Best Car Insurance

Best car insurance

  • SLIC

  • Fairfirst

  • Ceylinco VIP

  • People's Insurance

Results are only viewable after voting.

netnet

Well-known member
  • Oct 6, 2016
    9,297
    8,058
    113
    Ceylinco tamai okkoma wahana walata danne ..

    karadarayak nee kiyana nisa..tawama claim aran netha
    Ceylinco vip - 165 ( without Natural disaster ) 12m

    CLIC 125-145 ( Premium with Natural disaster ) 12m

    mokakda danne kiyala me balanawa :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    hadisiyakata Claim karanna yanava nam Ceylinco thama . Ehema naethnam SLIC

    Fair First wage Scam walata nam salli dana eka boru wedak
    Ita wada hodayi 3rd Party ekak daganna eka
     
    • Like
    Reactions: netnet

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,558
    1,631
    113
    eka nam atta mchan

    Natural disaster eka ona naha neda ban. eka nathiwa 168 ( full 205000)
    ------ Post added on Jan 1, 2026 at 1:15 PM
    Ehama koyannath ba ne bn. Ape ekekge @DH ekak udata gahak watuna. Iwaraine ithn
     
    • Sad
    Reactions: netnet

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Please comment your experience machn !
    දැනට තිබෙන සෑම රක්ෂණ ආයතනයකටම මේ කොන්දේසි අදාල වෙනවා. ප්‍රතිශත හා ගණන් හිලවු පමණක් වෙනස් විය හැකියි.

    අනතුරකදී ඔබේ වාහනය පරීක්ෂා කරන රක්ෂණ නියෝජිතයා ෆෝරම් තුනක් ලබාදෙනවා. ඔබ මේ කොළ පුරවා එකක් සතුව තබාගෙන අනික් දෙකෙන් එකක් රක්ෂණ ආයතනයට හා අනික වර්ක්ෂොප් එකට ලබාදිය යුතුයි. ඇතැම්විට රක්ෂණ නියෝජිතයා රක්ෂණ ආයතනයට මෙය බරදෙන්නම් කියා රැගෙන යනවා. එය ඔවුන්ට ලැබී ඇත්දැයි පසුව දුරකථන ඇමතුමක් මගින් සහතික කොට ගන්න. මෙම ක්ලේම් ෆෝරම් භාර නොදී සිටියහොත් ගෙවන්නේ නැහැ.

    පොලිස් වාර්තා අවශ්‍ය යැයි ඔවුන් තීරණය කරන අනතුරකට පොලිස් වාර්තා නොදුන්නොත් වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. කවුරු කිව්වත් Hit and Run අනතුරකදී පොලිසි වාර්තාව එදිනම ලබා ගත යුතුයි. පසුව ලබාගන්න බැහැ. එමනිසා එවැනි සිදුවීමකදී පළමුව එය ලබාගන්න. නැතිනම් පොලිසි වාර්තාව නැතැයි වන්දි ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා.

    මත්පැන් පානය කර අනතුරක් වුවහොත් ගෙවන්නේ නැහැ.

    වාහනේ ලීසිං ඇරයස් එකක් තිබෙනවා නම් ඒක පියවනකම් ක්ලේම් එක ගෙවන්නේ නැහැ.

    අඩුවෙන් රක්ෂණය කලවිට ගෙවන වන්දියෙන් 40% ප්‍රමානයක් අඩු වෙනවා. ඒ කියන්නේ අදාළ රක්ෂිත වසර තුල තක්සේරු කල වෙළදපල වටිනාකමට වඩා අඩුවෙන් රක්ෂණය කර තිබීමයි. මේක වලක්වගන්න නම් හැම අවුරුද්දකම වාහනේ වෙළදපල වටිනාකමට රක්ෂණය කරන්න ඕනේ. වෙළදපලේ නිතරම පාහේ වාහනවල වෙළදපල වටිනාකම වෙනස් වෙනවා. එපරිද්දෙන් දිනපතා හෝ මාස්පතා රක්ෂිත වටිනාකම වෙනස් කළ නොහැකි නිසා වාහනේ රක්ෂණය කරන දවසට තියෙන අගය තමයි වෙළදපල වටිනාකම කියල ගන්නේ. ඊලග අවුරුද්දේ රක්ෂණය අලුත්කරනකොට තියෙන වෙළදපල වටිනාකම තමයි එදාට ගන්නේ. සමහරු නොදැනුවත්කම නිසා හෝ රක්ෂණ නියෝජිතයා මේක කියන්නේ නැතිවීම නිසා වාහනේ පලවෙනි පාර රක්ෂණය කල වෙළදපල වටිනාකම වෙනස් කරන්නේ නැහැ. මේක ඔබේ රක්ෂණ නියෝජිතයා හා කතාබහ කරලා කරගන්න. තව සමහර රක්ෂණ නියෝජිතයන් තමන්ගේ ටාගට් ගහන්න හෝ කස්ටමර් රදවාගන්න අන්ඩර් ඉන්සුරන්ස් කලාට ප්‍රශ්නයක් නැහැ කිව්වත් අනතුරක් වෙලා ගෙවනකොට ක්ලේම් එකෙන් අඩුවෙලා තමයි එන්නේ.

    වාහනය නිෂ්පාදිත වර්ශයේ ඉදල අවුරුදු 5ක් හෝ ඊට වඩා පරණ නම් වන්දියෙන් 5% අඩු වෙනවා.

    ඔවුන් වාහනේ පරීක්ෂා කර ඇතැම් අලාභහානි, මීට පෙර සිදුවූ අලාභහානි ලෙස තීරණය කරනවා නම් එම අලාභහානි වලට ගෙවන්නේ නැහැ.

    අයිතිකරු විසින් දැරිය යුතුයි යැයි ඔවුන් නම් කරන ඇතැම් අලාභහානි හා ස්පෙයාර් පාර්ට්ස් වලට යම් ප්රතිශතයක් අඩු කරනවා. එම අලාභහානි පිළිසකර කිරීමේදී අදාල කාර්යයට රක්ෂන ආයතනය ගෙවන්නේ එම ප්රතිශතය අඩු කරලයි. ඉතිරි මුදල ගෙවිය යුත්තේ ඔබයි.

    තව ක්ෂය වන දේවල් වලට කරන අඩුකිරීම් විය හැකියි.

    වාහනය ෆුල් ඉන්සුරන්ස් කිව්වත් ගංවතුර, ගිනි, සොරබිය වගේ ආවරණ හා කොන්දේසි ගනනාවක් තිබෙනවා. අදාළ ආවරණ හා කොන්දේසි සපුරා නැතිනම් ඒවාට අදාල වන්දි මුදල් හම්බෙන්නේ නැහැ හෝ නොලැබිය හැකියි.
    ගිනිගැනීමකදී ගිනි ආවරණය නැතිනම් වන්දි නොලැබිය හැකියි.
    ඉදිපස වීදුරුවලට වන ආවරණයෙදී වීදුරුව ඇතුළතින් කැඩී ඇතිනම් වන්දි නොලැබිය හැකියි. උදාහරණ - වීදුරුව ඇතුළතින් කැඩී ඇති විට පාරිභෝගිකයා ඩෑෂ්බෝඩ් එක උඩ කකුල තියන් ගොස් ඇති බවට තහවුරු වීමකදී.
    රියදුරකු නොමැතිව වාහනය ධාවනය වීමේදී අනතුරක් වූ විට වන්දි නොලැබිය හැකියි. උදාහරණ - කන්දක වාහනය නිවුට්‍රල් කර නවත්වා ඇති විට වාහනය රියදුරකු නොමැතිව පසුපසට ධාවනය වී අලභාහනි වීමකදී.
    එම නිසා මේවා පිළිබද සැළකිලිමත් වීම වැදගත්.

    ටෝවින් ටිකක් වැඩි කර ගත්තට කමක් නැහැ. යාපනේ ඉදලා වාහනේ ගේන්න මදි වුනත් අනිත් ප්‍රදේශ වලට ඇති.

    රක්ෂණ ආයතනය විසින් අලුත්වැඩියාවෙන් පසු වාහනය පරීක්ෂාවක් සිදුකර අබලිද්රවය ලබාදෙනතක් ගෙවන්නේ නැහැ.
    ඉන්පසු වාහනය නිදහස් කිරීමේ නියෝගයක් ලබාදෙනතක් ගෙවන්නේ නැහැ.

    තවත් දෙයක් අනතුරෙන් පසු වාහනය අලුත්වැඩියාව ඉවර වී වන්දි ගෙවන දිනය එළබෙන විට, එදිනට රක්ෂණ කාලසිමාව අවසන් වී, ඊළග වසරට අදාළ වාරිකය ගෙවා නොමැතිනම් වන්දි ලැබෙන්නේ නැහැ.

    රක්ෂණ හිමිහම් වල සෑහෙන දේවල් තියෙනවා. ඔප්පුවෙන් ඔප්පුවට වෙනස් වෙනවා.

    බොහෝ අය කරන දෙයක් තමයි අදාළ රක්ෂණ ආයතනයේ දන්න කෙනෙක් ඉන්නවා, මොනවහරි උනොත් ඕනේ දෙයක් කර ගන්න පුළුවන්, ඒ නිසා ඒකේ දානවා කියන එක. නමුත් හැමෝටම ප්‍රයෝගිකව එහෙම කරගන්න බැහැ. රක්ෂණ ආයතන වල පිළිපැදිය යුතු ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒවා වලින් පරිබාහිරව වැඩක් කරගන්න අමාරුයි.

    දැනට රක්ෂණ ආයතන සමස්ථය වශයෙන් ගතහොත්,
    6/6 Scale - Excellent, Very Good, Good, Average, Pass, Poor
    5/5 Scale - Very Low, Low, Average, High, Very High

    Rankරක්ෂන ආයතනයසේවය
    (6/6 Scale)
    වාරිකය
    (5/5 Scale)
    වන්දි ගෙවීමට ගතවන කාලය (5/5 Scale)වන්දි මුදල
    (6/6 Scale)
    1CeylincoExcellentVery High - සියලුම රක්ෂන ආයතන අතරින් වාරිකය වැඩිම ආයතනය වෙන්නේ CeylincoVery LowExcellent
    2FairfirstVery GoodVery High - නමුත් Ceylinco වලට සාපේක්ෂව අඩුයිVery Low - Ceylinco වලටත් වඩා අඩුයිVery Good
    3AllianzGoodHighLowGood
    4PeoplesVery GoodAverageLowGood
    5HNBGoodAverageLowGood
    6AmanaGoodAverageLowGood
    7Co-operativeGoodLowLowGood
    8Sri Lanka - වැඩිම පාරිභෝගිකයින් පිරිසක් ඉන්නෙත් මෙහියිGoodLowHighAverage
    9LOLCAverageAverageHighPass
    10MBSLAverageLowHighPass
    11OrientAverageLowHighPass
    12සණස - අනෙකුත් රක්ෂණ ආයතන වලට සාපේක්ෂව අලුත් නිසා අත්දැකීම් සහිත කාර්ය මණ්ඩල අඩුයි.GoodLowHighAverage
    13ContinentalAverageVery Low - මේ නිසාම බොහෝ පාරිභෝගිකයින් මෙහි රක්ෂණය කිරීමට පෙළබෙනවාVery HighPoor
     
    Last edited:

    රක්ෂණ ආයතන සමස්ථය වශයෙන් ගතහොත්,

    wow Thanks machan. godak dewal danagatta. ekama awulak SLIC eke claim ganna kal yana eka. oke danna kiyala hithan hitiye, Fairfirst eke danna epa kiyanawa 99% ahana aya machan.