ඔස්ට්‍රේලියාවෙ නම් ඉතින් ආතල් එකේ අපිට ඕනෙ ඕනෙ විදිහට කම්පනි මාරු කරනව නම්බර් එක තියාගෙනම.
ඒක නිසා මෙහෙ සිම් කම්පනි සෙල්ලම් දාන්න එන්නෙ නෑ.
ඒ වගේ පොඩි පොඩි දේවල් උනත්, ජීවිතේ නිදහසේ ගෙවන්න ඕනෙ දේවල් ගොඩක් ඔස්ට්‍රේලියාවෙ තියෙනව,
ඒක නිසා හරිම නිදහස් ආස හිතෙන රටක් ඔස්ට්‍රේලියාව

.
මේ ලගදි සබ්ස්ක්‍රිප්ශන් බෑන් කලා. ඒ කියන්නෙ හැම රෙද්දටම සබ්ස්ක්‍රිප්ශන් ගන්න කියනවනෙ. ඒක ඔස්ට්‍රේලියාවෙ බෑන් කලා.
එහෙම ගන්න බෑ මිනිස්සුන්ට කරදරයි. සබ්ස්ක්‍රයිබ් කලාම කැන්සල් කරන්නත් අමාරුයි. ඒක නිසා අපි ඒක නවත්තනව කියල.
විකුනනව නම් එක පාර ගානක් අරන් විකුනන්න කියල. එතකොට වෙන්නෙ උන්ට ලොකු ගනන් වලට විකුනන්නත් බෑ, පොඩි ගානක් අරන් ජීවිත කාලෙටම දෙන්න වෙනව.
උන්ට ඒක පාඩු නෑ, සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නෙ ඉතින් අමතර ගානක් හූරන්නනෙ.
නීතිය පාස් කරල ඒක ඇක්ටිව්, ඒත් තාම හරියටම බලාත්මක නෑ, මොකද සබ්ස්ක්‍රිප්ශන් දෙන කම්පනි වලට ටික කාලයක් දීල තියෙන්නෙ තමන්ගෙ පැකේජ වෙනස් කරගන්න කියල.