දුම්බීමෙන් ඇතිවන බලපෑම් – Smoking effects
සිංදුව අහන ගමන්ම කියවන්න..එතොකට කමිමැලි නෑ...
http://www.youtube.com/watch?v=PmMezuUq9hI
http://www.youtube.com/watch?v=PmMezuUq9hI
ශ්වසන පද්ධතියේ යහපත් ක්‍රියාකාරිත්වය නිරෝගී දිවියකට වැදගත් වේ. ශ්වසන පද්ධතියට ආබාධ ඇති කිරීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ දුම්බීමයි. එබැවින් අපි අද දුම්බීමෙන් ඇතිවන බලපෑම් විමසා බලමු.
1.සක්‍රිය දුම්බීම - කෙලින්ම දුම්බොන පුද්ගලයාගේ දේහයට දුම් ඇතුළු වීමයි.
2. අක්‍රිය දුම්බීම - දුම්බොන පුද්ගලයකු අසල සිටින පුද්ගලයන්ගේ දේහවලට එම දුම් ඇතුළු වීමයි.
සිගරට් දුම්වල අඩංගු විවිධ වර්ගයේ සංයෝග නොයෙකුත් ආකාරයට ශ්වසන පද්ධතියට බලපායි. සිගරට් දුමෙහි නිකොටින්(Nicotine) ,කාබන් මොනොක්සයිඩ්(CO), තාර සහ වෙනත් දේහයට අහිතකර වායුමය සංයෝග ගණනාවක් අඩංගු වේ.
1. සිගරට් දුම් උද්දීපකයක් ලෙස ක්‍රියා කරමින් ශ්වසන මාර්ගයේ ඇති "කලස් සෛලවලින්" වැඩිපුර ශ්ලේෂ්මල ස්‍රාවය කරවයි. එමනිසා ශ්වසන මාර්ගය අවහිර වීමෙන් හුස්ම ගැනීම අපහසු වේ.
2. නිකොටින් ශ්වසන මාර්ගයේ ඇති පක්ෂ්ම විනාශ කරයි. එවිට අපද්‍රවය බැක්ටීරියා සහ ශ්ලේෂ්මල ආදිය රැදීමෙන් ශ්වසන වායු ධාරාව අවහිර කරයි.
3. නිකොටින් ඉතා කුඩා අනුශ්වාසනාලිකා සංකෝචනය කරන බැවින් හුස්ම ගැනීමට ඇතිවන ප්‍රතිරෝධය වැඩිවේ.
4. පක්ෂ්මවල ක්‍රියාව නතර වීමෙන් විවිධ අංශු බැක්ටිරියා පෙනහලු තුළ එකතු වේ. එම ද්‍රවය් විනාශ කිරීම සදහා ක්‍රියාකාරී වන භක්ෂක සෛලවලින් නිපදවන එන්සයිම මගින් ගර්ත පටකය විනාශ වී වායු හුවමාරු වන පෘෂ්ඨය අඩුවේ.
5. කාබන් මොනොක්සයිඩ් හිමොග්ලොබින් සමග අප්‍රතිවර්ත ලෙස බැදී රුධිරය මගින් ඔක්සිජන් පරිවහනය අවහිර කරවයි.
6. සිගරට් දුමට දිගු කාලයක් නිරාවරණය වීමෙන් ශ්වාසනාලිකා අපිච්ඡදයේ සෛල අසාමානය ලෙස ගුණනය විය හැක. මේවායින් පිළිකා ඇති විය හැක. නැතහොත් සිගරට් දුමෙහි අඩංගු මීතයිල්කොලැන්ත්‍රීන්(Methylcolanthrene) ශ්වසන පද්ධතියේ සෛලවල DNA විකෘති ඇති කරයි. එමගින් සෛල විභාජනය පාලනය නොවී වේගවත්ව ගුණනය වී පිළිකා ඇතිවේ.
එබැවින් ඔබ ඉහත සදහන් කළ කවර අකාරයක හෝ දුම්බොන්නකු වේනම් ඉන් මිදීමට තීරණය කරගන්න.
Last edited:

