පොළී සල්ලි යාදෙනවද බන්?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    1774373233373.png

    start එක සල්ලි පොලි තමයි, ඔය ඉන්නේ
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,494
    4,972
    113
    යාදෙනවා යාදෙන්නෑ කියලා බයිලයක් නැහැ

    සමහරු සල්ලි මැනේජ් කරන්න දන්නෙ නැහැ. ඒත් හම්බ කරන්න දන්නවා. මෙහෙම එවුන්ට ගම්වල එවුන් කියන්නෙ සල්ලි යාදෙන්නෙ නැති එවුන් කියලා

    සමහරු සල්ලි මැනේජ් කරන්න දන්නවා ඒක නිසා පොඩි ගානක් හම්බ කරත් හොඳට ඉන්නවා එහෙම එවුන්ට ගම් වල කියනවා බලං ඉද්දි හරියන එවුන් කියලා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,369
    16,157
    113
    Ehemamam danne naha.
    Nada ayya kenek kara lokuwatama. Patta salliyak hewwa issara salli ekathu karannama thawa set ekak uge gawa wada kara. Koma hari dan minihata inna thanakwath naha. Pissu wage hadila ohe awida awida innawa 🤷🏻‍♂️ godakma wenna aththe financial literacy eka nathi kama.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    උදාහරණයක් :

    තමන් ගාව කුසල් (පින බලවත් නම්) 90%, අකුසල් 10% = පොළී සල්ලි නෙවේ, කුකුල්/හරක් ෆාම්, මිනී මැරුම්, මිනිස්සුන්ගෙන් අසාදාරණ විදියට දේවල් ගැනීම, කරන්න පුලුවන් කැරිම වැඩේ කලත් අල්පෙනෙත්තක් තරම් වත් දෙයක් වෙන්නෙ නෑ කරන එකාට, කැරිම සැප. සැප වැඩි වෙනව මිසක් අඩු වෙන්නෙ නෑ. හැබැයි ඒ මෙලොවදී.. හොඳම උදාහරණය මයින්ද මාත්තියා.
    මැරුණට පස්සෙ ඉතින් තියෙන ජරාම උපත ලබයි. හැබැයි මැරුණට පස්සෙත් උගෙ පින බලවත් නම් තව ආත්ම කීපයක් සැප විදින්න ලැබෙයි ආයෙ ඉපදි ඉපදි.. පින් ටික ඉවර වෙනකම්.

    තමන් රැස්කරගෙන ආව කුසල් 10%, අකුසල් 90% නම්, බල්ලෙක්ට ගලකින් ගැහුවත් වෙන්න පුලුවන් කැරිම වැඩේ වෙයි.
    එහෙම අය මේ ආත්මේ කුසල් රැස් කලොත් ලබන ආත්මෙදි තිබ්බ පවු අඩු වෙලා පින බලවත් උනොත් මිණී මරලා හරි කැරිම සැප ජීවිතයක් ගතකරහැකි.

    - බලපන් ඔය ගමේ ගොඩේ ෆාම් එකක් කරන, කරපු උන්ගෙ කතා තියේ. අඩු වයසෙන් මැරෙනවා, ජීවත් වෙලා ඉද්දිත් එක එක කේස් එනවා.මැරෙද්දි කැරිම අවුල් විදියට විදවලා මැරෙන්නෙ.
    හැබැයි මහා පරිමාණෙන් ෆාම් කරන ඩයල් ඉන්නවා. සත්තු දාස් ගණන් මරන්නේ දවසකට. උන්ට කිසි හෙණයක් නෑනෙ.
     
    desh26

    Junior member
  • Jan 1, 2026
    53
    73
    18
    එහෙම මගුලක් නැ බං. පොලියට සල්ලි දෙන්න කලින් පැහැදිලිවම කියනවා නේ. මෙච්චර පොලියක් ගන්නවා කියලා. අනික මෙහෙ ඉන්න උන් කාගෙන් හරි ණයක් ගත්තම, මොකක් හරි බඩුවක් වැඩකට ඉල්ලගත්තම ආයේ දෙන පුරුද්දක් නැ නේ. එහෙම මිට්ටෝ තමා ඔය වගේ බොරු කතා කියලා හුල්ලන්නේ. එහෙම යා දෙන්නේ නැත්තං ඉස්සෙලලාම වැහෙන්න ඕනේ බැංකුයි ලීසිං කොම්පැනි ටික.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,494
    4,972
    113
    එහෙම මගුලක් නැ බං. පොලියට සල්ලි දෙන්න කලින් පැහැදිලිවම කියනවා නේ. මෙච්චර පොලියක් ගන්නවා කියලා. අනික මෙහෙ ඉන්න උන් කාගෙන් හරි ණයක් ගත්තම, මොකක් හරි බඩුවක් වැඩකට ඉල්ලගත්තම ආයේ දෙන පුරුද්දක් නැ නේ. එහෙම මිට්ටෝ තමා ඔය වගේ බොරු කතා කියලා හුල්ලන්නේ. එහෙම යා දෙන්නේ නැත්තං ඉස්සෙලලාම වැහෙන්න ඕනේ බැංකුයි ලීසිං කොම්පැනි ටික.
    එහෙම කරලා පොලී සල්ලි අරගෙන
    සල්ලි ඉල්ලුවාම කියන්නෙ මිනුස්සුන්ගෙ දුක් කඳුලු තමයි අරගන්නෙ ඔය සල්ලි යාදෙන්නෙ නෑ කියලා
    සාමාන්‍යෙන් පොලී සල්ලි දෙනවා කියනනෙ ටිකක් තග් සීන් එකේ ඉන්න එපැයි. ඕවට බයේ ඉන්න එවුන් හිත හදාගන්න කියන කතා ඔය
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,627
    33,801
    113
    යාදෙනවා බං. පොලී කාරයෝ කාටවත් බලෙන් සල්ලි දෙන්නේ නෑනේ. ණයට ගන්න ගන්න එකත් පොලිය නොදැන නෙමෙයිනේ ගන්නේ. අනික නීත්‍යානුකූල විදියට ලියවිල්ලක් ඇතුවනේ ණයට දෙන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,494
    4,972
    113
    යාදෙනවා බං. පොලී කාරයෝ කාටවත් බලෙන් සල්ලි දෙන්නේ නෑනේ. ණයට ගන්න ගන්න එකත් පොලිය නොදැන නෙමෙයිනේ ගන්නේ. අනික නීත්‍යානුකූල විදියට ලියවිල්ලක් ඇතුවනේ ණයට දෙන්නේ
    සල්ලි පොලියට දෙන එක ලංකාවෙ නීත්‍යානුකූලව කරන්න පුලුවන්ද?
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,736
    1,202
    113
    ඉතින් යකෝ, ගන්න නිසානේ දෙන්නේ,
    ගන්න උන් පස්සේ කැරි කතා කිය කිය රට වටේ යන්ව,
    ඒවගේ උන්ට නම් කෙල වෙන්ඩ ඕන, දෙන එකාට වඩා.
    [මම පොලියට දෙන්නේ නැහැ , ගන්නෙත් නැහැ - හිතුන දේ කිව්වෙ]
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,420
    3,093
    113
    අප්පෝ ගන්නත් එපා දෙන්නත් එපා.
    අපේ අම්මගේ යාලුවෙක් ඔහොම කළා, ළමයා නැති උනේ පිළිකාවකින් සැහෙන විදොලා. ළමයාව හොද කරන්න KDH එකේ ඉදන් වික්කා.
    They are unrelated. You only look at what you want to look at. But if you look at the whole picture, how many "good people" suffer similarly? And how many bad people live happily? You only pick one instance that appeals to your beliefs. 😉
     
    • Like
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,627
    33,801
    113
    අප්පෝ ගන්නත් එපා දෙන්නත් එපා.
    අපේ අම්මගේ යාලුවෙක් ඔහොම කළා, ළමයා නැති උනේ පිළිකාවකින් සැහෙන විදොලා. ළමයාව හොද කරන්න KDH එකේ ඉදන් වික්කා.
    ඉතිං පොලියට සල්ලි නොදෙන උන්ගේ ළමයින්ටත් පිලිකා හැදිලා මැරිලා තියෙනවනේ ඕන තරම්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,356
    1
    5,253
    113
    යාදිමේ කතාව පොලියට සල්ලි ගන්න උන් හදපු එකක්

    වැදගෙන ගිහින් සල්ලි අරගෙන ගෙවන්න බැරි කමට හරි , ගෙවන්න ලෝබ කමට හරි, එන හිතේ අමාරුව නැති කරගන්න කතන්දර කියනවා .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,420
    3,093
    113
    "Gini poli" comes under many guises. People's Bank used to give loans to teachers long ago, and I know that some teachers went to pay it all and close the loan after paying more than half. The interest itself was very high, much higher than of normal loans. When they wanted to pay it and close it before time the answer was that you still have to pay the whole thing. Because, they said, it was the interest that was paid earlier, the loan amount is still to be paid. Lol. That kind of dirty business is not done by private lenders. But the state owned bank did. So can we distinguish between "Gini poli Karaya" and "financial institution" ? No. It's just a name only.
    Small timers are called scammers, while big scammers are called banks.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,885
    163,862
    113
    එකමත් එක රටක
    ඕවා බොරු කතා . . සල්ලි කියන්නේ සල්ලි .
    මම දන්නවා එකෙක් ... ඌ ඉස්සරම ත්‍රිවිල් එලවපු එකෙක් ලු . දැන් කෝටි පතියෙක් . මාකට් එකේ උන්ට ගිනි පොලියට දීල තමයි පටන් අරන් තියෙන්නේ .
     
    • Like
    Reactions: Inigo Montoya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,527
    5,400
    113
    "Gini poli" comes under many guises. People's Bank used to give loans to teachers long ago, and I know that some teachers went to pay it all and close the loan after paying more than half. The interest itself was very high, much higher than of normal loans. When they wanted to pay it and close it before time the answer was that you still have to pay the whole thing. Because, they said, it was the interest that was paid earlier, the loan amount is still to be paid. Lol. That kind of dirty business is not done by private lenders. But the state owned bank did. So can we distinguish between "Gini poli Karaya" and "financial institution" ? No. It's just a name only.
    Small timers are called scammers, while big scammers are called banks.
    Exactly
    Banks are legalized Scam / Ponzi / Pyramid Scheme.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,023
    2,490
    113
    මම දන්න උන් කීප දෙනෙක්ම ඕක කරලා කෙලවෙලා වැඩේ අත්හැරිය. හරියටම එහෙමයි කියන්න සාක්ෂි නැහැ. නමුත් බහුතරයට කෙලවෙනකොට මොකක් හරි ඇත්තක් තියෙන්න පුළුවන් කියල හිතල මමත් ඒ වැඩේ කරන එක අත්හැරිය. මොකද ටෙස්ට් කරලා බලන්න හරි තියෙන්නේ එක ජිවිතයිනේ. මම දන්න උන් කීප දෙනෙක්

    1. කැම්පස් එකේ සීනියර් අයිය කෙනෙක් - පොලියට දීලා හොදටම ගොඩ ගියා. හයිවේ එකේ දරුණු අනතුරක් වෙලා නුලෙන් බේරිලා වැඩේ අත්හැරිය.
    2. අපේ අම්මගේ යාලුවෙක් - පොලියට දීලා ගොඩ ගියා පුතා රට යැව්වා.(උ මෙහෙ ඉන්නකල් පට්ට සැපේ හිටියේ. හයි කැපාසිටි එහෙම පැදලා අඩු කඩාගෙන යන්තම් ගොඩ ආවේ.) කොල්ල එහෙන් ගෑනියෙක් ගත්තා. ළමයෙක් හම්බුනා. ඒ ඇන්ටි රට ගියා ළමය බලන්න. අර ගෑනි හොද ආතල් ටිකක් දීලා. අන්තිමට ඇන්ටිට පයින් ගැහුවලු. අරුව තියාගෙන දත ගලවන සින් එකක් කියල තමා කිව්වේ.
    3. තව ආච්චි කෙනෙක් හිටිය. ඒ කාලේ පොලියට සල්ලී දුන්නලු. අන්තිමේ කාත් කවුරුත් නැතුව මැරිලා පනුවෝ ගහල ඉදල හම්බුනේ මිනිය. දේපල අන්තිමට බෙදා ගන්න සහෝදරයන්ගේ ළමයි නඩු කියනවා මන් හිතන්නේ.

    තව කීපයක් තියෙනවා ටයිප් කරන්න කම්මැලි