මචංලා, මම ඉන්නේ මාරම මානසික වැටීමක. මට දැන් වයස 23යි. මට කියන්න කියලා ගෑණු ළමයෙක්වත් නැහැ. මගේ මුළු ලෝකයම වුණේ මගේ අම්මයි, මල්ලියි විතරයි. පහුගිය මාසෙම මිරිජ්ජවිල රස්නයේ ගාමන්ට් එකේ මැරීගෙන වැඩ කළේ අම්මාගේ ණය බර ගෙවලා, මේ පාර අවුරුද්දට අම්මටයි මල්ලිටයි අලුත් ඇඳුම් අරන් දෙන්න.
දවස් ගාණක් නිදි මරලා, දහඩිය හලලා හම්බ කරපු රුපියල් 40,000ක පඩිය අතට ගත්තා. මට හොඳටම හෙම්බිරිස්සාව හැදිලා, ඇඟට පණ නැතිව හිටියත් මම බෙහෙත් ගන්නවත් රුපියලක් වියදම් කළේ නැහැ මචං. මම හිතාගෙන හිටියේ ඒ සල්ලි ඔක්කොම අම්මට දීලා, එයාට ලස්සන ඇඳුම් ටිකක් අරන් දෙන්න. මට ඕන වුණේ අම්මව සතුටින් තියන්න විතරයි.
හැබැයි අද මම අසනීපෙන්, නිදි මරපු ඇස් රතු වෙලා ගෙදර ආවම අම්මා මාව සැක කළා. මම බීලා කියලා එයා මට පන්න පන්න බැන්නා. මහන්සියට ඇඟෙන් ආපු දහඩිය ගඳ එයාට අරක්කු ගඳ වගේ දැනෙන්න ඇති. මම මගේ ජීවිතේට සිගරට් එකක්වත් බීපු නැති එකෙක් කියලා දැන දැනත් අම්මා මට කරපු ඒ චෝදනාව දරාගන්න බැරි වුණා.
හිතේ අමාරුවටම මම පඩිය අම්මට ගන්න කියලා බිමටත් දැම්මා. ඒත් එයා ඒ සල්ලි ගත්තේ නැහැ. අන්තිමට අම්මා පීඩනය දරාගන්න බැරිව පාරට බැහැලා ගියා. මම දැන් ගෙදර තනියම අඬනවා. මට එක පැත්තකින් මම ගැනම කලකිරිලා වස බොන්න හිතෙනවා, අනිත් පැත්තෙන් අම්මා පාරේ ගිහින් මොනවා හරි කරගනියිද කියලා මාරම බයක් දැනෙනවා.
මම පරාජිතයෙක්ද මචං? මම පවුල වෙනුවෙන් මගේ තාරුණ්‍යයම කැප කරලා අන්තිමට මට ඉතුරු වුණේ බේබද්දෙක් කියන චෝදනාවයි, මේ වගේ තනිකමකුයි විතරද? මට මොකක්ද කරන්න ඕනේ කියලා හිතාගන්න බැහැ.