විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    කොච්චර බුද්ධිමත් උනත් මිණිස්සු ආර්ථික කටයුතු වලදි වැඩ කරන්නේ ගොඩක් වෙලාවට එක සමාන විදියට. දොස්තරලා, නර්ස්ලා , පී.එච්.අයිලා, උගත් උනාට ඒ ඒගොල්ලන්ගේ ෆීල්ඩ් එකේ. ඒගොල්ලො ආර්ථික විද්‍යාව දන් නෑ. ඒ ගොල්ලොන්ගේ ඔළුවට ජෙප්පෝ ටික දාපු විශබීජේ තමා ආණ්ඩුව සහ පාලකයෝ දූශිතයි කියලා. එහෙම කලේ නෑ කියනවා නම් උගන්ඩා කුමාරිගේ එදා කතා සහ අද කතා අරගෙන බලන්න. අනුර කුමාරගේ එදා කතා සහ අද කතා අරගෙන බලන්න.

    අර එක වීඩියෝ එකක් තියෙනවා අනුර ජනාධිපතිවරනේදි ඛනිජ තෙල් සංස්ථාව හැම පෙට්‍රල් ලීටරේකින්ම රු 50ක් මහ භාණ්ඩාගාරේ ගන්න එක වැරදියි කියලා. ආයි ඌම ජනාධිපති උනාම පාර්ලිමේන්තු ඇවිල්ලා අහනවා ණය ගෙවන්න තියෙන නිසා හැම පෙට්‍රල් ලීටරේකින්ම රු 50ක් මහ භාණ්ඩාගාරේ ගන්න එක වැරදිද කියලා.

    තව වීඩියෝ එකක් තියෙනවා අනුර කොවිඩ් කාලේ පාර්ලීමේන්තුවට මාස්ක් එකකුත් දාගෙන ඇවිල්ලා ගෑස් මිළ වැඩි කරපු එක වැරදියි කියලා කියන එකක්. ඔය වගේ වීඩීයෝස් ඕන තරම් ඇති සෝශල් මීඩියා වල.

    අනික ඔය බෙහෙත් හිඟ වුනේ ඇ‍යි කියලා මම කලිනුත් කිව්වානේ. ගොඩක් බෙහෙත් ජාති ලංකාවේ නිශ්පාදනය කරන් නෑ. ඒවා රටින් ගෙන්නනවා. ග්ලොබල් ලොජිස්ටික් වල ෆේලියර් එකක් වෙනකොට පිට රටින් එන බෙහෙතුත් නැවතෙන එක සාමන්‍යයයි. අනික ඉතින් ජෙප්පෝ මෙහෙයවන වර්ජනවලට සමානව රජයේ සේවකයින්ගේ පඩි වැඩි කරලා ගෙවන්නත් ගියාම බෙහෙත් ගෙන්නන්න සල්ලි නෑ.

    අවුරුදු 24ක් තිබ්බ ප්‍රශ්නේ විසද ගන්න මතක් උනේ ලෝක අර්බුධේකට මැදි වෙලා රටට කෙල වෙන්න යන වෙලාවෙද බං?

    සීනී බදු වංචාවට කීදෙනෙක් හිරේ එහෙම ගියාද කියලා පොඩ්ඩක් හොයලා බලපන්කෝ. ඕක තමා කියන්නේ ආර්ථික විද්‍යාව පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ කියලා. රටට සීනී ගෙනාවම ඒ සීනී වලට ආණ්ඩුව බදු ගැහුවොත් වෙන්නේ ඒ සීනී ගෙන්නපු මනුස්සයා බද්ද ගෙවලා සිල්ලරට සිනී විකුණන්න තමන්ගෙන් සීනි ගන්න තොග මුදලාලිලාගෙන් ඔය බද්ද අය කරගන්න එක. ඒක ඒ මුදලාලිගෙන් ආපහු පාරිභෝගිකයා දක්වාම ගිහින් අන්තිමට පාරිභෝගිකයා අතට යන සීනී කිලෝ එකේ මිළ වැඩි වෙන එක. ඕක නවත්තන්න තමා රජයට එන බදු මුදල අඩු කලේ. අනික එහෙම බදු නැතුව බඩු ගේන්න දුන්නාම ව්‍යාපාරිකයෝ පුළුවන් තරම් බඩු ගෙනල්ලා රට ඇතුලේ භාණ්ඩ හිගයක් නැති වෙනවා. අර්බුදේක ඉන්න රටකට ඒකත් ලොකු දෙයක්. අනික කොහොමත් ජෙප්පො මිනිසුන්ගේ ඔළුව කාලා තිබ්බේ අඩු මිලට බඩු තියෙන්න ඕනේ කියලා. බඩු මිළ අඩු කරන්න නම් බදු අඩු කරන එක තමා ආණ්ඩුවට කරන්න පුළුවන් ලොකුම දේ.

    උබලාට වැඩි පඩිත් ඕනේ. අඩු බඩු මිළකුත් ඕනේ. ඔය දෙකම කරන කොට රජයේ වියදම් තමා වැඩි වෙන්නේ. රජයේ වියදම් වැඩි වෙලා බිලියන 10 ඉවර උනාම පඩි ගෙවන්නයි, සහන දෙන්නයි සල්ලි මුද්‍රණය කලා. ඊළඟට ඒ මුද්‍රණය කරපු සල්ලි දීලා ඩොලර් ගන්න ගියාම ඩොලර් රේට් එක වැඩි උනා. බඩු මිළ අඩුවෙන් තියා ගන්න ඕනේ නිසා එක්ස්චේන්ජ් රේට් වැඩි කරන්න නොදී හිටියා. අන්තිමට ඉතින් හෝල් ඉකොනොමි කලැප්ස්. ඔය ඔක්කෝටොම උඩ ගෙඩි දීපු ජෙප්පො ටික තව පාරක් මෝඩයන්ගේ මොළ ටික හොදලා ආණ්ඩුවේ දූශණ නිසා මේක උනා කියලා බලයට ආවා.

    එන්.පී.පී. එක බලයට ආවේ ජනතාවට නායකත්වය දීලා නෙවෙයි. ජනතාවගේ මොළ හෝදලා.
    ඔබ කියනවා වෘත්තිකයෝ ආර්ථික විද්‍යාව දන්නේ නැහැ, ඔවුන්ගේ ඔළුවට දූෂණය කියන විෂබීජය දැම්මා කියලා. හැබැයි , ලෝක බැංකුව සහ IMF පවා පිළිගන්නවා "යහපාලනය සහ දූෂණය පිටුදැකීම කියන්නේ ආර්ථික වර්ධනයේ මූලිකම පදනමක් කියලා. ආදායම් එකතු නොවෙන, තියෙන සල්ලි ටික නාස්ති කරන දූෂිත පාලනයක් තියෙන රටක මොන ආර්ථික විද්‍යාව කරත් වැඩක් නැහැ. ඒක විෂබීජයක් නෙවෙයි, යථාර්ථයයි.

    සීනි බද්ද ශත 25 දක්වා අඩු කළේ මිනිස්සුන්ට සහන දෙන්න කියලා ඔබ කියනවා. ඒක තාර්කික නම්, ඇයි එදා වෙළඳපොළේ සීනි මිල අඩු වුණේ නැත්තේ? රජයට ලැබෙන්න තිබුණු රුපියල් බිලියන 15ක ආදායම අහිමි වුණා, හැබැයි පාරිභෝගිකයාට සහනය ලැබුණෙත් නැහැ. ඒ බිලියන 15 ගියේ ආණ්ඩුවට ඉතාම හිතවත් ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක්ගේ සාක්කුවට නේද? ආර්ථික විද්‍යාව දන්නා ඔබෙන් මම අහන්නේ, බදු සහනයක් පාරිභෝගිකයාට නොලැබී අතරමැදියෙක් ගත්තම ඒකට කියන්නේ "ආර්ථික උපායමාර්ගයක්" කියලද, නැත්නම් Crony Capitalism කියලද?

    ඔබ කියන ඛනිජ තෙල් ප්‍රශ්නය ගමු. රටක් බංකොලොත් වීමට පෙර, ආණ්ඩුව ලාභ ලබමින් මිනිස්සුන්ව පීඩාවට පත් කරන කොට ඒක විවේචනය කිරීම විපක්ෂයක වගකීමක්. හැබැයි රටක් බංකොලොත් වෙලා, ණය ගෙවා ගන්න බැරි තත්වයක තියෙද්දී, ඒ කඩාවැටුණු තැන ඉඳන් තීන්දු ගන්න වෙන්නේ ඉතාම අසීරු තත්වයකයි. අද අනුර කුමාර දිසානායක මහතාට සිද්ධ වෙලා තියෙන්නේ වෙනත් අය විසින් හාරපු අගාධයක ඉඳන් රට ගොඩගන්න මිසක්, සරුසාර රටක් පාලනය කරන්න නෙවෙයි.
    ඔබ කියන විදිහට බෙහෙත් හිඟ වුණේ ගෝලීය සැපයුම් ජාල බිඳවැටීම නිසා නම්, ඒ කාලේම ලෝකයේ අනිත් රටවල (අපිට වඩා දුප්පත් රටවල පවා) මිනිස්සු අපේ රටේ වගේ පෝලිම්වල මැරිලා වැටුණේ නැත්තේ ඇයි? ප්‍රශ්නය තිබුණේ ලොජිස්ටික්ස් වලද, නැත්නම් අපේ රටේ ඩොලර් නැති නිසා බැංකු වලින් L.C. නිකුත් නොකරපු එකේද?

    2019 දී බදු සහන දෙන කොට IMF වැනි ආයතනත්, රටේ ආර්ථික විශේෂඥයෝත් කිව්වා මේකෙන් රටේ ආදායම නැති වෙලා ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා. ඒ අනතුරු ඇඟවීම් නොසලකා හැරලා, තමන්ගේ ඡන්ද පදනම වෙනුවෙන් රටේ ආදායම නැති කරපු එක "මෝඩ තීරණයක්" නෙවෙයි කියලා ඔබ තවමත් හිතනවාද?

    ජෙප්පෝ මිනිස්සුන්ගේ මොළේ හේදුවා නම්, ඇයි අවුරුදු 70ක් රට පාලනය කරපු ප්‍රධාන පක්ෂවලට බැරි වුණේ තමන්ගේ "නිවැරදි" ආර්ථික ප්‍රතිපත්තියෙන් මිනිස්සුන්ගේ ජීවිත සතුටු කරන්න? මිනිස්සු වෙනසක් ඉල්ලන්නේ කලින් හිටපු අය "වැඩේ කරපු" නිසාද, නැත්නම් "වැඩේ අනාපු" නිසාද?

    ඔබ කියනවා පඩි වැඩි කරපු නිසා සහ සහන දුන්න නිසා සල්ලි අච්චු ගහන්න වුණා කියලා. එතකොට පාලකයෝ කරපු මහා පරිමාණ නාස්තිකාර ව්‍යාපෘති (උදා: ආදායමක් නැති ගුවන් තොටුපළවල්, වරායවල්) වලට ගත්ත ණය සහ ඒවායේ පොළිය රටේ ආර්ථිකය බිඳවැටීමට බලපෑවේ නැහැයි කියලා ඔබ තර්ක කරනවාද?
    ආර්ථික විද්‍යාව කියන්නේ සංඛ්‍යාලේඛන විතරක් නෙවෙයි, ඒක සාධාරණත්වය සහ කළමනාකරණය පිළිබඳ විෂයක්. රටක් බංකොලොත් වෙන්නේ "ජෙප්පෝ" කෑගහන නිසා නෙවෙයි, පාලකයෝ වගකීමක් නැතුව රටේ සම්පත් පාවිච්චි කරන නිසයි...:yes:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    900
    1,427
    93

    "යහපාලනය සහ දූෂණය පිටුදැකීම කියන්නේ ආර්ථික වර්ධනයේ මූලිකම පදනමක් කියලා.

    යහපාලනයෙනුයි දූශනය පිටු දැකීමෙනුයි ආර්ථික වර්ධනය වෙනවා නම් වෙනවා නම් 2015 ඉදන් ලංකාවේ තිබ්බේ ජෙප්පොත් සපොට් කරපු යහපාලන ආණ්ඩුවක් සහ ජනාධිපති කෙනෙක්නේ. ඉතින් ආර්ථිකය වර්ධනය උනාද? 2014දි මහින්ද යනකොට තියලා ගියපු ප්‍රමාණෙටත් වඩා අඩු සංචිත ප්‍රමාණයක් තමා 2019දී යහපාලනේ ගෙදර යනකොට තිබ්බේ.

    ඇයි එදා වෙළඳපොළේ සීනි මිල අඩු වුණේ නැත්තේ?

    රජයට මිළ අඩු කරන්න කරන්න පුළුවන් දේ තමා බදු අඩු කරන එක. බදු අඩු කලාමත් මිළ අඩු නොවෙන්න එක හේතුවක් තමා ඉල්ලුම වැඩි වීම. හැබැ‍යි ඔය සීනී සිද්ධියේදී මිළ වැඩි උනේ ඩොලර් අර්බුධේ නිසා. ඩොලර් එක දිගටම අධි ප්‍රමාණ වෙනකොට ආනයන භාණ්ඩ වල මිළ වැඩි වෙනවා.

    අනික ජෙප්පෝ හිතාගෙන ඉන්නේ අතරමැදියෙක් කියන්නේ නරක දෙයක් කියලා. අතරමැදියෙක් කියලා කියන්නේ වෙළෙන්දෙක්. උබ කඩේකට ගිහින් බඩු ගන්න කොට කඩේ මුදලාලි අතරමැදියෙක් තමා. ඉතින් ඌ එකෙන් ලාභයක් ගන්නවා. උබට ඒකෙන් භාණ්ඩ ලැබෙනවා. නිශ්පාදකයාට ඒකෙන් තමන්ගේ නිශ්පාදනේ විකුණගන්න පුළුවන් වෙනවා. ආර්ථිකයක් ඇතුලේ අතරමැදියෝ කියන එක අනිවාර්යයි. ඔය කොමියුනිස්ට් ක්‍රමේ කියන අතරමැදියො නැති ආර්ථික ක්‍රම අනිවාර්යෙන් කඩාගෙන වැටෙනවා. රුසියාව ඉවරයි. කියුබාව හෙට අනිද්දාට ඉවර වෙයි. උතුරු කොරියාවත් ඔන්ද වේ තමා ඉතින්.

    රටක් බංකොලොත් වීමට පෙර, ආණ්ඩුව ලාභ ලබමින් මිනිස්සුන්ව පීඩාවට පත් කරන කොට ඒක විවේචනය කිරීම විපක්ෂයක වගකීමක්. හැබැයි රටක් බංකොලොත් වෙලා, ණය ගෙවා ගන්න බැරි තත්වයක තියෙද්දී, ඒ කඩාවැටුණු තැන ඉඳන් තීන්දු ගන්න වෙන්නේ ඉතාම අසීරු තත්වයකයි.

    අනුර කුමාර ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නේ ආර්ථිකකය කඩාගෙන වැටිලා රනිල් ඒක ආපහු ප්‍රතිසංස්කරණය කරලා ඉවර වෙච්ච වෙලාවක. එතකොට රනිල්ගේ ප්‍රතිපත්තිය ජනාධිපතිවරණ වේදිකාවේදි විවේචනය කරපු අනුර ජනාධිපති උනාම ඒ ප්‍රතිපත්තියම හොදයි කියනවා කියන්නේ අනුරගේ දැණුමේ තරම. ඕවා අවුලක් නෑ කියලා විශ්වාස කරන උබලාගේ තත්වෙ උබලාම හිතා ගනිල්ලා.

    ලොජිස්ටික් ටික බිඳ වැටුනාම ලංකාවට ආදායම් නැති වෙච්ච හැටි මම කලින් කිව්වානේ. ඒ අස්සේ උබලා වැඩි පඩියි, බඩු මිළ අඩු කරන්න කියලා ඒ වෙනුවෙන් භාණ්ඩාගාරේ හිස් උන හැටිත් මම කිව්වානේ. එතකොට ලංකාවට එන්න තිබ්බ ඩොලර් ටිකත් එවන්න එපා කියලා ජෙප්පො කිව්ව හැටිත් මතක නැත්තං කිරියෙම ඔය ගැන හදුන්නෙත්ති කියාපුවායි වීඩියෝස් ශෙයාර් උනා. පොඩ්ඩක් ඒවත් බලන්නකෝ. එහෙම උනාම ආණ්ඩුවට ඩොලර් මිළදී ගන්න වෙනවා. ඩොලර් මිළදී ගන්න රුපියල් වියදම් කරනකොට ඩොලර් එකේ අගය වැඩි වෙනවා. එතකොට ඩොලර් නැත්තන් එල්.සී. ඕපන් කරන්න බැරි වෙනවා.

    හැබැ‍යි බඩු මිළ වැඩි කරන කොට ජෙප්පො තත්වේ තේරුම් අරගෙන ඒකට විරුද්ධව කෑගහන් නැතුව හිටියා නම් අඩු ගානේ ආණ්ඩුවට රුපියල් අච්චු ගහ් නැතුව ඩොලර් අරගෙන ඩොලර් රේට් එක වැඩි වෙන එක නවත්ත ගන්න තිබ්බා. පිට රටවල ඉන්න උන්ට සල්ලි එවන්න එපා කියන් නැතුව හිටියා නම් තව ඩොලර් ටිකක් රටට ඇවිල්ලා ඩොලර් ටිකක් රටේ එකතු වෙන්න තිබ්බා.එත කොට එල්.සී. ඔපන් කරන්න දීලා තෙල්, බෙහෙත් ලංකාවට එනවා සහ පෝළිමක් නැතුව බඩු ටික ගන්න තිබ්බා. දැන් කියන්න බලන්න රටට කෙලෙව්වේ කවුද? ජෙප්පොද? කලින් හිටපු පාලකයෝද?
     
    2019 දී බදු සහන දෙන කොට IMF වැනි ආයතනත්, රටේ ආර්ථික විශේෂඥයෝත් කිව්වා මේකෙන් රටේ ආදායම නැති වෙලා ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා.

    බදු සහන දෙන එක වැරැද්දක් නෙවෙයි. බදු සහන දුන්නාම වෙන්නේ ඒ සල්ලි ව්‍යාපාරිකයෝ අතේ ඉතුරු වෙන එක. එතකොට ඒ ව්‍යාපාරිකයෝ ආපහු ඒ සල්ලි ආයෝජනය කරලා තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරනවා. නැත්තන් දියුණු කරනවා. එතකොට රටේ තව රැකියා අවස්ථා ඇති වෙනවා. නිශ්පාදනය ඉහල යනවා. අතිරික්ත නිශ්පාදනය අපනයනය කරන්න පුළුවන් වෙනවා. එතකොට විදෙස් ආයෝජකයොත් අදුන ගන්නවා ලංකාව ආයෝජනයට හොද රටක් විදියට. රටක ආර්ථිකය දියුණු කරන්නේ එහෙම තමා. 1981 දි ඇමෙරිකාවේ ජනාධිපති රොනල්ඩ් රේගන් කලේ ඒක. අද ඇමෙරිකාව ඉන්න තැන කියන්න ඕන් නෑනේ. හැබැ‍යි ඕක කලාම කොමියුනිස්ට් එවුන්ගේ ගුලි කාලා ඉන්න උන් ව්‍යාපාරිකයොන්ට සහන දුන්නා කියලා ඉරිසියාවේ පැලෙන්න ගන්නවා. ඉතින් පාලකයෝ වැරදිකාරයෝ විදියට තමා දකින්නේ. ගෝඨාභයට උනෙත් ඒක. තෙරෙස මේ ට උනෙත් ඒක.

    මිනිස්සු වෙනසක් ඉල්ලන්නේ කලින් හිටපු අය "වැඩේ කරපු" නිසාද, නැත්නම් "වැඩේ අනාපු" නිසාද?

    වැඩේ ඇනුවේ ජේවීපී එක මූලික වෙච්ච කොමියුනිස්ට් කාරයෝ ටික. උන් හිතන් ඉන්නේ ආණ්ඩු ඉන්නේ බඩු මිළ අඩු කරන්නයි, වැඩි පඩි දෙන්නයි කියලා. රනිල් කීපාරක් විවෘත ආර්ථිකෙත් එක්ක රාජ්‍යය මැදිහත් වීම් අවම කරන්න හැදුවාද. හැම පාරම ඌ ෆේල් වෙන්නෙ මිනිස්සු ඌ කියන එක පිළිගත්තෙ නැති නිසා. මොකද ජෙප්පොයි කොමියුනිස්ට් කාරයොයි උන්ගේ මොළ හෝදනවා. අන්තිමට රනිල් පිනා චාන්ස් එකෙන් ඇවිල්ලා ඌට කරන්න ඕනේ දේ කරලා ගියා. දැන් තමා ජෙප්පොන්ටත් තේරෙන්නේ රනිල් කරපු දේ හරි කියලා. දැන් උන් රනිල්ට වඩා හොදට රනිල් කරන්න කියලා කියාපුවා කරනවා. ඒකට නම් මම ප්ලස් පොයින්ට් එකක් දෙනවා ජෙප්පොන්ට.

    එතකොට පාලකයෝ කරපු මහා පරිමාණ නාස්තිකාර ව්‍යාපෘති (උදා: ආදායමක් නැති ගුවන් තොටුපළවල්, වරායවල්) වලට ගත්ත ණය සහ ඒවායේ පොළිය රටේ ආර්ථිකය බිඳවැටීමට බලපෑවේ නැහැයි කියලා ඔබ තර්ක කරනවාද?

    වෙන තැණක මම කියාපු ටිකක් මෙතෙන්ට කොපි පේස්ට් කරලා දාන්නම් කියවලා බලන්න.

    හම්බන්තොට වරාය හොදයි කියලා උබම පිළිගන්නවානේ. එහෙනම් පොඩ්ඩක් බලපන් ඒ කාලේ හම්බන්තොට වරාය ගැන ඒ කාලේ කොට පච ලපයා කියපු කතා ටික. ප්‍රොජෙක්ට් එකක් කරන්න සල්ලි නැත්තං කරන්න ඕනේ ඒකට සල්ලි හොයලා ප්‍රොජෙක්ට් එක ඉවර කරන එක මිසක්, මහින්දගෙන් පළිගන්න ඒවා නවත්තන එක වත් ඒක විකුණන එකවත් නෙවෙයි. ජෙප්පොන්ගේ සහයෙන් බලයට ආපු රනිල් 2016 වෙනකොට ප්ලෑන් කරලා ඉවරයි හම්බන්තොට වරාය විකුණන්න.

    මත්තල එයාර් පෝට් එකට ගිහින් තියෙනවා නම් දන්නවා ඒකේ ස්ටෑන්ඩර්ඩ් එක. වැඩිය ඕන් නෑ. ඩුබායි හරි, කටාර් හරි ඉදලා එන හවුස් මේඩ් කෙන්ක්ගෙන් අහපන්කෝ කටුනායක එයාර් පෝට් එකේ බහින කොට ලංකාවෙ එයාපෝ(ර්)ට් එක ගැන මොනවගේ හැඟීමක්ද ඇති උනේ කියලා. මත්තල එයාර් පෝට් එක තමා යන්තන් හරි හොද ස්ටෑන්ඩර්ඩ් එකකට ඇවිල්ලා තියෙන්නේ. උබ කියනවා නම් මත්තල එයාර්පෝර්ට් එක වැඩක් නෑ කියලා පහලින් දාලා තියෙන ලින්ක් එකේ ගිහින් බලපන්.

    https://edition.cnn.com/2026/03/30/travel/noida-airport-new-delhi-india-intl-hnk

    ඉන්දියාව අලුත්ම එයාර්පෝර්ට් එක හදන්නේ සවුත් ඒශියා වල එවියේශන් හබ් එක ඉන්දියාවේ හදන්න. ඒක ඉන්දියාවට කලින් මත්තල බේස් කරලා හදන්න ප්ලෑන් කලේ මහින්ද. ඔය වගේ ප්‍රොජෙක්ට්ස් අද කරලා ඉවර කරලා හෙට වෙනකොට ප්ලේන් බහින් නෑ. ඒක ඉන්දියාවටත් එමම තමයි. අනික උබ හොදයි කියන හයිවේ සිස්ටම් එක කනෙක්ට් වෙන්නේ මත්තල එයාර්පොර්ට් එකටයි හම්බන්තොට වරායටයි තමා. ජැෆ්නා එයාර් පොර්ට් එක හැදුවා නම් ඒක හොද වෙන්නේ ඉන්දියාව ප්ලෑන් කරන එයාර්පොර්ට් හබ් එකට විතරයි.

    වරාය නගරයක් වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්නේ කොළඹ තව දුරටත් එක්ස්පෑන්ඩ් කරන්න බැරි නිසා. කටුනායක එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ එයාර්පොට් එකත් එක්ක. අනික ඒකෙන් වෙන පරිසර හානිය ඉතා වැඩියි. කොහොමටත් කටුනායක අයිති වෙන්නේ ගම්පහට මිසක් කොළඹට නෙවෙයි. වරාය නගරය හදන්නේ කොළඹ වරායත් එක්ක ඩිවෙලොප් වෙන්න. මොකද ප්ලෑන් එක හරියට වැඩ කලා නම් හම්බන්තොට වරාය ඩිවෙලොප් වෙනවා කොළඹට වඩා. එහෙම උනා නම් කොළඹ වරායේ මෙච්චර කල් කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් වලින් ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒ හින්දා කොළඹ ආයි පාරක් සවුත් එශියන් පොර්ට් හබ් එකක් විදියට සහ කොමර්ශල් සිටි එකක් විදියට ඩිවෙලොප් වෙන්න ප්ලෑන් කරලා තමා ගේන්නේ. අනික ඕක පට්ට චයිනා ඉන්වෙස්ට්මන්ට් එකක්. ෆොරීන් ඉන්වෙස්ට්මන්ට්ස් රටට එන එකේ වාසියට අමතරව චයිනා ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක ප්‍රොජෙක්ට් ෆේලියර් එකකින් ලොස් වෙන්න තියෙන අවස්ථාව අඩු කරගන්නවා.

    උඹට මතකද දන් නෑ 2023දී විතර නෙළුම් කුළුන පලවෙනි වතාවට ලාභ ලැබුවා කියලා නිව්ස් ගියා. එහෙම ලාභ ලබන්න පුළුවන්නම් ඒ කියන්නේ ඒ ප්‍රොජෙක්ට් එක හරියට මැනේජ් කරන්න ඕනේ. ඒකෙන් ලාභ ලබන්න පුළුවන් නම් ඒකේ ලාබ ගන්න ඕනේ.

    මේ ඔක්කොමත් කියවලා තාමත් හිතෙනවා නම් ජෙප්පොන්ට මොළ හොදන්න බෑ කියලා මෙන්න මේ ලිපියත් කියවලා බලන්න.

    https://praja.lk/life/ලාල්-කාන්තලාගේ-අපේ-ප්රශ/

    මම කලිනුත් කිව්වා වගේ ආයිත් කියන්නෙ පාලකයා උබලාට දුන්නේ උබලා ඉල්ලපු දේ. රනිල් අන්තිමට ජනාධිපති උන වෙලාවේ විතරයි උඹලාට ඕනේ දේ නැතුව රටට ඕනේ දේ දුන්නේ. දැණ් ජෙප්පොන්ටත් ඒකම කරනවා ඇරෙන්න විකල්පයක් නෑ. ඒ අතින් ජෙප්පො පව්.
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    525
    509
    93
    මේක මම පෞද්ගලික ව හිතන දේ... මම හිතන්නෙ දිට්වත් ඇවිල්ල, මේ වගේ අ‍ර්බුදයක් වෙන මේ වෙලාවෙ ජෙප්පො අන්ඩුව කරන එක රටේ වාසනාවට වෙන දෙයක් කියල. එහෙම නැති උනා නම් 2022 කරගන්න් බැරි උන දේ, මුන් අයෙත් පටන් ගෙන මිනිස්සු අයෙත් පාරට බස්සල, මේක බංගලිදේශයක් කරල තමයි නවත්තන්නෙ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    900
    1,427
    93
    උබ හිතන්නේ නාමල්ලා මුන්ව එළවන් නැතුව ඉන්නේ බැරි කමකට කියලාද. මුන්ව එළවන් නැතුව තව ටිකක් නාගන්න දෙන එක තමා උගේ න්‍යාය. මහින්දයා යහපාලන ආණ්ඩුවට කලෙත් ඕකමනේ. උන්ම නාගත්තාට පස්සෙ මිණිස්සුම කියන්න ගත්තා ආයි රාජපක්ශලා ඕනේ කියලා.

    සජියා නම් අනේ මන්දා. ඌ ඒ කාලේ ජෙප්පෝ කරපුවා දැන් කරන්න හදනවා. ඒ කාලේ ජෙප්පෝ කියපු කතා තමා ඌ දැන් කියන්නේ. පිස්සු යකෙක්.
     
    • Like
    Reactions: KDH

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    2019 දී බදු සහන දෙන කොට IMF වැනි ආයතනත්, රටේ ආර්ථික විශේෂඥයෝත් කිව්වා මේකෙන් රටේ ආදායම නැති වෙලා ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා.

    බදු සහන දෙන එක වැරැද්දක් නෙවෙයි. බදු සහන දුන්නාම වෙන්නේ ඒ සල්ලි ව්‍යාපාරිකයෝ අතේ ඉතුරු වෙන එක. එතකොට ඒ ව්‍යාපාරිකයෝ ආපහු ඒ සල්ලි ආයෝජනය කරලා තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරනවා. නැත්තන් දියුණු කරනවා. එතකොට රටේ තව රැකියා අවස්ථා ඇති වෙනවා. නිශ්පාදනය ඉහල යනවා. අතිරික්ත නිශ්පාදනය අපනයනය කරන්න පුළුවන් වෙනවා. එතකොට විදෙස් ආයෝජකයොත් අදුන ගන්නවා ලංකාව ආයෝජනයට හොද රටක් විදියට. රටක ආර්ථිකය දියුණු කරන්නේ එහෙම තමා. 1981 දි ඇමෙරිකාවේ ජනාධිපති රොනල්ඩ් රේගන් කලේ ඒක. අද ඇමෙරිකාව ඉන්න තැන කියන්න ඕන් නෑනේ. හැබැ‍යි ඕක කලාම කොමියුනිස්ට් එවුන්ගේ ගුලි කාලා ඉන්න උන් ව්‍යාපාරිකයොන්ට සහන දුන්නා කියලා ඉරිසියාවේ පැලෙන්න ගන්නවා. ඉතින් පාලකයෝ වැරදිකාරයෝ විදියට තමා දකින්නේ. ගෝඨාභයට උනෙත් ඒක. තෙරෙස මේ ට උනෙත් ඒක.

    මිනිස්සු වෙනසක් ඉල්ලන්නේ කලින් හිටපු අය "වැඩේ කරපු" නිසාද, නැත්නම් "වැඩේ අනාපු" නිසාද?

    වැඩේ ඇනුවේ ජේවීපී එක මූලික වෙච්ච කොමියුනිස්ට් කාරයෝ ටික. උන් හිතන් ඉන්නේ ආණ්ඩු ඉන්නේ බඩු මිළ අඩු කරන්නයි, වැඩි පඩි දෙන්නයි කියලා. රනිල් කීපාරක් විවෘත ආර්ථිකෙත් එක්ක රාජ්‍යය මැදිහත් වීම් අවම කරන්න හැදුවාද. හැම පාරම ඌ ෆේල් වෙන්නෙ මිනිස්සු ඌ කියන එක පිළිගත්තෙ නැති නිසා. මොකද ජෙප්පොයි කොමියුනිස්ට් කාරයොයි උන්ගේ මොළ හෝදනවා. අන්තිමට රනිල් පිනා චාන්ස් එකෙන් ඇවිල්ලා ඌට කරන්න ඕනේ දේ කරලා ගියා. දැන් තමා ජෙප්පොන්ටත් තේරෙන්නේ රනිල් කරපු දේ හරි කියලා. දැන් උන් රනිල්ට වඩා හොදට රනිල් කරන්න කියලා කියාපුවා කරනවා. ඒකට නම් මම ප්ලස් පොයින්ට් එකක් දෙනවා ජෙප්පොන්ට.

    එතකොට පාලකයෝ කරපු මහා පරිමාණ නාස්තිකාර ව්‍යාපෘති (උදා: ආදායමක් නැති ගුවන් තොටුපළවල්, වරායවල්) වලට ගත්ත ණය සහ ඒවායේ පොළිය රටේ ආර්ථිකය බිඳවැටීමට බලපෑවේ නැහැයි කියලා ඔබ තර්ක කරනවාද?

    වෙන තැණක මම කියාපු ටිකක් මෙතෙන්ට කොපි පේස්ට් කරලා දාන්නම් කියවලා බලන්න.

    හම්බන්තොට වරාය හොදයි කියලා උබම පිළිගන්නවානේ. එහෙනම් පොඩ්ඩක් බලපන් ඒ කාලේ හම්බන්තොට වරාය ගැන ඒ කාලේ කොට පච ලපයා කියපු කතා ටික. ප්‍රොජෙක්ට් එකක් කරන්න සල්ලි නැත්තං කරන්න ඕනේ ඒකට සල්ලි හොයලා ප්‍රොජෙක්ට් එක ඉවර කරන එක මිසක්, මහින්දගෙන් පළිගන්න ඒවා නවත්තන එක වත් ඒක විකුණන එකවත් නෙවෙයි. ජෙප්පොන්ගේ සහයෙන් බලයට ආපු රනිල් 2016 වෙනකොට ප්ලෑන් කරලා ඉවරයි හම්බන්තොට වරාය විකුණන්න.

    මත්තල එයාර් පෝට් එකට ගිහින් තියෙනවා නම් දන්නවා ඒකේ ස්ටෑන්ඩර්ඩ් එක. වැඩිය ඕන් නෑ. ඩුබායි හරි, කටාර් හරි ඉදලා එන හවුස් මේඩ් කෙන්ක්ගෙන් අහපන්කෝ කටුනායක එයාර් පෝට් එකේ බහින කොට ලංකාවෙ එයාපෝ(ර්)ට් එක ගැන මොනවගේ හැඟීමක්ද ඇති උනේ කියලා. මත්තල එයාර් පෝට් එක තමා යන්තන් හරි හොද ස්ටෑන්ඩර්ඩ් එකකට ඇවිල්ලා තියෙන්නේ. උබ කියනවා නම් මත්තල එයාර්පෝර්ට් එක වැඩක් නෑ කියලා පහලින් දාලා තියෙන ලින්ක් එකේ ගිහින් බලපන්.

    https://edition.cnn.com/2026/03/30/travel/noida-airport-new-delhi-india-intl-hnk

    ඉන්දියාව අලුත්ම එයාර්පෝර්ට් එක හදන්නේ සවුත් ඒශියා වල එවියේශන් හබ් එක ඉන්දියාවේ හදන්න. ඒක ඉන්දියාවට කලින් මත්තල බේස් කරලා හදන්න ප්ලෑන් කලේ මහින්ද. ඔය වගේ ප්‍රොජෙක්ට්ස් අද කරලා ඉවර කරලා හෙට වෙනකොට ප්ලේන් බහින් නෑ. ඒක ඉන්දියාවටත් එමම තමයි. අනික උබ හොදයි කියන හයිවේ සිස්ටම් එක කනෙක්ට් වෙන්නේ මත්තල එයාර්පොර්ට් එකටයි හම්බන්තොට වරායටයි තමා. ජැෆ්නා එයාර් පොර්ට් එක හැදුවා නම් ඒක හොද වෙන්නේ ඉන්දියාව ප්ලෑන් කරන එයාර්පොර්ට් හබ් එකට විතරයි.

    වරාය නගරයක් වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්නේ කොළඹ තව දුරටත් එක්ස්පෑන්ඩ් කරන්න බැරි නිසා. කටුනායක එක්ස්පෑන්ඩ් කරන්න ඕනේ එයාර්පොට් එකත් එක්ක. අනික ඒකෙන් වෙන පරිසර හානිය ඉතා වැඩියි. කොහොමටත් කටුනායක අයිති වෙන්නේ ගම්පහට මිසක් කොළඹට නෙවෙයි. වරාය නගරය හදන්නේ කොළඹ වරායත් එක්ක ඩිවෙලොප් වෙන්න. මොකද ප්ලෑන් එක හරියට වැඩ කලා නම් හම්බන්තොට වරාය ඩිවෙලොප් වෙනවා කොළඹට වඩා. එහෙම උනා නම් කොළඹ වරායේ මෙච්චර කල් කරලා තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් වලින් ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒ හින්දා කොළඹ ආයි පාරක් සවුත් එශියන් පොර්ට් හබ් එකක් විදියට සහ කොමර්ශල් සිටි එකක් විදියට ඩිවෙලොප් වෙන්න ප්ලෑන් කරලා තමා ගේන්නේ. අනික ඕක පට්ට චයිනා ඉන්වෙස්ට්මන්ට් එකක්. ෆොරීන් ඉන්වෙස්ට්මන්ට්ස් රටට එන එකේ වාසියට අමතරව චයිනා ඉන්වෙස්ට්මන්ට් එකත් එක්ක ප්‍රොජෙක්ට් ෆේලියර් එකකින් ලොස් වෙන්න තියෙන අවස්ථාව අඩු කරගන්නවා.

    උඹට මතකද දන් නෑ 2023දී විතර නෙළුම් කුළුන පලවෙනි වතාවට ලාභ ලැබුවා කියලා නිව්ස් ගියා. එහෙම ලාභ ලබන්න පුළුවන්නම් ඒ කියන්නේ ඒ ප්‍රොජෙක්ට් එක හරියට මැනේජ් කරන්න ඕනේ. ඒකෙන් ලාභ ලබන්න පුළුවන් නම් ඒකේ ලාබ ගන්න ඕනේ.

    මේ ඔක්කොමත් කියවලා තාමත් හිතෙනවා නම් ජෙප්පොන්ට මොළ හොදන්න බෑ කියලා මෙන්න මේ ලිපියත් කියවලා බලන්න.

    https://praja.lk/life/ලාල්-කාන්තලාගේ-අපේ-ප්රශ/

    මම කලිනුත් කිව්වා වගේ ආයිත් කියන්නෙ පාලකයා උබලාට දුන්නේ උබලා ඉල්ලපු දේ. රනිල් අන්තිමට ජනාධිපති උන වෙලාවේ විතරයි උඹලාට ඕනේ දේ නැතුව රටට ඕනේ දේ දුන්නේ. දැණ් ජෙප්පොන්ටත් ඒකම කරනවා ඇරෙන්න විකල්පයක් නෑ. ඒ අතින් ජෙප්පො පව්.
    ඔබ කියනවා වගේ 1981දී රේගන් බදු සහන දුන්නේ ඇමෙරිකාව වැනි අතිවිශාල නිෂ්පාදන ආර්ථිකයක් තියෙන, ලෝකයේ Reserve Currency මුද්‍රණය කරන රටකටයි. හැබැයි ලංකාව වැනි ණය උගුලක හිරවෙලා තිබුණු රටක, එකවරම රජයේ ආදායම 33%කින් පමණ කප්පාදු කිරීම ආර්ථික විද්‍යාත්මකව "සියදිවි නසාගැනීමක්" වැනි වැඩක්.ඇත්තටම වුණේ මොකක්ද? ඒ බදු සහන දුන්න ගමන්ම ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන (Fitch, Moody's) ලංකාව පහළට දැම්මා. ඒ නිසා අපිට ජාත්‍යන්තරයෙන් ණය ගන්න තිබුණු මාර්ග වැහුණා. ව්‍යාපාරිකයෝ ආයෝජනය කළේ නැහැ, ඒ වෙනුවට ඔවුන් කළේ තමන්ගේ ලාභය වැඩි කරගත්ත එක විතරයි. ආර්ථික විද්‍යාවේ එන Trickle down theory එක ලංකාවේදී සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණේ ඒ නිසයි. මේක "ඉරිසියාව" නෙවෙයි, ගිණුම් පියවාගන්න බැරිවීමේ ප්‍රශ්නයක්.
    ව්‍යාපෘතියක ස්ටෑන්ඩර්ඩ් එක හොඳ වීම විතරක් ඒක සාර්ථක ව්‍යාපෘතියක් වෙන්න ප්‍රමාණවත් නැහැ. ඒකෙන් රටට ලැබෙන ආදායම වැදගත්.

    ඔබ ඉන්දියාවේ නොයිඩා ගුවන් තොටුපළ ගැන කිව්වා. නොයිඩා කියන්නේ මිලියන 30කට වඩා ජනගහනයක් ඉන්න දිල්ලි නගරයට ආසන්නයේ හැදෙන දෙවැනි ගුවන් තොටුපළ. ඒකට විශාල වෙළඳපොළක් තියෙනවා. හැබැයි මත්තල හැදුවේ අවට කිසිම කර්මාන්ත පුරවරයක් හෝ මගී පදනමක් නැතිවයි. රත්තරන් වලින් වැසිකිළි හැදුවත් වැඩක් නැහැ, ඒක පාවිච්චි කරන්න මිනිස්සු එන්නේ නැත්නම්. ඒක මහින්දගෙන් පළිගැනීමක් නෙවෙයි, ඒක වැරදි ආයෝජනයක්.
    නෙළුම් කුළුණ ලාභ ලැබුවා කියන්නේ ඒක පවත්වාගෙන යාමේ වියදමට වඩා ආදායම වැඩියි කියන එකයි. හැබැයි ඒක හදන්න ගත්ත බිලියන ගණනක ණය සහ පොළිය ඒ ලාභයෙන් ගෙවන්න පුළුවන්ද? ඒකයි ප්‍රශ්නය.

    රනිල් වික්‍රමසිංහ මහතා කළේ වැටුණු ආර්ථිකය තාවකාලිකව Stabilize කරන එකයි. NPP එක උත්සාහ කරන්නේ ඒ පරණ දූෂිත ක්‍රමය ඇතුළෙම රවුම් ගහන්න නෙවෙයි, නිෂ්පාදන ආර්ථිකයක් හරහා රටේ පදනම වෙනස් කරන්නයි. රනිල්ගේ ක්‍රමයේදී බදු බර ඔක්කොම වැටුණේ සාමාන්‍ය මිනිහා මතටයි. NPP එක උත්සාහ කරන්නේ දූෂණය නතර කරලා, නාස්තිය අඩු කරලා, සාධාරණ බදු ක්‍රමයකින් රට ගොඩගන්නයි. ඒක රනිල්ගේ ක්‍රමයම නෙවෙයි.

    ඔබ කියනවා වගේ 2019 බදු සහන නිසා ව්‍යාපාරිකයෝ රටේ නිෂ්පාදනය වැඩි කළා නම්, ඇයි 2020 සහ 2021 වසරවලදී රටේ අපනයන ආදායම සහ නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහළ වැටුණේ? (කොවිඩ් වලට කලින්ම මේ පසුබෑම පටන් ගත්තා නේද?)

    මත්තල ගුවන් තොටුපළ ලෝකයේ ප්‍රමිතියට තියෙනවා නම්, ඇයි ලෝකයේ ප්‍රධාන ගුවන් සමාගම් එකක්වත් (පාලකයෝ දණගහලා ආරාධනා කරලත්) එතැනට එන්න අකමැති වුණේ? ව්‍යාපාරිකයෝ තීන්දු ගන්නේ "ස්ටෑන්ඩර්ඩ්" එක බලලා විතරක්ද, නැත්නම් ඒකේ තියෙන වාණිජමය වාසිය බලලාද?
    පාලකයා දුන්නේ ජනතාව ඉල්ලපු දේ කියනවා නම්, පාලකයෙක් කියන්නේ ජනතාවගේ හැඟීම් වලට වහල් වෙන කෙනෙක්ද, නැත්නම් රටේ අනාගතය ගැන දැක්මක් ඇතිව තීන්දු ගන්න කෙනෙක්ද? ජනතාව වස ඉල්ලුවොත් පාලකයා වස දෙන්න ඕනෙද?
    Port City පට්ට චයිනා ඉන්වෙස්ට්මන්ට් එකක් නම්, ඒකෙන් ලංකාවේ සාමාන්‍ය මනුස්සයෙක්ගේ සාක්කුවට ලැබුණු සත පහක වාසිය මොකක්ද කියලා ඔබට පෙන්වන්න පුළුවන්ද? ඒකෙන් රටේ ණය බර අඩු වුණාද?
    දේශපාලන පක්ෂපාතීත්වයෙන් තොරව, මේ දත්ත සහ සංඛ්‍යාලේඛන දෙස බලන ලෙස මම ඔබට යෝජනා කරනවා. රටක් දියුණු කරන්න කොන්ක්‍රීට් විතරක් මදි, ඒ කොන්ක්‍රීට් වලින් රටට ආදායමක් එන්නත් ඕනේ. ඔබ කියන "මොළ සේදීම" ඇත්තටම කරන්නේ කවුද කියලා එතකොට ඔබට වැටහේවි.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    සමහරු හිතන් ඉන්නෙ ගෑස් නැත්තෙ ආණ්ඩුවෙ කේස් එකක් හින්ද කියල. ඔන්න බලාගන්න ඉන්දියාව. අනුර කුමාරගෙ කාලෙ කොරාන ආව නං එතකොටත් කට්ටිය කියයි අනුර හින්ද කොරෝන ආව කියල

    අනේ උබත් එක්ක කතා කරලා වැඩක් නෑ බං. මම ඒකයි කියන්නේ පොඩ්ඩක් තව ඉගෙන ගන්න කියලා. නිකන්ම තර්ක කරන්නන් වාලේ තර්ක කරලා වැඩක් නෑ.

    1980 ඉදන් ඇමෙරිකාවේ ආර්ථික අර්බුධයක් තිබ්බේ. ඒකෙන් ගොඩ එන්න තමා රොනල්ඩ් රේගන් ඔය ප්‍රතිසංස්කරන ගෙනාවේ. පොඩ්ඩක් ඔය වගේ දේවල් ඔහේ කියලා දාන් නැතුව අඩු ගානේ ඉන්ටනෙට් එකේ හොයලා බලලාවත් දාපන්.

    අනික ෆිච් එකෙනුයි මූඩි එකෙනුයි කරන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති හරි රටේ මූල්‍ය තත්වේ උඩ හරි කරන විශ්ලේශනයක් නෙවෙයි. උන් කරන්නේ ඔය වගේ රිෆෝම් එකක් අදුන්වලා දුන්නාම ඒකේ බලපෑම අනුව රටේ ආදායම අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන එක. උන්ට අනුව ආදායම අඩු වෙනවා නම් ණය ගෙවන්න තියෙන හැකියාව අඩු වෙනවා කියලා තමා ඔය රේටින්ග් එක පහල දාන්නේ. එහෙම රේටින් අඩු කලාම උබ කියන විදියට බය වෙන්නේ ආයෝජකයෝ නෙවෙයි. ණය දෙන උන් සහ දැනටමත් ණය දීලා තියෙන උන්. ඔය කට්ටිය කියන විදියට විදේශ ආයෝජන ආපහු යනවා කියලා ඒවා ආයෝජන නෙවෙයි. ඒවා භාණ්ඩාගාර බිල්පත් විදියට රජයට දීලා තියෙන විදේශ සල්ලි. රජය ඒ බිල්පත් ඩොලර් වලින් විකුණන්නේ යම් කාලයකට පස්සෙ පොලියත් එක්ක මෙච්චර ඩොලර් ප්‍රමාණයක් ආපහු ගෙවනවා කියන පදනම මත. (දේශීය භාණ්ඩාගාර බිල්පත් වගේම තමා. වෙනස මූල්‍ය ඒකකයේ.) සමහර අය ඔය මුදල් ආපහු ගත්තා රිස්ක් එක වැඩියි කියලා. එහෙම නැතුව ලංකාවේ ආයෝජනය කරපු කම්පැනීස් අකුලගෙන යන්න පටන් ගත්තේ සෑහෙන්න කාලෙකට පස්සේ. එහෙම අකුලගෙන යෑම් ඉතින් මේ රජය යටතේත් වෙලා තියෙනවා.

    මට තේරෙන් නෑ මිලියන 30ක ජනගහනයක් ඉන්න එක එයාර්පොර්ට් එක හදන එකට බලපාන්නේ කොහොමද කියලා. උබ හිතන් ඉන්නේ ඔය ලඟ පාත ඉන්න මිලියන් 30ම ඔය එයාර්පෝට් එකෙන් ගුවන් ගමන් වල යෙදෙනවා කියලාද? අනික උබ දන් නැති උනාට 2017දී ප්ලෑන් කරලා අක්කර 15000ක් වෙන් කරලා තිබ්බේ ආර්ථික කලාපෙකට.

    යම් කිසි ව්‍යාපෘතියකින් ලාභ ලබනවා කියන්නේ ඒ ලාබය ආයි යන්නේ මහ භාණ්ඩාගාරෙට. ඒ සල්ලි ආපහු යොදවලා ඩොලර් හරි රත්තරන් හරි ගන්න එක මහ බැංකුවේ වැඩක්. එතකොට ඒ ඩොලර් තමයි ආපහු ණය ගෙවනවා කියලා ආපහු ගෙවන්නේ. උබ කියන විදියට බැලුවොත් කිසිම රටක කිසිම ව්‍යාපෘතියක් ලාභ ලබන එකෙන් වැඩක් නෑ.

    රනිල් තාවකාලිකව ස්ටේබලයිස් කලා නම් ඇයි අනුරත් ඒ පාරෙම යන්නේ? අපිට දැන ගන්නත් එක්ක අනුර කරපු බදු වෙනස් කම් ටික පහලින් දාගෙන යන්න මල්ලි.

    දූෂණෙයි නාස්තියෙයි රෙදි නම් ගැලවිලා වැටුනා බබෝ ගල් අඟුරු කේස් එකෙන්ම.

    අනික ඔය සාමාන්‍යය මිනිහාගේ ඇගට බදු බර වැටුනා කියන එකේ තේරුම මොකද්ද? ඒක පොඩ්ඩක් පැහැධිලි කරලා කියපන්. මොකද බදු ක්‍රම කියන්නේ වෙනම පාඩමක්. උබ අදහස් කරන්නේ මොකද්ද කියලා හරියටම දන් නැතුව අදහසක් දක්වන්න අමාරුයි.

    2019 ටැක්ස් අඩු කලේ නෑ. 2019 අන්තිමනේ ගෝඨාභය පත් උනෙත්. හැබැ‍යි 2019 ගෙනාපු බජට් එකෙන් තමා ටැක්ස් අඩු කලේ. ඒ කියන්නේ 2020 ඉදන්. හැබැ‍යි 2020 ජනවාරි ඉදලාමා කොරෝනා වසංගත තත්වෙට පත් වෙන්න ගත්තා. මට හොදට මතකයි ජනවාරි වල තමා පලවෙනි කොරෝනා රෝගියා වාර්ථා උනේ චීනේ ඉඳලා ආපු ගෑනු කෙනෙක්. මාර්තු 11 හරි 21 හරි පලවෙනි ලාංකික ලෙඩා වාර්ථා උනේ. පුතානෝ රට වහන්න කිය කිය හිටියේ පෙබරවවාරි ඉදලාමයි. මගේ මතකය හරි නම් මාර්තු 20 හෝ 21 ඉදලා රට වැහුවා. එතනින් එහාට ඉතින් නිශ්පාදන ආර්ථිකයේ බිඳ වැටීමයි, අපනයන ආදායම අහිමිවීම්, විදේශ සම්ප්‍රේශන අහිමි වීම් ගැන කලින් පැහැදි කලානේ.

    ගුවන් සමාගම් වලට ආරාධනා කරලා වැඩක් නෑ ගුවන් තොටුපොලට එන්න කියලා. ගුවන් තොටුපොල තීරණය කරන්නේ ගුවන් ගමනේ නිරත වෙන මගීන්. මගීන් ගුවන් ගමන තීරණය කරන්නේ තමන්ගේ ගමන් පහසුවත් එක්ක. ඔය ගුවන් සමාගම් කියලා කියන්නේ ලෝකයේ ප්‍රධාන සංචාරක සමාගම්. ටී.යූ.අයි. වර්ජින් ට්‍රැවල් වගේ කොම්පනීස් වලට උන්ගෙම ප්ලේන් ෆ්ලීට් තුත් තියෙනවා. ඔය කොම්පනීස් රටවල් වලට චාටර් ෆ්ලයිට් කියලා අවුරුද්දේ මාස කීපයකට විතරක් ස්පෙශල් ටුවරිස්ට්ලා ගෙන්නන ප්‍රොග්‍රම් එකක් තියෙනවා. උදාහරණෙකට ටී.යූ. අයි. කියන කොම්පනියෙන් පෝලන්තෙ ඉදලා මාස හතරකට ලංකාවට ෆ්ලයිට් එකක් ඔපරේට් කරනවා ටුවරිස්ට්ලාගෙන් විතරක්. ඒ ෆ්ලයිට් එකේ එන උන් ලන්කාව වටේ ඇවිදලා ආයි ඒ ෆ්ලයිට් එකකම පිට වෙලා යනවා. ආන් ඒ වගේ චාටර් ෆ්ලයිට් කරන කොම්පනීස් වලට ආරාධනා කරලා තිබ්බා මත්තලට එන්න කියලා. මොකද ලංකාවේ ලොකුම ඇට්‍රැක්ශන් 4න් එකක් තියෙන්නේ හම්බන්තොට යාල පාර්ක් එක. ඊළඟට හම්බන්තොට ඉදලා ඇල්ලට ලගයි. අනිත් පැත්තෙන් ගාල්ලට හයිවේ එක නිසා පැය එක හමාරයි. කොළඹ ඉදලා ට්‍රැෆික් එකේ නුවර හරි කුරුණෑගල හරහා සීගිරි යනවාට වඩා ඇල්ලෙන් නුවර එලිය, නුවර එතනින් සීගිරියන එක ටිකක් ලේසී. අනික ප්‍රමෝශන් එක. ඕකෙන් පටන් ගත්තාම තම්යි අනිත් එයාර් ලයින්ස්තුත් මත්තලට බහින්නේ. ඊළඟට මත්තලින් ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්. මැලේසියා, තායිලන්ඩ්, සින්ගප්පුරුව, චීනේ කියන සයිඩ් එකේම රටවල් විවෘත වෙනවා. එතනින් තමා එයාර් ලයින් හබ් එක හැදෙන්නේ. ඩුබායි එයාර්ලයින් හබ් එක හදනකොට එයාර්පොට් එක ගහපු දවසේ ඉදලා ෆ්ලයිට් බහින්න ගත්තේ නෑ. ටික කාලයක් එක්ක තමා හැම දේම වෙන්නේ.

    දැන් ඊයේ අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා සහන පැකේජ් එකක් දුන්නේ නිකංද? නෑ. මිණිස්සු ඉල්ලුවා. ඒක දුන්නා. නොදී හිටියා නම් ගෝඨාභයට වගේම ගහලා පන්නවා. අනික ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙන්නේ අපෙ රටෙ හිටපු අපේ අතරම ඉදලා ඉගෙන ගත්ත අපේම මනුස්සයෙක්. ඌ අපිට වඩා වෙනස් වෙන් නෑ. අපිට ඕනේ දේ මොකද්ද කියලා ඌ දන්න නිසා තමා රටෙන් භාගෙකට වඩා රවට්ටලා ඌ පාලකයා වෙන්නේ.

    මේ දීපු උත්තරත් සෑහෙන්න දිගයි. උබම පොඩ්ඩක් හොයලා බලපන් ඇ‍යි රටවල් පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් කරන්නේ කියලා. හොදම උදාහරණෙ තියෙන්නේ ඩුබයි වල.

    ඔය අන්තිමට කියලා තියෙන කතාවෙ කොටසක් නම් මාර වටිනවා. දේශපාලන දෘශ්ටිකෝණයකින් තොරව බලන්න. මම නම් කොහොමත් එහෙම තමා බලන්නේ. එකම ත්‍රෙඩ් එකක මේකේ ඉන්න බයියෝ ටික මාව ඩෝබියෙකුත් කරලා ඩෝබිලා ටික මාව බයියෙක් කියලත් හංවඩු ගැහුවා. ඔබට පුළුවන්ද එහෙම බලන්න. උදාහරණෙකට ඊයේ අනුර ඇවිල්ලා දීපු සහන පැකෙජෙට මම කැමතියි. හැබැ‍යි ගල් අඟුරු වංචාව, කියපු සහ කියන බොරු වලට මම විරුද්ධයි.

    මම මෙච්චර ටයිප් කරලා උබට පැහැදිලි කරන්නේ උබව දේශපාලනිකව මගේ පැත්තට ගන්නවත් ඩෝබි කමෙන් අයින් කරගන්නවත් නෙවෙයි. උබට යමක් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා කියලා පේන නිසා. හැබැ‍යි උබ තව ඉගෙන ගන්න ඕනේ. පුළුවන් නම් උපාධියක් කරපන් ආර්ථික විද්‍යාව එහෙම තියෙන. ඔය ප්‍රයිවට් රෙද්දවල් වලින් නැතුව පුළුවන්නම් විවෘත විශ්වවිද්‍යාලේ වගේ එකක කරපන්. උබ තාම ඒ/ ලෙවල් කරලා නැත්තන් කැම්පස් යන්න බලාගෙන වැඩ කරපන්.
     
    • Love
    • Like
    Reactions: KDH and sarika406

    ඔයා කිව්වා වගේ රොනල්ඩ් රේගන් 1980 ගණන්වල ඇමෙරිකාවේ බදු සහන දුන්නා තමයි. හැබැයි අපි අමතක නොකළ යුතු ප්‍රධානම දේ තමයි, ඇමෙරිකාව කියන්නේ ලෝකයේ සංචිත මුදල් වන ඩොලර් මුද්‍රණය කරන රට. ලංකාව වැනි ණය බරින් මිරිකුණු, ආනයන මත යැපෙන රටක එකවරම බදු ආදායම 30% කින් විතර කපා හැරීම කියන්නේ "රේගනොමික්ස්" නෙවෙයි, ඒක ආර්ථික විද්‍යාත්මකව ගත්තොත් "දැන දැනම අගාධයකට පැනීමක්".
    ෆිච් සහ මූඩිස් ආයතන කරන්නේ රටක ණය ගෙවීමේ හැකියාව මැනීමයි. ආණ්ඩුව තමන්ගේ ආදායම නැති කරගන්න කොට, ණය ගෙවන්න සල්ලි නැති වෙනවා කියලා ඒ ආයතන තේරුම් ගන්නවා. ඒක "බිය වීමක්" නෙවෙයි, ඒක යථාර්ථවාදී ගණනය කිරීමක්. ඒ නිසා තමයි අපිට ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ගන්න තිබුණු අවස්ථාව වැහුණේ. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි පෝලිම් යුගය.
    ඔයා කියනවා මත්තල අසල ආර්ථික කලාප හැදීමට ප්ලෑන් කළා කියලා. හැබැයි ඕනෑම ව්‍යාපෘතියක ප්‍රමුඛතාවය වැදගත්. රටේ මිනිස්සුන්ට බෙහෙත් නැතිව, කන්න නැතිව ඉද්දී, කිසිම වාණිජ පදනමක් නැති තැනක කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ගුවන් තොටුපළවල් හදන එක "සංවර්ධනයක්" නෙවෙයි.
    Example dubai, ඩුබායි හබ් එකක් වුණේ ඒ රටේ තෙල් සල්ලි සහ නිවැරදි කළමනාකරණය නිසයි. ලංකාව කළේ ණයට අරන් "නම දාගන්න" ව්‍යාපෘති කරපු එකයි. මත්තලට මගීන් එන්නේ නැත්නම්, ගුවන් සමාගම් එන්නේ නැහැ. ඒකයි ඇත්ත.
    ඔයා අහනවා අනුරත් ඒ පාරේම යනවා නම් වෙනස මොකක්ද කියලා. ඔයාට මෙහෙම උදාහරණයක් කියන්නම් හිතන්න කෙනෙක් ගෙයක් ගිනිතියලා විනාශ කරලා යනවා. ඒ ගෙදරට පස්සේ එන මනුස්සයාට මුලින්ම කරන්න වෙන්නේ ඒ ගින්දර නිවන එක මිසක්, එකපාරටම අලුත් මන්දිරයක් ගහන එක නෙවෙයි.
    අනුර කුමාර දිසානායක මහතාට බාරගන්න වුණේ බංකොලොත් වුණු රටක්. IMF වැඩසටහන වැනි දේවල් එක් රැයකින් වෙනස් කරන්න බැහැ, මොකද ඒකෙන් රටේ ස්ථාවරත්වය නැති වෙන්න පුළුවන්. හැබැයි NPP එකේ වෙනස තියෙන්නේ නාස්තිය සහ දූෂණය නතර කිරීම තුළයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයේදී දූෂිතයන්ව ආරක්ෂා කළා, හැබැයි NPP එක උත්සාහ කරන්නේ ඒ පද්ධතියම වෙනස් කරන්නයි.
    සාමාන්‍ය මිනිහාගේ ඇඟට බදු බර වැටෙනවා කියන්නේ, රජයේ ආදායම වැඩි කරගන්න මිනිස්සුන්ගේ පරිභෝජන භාණ්ඩ (සීනි, කිරිපිටි, තෙල්) මත පනවන වක්‍ර බදු වැඩි වීමයි. රනිල්ගේ කාලේ එකපාරටම වැට් බද්ද 18% දක්වා වැඩි කළා. ඒකෙන් පහළ ආදායම් ලබන මිනිහාට ලොකු පහරක් වැදුණා. NPP එකේ ප්‍රතිපත්තිය තමයි, ධනය තියෙන අයගෙන් සෘජු බදු ලබාගෙන සාමාන්‍ය මිනිහාට සහන දීම.

    ඔයා කියනවා පාලකයෝ දුන්නේ "ජනතාව ඉල්ලපු දේ" කියලා. එතකොට පාලකයෙක් කියන්නේ රටේ අනාගතය ගැන තීරණ ගන්න නායකයෙක්ද, නැත්නම් තමන්ගේ ඡන්ද ටික රැකගන්න රටේ ආර්ථිකය විනාශ කරලා හරි ජනප්‍රිය තීන්දු ගන්න කෙනෙක්ද? පාලකයෝ දැනුවත්වම රට බංකොලොත් වෙන බව දැන දැනත් ඒ වැරදි තීන්දු ගත්තා නම්, ඒක ජනතාවගේ වරදක්ද පාලකයන්ගේ වරදක්ද?

    ඔයාගේ අදහස්වලට ගරු කරන අතරම, රටක් විදිහට අපි මේ වැටුණු අගාධයෙන් ගොඩ එන්න නම් පරණ පාලන ක්‍රමයට වඩා වෙනස්, පිරිසිදු පාලනයක් අවශ්‍යයි නේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    එලකිරියේ රජයට විරුද්ධව Thread දාන වැඩ්ඩෝ ටිකෙන් මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකන් ආණ්ඩුවටයි, NPP එකටයි මඩ ගහන එකේ පොඩි විවේකයක් අරන් මේකට උත්තරයක් දෙන්න.

    ඔයාලා කියන විදියට දැන් ඉන්න සෙට් එකට රට කරන්න බැරි නම්, ඔයාලා යෝජනා කරන රට ගොඩදාන්න පුළුවන් වැඩ්ඩා කවුද?

    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක නිකන්ම නිකන් "වයිරය" පිටකිරීමක් විතරයි. ආණ්ඩුවට බනින එකේ කිසිම වැරද්දක් නැහැ, හැබැයි බනින ගමන් කියන්න බලන්න "මෙන්න මේ පක්ෂය ආවා නම් මීට වඩා හොඳට මේ ප්‍රශ්නය විසඳනවා" කියලා.

    එහෙම කෙනෙක් නැත්නම්, ඔයාලා මේ කරන්නේ රට ගැන කැක්කුමකට නෙවෙයි, තමන් කැමති පක්ෂය පැරදුණු එකේ ඉරිසියාවට කරන වැඩක් නේද?

    හැබැයි මම දන්නවා, මේකටත් උත්තරයක් දෙන්න බැරිව තව ට්‍රෝල් එකක් දාලා මාරු වෙයි කියලා. බලමුකෝ කවුද වැඩ්ඩා කියලා!
    අපිට ඕක පුරුදු කලේ ජෙප්පෝ... කිසිම දෙයක් කරගන්න බැරුව හැමදේටම බැන බැන ඉන්න එකෙන් පොර වෙන්න පුළුවන් කියල ඉගැන්නුවේ ජෙප්පෝ.. උන් කවදාවත් පිළිගත්තද උන්ට බෑ ;කියල පුළුවන් තරම් පොර ටෝක් දුන්න මිසක්.. රෙද්දේ රෙවිල තියෙද්දිත් උද්දච්ච කතා කිව්වේ නැද්ද??
     
    • Like
    Reactions: KDH

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    අපිට ඕක පුරුදු කලේ ජෙප්පෝ... කිසිම දෙයක් කරගන්න බැරුව හැමදේටම බැන බැන ඉන්න එකෙන් පොර වෙන්න පුළුවන් කියල ඉගැන්නුවේ ජෙප්පෝ.. උන් කවදාවත් පිළිගත්තද උන්ට බෑ ;කියල පුළුවන් තරම් පොර ටෝක් දුන්න මිසක්.. රෙද්දේ රෙවිල තියෙද්දිත් උද්දච්ච කතා කිව්වේ නැද්ද??
    ඔයාගේ ඒ ප්‍රතිචාරය ඇතුළේ තියෙන්නේ අවුරුදු ගණනාවක දේශපාලන කලකිරීමක් කියලා මට හිතෙනවා. හැබැයි අපි මේ කතාව දෙස ද්වේෂයෙන් තොරව, පොඩ්ඩක් තාර්කිකව බලමුද? ඔයා කියන බැන බැන ඉන්න එක සහ උද්දච්චකම කියන කාරණා ගැන NPP එකේ පැත්තෙන් මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

    විවේචනය කියන්නේ ඉගැන්වීමක් නෙවෙයි, අවශ්‍යතාවයක් ඔයා කියනවා ජෙප්පෝ බැන බැන ඉන්න එක ඉගැන්නුවා කියලා. හැබැයි ඇත්තටම වුණේ, දශක ගණනාවක් තිස්සේ රටේ සිද්ධ වුණු වංචාව, දූෂණය සහ වැරදි පාලන තීරණ හමුවේ නිහඬව හිටපු සමාජයකට ප්‍රශ්න කරන්න හුරු කරපු එකයි. බලයේ ඉන්න අය වැරදි කරද්දී ඒක විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ අයිතියක් මිසක් ඒක "පොර වෙන්න" කරන වැඩක් නෙවෙයි. එදා ඒ විවේචනය නොතිබෙන්න අදටත් අපි ඉන්නේ කොතැනද කියලා ඔයාම හිතලා බලන්න.

    උද්දච්චකම ද නැත්නම් ප්‍රතිපත්තිගරුක බව ද? NPP එකේ නායකයෝ තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටිද්දී ඒක සමහර අයට උද්දච්චකමක් වගේ පේන්න පුළුවන්. හැබැයි හැමදාම එක එක පැත්තට වාසි බලාගෙන පක්ෂ මාරු කරන, ප්‍රතිපත්ති පාවා දෙන දේශපාලන සංස්කෘතියක් ඇතුළේ, තමන්ගේ මතය වෙනුවෙන් කෙළින් හිටගන්න එක අමුතු දෙයක් වගේ පේන එක සාමාන්‍යයි. ඒක උද්දච්චකමට වඩා විනයක් සහ විශ්වාසයක් විදිහට දකින එකයි වඩාත් නිවැරදි.

    ඔයා කියනවා රෙද්දේ රෙවිලා තියෙද්දීත් උද්දච්ච කතා කිව්වා කියලා. හැබැයි ඇත්තටම රටේ ආර්ථිකය සහ පද්ධතිය විනාශ කළේ කවුද? අවුරුදු 70ක් රට පාලනය කරලා රට බංකොලොත් කරපු අයද, නැත්නම් ඒ වැරදි පෙන්වා දුන්න පිරිසද? අද NPP එකට රට බාර දීලා තියෙන්නේ ඉතාම අසීරු තත්ත්වයකයි. ඒ අසීරුකම මැද වුණත් ඔවුන් උත්සාහ කරන්නේ පරණ දූෂිත ක්‍රමය වෙනස් කරන්නයි. අසාර්ථකත්වය කියන්නේ තමන් විසින්ම හදාගත්ත දෙයක් නෙවෙයි, පරණ පාලකයෝ ඉතිරි කරලා ගිය කුණු කන්දක් අස් කිරීමේ අභියෝගයයි.

    ඕනෑම දෙයකට බැන බැන ඉන්න එක වැරදි නම්, රටක් බංකොලොත් වෙලා මිනිස්සු පෝලිම් වල මැරෙන කොටත් පාලකයින්ව විවේචනය නොකර නිහඬව ඉන්න එකද ඔයා යෝජනා කරන නිවැරදි ක්‍රමය?

    NPP එක පොර ටෝක් දෙනවා කියලා කියන ඔයා, අවුරුදු ගණනාවක් තිස්සේ රට සිංගප්පූරුවක් කරනවා කියලා බොරු පොරොන්දු දීපු පාලකයින්ගේ ඒ කතා හැඳින්වූයේ මොන නමකින්ද?

    උද්දච්චකම ගැන කතා කරද්දී, තමන්ගේ වැරදි නිසා රට වැටුණු බව පිළි නොගෙන තවමත් බලය ඉල්ලන පරණ පාලකයින්ගේ හැසිරීම ඊට වඩා උද්දච්ච නැද්ද?
    NPP එකට අවස්ථාවක් දීලා බලන්නෙත් නැතුව ඔවුන්ට බැහැ කියලා කලින්ම තීන්දු කරන්නේ, ඔයාටත් පරණ පාලන ක්‍රමයෙන් ලැබුණු යම් යම් වාසි නැති වේවි කියන බයටද?

    මඩ ගැසීම සහ සැබෑ විවේචනය කියන්නේ දෙකක්. NPP එක උත්සාහ කරන්නේ විවේචනයෙන් ඔබ්බට ගිහින් අලුත් පද්ධතියක් හදන්නයි. ඒකට ඉඩක් දීලා බලන එක නේද වඩාත් තාර්කික මනුස්සයෙක්ගේ ලක්ෂණය

    අප්පා මු දාර ඩොබියෙක් නේ දවසම හොදනවා🤣🤣
    google gemini wa jeppek karala thiyenne dan. dan eya jeppek
    ------ Post added on Apr 8, 2026 at 9:13 AM
     
    albuz

    Junior member
  • Aug 21, 2024
    91
    66
    18
    palayn hutto yanna , higana kama market karala baleta avilla , higanno poshanaya karanawa , higanno tika nathnnm chande dinanna ba , issra gahapu pake talk tika nnm ubta hodata mathakai , uba kiyanawa aluth paddatiyak hadanawalu , ko itin , dn mehchara kal gihin karapu eka deiyak kiyapn system update wala ,

    kohewath inna samthi karayo dawas dekai udgoshanaya karanna ona natta puke gahan duwanne , ekek awa train tika hadanna , thwa ara malu karayo bech eka vinasa karanawa nawattanna , thwa ekek ticket denna bus wala , thwa seat belt , ane huttoooo ko ewa , eluwage labba watenakm balan idapn
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    ඔයාගේ ඒ ප්‍රතිචාරය ඇතුළේ තියෙන්නේ අවුරුදු ගණනාවක දේශපාලන කලකිරීමක් කියලා මට හිතෙනවා. හැබැයි අපි මේ කතාව දෙස ද්වේෂයෙන් තොරව, පොඩ්ඩක් තාර්කිකව බලමුද? ඔයා කියන බැන බැන ඉන්න එක සහ උද්දච්චකම කියන කාරණා ගැන NPP එකේ පැත්තෙන් මෙන්න මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

    විවේචනය කියන්නේ ඉගැන්වීමක් නෙවෙයි, අවශ්‍යතාවයක් ඔයා කියනවා ජෙප්පෝ බැන බැන ඉන්න එක ඉගැන්නුවා කියලා. හැබැයි ඇත්තටම වුණේ, දශක ගණනාවක් තිස්සේ රටේ සිද්ධ වුණු වංචාව, දූෂණය සහ වැරදි පාලන තීරණ හමුවේ නිහඬව හිටපු සමාජයකට ප්‍රශ්න කරන්න හුරු කරපු එකයි. බලයේ ඉන්න අය වැරදි කරද්දී ඒක විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ අයිතියක් මිසක් ඒක "පොර වෙන්න" කරන වැඩක් නෙවෙයි. එදා ඒ විවේචනය නොතිබෙන්න අදටත් අපි ඉන්නේ කොතැනද කියලා ඔයාම හිතලා බලන්න.

    උද්දච්චකම ද නැත්නම් ප්‍රතිපත්තිගරුක බව ද? NPP එකේ නායකයෝ තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටිද්දී ඒක සමහර අයට උද්දච්චකමක් වගේ පේන්න පුළුවන්. හැබැයි හැමදාම එක එක පැත්තට වාසි බලාගෙන පක්ෂ මාරු කරන, ප්‍රතිපත්ති පාවා දෙන දේශපාලන සංස්කෘතියක් ඇතුළේ, තමන්ගේ මතය වෙනුවෙන් කෙළින් හිටගන්න එක අමුතු දෙයක් වගේ පේන එක සාමාන්‍යයි. ඒක උද්දච්චකමට වඩා විනයක් සහ විශ්වාසයක් විදිහට දකින එකයි වඩාත් නිවැරදි.

    ඔයා කියනවා රෙද්දේ රෙවිලා තියෙද්දීත් උද්දච්ච කතා කිව්වා කියලා. හැබැයි ඇත්තටම රටේ ආර්ථිකය සහ පද්ධතිය විනාශ කළේ කවුද? අවුරුදු 70ක් රට පාලනය කරලා රට බංකොලොත් කරපු අයද, නැත්නම් ඒ වැරදි පෙන්වා දුන්න පිරිසද? අද NPP එකට රට බාර දීලා තියෙන්නේ ඉතාම අසීරු තත්ත්වයකයි. ඒ අසීරුකම මැද වුණත් ඔවුන් උත්සාහ කරන්නේ පරණ දූෂිත ක්‍රමය වෙනස් කරන්නයි. අසාර්ථකත්වය කියන්නේ තමන් විසින්ම හදාගත්ත දෙයක් නෙවෙයි, පරණ පාලකයෝ ඉතිරි කරලා ගිය කුණු කන්දක් අස් කිරීමේ අභියෝගයයි.

    ඕනෑම දෙයකට බැන බැන ඉන්න එක වැරදි නම්, රටක් බංකොලොත් වෙලා මිනිස්සු පෝලිම් වල මැරෙන කොටත් පාලකයින්ව විවේචනය නොකර නිහඬව ඉන්න එකද ඔයා යෝජනා කරන නිවැරදි ක්‍රමය?

    NPP එක පොර ටෝක් දෙනවා කියලා කියන ඔයා, අවුරුදු ගණනාවක් තිස්සේ රට සිංගප්පූරුවක් කරනවා කියලා බොරු පොරොන්දු දීපු පාලකයින්ගේ ඒ කතා හැඳින්වූයේ මොන නමකින්ද?

    උද්දච්චකම ගැන කතා කරද්දී, තමන්ගේ වැරදි නිසා රට වැටුණු බව පිළි නොගෙන තවමත් බලය ඉල්ලන පරණ පාලකයින්ගේ හැසිරීම ඊට වඩා උද්දච්ච නැද්ද?
    NPP එකට අවස්ථාවක් දීලා බලන්නෙත් නැතුව ඔවුන්ට බැහැ කියලා කලින්ම තීන්දු කරන්නේ, ඔයාටත් පරණ පාලන ක්‍රමයෙන් ලැබුණු යම් යම් වාසි නැති වේවි කියන බයටද?

    මඩ ගැසීම සහ සැබෑ විවේචනය කියන්නේ දෙකක්. NPP එක උත්සාහ කරන්නේ විවේචනයෙන් ඔබ්බට ගිහින් අලුත් පද්ධතියක් හදන්නයි. ඒකට ඉඩක් දීලා බලන එක නේද වඩාත් තාර්කික මනුස්සයෙක්ගේ ලක්ෂණය

    google gemini wa jeppek karala thiyenne dan. dan eya jeppek
    ------ Post added on Apr 8, 2026 at 9:13 AM
    “විවේචනය අවශ්‍යයි” කියන එකට එකඟයි.
    ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි practical level එකේ ප්‍රශ්නය තියෙන්නේ මෙතනයි:

    👉 විවේචනය කරපු පිරිස power එකට ආවම,
    ඒම විවේචනයට equal standard එකක් තමන්ට apply කරනවද?

    මිනිස්සුන්ට frustration තියෙන්නේ ඒකෙන්.
    Opposition එකේදි strict, power එකේදි soft නම් — ඒක double standard එකක්.

    “ප්‍රතිපත්තිගරුක බව vs උද්දච්චකම”

    ඔයා කියන point එක valid.
    හැබැයි issue එක perception එක නෙවෙයි, delivery එක.

    👉 ප්‍රතිපත්තිගරුක නම්:

    • transparency තියෙන්න ඕන
    • mistakes accept කරන්න ඕන
    • communication humble වෙන්න ඕන
    ඒවා නැතිව strong talk විතරක් තිබ්බොත්,
    ඒක naturally arrogance වගේම පේනවා.

    “පරණ පාලකයෝ vs නව පාලනය”

    මෙතන main counter එක මෙන්න:

    👉 ඔව්, පරණ පාලකයෝ වැරදි කරලා තියෙනවා.
    ඒක almost හැමෝම accept කරනවා.

    හැබැයි…
    ඒකෙන් අද ඉන්න අයට automatic excuse එකක් හම්බ වෙන්නේ නැහැ.

    මිනිස්සුන්ගේ expectation එක:

    • “ඔබලා වෙනස් කියලා ආවෙ, එහෙනම් වෙනස්ව පෙන්වන්න”
    අනිත් අය වැරදි කරපු එක explain එකක් වෙන්න පුළුවන්,
    but justification එකක් වෙන්න බැහැ.

    “අවස්ථාවක් දීලා බලමු” කියන එක

    ඒක fair argument එකක් 👍
    හැබැයි ඒකට parallel එකක් තියෙනවා:

    👉 අවස්ථාවක් දෙනවා කියන්නේ
    blind trust දෙන එක නෙවෙයි.

    • question කරන එක ✔️
    • pressure දාන එක ✔️
    • accountability ඉල්ලන එක ✔️
    මේවා නැතිව “ඉඩ දෙන්න” කියන එක,
    අනිත් පැත්තට ගියාම same old cycle එකක් වෙනවා.

    “මඩ ගැසීම vs සැබෑ විවේචනය”

    මේක තමයි key takeaway එක:

    👉 දෙපැත්තෙම මේ දෙක mix වෙලා තියෙනවා.

    • සමහරු honest critique කරනවා
    • සමහරු agenda එක්ක attack කරනවා
    ඒ නිසා balanced view එක වෙන්නේ:

    👉 support කරනවද, oppose කරනවද කියන එක වැදගත් නෙවෙයි —
    correct දේට support, වැරදි දේට critique කරන්න පුළුවන් වෙන්න ඕන.
     
    • Like
    Reactions: sarika406

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    කවුරුහරි විවේචනය කරද්දී තමන් ළඟ ඊට වඩා හොඳ විකල්පයක් තියෙන්න ඕනේ
    එකඟයි, ඒකනෙ මිනිස්සු එකතුවෙලා අවු 60ක් තිස්සෙ විවේචනය කර කර හිටපු එවුන් ටිකකට ලංකාවෙ ඉතිහාසෙ වැඩිම බලයක් දුන්නෙ.
    දැන් උන් ළඟ අමුතු විසඳුම් නෑලුද, කලින් එවුන් කරපු ඒවම කරලා විවේචන එනකොට ඇයි කෙඳිරිගාන්නෙ 🤡
     
    • Like
    Reactions: wtsamantha and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,033
    8,035
    113
    රූකඩ රාජ්ජේ
    ගල් අගුරු ගොඩක රීලා තියෙන්නේ අනුර .. පුළුවන් නම් අයින් කරලා පෙන්නපන් .. ගල් අගුරු අයින්කරන්නේ නැතුව .. audit රිපෝට් එකකුත් ඇවිත් තියෙන්නේ
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    900
    1,427
    93
    ඔයා කිව්වා වගේ රොනල්ඩ් රේගන් 1980 ගණන්වල ඇමෙරිකාවේ බදු සහන දුන්නා තමයි. හැබැයි අපි අමතක නොකළ යුතු ප්‍රධානම දේ තමයි, ඇමෙරිකාව කියන්නේ ලෝකයේ සංචිත මුදල් වන ඩොලර් මුද්‍රණය කරන රට. ලංකාව වැනි ණය බරින් මිරිකුණු, ආනයන මත යැපෙන රටක එකවරම බදු ආදායම 30% කින් විතර කපා හැරීම කියන්නේ "රේගනොමික්ස්" නෙවෙයි, ඒක ආර්ථික විද්‍යාත්මකව ගත්තොත් "දැන දැනම අගාධයකට පැනීමක්".
    ෆිච් සහ මූඩිස් ආයතන කරන්නේ රටක ණය ගෙවීමේ හැකියාව මැනීමයි. ආණ්ඩුව තමන්ගේ ආදායම නැති කරගන්න කොට, ණය ගෙවන්න සල්ලි නැති වෙනවා කියලා ඒ ආයතන තේරුම් ගන්නවා. ඒක "බිය වීමක්" නෙවෙයි, ඒක යථාර්ථවාදී ගණනය කිරීමක්. ඒ නිසා තමයි අපිට ජාත්‍යන්තර වෙළඳපොළෙන් ණය ගන්න තිබුණු අවස්ථාව වැහුණේ. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි පෝලිම් යුගය.
    ඔයා කියනවා මත්තල අසල ආර්ථික කලාප හැදීමට ප්ලෑන් කළා කියලා. හැබැයි ඕනෑම ව්‍යාපෘතියක ප්‍රමුඛතාවය වැදගත්. රටේ මිනිස්සුන්ට බෙහෙත් නැතිව, කන්න නැතිව ඉද්දී, කිසිම වාණිජ පදනමක් නැති තැනක කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ගුවන් තොටුපළවල් හදන එක "සංවර්ධනයක්" නෙවෙයි.
    Example dubai, ඩුබායි හබ් එකක් වුණේ ඒ රටේ තෙල් සල්ලි සහ නිවැරදි කළමනාකරණය නිසයි. ලංකාව කළේ ණයට අරන් "නම දාගන්න" ව්‍යාපෘති කරපු එකයි. මත්තලට මගීන් එන්නේ නැත්නම්, ගුවන් සමාගම් එන්නේ නැහැ. ඒකයි ඇත්ත.
    ඔයා අහනවා අනුරත් ඒ පාරේම යනවා නම් වෙනස මොකක්ද කියලා. ඔයාට මෙහෙම උදාහරණයක් කියන්නම් හිතන්න කෙනෙක් ගෙයක් ගිනිතියලා විනාශ කරලා යනවා. ඒ ගෙදරට පස්සේ එන මනුස්සයාට මුලින්ම කරන්න වෙන්නේ ඒ ගින්දර නිවන එක මිසක්, එකපාරටම අලුත් මන්දිරයක් ගහන එක නෙවෙයි.
    අනුර කුමාර දිසානායක මහතාට බාරගන්න වුණේ බංකොලොත් වුණු රටක්. IMF වැඩසටහන වැනි දේවල් එක් රැයකින් වෙනස් කරන්න බැහැ, මොකද ඒකෙන් රටේ ස්ථාවරත්වය නැති වෙන්න පුළුවන්. හැබැයි NPP එකේ වෙනස තියෙන්නේ නාස්තිය සහ දූෂණය නතර කිරීම තුළයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයේදී දූෂිතයන්ව ආරක්ෂා කළා, හැබැයි NPP එක උත්සාහ කරන්නේ ඒ පද්ධතියම වෙනස් කරන්නයි.
    සාමාන්‍ය මිනිහාගේ ඇඟට බදු බර වැටෙනවා කියන්නේ, රජයේ ආදායම වැඩි කරගන්න මිනිස්සුන්ගේ පරිභෝජන භාණ්ඩ (සීනි, කිරිපිටි, තෙල්) මත පනවන වක්‍ර බදු වැඩි වීමයි. රනිල්ගේ කාලේ එකපාරටම වැට් බද්ද 18% දක්වා වැඩි කළා. ඒකෙන් පහළ ආදායම් ලබන මිනිහාට ලොකු පහරක් වැදුණා. NPP එකේ ප්‍රතිපත්තිය තමයි, ධනය තියෙන අයගෙන් සෘජු බදු ලබාගෙන සාමාන්‍ය මිනිහාට සහන දීම.

    ඔයා කියනවා පාලකයෝ දුන්නේ "ජනතාව ඉල්ලපු දේ" කියලා. එතකොට පාලකයෙක් කියන්නේ රටේ අනාගතය ගැන තීරණ ගන්න නායකයෙක්ද, නැත්නම් තමන්ගේ ඡන්ද ටික රැකගන්න රටේ ආර්ථිකය විනාශ කරලා හරි ජනප්‍රිය තීන්දු ගන්න කෙනෙක්ද? පාලකයෝ දැනුවත්වම රට බංකොලොත් වෙන බව දැන දැනත් ඒ වැරදි තීන්දු ගත්තා නම්, ඒක ජනතාවගේ වරදක්ද පාලකයන්ගේ වරදක්ද?

    ඔයාගේ අදහස්වලට ගරු කරන අතරම, රටක් විදිහට අපි මේ වැටුණු අගාධයෙන් ගොඩ එන්න නම් පරණ පාලන ක්‍රමයට වඩා වෙනස්, පිරිසිදු පාලනයක් අවශ්‍යයි නේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.
    මම ඕක තමා කලින් පෝස්ට් එක පටන් ගත්තේම උබත් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා. උබට වෙලා තියෙන්නේ පරාජය පිළිගන්න තියෙන අකමැත්ත සහ මොළ ශෝධනයකට ලක් වෙලා තිබීම. පරාජය පිළිනොගන්න එක නම් හොදයි. මොළ ශෝධනය ඉතින් හරි ගස්ස ගන්නවාද නැද්ද කියලා උඹම තමා තීරණය කරන්න ඕනේ.

    උබට මම කියලා තියෙන තර්ක කිසි දේකට උබ ආයි ප්‍රතිතර්කයක් ගේන් නෑ. නිකන්ම නිකන් කතන්දර ටිකක් ගෙනල්ලා හෑල්ලක් ලියලා යනවා. ඕක තමා සාමාන්‍යෙයෙන් ජෙප්පො කරන්නේ. උබලා වගේ උන් ඔය හෑලි විශ්වාස කරගෙන ඒවාම ආයි ආයි රිපීට් කර කර ඉන්නවා.

    ඇමෙරිකාව කියන්නේ ලෝකයේ සංචිත මුදල් වන ඩොලර් මුද්‍රණය කරන රට.

    ආර්ථික විද්‍යාව කියන්නේ බං විද්‍යාවක්. ඒක ඇමෙරිකාවේ එක විදියකටයි, ලංකාවේ තව විදියකටයි, ඉතියෝපියාවේ තවත් විදියකටයි, චීනේදි තවත් විදියකටයි ක්‍රියාත්මක වෙන් නෑ. ඒකේ න්‍යායන් කොහේ ගියත් එකම විදියට ක්‍රියාත්මක වෙලා එකම ප්‍රතිඵල පෙන්නන්නේ. උබ ලංකාවේදි පහයි පහයි එකතු උත්තරේ දහය ඇවිල්ලා ඇමෙරිකාවෙදි ඒක එකොලහක් හරි නමයක් හරි වෙන් නෑනේ.

    ලංකාවේ නෙවෙයි, ඇමෙරිකාව උනත් බදු අඩු කලාම රාජ්‍යය ආදායම පහල යනවා. ඒකට ඩොලර් එක කොච්චර ශක්තිමත්ද කියන එක අදාල වෙන් නෑ. එහෙම බැලුවොත් ඇමෙරිකාවට කවදාවත් ආර්ථික අර්බුධ ඇති වෙන්න විදියක් නෑ. නිකමට හොයලා බලපං ඇමෙරිකාවේ කොච්චර ආර්ථික අර්බුධ ඇති වෙලා තියේද කියලා.

    බිස්නස් වල ටැක්ස් අඩු කරන්නේ ඇයි කියන එකයි අපි බලන්න ඕනේ. ගෝඨාභය බලේට එනකොට ලංකාව ගැන විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසේ බිඳිලා තිබ්බේ. එහෙන් බෝම්බ ගහලා ආයි බෝම්බ ගහයිද දන් නෑ. ඔතෙන්දි හැම ආයෝජකයෙක්ම රිස්ක් ඇසෙස් එකක් කරනවා. ඒ ඇසෙස් එකේදී ලංකාව කියන්නේ හයි රිස්ක් රටක් විදියටයි කැටගරයිස් වෙන්නේ. එහෙම නම් රජය ආපහු විදෙස් ආයෝජන වැඩි කරගන්නේ කොහොමද? තියෙන ප්‍රධානම ක්‍රමේ තමා බිස්නස් වලට ටැක්ස් රිඩක්ශන් එකක් දෙන එක. එතකොට ඉන්වෙස්ටර්ස්ලාගේ ඉන්කම් එක වැඩි වෙනවා. ඒ වෙලාවට ඉන්වෙස්ටර්ස්ලා ගන්නේ හයි රිස්ක් හයි රිටර්න් කියන මෙතඩ් එක. ලංකාවට ආයෝජන එනවා. එකේ රිටර්න් එක ඉන්වෙස්ටර්ස්ලාට වැඩිපුර ලැබෙනවා.

    හැබැ‍යි ඉතින් ඔය මොන මඟුලක්වත් වෙන්න උනේ නෑ කොරෝනා වසංගතෙත් එක්ක. මොකද උනේ කියලා කලින් කිව්වා.

    උබ හෙනම චාටර් විදියට මම කියාපුවා වෙනස් කරලා වැරදියට දාන්නේ. අනික උබට ටයිම් ලයින් එක ගැන කිසිම අයිඩියා එකක් නෑ.

    ආණ්ඩුව තමන්ගේ ආදායම නැති කරගන්න කොට, ණය ගෙවන්න සල්ලි නැති වෙනවා කියලා ඒ ආයතන තේරුම් ගන්නවා. ඒක "බිය වීමක්" නෙවෙයි, ඒක යථාර්ථවාදී ගණනය කිරීමක්.

    "අනික ෆිච් එකෙනුයි මූඩි එකෙනුයි කරන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති හරි රටේ මූල්‍ය තත්වේ උඩ හරි කරන විශ්ලේශනයක් නෙවෙයි. උන් කරන්නේ ඔය වගේ රිෆෝම් එකක් අදුන්වලා දුන්නාම ඒකේ බලපෑම අනුව රටේ ආදායම අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන එක. උන්ට අනුව ආදායම අඩු වෙනවා නම් ණය ගෙවන්න තියෙන හැකියාව අඩු වෙනවා කියලා තමා ඔය රේටින්ග් එක පහල දාන්නේ."

    මම කිව්වේ ෆිච් වත් මූඩීස්වත් බය උනා කියලා නෙවෙයි. ගවර්න්මන්ට් බොන්ඩ්ස් වල ඉන්වෙස්ට් කරලා තිබ්බ අය බයවෙලා බොන්ඩ්ස් වලින් අයින් උනා කියලා. ණය ගන්න තියෙන අවස්ථාව නැති උනේ කොරෝනා ඇවිල්ලා මාස 6කටත් පස්සේ. කොරෝනා නිසා වෙච්චදේ මම කලිනුත් කිව්ව නිසා ආයි කියන් නෑ. කොරෝනා පිටින් දාලා උබලාගේ අම්මලා තාත්තලා වැඩට යන්න බෑ කියාගෙන හිටපු නිසා තමා නිශ්පාදනේ අඩුවෙලා ආදායම් අඩුවුනේ. එතකොට ඉතින් ණය ගෙවන්න බැරි වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ.

    ඔයා කියනවා මත්තල අසල ආර්ථික කලාප හැදීමට ප්ලෑන් කළා කියලා. හැබැයි ඕනෑම ව්‍යාපෘතියක ප්‍රමුඛතාවය වැදගත්. රටේ මිනිස්සුන්ට බෙහෙත් නැතිව, කන්න නැතිව ඉද්දී, කිසිම වාණිජ පදනමක් නැති තැනක කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා ගුවන් තොටුපළවල් හදන එක "සංවර්ධනයක්" නෙවෙයි.

    උබට බං හෙනම මොළ ශෝධනයක් වෙලා තියෙන්නේ. 2014දි කොහේද බං මිනිස්සුන්ට කන්න බොන්න නැතුව හිටියේ? උබට මෝල්ද? හම්බන්තොට ආර්ථික කලාපේ හදන්නේ තීරණේ කලේ මහින්ද ජනාධිපති කාලේ.

    Example dubai, ඩුබායි හබ් එකක් වුණේ ඒ රටේ තෙල් සල්ලි සහ නිවැරදි කළමනාකරණය නිසයි.

    ඩුබයි වල හිටපු රජතුමා හරියට තේරුම් ගත්තා තෙල් ඉවර වෙන්නේ කොයි කාලේද කියලා. ඒ ඉවර වෙනකොට මොකද කරන්නේ කියලා ඩුබායි වල රජතුමා ප්ලෑන් කලේ 1990 දශකයේ. ඩුබායි කියන මුස්ලිම් රට සංචාරක පුරවරයක් විදියට දියුණු කරන්න ගත්තේ ඊට පස්සේ. අද ඩුබායි වල මොනවද එන්ටර්ටෙන්ට්මන්ට් වලට නැත්තේ? මහින්ද ෆොර්මියුලා වන් රේසින් වලට ලංකාවේ ප්ලේස් එකක් හදන්න රේසිං ප්‍රමෝට් කරන කොට ජෙප්පෝ පෙළපාලි ගියා බේබිලා දළදා මාළිගාව වටේ රේස් පදිනවා කියලා. ඩුබායි වල තෙල් ඉවර වෙලා ගොඩක් කල් දැන්. ඩුබායි වල ඉන්න ගෑනූත් ෆුල් මොඩ් වෙලා ලෝකෙත් එක්ක ඉස්සරහාට යන්කොට අපේ උන් තාම 2500 අතීතයක් තියන් වැලලෙන්න හදනවයි රටක් හදාගෙන යන එකාව ඒකාදිපතියා කියලා හංවඩු ගහලා එළවනවයි. ඩුබායි වල උන් නම් රජා කියපු විදියට ඉදලා රටත් දියුණු කරගෙන , උනුත් දියුණු වෙලා සැපේ ඉන්නවා.

    අනුර කුමාර දිසානායක මහතාට බාරගන්න වුණේ බංකොලොත් වුණු රටක්.

    මේකටනම් හිනාත් ගියා ඕයි. අනුර කොහේද බං බංකොලොත් රටක් බාර ගත්තේ? බංකොලොත් රට බාර ගත්තේ රනිල්. රනිල් රට බංකලොත් කමින් අයින් කරන්න සියල්ල කරපු රට තමා අනුර බාරගත්තේ. බංකලොත් රට බාර දෙන්න අනුරව හොයාපු වෙලාවේ සී.අයි.ඒ එකටවත් හොයා ගන්න බැරි වෙන්න අනුර හැංගිලා හිටියේ. අනික ඉතින් ගේ ගිණි තිබ්බෙත් අනුරම තමා. මතක නැද්ද උබට හඳුන්නෙත්ති කිව්වා පිටරට වල ඉන්න උන්ට ලංකාවට සල්ලි එවන්න එපා, ඒකෙන් කමිශන් එකක් බැසිල්ට යනවා කියලා.

    අයි.එම්.එෆ්.එකෙන් අයින් වුනොත් කොහොමත් රට අස්ථාවර වෙනවා. ඒක තමා රනිල් කරපු ටිකම අනුරත් කරන්නේ.

    හැබැයි NPP එකේ වෙනස තියෙන්නේ නාස්තිය සහ දූෂණය නතර කිරීම තුළයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයේදී දූෂිතයන්ව ආරක්ෂා කළා, හැබැයි NPP එක උත්සාහ කරන්නේ ඒ පද්ධතියම වෙනස් කරන්නයි.

    එතකොට බං පොඩ්ඩක් කියපන්කෝ අර බාල ගල් අඟුරු වංචාවක් එහෙම වෙලාම නැද්ද? දැන් විගනකාදිපතිගේ වාර්ථාවකුත් එළි දක්වලානේ තියෙන්නේ. ඒක කියවලා උත්තර දෙන්න ඈ.

    රනිල්ගේ කාලේ එකපාරටම වැට් බද්ද 18% දක්වා වැඩි කළා.

    රනිල් වැට් එක වැඩි කරපු එක ඇත්ත. හැබැ‍යි පුතේ රනිල්ම තමා ඉන්කම් ටැක්ස් එකත් වැඩි කලේ. ඊළඟට හැමෝටම ටින් නම්බර් එකක් දෙන්න, ඒකෙන් හැමෝම ටැක්ස් ගෙවන තැනට වැඩකලේ රනිල්. රනිල් කරපු ඒවයි ඉතුරු බිතුරු ටිකක් අනුරටත් කරන්න තිබ්බා. ඉතිහාසේ පොඩ්ඩක් කියවලා වරෙන් ඔය වගේ ටෝක්ස් දෙන්න ඉස්සෙල්ලා. අනික රනිල් වැඩි කරපු වැට් එක තාම එහෙම්මයි. ලපයා ඒක අඩු කලේ නෑ උගේ බජට් එකෙනුත්. පොඩ්ඩක් අනුර කරපු බදු සංශෝධන ටික මට කියපන්කෝ.

    එතකොට පාලකයෙක් කියන්නේ රටේ අනාගතය ගැන තීරණ ගන්න නායකයෙක්ද, නැත්නම් තමන්ගේ ඡන්ද ටික රැකගන්න රටේ ආර්ථිකය විනාශ කරලා හරි ජනප්‍රිය තීන්දු ගන්න කෙනෙක්ද?

    දැන් අනුර රට ගැණ හිතන නායකයෙක් නම් ඇ‍යි ඊයේ හදිස්සියේ පාර්ලිමේන්තු ඇවිල්ලා සහන පැකේජ් එකක් දීලා ගියේ? ඇ‍යි දිට්වා කුණාටුව වෙලාවේ තහඩුවක් ගියත් ලක්ශ දහයයි කියලා ටෝක්ස් දුන්නේ? ඕනේ මනුස්සයෙක් කැමතියි තමන්ට කීයක් හරි ලැබෙනවා නම්. ඔය ඉස්සර අනේ අපි නම් එහෙම ඥෑ කිය කිය හිටපු ලාල් කාන්තලාගේ, වසන්ත සමරසිංහලාගේ වත්කම් පහුගිය දවස් වල දැක්කානේ. ඕවා නොදුන්නොත් මිණිස්සු කොහොමත් පාලකයාව පන්නනවා. බලපන්කෝ පෙරේදා වෙනකන් අනුරට බැන බැන ගිය උන් අද උගේ හොද කියන හැටි. ඒ මිනිස් ස්වාභාවේ. රටේ බංකොලොත් බාවේ පස්සේ විසඳ ගන්නයි පාලකයා බලන්නේ. ඕක අනුරත් එහෙම තමා. නැත්තන් ඌටත් තිබ්බානේ මේ වෙලාවේ සහන දුන්නොත් රට වැටෙනවා කියලා නිකං ඉන්න. ඇයි එහෙම නොකලේ?

    පිරිසිදු ක්‍රමයක් තියෙන එකනම් හොදයි කියලා මම පිළිගන්නවා. ඒවගේම යථාර්තවාදීව ජේවීපී පිරිසිදු නෑ කියන එකත් මම පිළිගන්නවා. එහෙම පිරිසිදුයි නම් අශෝක රංවලගේ කථානායක වන්නම, අශෝක රංවලගේ අනතුරු වන්නම, කුමාර ජකොඩිගේ ගල් අඟුරු වන්නම එන් නෑ කියන එකයි මගේ පිළිගැණීම. කොටින්ම දිට්වා එක වෙලාවේ ලකුණු දාගන්න සමන්ත විද්‍යාරත්න නටපු නාඩගම මතකනේ. ඒ හින්දා ඔය එකෙක්වත් පිරිසිදු නෑ කියලා හිත හදාගෙන හොද දේට හොදයි කියලා නරක දේට නරකයි කියලා ඉන්න එක මට වටිනවා.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    ඊයෙ බස්. අද කෝච්චි... මෙහෙමයි රට හදන්නෙ

    • Haha
    Reactions: KDH