මචන්ලා, ලංකාවේ Hosting කරන සෙට් එකක් එක්ක වැඩ කරලා මම දැන් හොඳටම හෙම්බත් වෙලා ඉන්නේ. මුන් කරන අමන වැඩ ගැන උඹලවත් දැනුවත් වෙන්න ඕනේ නිසා මේක ලියන්නේ. මම තැන් තුන හතරකින්ම ඇරගත්තා.
මගේ අත්දැකීම් කෙටියෙන්:
මචන්ලා, උඹලටත් මෙහෙම ඇරිලා තියෙනවා නම්, උඹලා කාපු කටුත් මෙතන කොටාගෙන යමු. ලංකාවේ මේ වගේ වෙසිගේ පුතාලගෙන් හෝස්ටින් ගන්න එපා!
මගේ අත්දැකීම් කෙටියෙන්:
- පළවෙනි එක: Shared Hosting එකක් ගත්තා. සති දෙකෙන් කියනවා මම Spam යවනවලු, ඒ නිසා සයිට් එක අයින් කරගන්නලු. කිසිම Proof එකක් නැහැ. රිෆන්ඩ් එකත් ඉල්ලුවාම දුන්නේ නැහැ.
- දෙවෙනි එක: තව එකෙක්ගෙන් ගත්තා, ඒක පට්ටම Slow. ඇහුවාම කියනවා Resource Limit වෙලාලු. මූ නම් අවුලක් නැතුව රිෆන්ඩ් එක දුන්නා.
- තුන්වෙනි එක: VPS එකක් ගත්තා. මම නිකන් ප්රශ්නයක් ඇහුවා විතරයි මුන් කියනවා මම Port Scan කරනවලු. පැය කිහිපයකින් සයිට් එක මකනවා කියලා තර්ජනය කරා. රිෆන්ඩ් එකක් ගැන කතාවක්වත් නැහැ.
මුන්ගේ තියෙන "බලු" පොදු ලක්ෂණ ටික:
- වෘත්තීය මට්ටම (Professionalism) බින්දුවයි: සපෝට් එකට මැසේජ් එකක් දැම්මම "මචං", "අනේ මන්දා", "බලමු ඉතින්" වගේ වචන පාවිච්චි කරන්නේ. හරියට අපි උන්ගෙන් නිකන් හෝස්ටින් ඉල්ලනවා වගේ.
- English බැරිකම වහගන්න ChatGPT/Translate පාවිච්චිය: මුන්ට ඉංග්රීසි බෑ. ප්රශ්නයක් ඇහුවම මොකක් හරි ChatGPT එකෙන් හරි Google Translate එකෙන් හරි කොටපු විකාරයක් එවන්නේ. අගක් මුලක් තේරෙන්නේ නැහැ.
- පට්ට ඔළුවෙන් කතා කරන්නේ: දෙයක් ඇහුවාම මහා ලොකු ටෙක්නිකල් වැඩ්ඩෝ වගේ තමයි කතාව. හැබැයි ලොග් එකක් බලලා ඉෂු එකක් හොයාගන්න තරම් දැනුමක් නැහැ.
- සපෝට් එක අන්තිමයි: ටිකට් එකක් දැම්මොත් දවස් ගණන් බලන්නේ නැහැ. කෝල් කරාම එක්කෝ පාරේ, නැත්නම් වෙන ජොබ් එකක් කරන ගමන් ඉන්නේ.
- බොරු හේතු දාලා සයිට් අයින් කරනවා: මුන්ට ඉෂු එකක් විසඳගන්න බැරි වුණාම ලේසිම ක්රමය තමයි "Spam යනවා" හරි "Port Scan කරනවා" හරි කියලා පාරිභෝගිකයාට බැනලා සයිට් එක අයින් කරන එක.
- කැපෑසිටි එකට වඩා විකුණනවා (Overselling): එක සර්වර් එකකට ඔරොත්තු නොදෙන තරම් සයිට් ඔබනවා. අන්තිමට සයිට් එක ස්ලෝ වුණාම කියන්නේ අපේ වැරැද්දක් කියලා.
මචන්ලා, උඹලටත් මෙහෙම ඇරිලා තියෙනවා නම්, උඹලා කාපු කටුත් මෙතන කොටාගෙන යමු. ලංකාවේ මේ වගේ වෙසිගේ පුතාලගෙන් හෝස්ටින් ගන්න එපා!