ElaKiri.com Galle Agent

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ එලකිරි අඩවියේ ගාල්ල ප්‍රදේශයේ ඒජන්තවරයෙක් කෙනෙක් ඉන්නවා කියලා ඔයාලා සමහර විට ඔයාලා දන්නේ නැතුව ඇති. :P මෙයා නිල ඒජන්ත කෙනෙක් නෙමෙයි. එලකිරි අඩවිය ගාල්ල ප්‍රදේශයේ ගොඩක් ජනප්‍රිය කරන්න හදපු කෙනෙක්. මෙයාගෙන් එලකිරි අඩවිය ගැන අහගෙන ගාල්ලේ ගොඩක් අය එලකිරි අඩවියත් එක් එකතු වෙලා තියනවා. ගාල්ලේ රාජ්‍ය ආයතනවල පවා එලකිරි අඩවිය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත් වෙලා තියෙන්නේ මේ අපේ සහෝදරයා නිසයි.

    අදත් කට්ටියට පොඩි දැණුවත් කිරීමක් කරලා යන්න කියලා හිතුවා අපේ තවත් පැරණි සාමාජිකයෙක් ගැන. අද මේ කියන්න යන්නේ අපේ chamikawp සහෝදරයා ගැන.

    image.php


    මෙයා ගැන කියනවා නම්, මෙයා සතියට ඔෆිස් එකේ වැඩ කරන පැය ගානට වඩා OT පැය ගාන වැඩියි. කොයි වෙලේ බැලුවත් OT OT. ඒ වගේම එලකිරි එකේ සාමාජිකයෝ ගාල්ලේ යනවා නම් ඉස්සෙල්ලාම කියන්නේ මෙයාට තමා. විශේෂයෙන් මෙයා කපල්ස් වලට ගොඩක් උදවු කරනවා. එලකිරි සාමාජිකයෝ තමන්ගේ පෙම්වතියන් සමඟ ගාල්ලේ යනවා නම් උදවු කරන්න චාමික එක පයින් සූදානම්. ඒ ඔක්කොම FOC තමා. ඒ වගේම ගාල්ලේ කොටුව පෙම්වතුන්ට තහනම් කලාපයක්. ඒත් අපේ චාමිකට ගාල්ලේ කොටුවට පෙම්වතුන් ගෙනියන්න විශේෂ අවසරයක් තියනවා කියලා ආරංචි උනා. පසුගිය දවසකත් අපේ ප්‍රසිද්ධ එලකිරි සාමාජිකයෙක් තම පෙම්වතිය සමඟ ගාල්ලේ ගිය වෙලේ චාමික බොක්කෙන්ම සප් එක දුන්නා කියලා ආරංචියක් ආවා.

    ඒ වගේම ගාල්ලේ උප්පැන්න සහතිකේ ඉඳන් මරණ සහතිකේ වෙනකන් ඕනෑම එකක් හදාගන්න යනවා නම් යන්න ඕනෑ මෙයා ගාවට තමා. දවසක් එලකිරි අඩවියේ සිහියෙන් ඉන්න වෙලාවක උප්පැන්න සහතිකයක ස්ත්‍රී/පුරුශ භාවය වැරදියට ලියලා ගුටිත් කන්න ගිහින් අනූ නවයෙන්ලු බේරුනේ.

    ඒ වගේම තමයි සයිට් එකේ වැඩක් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මෙයා සූදානම්. හදිස්සියේ මොකක් හරි ත්‍රෙඩ් එකකට පොටෝ එක් අරගෙන එවන්න කියලා කිව්වත් නිවාඩු දාගෙන හරි ගිහිල්ලා වැඩේ කරන්න මෙයා රෙඩි පිට ඉන්නේ.

    චාමිකට තියනවා බයිසිකලයක්.

    122996073_6c502ea10f.jpg



    මුගේ ගෙදර ඉඳලා ඔෆිස් එකට එන්න මූට යන්නේ විනාඩි 05යි. ඒ උනාට 7:30 ට වැඩ පටන් ගන්න ඔෆිස් එකට ගෙදරින් එනවා මූ 7ට විතර. ඉස්කෝල ටයිම් එකනේ. බයිසිකලේ එන ගමන් පාරේ ඉස්කෝලේ යන ගෑණු ළමයින්ට බයිසිකලේ බැල් එක ගහගෙන පොඩි වැඩ පාරක් දාගෙන එන්න මෙයා හරි ආසයි.

    Old_Bicycle_Bell_1.jpg



    ඒ වගේම අපේ තවත් ප්‍රසිද්ධ එලකිරි සාමාජිකාවකට මාලු ඇඹුල් තියල් කන්න දොලදුකක් ඇවිත් චාමිකම මුහුදු ගිහින් මාලු අල්ලලා සුද්ද කරලා ඇඹුල් තියල් හදාගෙන කොළඹ ගේන්න ලෑස්ති උනා කියලා කවුදෝ කෙනෙක් මට කිව්වා. :rolleyes:

    මේ ඔක්කොම දේවල් අස්සේ චාමික ඕං හිමින් හිමින් පෝස්ට් 2000 ගහන්න යන්නේ. 2008 එලකිරි අඩවියට එකතු වෙච්ච මේ සහෝදරයා හිමින් හිමින් 2000 ගැහුවත් තව තව වැදගත් ත්‍රෙඩ්ස් දාන්නත් වැඩි වැඩියෙන් තැපැල් කෑලි ගහන්නත් ලැබේවා කියලා අපි සුභපතමු.

    congratulations_myspace_graphics_02.gif

     
    • Like
    Reactions: shenl

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    baicikale seen ekai malu ambul thiyal ekai elama :D

    digatama malu allapan machan chamika :)
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    appe hebeta ..... congradz...... eth mr perera mata podi dukak thiyenwa ... mokada ogollonge yaluwonta witharai ogollo congradz daane.. api EK eke idala eke eke godak valuable thread kalath 1000k thiya 2000k gehuwath melo pili genimak ne :lol: kamk ne ithin... mata EK eke frnd list eke kattiya adui .. anika danna kiyana yaluwo dennkta inne santai/ qteie witharai .... e nisa ithin mukuth kiyanth be .. ogollo man gena daneth nene .... kohoma wunath EK eke inna lebima gena sathutui :D
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Chamikawp elama kolla wadiya ona na mawa balanna mataratama awa elama kolla tawa tawa EK eke kota kota inna onna mama bokkenma wish karanawa, machan lagadima api cycle eken bike ekata maru wemu neda 2500 wadi una gaman ela ela comgratz bro


    congratulations.jpg
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    appe hebeta ..... congradz...... eth mr perera mata podi dukak thiyenwa ... mokada ogollonge yaluwonta witharai ogollo congradz daane.. api EK eke idala eke eke godak valuable thread kalath 1000k thiya 2000k gehuwath melo pili genimak ne :lol: kamk ne ithin... mata EK eke frnd list eke kattiya adui .. anika danna kiyana yaluwo dennkta inne santai/ qteie witharai .... e nisa ithin mukuth kiyanth be .. ogollo man gena daneth nene .... kohoma wunath EK eke inna lebima gena sathutui :D

    එහෙම එකක් නෑ මචං. දැක්කා නම් අනිවාර්යෙන්ම දානවා. මේකෙ ඉන්න හැමෝම මගේ යාළුවොන්ටත් වඩා සහෝදරයෝ වගේ. උඹලා මගේම සහෝදරයෝ වගේ. කිසිම කෙනෙකුට පිළිගැනීමක් නෑ කියන්න බෑ මචං. මේකේ හැමෝම සයිට් එක වෙනුවෙන් ඇවිත් යමක් කරනවා. හැම කෙනෙක්ම එක වගේ වටිනවා යාළුවා. උඹේ 2000ට මම සුභ පතනවා.

    11.gif
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    එහෙම එකක් නෑ මචං. දැක්කා නම් අනිවාර්යෙන්ම දානවා. මේකෙ ඉන්න හැමෝම මගේ යාළුවොන්ටත් වඩා සහෝදරයෝ වගේ. උඹලා මගේම සහෝදරයෝ වගේ. කිසිම කෙනෙකුට පිළිගැනීමක් නෑ කියන්න බෑ මචං. මේකේ හැමෝම සයිට් එක වෙනුවෙන් ඇවිත් යමක් කරනවා. හැම කෙනෙක්ම එක වගේ වටිනවා යාළුවා. උඹේ 2000ට මම සුභ පතනවා.

    11.gif

    aniwa defa
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇඹුල්තියල් ඕනා කාටද..? අපිටත් ගේන්න බැරියැ...
    චාමිකට සුභපැතුම්, ඔය පැත්තෙ එන්නම්කෝ කෙල්ලෙක් හොයාගත්ත දවසට