1. yasidubihansa

    GF ට කියන්නද

    මොනම ආකාරයකවත් මානසික ලෙඩක් තියෙනවා නම් ලව් කරන්න එපා. කසාද බඳින්නත් එපා. ජීවිත කාලෙම අසාමාන්‍ය දේවල් විඳ දරාගෙන ඉන්නවා කියන එක පැය බාගයක් counselling කරනවට වඩා ගොඩක් වෙනස්. ඕක ලෙඩේ තියෙන කෙනාට නෝමල් උනාට ලග ඉන්න එකාට මහ කරුමයක්.
  2. yasidubihansa

    මහ ගෙදර කාටද?

    ලංකාවේ ගොඩක් පවුල් වල ළමයි කීප දෙනෙක් ඉන්නවා. හැබැයි තියෙන්නේ එක ගෙදරයි එක ඉඩමයි. අම්ම තාත්තා වයසට ගියාම ඕක ඉන්න ඔක්කොටම බෙදන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ළමයි ඕක බදාගන්න රණ්ඩු කරනවා. ඉතින් ප්‍රශ්න ගොඩයි. සමහර දෙමාපියෝ ඉඩම වැඩක් ගන්න බැරි තරම් පොඩි පොඩි කොටස් වලට බෙදල දෙනවා. තව අය ඉඩමයි ගෙදරයි...
  3. yasidubihansa

    ලබා ගත්ත වඩාත්ම සතුටුදායක සේවා සහ නිෂ්පාදන මොනවද?

    නලින්ද ගේ රත්තරන් බඩු මේ ring එක හැදුවේ කළුතර ජාවත්තේ නලින්ද (හෝ චමින්ද) කියල කෙනෙක්. දැනට අවුරුදු 8 කට කලින්. අදටත් පාවිච්චි කරනවා. තවම ගලක් වත් ගැලවුනේ නැහැ. සුපිරිම විදිහට ගල් අල්ලපු මුද්දක්. 2015 ගත්ත photo එකක් අද ගත්ත photo එකක්
  4. yasidubihansa

    ලබා ගත්ත වඩාත්ම සතුටුදායක සේවා සහ නිෂ්පාදන මොනවද?

    Honda Dio Scooter මම කාලයක් පාවිච්චි කරපු හොඳම බයික් එකක් Honda Dio Scooter. කිසිම ලෙඩක් නැතුව ඕන කන්දක ඇදපු එකක්. බර දාන්නත් පුළුවන්. හිටපු උන් නම් නැති උනා. ආයේ ආවම අයෙත් ගහනවා. චුට්ටක් බින්දු වගේ දැම්මම ඇති. ගෙදර එක නම් අරන් ගොඩක් කල්. පොඩ්ඩයි තවම spray කලේ. ------ Post added on 1694356074
  5. yasidubihansa

    ලබා ගත්ත වඩාත්ම සතුටුදායක සේවා සහ නිෂ්පාදන මොනවද?

    internet එකෙන් ගෙන්නවා ගත්තේ. මතක නැ මොන site එකෙන්ද කියලා නම්.
  6. yasidubihansa

    ලබා ගත්ත වඩාත්ම සතුටුදායක සේවා සහ නිෂ්පාදන මොනවද?

    කාලයක් අපේ ගෙදර මැස්සෝ හිටියා. එක එක දේවල් කරලා බැලුවත් හරි ගියේ නැහැ. මේ බෙහෙත් එකට මැස්සෝ ඔක්කොම නැති උනා. elakiri එකේම කෙනෙක් තමා ඒ ගැන විස්තර දැම්මේ.
  7. yasidubihansa

    ලබා ගත්ත වඩාත්ම සතුටුදායක සේවා සහ නිෂ්පාදන මොනවද?

    අපි service එකක් හරි product එකක් හරි සල්ලි දීල ගන්නේ ඒක ගෙවන මුදලට වටිනවා කියලා හිතලානේ. හැබැයි 99% ක් ම ඒවා ගැන සතුටුදායක නැහැ නේද? ඉතින් ඔයාලා ලබාගත්ත මොකක් හරි service එකක් / product එකක් ගැන හිතට ලොකු සතුටක් තියෙනවා නම්, ඒක ගැන මෙතන share කරන එක හොඳ product එකක්, service එකක් ගන්න හිතන තව...
  8. yasidubihansa

    දැන් මේසන් බාස් ලගේ, කුලී වැඩ කරන අයගේ දවසේ පඩිය කීයද?

    දැන් මේසන් බාස් ලගේ, අත් උදව් කරන අයගේ, කුලී වැඩ කරන අයගේ දවසේ පඩිය කීයක් දෙන්න ඕනද? වැලි බ්ලොක් ගල් එහෙම ටිකක් ඇදගන්න තියෙනවා වෙන තැනකට. බිත්ති බඳින වැඩකුත් තියෙනවා.
  9. yasidubihansa

    අවුරුදු 18 ක කෙල්ලෙක් මැරිල - පැනඩෝල් බීල

    මොකක්ද දැන් අවසන් විසඳුම?
  10. yasidubihansa

    IELTS කරන්න උපරිම වයසක් තියෙනවද?

    එහෙනම් අවුලක් නැ
  11. yasidubihansa

    IELTS කරන්න උපරිම වයසක් තියෙනවද?

    IELTS කරන්න උපරිම වයසක් තියෙනවද? මන් ඇහුවේ ඕකට ඉතින් class යන්න වෙනවනේ. දැන් මට 35 ක් නිසා class එකේ ඉන්නේ පොඩි උන් උනොත් මල මගුලයි. උන් අහයි සීයේ දැන් ඇයි පන්ති ආවේ කියලා.
  12. yasidubihansa

    IT Team එකක communicate කරන්න හොඳම chat app එක මොකක්ද?

    Team එකක් තැන් කීපයක ඉඳලා software development, web development වගේ project එකක් කරනකොට communicate කරන්න හොඳම chat app එක මොකක්ද?
  13. yasidubihansa

    ව්‍යාපාර කරන අයගෙන් උපදෙසක් ඕන

    ව්‍යාපාරයක ගිණුම් කටයුතු කරන team එකට / සේවකයාට ඒ ව්‍යාපාරයේ බැංකු ගිණුම් වලට login වෙන්න අවසර දෙනවද සාමාන්‍යයෙන්? උත්තරය ඔව් නම්, ඒ සේවකයාට ගිණුමේ සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් නිසා අවදානම් නේද? උත්තරය නැහැ නම්, ඒ සේවකයා දිනපතා ගිණුම් balance කරන්නේ කොහොමද?
  14. yasidubihansa

    මුනේ ගාන්න හොඳ cream එකක් කියන්න

    එහෙම අසාත්මිකතාවක් නෑ. මුණ තුවාල වෙලා pimple ඇවිල්ල එහෙමත් නෑ. මුණ සේදුවම නෑවම එහෙම නහය දෙපැත්තේ එහෙම සුදුපාට හම ගැලවෙලා තියෙන එක තමා තියෙන්නේ.
  15. yasidubihansa

    මුනේ ගාන්න හොඳ cream එකක් කියන්න

    Aloevera gel කියලා cream එකක් තියෙනවා. ඒකද නැත්නම් komarika වලින් ගත්ත jel වගේ kotasada ගන්න ඕන?
  16. yasidubihansa

    මුනේ ගාන්න හොඳ cream එකක් කියන්න

    nama danna ona na. mata mathakai nama
  17. yasidubihansa

    මුනේ ගාන්න හොඳ cream එකක් කියන්න

    මගේ මුනේ තැන් තැන් වල සුදු පාටට හම ගැලවෙනවා වගේ. ඒක පොඩි එකාගේ baby cream ටිකක් ගෑවොත් වැහිලා යනවා. ඒ උනාට ගාපු තැන් අව්වට ගියාම කළු වෙලා වෙනම පේනවා. කඩවල් වල තියෙන fair and handsome එහෙම නම් මන් ගාන්න කැමති නැ. ඒවා ගාවම makeup කරා වගේ වෙනම පේනවා ගාලා කියලා. මට හමේ පාට වෙනස් කරගන්න ඕන නෑ. මුනේ...
  18. yasidubihansa

    මේ ලෙඩේ මොකක් වෙන්න පුළුවන් ද?

    මගේ බඩේ මේ පෙන්නලා තියෙන තැන වගේ චුට්ටක් රිදෙනවා. රිදෙනවා කිව්වට ඒක දැනෙන්නෙත් නෑ ලොකුවට. වෙනසක් තියෙනවා ඉතින්. අපිට අතට ලොකු ඇටයක් අහුවෙනවනේ ඉන ඇල්ලුවම. එකේ උඩම ඉඳන් අඟලක් විතර පහලින් බඩ ඇතුලට වෙන්න තමා එහෙම දැනෙන්නේ. පස්සේ භයානක ලෙඩක් වෙන එකක මුල් සලකුණු ද දන්නේ නෑ නේ. ඒ නිසා ඇහුවේ.

    No contents