නවකවදයේ තවත් අප්‍රකට ඛේදවාචකයක්
සටහන - නලින් සුබසිංහ
දුප්පත් පවුලක තරුණයකු වූ ඩී.කේ. නිශාන්ත අගුණකොළපැලැස්ස මහානාග ජාතික පාසලෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළු වූයේ 2011 වසරේදීය.
ඔහු සරසවියට ඇතුළු වී ටික දිනකට පසු රාත්‍රි කාලයේ විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවක් අසල සිසුවෙකු බිම ඇද වැටී සිටිනු දුටු පිරිසක් ඔහුව රෝහල් ගත කරන ලදී. රෝහලේ අනාවරණය වූයේ නවකවදය ඔස්සේ මේ සිසුවා බරපතළ ලිංගික අතවරයකට ලක් කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණයේ සිසුන් තිදෙනෙකුට විරුද්ධව නඩුවක් පැවරුණු අතර ප්‍රධාන සාක්ෂිකරුවා වූයේ රෝහල් ගත කළ සිසුවා සමඟ මාකස් ප්‍රනාන්දු ශාලාවේ එක කාමරයේ සිටි නිශාන්තයි. චූදිතයන් මහාධිකරණයේදී වරද පිළිගත් අතර ඔවුනට වසර දෙකක සිර දඬුවම් හිමි වුවත් එය වසර පහකට අත් සිටු විය. ලිංගික අතවරයකට ලක් වූ සිසුවාට මුදලින් රුපියල් ලක්ෂ 10ක් ගෙවීමටද ඔවුනට නියම විය.
පසුව ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය යුතු ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමය කළේ සිය පීඨයේ සිසුන්ගේ මහපොළ ආධාර එකතු කර අර මහාධිකරණයෙන් වරදකරුවන් වූ සිසුන් තිදෙනාගේ දඩ මුදල් ගෙවා දැමීමයි.
මේ අතර ලිංගික අතවරයකට ලක්වූ සිසුවාත්, සාක්ෂි දුන් නිශාන්තටත් සරසවිය තුළ අධ්‍යයන කටයුතු කිරීමේ වාතාවරණයක් නොවූ අතර ඔවුනට සිදු වූයේ සරසවිය හැර දමා යාමටයි. ඒ අනුව සිද්ධියෙන් සැබෑම දඬුවම ලැබුණේ නවකවදය මුවාවෙන් ලිංගික අතවර කළ සිසුන් තිදෙනාට නොව ඔවුන් දෙදෙනාටය. (වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියක්" ද ඇති ලංකාවේ ඇති බවද මෙහිදී මතක් කළ යුතුය.)
මානව ශාස්ත්‍ර පීඨයෙන් උපාධියක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පේරාදෙණියට පැමිණි නිශාන්තට ඉන්පසු නැවත ගමට යාමටද නොහැකි වූ අතර ඔහුට සිදු වූයේ කොළඹ වරායේ ලොරි සහායකයකු ලෙස ජිවිකාව කිරීමටයි.
එසේ සිටියදී 2014 වසරේ දිනකදී නිශාන්ත අතුරුදහන් විය. ඔහු ලැගුම් ගෙන සිටි බාප්පාගේ නිවසේ වූ අතර බාප්පා කඩවත පොලිසියට පැමිණිල්ලක් කළේය. කලක් ගත වන තෙක් ආරංචියක් නොවීය
මේ අතර කලකට පසු පුහුණුවක් සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මාකස් ප්‍රනාන්දු ශාලාව අසළින් වනාන්තරයට ඇතුළු වූ බාලදක්ෂ සිසුන් පිරිසකට වන මැද ගසක එල්ලී මිය ගිය අයෙකුගේ බෙහෙවින් කුණු වී ගිය සිරුරක් හමු විය. ඒ සිරුර ඩී.කේ. නිශාන්තගේ බව හඳුනා ගනු ලැබුණේ මුදල් පසුම්බියේ වූ හැඳුනුම් පතිනි.
දහසක් බලාපොරොත්තු ඇතිව පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැමිණ එහිම ගසක එල්ලී අවසන් ගමන ගිය නිශාන්තට අවසන් මොහොතේ කුමන ආකාරයේ වේදනාවක් දැනෙන්නට ඇතිද?