බල්ලව අනිත් බල්ලෝ එක්ක , මිනිස්සු එක්ක සෝශල් කරපන් මචන්.
ඒ කිව්වේ බල්ලා එක්ක ඇවිදින්න පලයන් හැමදාම හොදට ඇගට දැනෙන්න.
එක එක පාරවල් වල රෑට ඇවිදින්න පලයන් මචන්.
ඔහොම වෙනවා මචන් පොඩි කාලේ ඉදන් කූඩුවේ දැම්මාම.
පොඩි කාලේ වරදක් කරද්දි පොඩ්ඩක් සැර කරලා හැදුවානම් ඕක ලේසියි හදන්න.
රිදෙන්න හපන්නේ නැතුව හපන්නේ මචන් ආදරේට , උබලගේ අවධානය ඌට වැඩිපුර ඕන උනාම මචන්.
ඒකයි.
හැමදාම ඇවිදින්න එක්කන් පලයන්.
ගොඩක් ලොකු වෙනසක් තියනවා ඕකෙන්.
අනිත් එක ඌව අතගානකොට ඌ හපන්න ගත්තොත් ඌගේ ඔලුවට එක ඇගිල්ලකින් පාරක් ගහපන්.
ඒ කරලා ඔලුව අතගාපන්.
ඒත් හපනවානම් කටට ගහපන් එක ඇගිල්ලකින්.
ටිකක් සැරට ගහපන් එක ඇගිල්ලකින්.
ඔහොම ඔහොම මාසයක් කරපන්කෝ.
දවසට පාරක් පුලුවන්නම් යෝගට් එකක් කන්න දීපන්.