    වාහනේක හදිසියේ බ්‍රේක් නැති වෙන්නෙ ඇයි ?? (අලුත් පරණ ඕනම එකක මේක වෙන්න පුළුවන් වගේම වෙනවා)

    මේ ලිපිය වාහනයක් පදින ඔයාට හරි අනිත් පැත්තෙ වාඩිවෙලා ඔයාට උපදෙස් දෙන ඔයාහෙ බිරිඳට | සැමියාට හරි අනිවාර්යයෙන් වැදගත් වෙනවා. 😀
    වැදගත් කියල දැනෙනවා නම් Share කරගන්න. මගේ නම් ගම් අවශ්‍ය නෑ..ඔයාලගෙ නමින් කොපි කරගත්තත් මගේ ඇති අමනාපයක් නෑ.. 👍

    ...............
    පහුගිය කාලෙ පුරාම කඳුකර ප්‍රදේශ වල අනතුරු ගණනාවක් සිද්ද වුනා. බොහොමයක් අනතුරු වලට බලපාන්නෙ බ්‍රේක් හෙවත් තිරිංග හදිසියේ ක්‍රියා විරහිත වීම මේ කියන්නෙ එහෙම වෙලාවක වාහනේ නතර කරගන්න විදිය නෙමේ. එහෙම නොවෙන්න වාහනය පදින විදිය ගැන.

    ඔව්, වාහනයක් එකදිගට නුසුදුසු (අධික) ගියරයක කඳු පල්ලමකින් ධාවනය කරද්දි බ්‍රේක් නැතිවීම (brake fade) වෙන්න පුළුවන්. ඔයාගෙ වාහනේ කෝටිකීයද කියන එක මෙතනදි වැඩක් වෙන්නෙ නෑ. මේක ව්‍යාකූල, තර්කසහගත තත්වයක්, එහෙම වෙන්න හේතු තමා මේ..

    1. බ්‍රේක් පද්ධතියට එන අධික උෂ්ණත්වය

    කඳු පල්ලමකින් බර වැඩි වාහනයක් low gear එකකට නොදා, ඉහළ gear එකකින් යනවා නම් engine braking (එන්ජින් එකෙන්ම වේගය පාලනය කිරීම) වෙනස් වෙලා බ්‍රේක් පද්ධතියට වැඩි බරක් යෙදෙන්න පටන් ගන්නවා. එතකොට brake pads & discs තදින් උණු වෙනවා

    ඒ යෙදෙන අධික තාපය නිසා බ්‍රේක් ඔයිල් (brake fluid vaporize) බුබුළු වෙලා brake pressure එක අඩුවෙනවා. සමහර වෙලාවට මේක අපිට දැනෙද්දි පරක්කු වැඩියි.

    ඒ වගේම මේ රස්නය නිසා brake pedal එක soft වෙනවා, braking effect එක අඩු වෙන්න පටන් ගන්නවා. මේ දෙක තුනම එකට උනාම ඉතිං සොරිම තමා.

    2. Engine braking භාවිත නොකිරීම

    Engine braking කියන්නෙ අඩු ගියරයක (low gear) එකකින් යනකොට engine එකෙන්ම වේගය පාලනය කරන ක්‍රමය.
    මේ විදියට එන්ජිම බර ගියර් වල පල්ලම් බහිද්දි brakes වලට ඒක සහනයක් වෙන නිසා උඩින් කියපු කාරණාව සිද්ද වෙන්න තියෙන ඉඩකඩ අඩුයි.

    3. Continuous braking

    Brakes එක දිගට භාවිතා කිරීමත් brake fade එකට හේතු වෙනවා. ඒ වගේ වෙලාවට
    "pumping" or "intermittent braking" හෙවත් බ්‍රේක් වරින් වර භාවිතා කිරීම (brake, release, brake) කරන්න.

    ඔයාගෙ වාහනේ Manual Gear එකක් නම් බෑවුමේ ප්‍රමාණය වගේම වේගය අනුව අඩු ගියර භාවිතා කරන්න. ඒ වෙලාවට එන්ජිමෙන් දැනෙන බර සද්දය ගැටලුවක් නෙමේ.

    ඔයාගෙ වාහනය Auto නම් ගියර් ලිවර් එකේ
    2nd, 1st හෝ L යොදාගන්න. Auto වාහන වල ඒ වගේ ඒවා දීලා තියෙන්නෙ බල බල ඉන්න නෙමේ පාවිච්චි කරන්න.

    සරලවම කිව්වොත් ඔයා ඔටෝ පැද්දත් මැනුවල් පැද්දත් "එක දිගට පල්ලමක එනවනම්" එන්ජින් වේට් එක පාවිච්චි කරලා බ්‍රේක් වලට යෙදෙන බර, පීඩනය අඩුකරගන්න.

    නැතිනම් ඔයාගෙ වාහනේ බ්‍රේක් එක පාරට නැතිවෙන්න ලොකු ඉඩක් තියෙනවා. පල්ලමකදි එහෙම උනොත් අපිට ඔයාව බලන්න වෙන්නෙ TV නිවුස් වලින් තමා.

    Sameera Tharindu Bopage

    ........
    හරිම සරලයි අපි කියලා දෙන්නේ කන්ද නගින ගියර් එකේ හා එම වේගයේ පල්ලම බහින්න. ඔබ ආරක්ශිතයි. ඔටෝ වාහනයක් නම් D එකේ බහින්න එපා ඊට අමතරව 1හා 2 ගියර් තියෙනවා ,2 පාවිච්චි කරන්න. නිදිමත නම් විවේක ගන්න. රියදුරු වට පිට සුන්දරත්වය වැඩක් නෑ වාහනේ එලවන එක ගැන පමනක් අවදානය යොමු කරන්න. (comment එකක තිබුණෙ)
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,529
    14,410
    113
    ඔහොම සාමානයෙන් බ්‍රේක් අවුල් යන පල්ලම් සහිත ප්‍රධාන මාර්ග ලංකාවේ එහෙමටම නැහැ.

    මම ගිහිං තියෙන හැටියට නං එන්ජින් බ්‍රේක් වලින් යන්න ඕනි මාර්ග දෙක තුනයි තියෙන්නේ.

    1) මාවනැල්ල- ගම්පොල හෙම්මාතගම මාර්ගය (අම්බුළුවාව හරහා)
    2) වැලිමඩ - නුවරඑලිය ගලහාගම හරහා මාර්ගය (වැලිමඩ -කොළඹ 79 පාර මැදවෙල ගලහාගම හරහා) (බෝඹුරුඇල්ල දියඇල්ලට යන)

    බෙරගල - හපුතලේ, නුවරඑළිය - ගම්පොළ , හැටන් - කොළඹ මාර්ගය වගේ තැන් සාමාන්‍ය පාරවල්. ඔවාගේ සාමාන්‍ය විදියට යන්න පුළුවන්.
     
    Last edited:

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    ඔහොම සාමානයෙන් බ්‍රේක් අවුල් යන පල්ලම් සහිත ප්‍රධාන මාර්ග ලංකාවේ එහෙමටම නැහැ.

    මම ගිහිං තියෙන හැටියට නං එන්ජින් බ්‍රේක් වලින් යන්න ඕනි මාර්ග දෙක තුනයි තියෙන්නේ.

    1) මාවනැල්ල- ගම්පොල හෙම්මාතගම මාර්ගය (අම්බුළුවාව හරහා)
    2) වැලිමඩ - නුවරඑලිය ගලහාගම හරහා මාර්ගය (වැලිමඩ -කොළඹ 79 පාර මැදවෙල ගලහාගම හරහා) (බෝඹුරුඇල්ල දියඇල්ලට යන)

    බෙරගල - හපුතලේ, නුවරඑළිය - ගම්පොළ , හැටන් - කොළඹ මාර්ගය වගේ තැන් සාමාන්‍ය පාරවල්. ඔවාගේ සාමාන්‍ය විදියට යන්න පුළුවන්.
    ඇයි නුවරඑළිය - තලවකැලේ අතර රදැල්ල ෂෝට් කට් එක ?
    එතකොට හැටන් ඉදන් ගිනිගත්හේනට ?
     
    • Like
    Reactions: Little Hulk

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,683
    741
    113
    Kandy
    ඔහොම සාමානයෙන් බ්‍රේක් අවුල් යන පල්ලම් සහිත ප්‍රධාන මාර්ග ලංකාවේ එහෙමටම නැහැ.

    මම ගිහිං තියෙන හැටියට නං එන්ජින් බ්‍රේක් වලින් යන්න ඕනි මාර්ග දෙක තුනයි තියෙන්නේ.

    1) මාවනැල්ල- ගම්පොල හෙම්මාතගම මාර්ගය (අම්බුළුවාව හරහා)
    2) වැලිමඩ - නුවරඑලිය ගලහාගම හරහා මාර්ගය (වැලිමඩ -කොළඹ 79 පාර මැදවෙල ගලහාගම හරහා) (බෝඹුරුඇල්ල දියඇල්ලට යන)

    බෙරගල - හපුතලේ, නුවරඑළිය - ගම්පොළ , හැටන් - කොළඹ මාර්ගය වගේ තැන් සාමාන්‍ය පාරවල්. ඔවාගේ සාමාන්‍ය විදියට යන්න පුළුවන්.
    Wilgamuwa elawana kanda
     
    • Like
    Reactions: Little Hulk