උබලගේ සෞක්‍ය තත්වය කෙසෙද?

ata loku banda

Active member
  • Aug 30, 2021
    94
    140
    33
    දවසට බියර් එක ගානේ ගහලා හොඳට කාලා නිදාගන්නවා නැගිටලා වැඩ කරනවා තාම නම් හෙණයක් නෑ 🥰
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල
    වයස 40+

    ලංකාවේ ඉද්දි රස්සාවත් එක්ක පට්ටම ස්ට්‍රෙස් වෙලා හිටියේ, පට්ටම කියන්නේ උපරිමේට, සල්ලි නම් හම්බුනා

    Lifestyle එකත් අවුල් වෙලා තිබ්බේ, Fatty liver, High blood pressure

    Stress එකට eczema වැඩි වෙලා තිබ්බේ උපරිමයට, කසනවා ඉවරයක් නෑ, ඇඟට ඉඳිකටු වලින් අනිනවා වගේ සමහරදාට

    Eczema එක කොච්චර වැඩි උනාද කියනවනම් දිගටම steroid ගත්තා (prednisolone)

    රෑට නින්ද යන්නේ නෑ, විකාර හීන පේනවා, හිතේ කිසිම සැනසීමක් නෑ, නිතරම කේන්ති යනවා

    UK ඇවිත් අවුරුද්දක් ගියේ නෑ තිබ්බ ලෙඩ එකක් වත් නෑ

    පුදුම මානසික සතුටක් තියෙන්නේ, එක දිගට සැපට නින්ද යනවා, හිත හරිම නිදහස්

    රස්සාවේ ස්ට්‍රෙස් එකක් නැතිම තරම්, සුද්දෝ එක්ක වැඩ කරන්න ලේසියි, උන් pressure කරන්නේ නෑ

    පහට වැඩ ඉවරනම් ඉවරයි, office එකේ එකෙක් ඉන්නේ නෑ පහෙන් පස්සේ

    හිටියොත් බනිනවා get the hell out of here and go home mate කියල

    නිවාඩු නම් නිවාඩු, නිවාඩු දාට එක කෝල් එකක්/mail එකක් එන්නේ නෑ

    දවසට minimum steps 10000ක්, සතියට දවස් හතරක් අනිවාර්යෙන් ඇවිදිනවා, තෙල් - පිටි කෑම කැවෙන්නෙම නෑ

    සීතල නැති කාලෙට පුට් සයිකලේ ඔෆිස් එකට යන්නේ

    පොඩි පොඩි ගමන් බිමන් එක්කෝ පයින් යන්නේ, එක්කෝ සයිකලේ, පුදුම සැහැල්ලුවක් ඇඟට තියෙන්නේ, වාහනේ පාවිච්චිය අඩුයි

    ලෙඩ කියන්නේ අපි විහින් හදාගන්න ඒවා කියල තේරුනේ මෙහෙට ආවට පස්සේ

    ලොකුකම් කියෙව්වා නෙමෙයි, මේකෙන් කියන්න හැදුවේ

    ලෙඩ ගොඩක් හැදෙන්නේ අපේ රැකියාව, අයහපත් කල් ක්‍රියාව, අයහපත් ආහාර රටාව සහ පරිසරය නිසා

    Stress වැඩි නම් වෙන රස්සාවක් හොයාගන්න (කියන තරම් ලේසි නෑ කියල දන්නවා)

    ශාරීරික සහ මානසික සෞඛ්ය රස්සාවක් වෙනුවෙන් කොහෙත්ම කැප කරන්න එපා

    දැනට නිරෝගීව ඉන්නවා හෙට හුචුස් ගාල යයිද දන්නේ නෑ, මරණය කොයිවෙලේද කියල අපි දන්නේ නෑ

    මෙහෙත් ජීවිතේ රේස් එකක් තමයි දුවන්නේ, ඒත් මානසික සුවය තියනවා

    Hobby එකක් කරන්න වෙලාව තියනවා, Mindfulness practice කරන්න, meditate කරන්න හිතේ ඉඩ තියනවා

    නිරෝගීකම, මානසික සුවය නැතුව වෙන මොනව තිබ්බත් වැඩක් නෑ, සල්ලි බිලියන ගණන් තිබ්බත් වැඩක් නෑ ලෙඩෙක් නම්

    අරෝග්‍යා පරමා ලාභා කියලනේ කියන්නේ... සියළු සත්වයෝ නීරෝගී වේවා...
    Blood pressure අඩු කරගත්තේ කොහොමද? මටත් හික වෙලා ඉන්නේ 180-200පැනලා. බෙහෙත් බොන්න වෙනවා කිව...
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    949
    1,576
    93
    London, United Kingdom
    Blood pressure අඩු කරගත්තේ කොහොමද? මටත් හික වෙලා ඉන්නේ 180-200පැනලා. බෙහෙත් බොන්න වෙනවා කිව...
    ලුණු කන්න එපා

    දවසට පැය 8ක් අවම නිදියන්න

    සිගරට් අරක්කු බොනවානම් සම්පුර්ණයෙන්ම නවත්තන්න

    ඔය දෙකට අනිවාර්යෙන් blood pressure වැඩි වෙනවා

    සතියට අඩුම දවස් 4ක් පැයක් ඇවිදින්න, jogging කරන්න

    ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, තෙල්, සීනි, ලුණු අධික කෑම සීමා කරන්න

    ඔක්කොටම කලින් doctor කෙනෙක් හම්බෙලා බෙහෙත් බීලා pressure අඩු කරන ඊට පස්සේ lifestyle change එක කරන්න

    දැන් ඉතින් හෙට උදේ ඉඳන් දුවන්න ව්‍යායාම කරන්න යන්න එපා

    දැනටම pressure වැඩිනම් ඒකෙන් වෙන්නේ heart එක, blood vessels තවත් stress වෙන එක

    Heart attack එකක්, stroke එකක් එන්න තියන risk එක වැඩියි.

    cholesterol check කරගන්න, ඊට පස්සේ ක්‍රමානුකුලව exercise කරන්න

    BMI එකට වඩා බර වැඩි නම් diet + exercise කරලා බර අඩු කරගන්න

    ඔක්කොටම කලින් doctor කෙනෙක් හම්බෙලා උපදෙස් ගන්න

    මම දොස්තර කෙනෙක් නෙමෙයි, මගේ අත්දැකීම් වලින් උත්තර දුන්නේ

    වැඩි විස්තරයක් ඕන නම් PM එකක් දාන්න
     
    ඔක්කම check කරා, දැන් බෙහෙත් ගන්න ගමන් තියෙන්නේ, මාසයක් බීව 140 වගේ අඩු වෙලා, මාස දෙකකින් තමා ආයේ check කරන්න තියෙන්නේ. මට. ඔය කෑම වලින්නම් අවුලක් නෑ report වලත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Jameson.k