1. A

    ප්‍රායෝගිකව බුදු දහම වඩන අප්‍රසිද්ධ ස්ථාන

    https://www.youtube.com/c/IITInternationalInstituteofTheravada/featured
  2. A

    පුනරුත්පත්තිය සිදුවන හැටි

    දෙවන කොටසට #2 ශරීරය පහළ වී චක්ෂුරාදි ඉන්ද්‍රියයන් හා රූපාදීන් ගැටුණු කල්හි කුශලාකුශල සංඛ්‍යාත සංස්කාර හේතුවෙන් චක්ෂුර්විඥානාදි විඥානයෝ පහළ වෙති. කුශලාකුශල සංඛ්‍යාත සංස්කාරය නැතහොත් සත්ත්වයාගේ චිත්ත පරම්පරාව මරණයෙන් සිඳෙනු මිස අනාගත භවයට නො පැමිණෙන්නේ ය. එබැවින් කර්මයෙන් සත්ත්වයා ඒ ඒ ජාතිවලට...
  3. A

    පුනරුත්පත්තිය සිදුවන හැටි

    #1. සිත ය, කය ය කියා සත්ත්වයකුගේ කොටස් දෙකකි. එයින් සිත, කය ඇසුරු කොට කයෙහි පිහිටා පවත්නකි. කය, සිත නිසා සිතට අනුව පවත්නකි. ඒ දෙකින් සිත යම් කිසි වස්තුවක් නොව ක්‍රියාවකි. එබැවින් සෑම සිතක් ම ඇසිපිය හෙලන්නට ගතවන කාලය පමණ වත් නො පැවතී උපන් සැටියේ ම බිඳෙන්නේ ය. බිඳීමය යි කියනුයේ එහි නැති වී යාමට ය...
  4. A

    නිවනෙහි ඇති සැපය කුමක් ද?

    පටන් ගැනීමක් නැත්තා වූ මේ සංසාරයෙහි එක් එක් පුද්ගලයකු විසින් අතීතයේ දී මිනිස් ලොව තබා දෙව් ලොව ඇත්තා වූ ද සියලුම සැප නොයෙක් වාර වලදී ලබා තිබේ. එහෙත් ඔවුනට ඒවායින් අද ඇති කිසි ම වැදගත් කමක් නැත. අද ඒවා රෑ දුටු සිහින පමණවත් අගය නැත. මතු ලෞකික සැප කොතෙක් ලදුයේ වී නමුත් ඒවාට වන්නේ ද අතීතයෙහි ලැබූ...
  5. A

    නිවනෙහි ඇති සැපය කුමක් ද?

    බ්‍ර‍හ්මයන්ගේ දුක්ඛය සත්ත්වයකුහට නිකම්ම බ්‍ර‍හ්මත්වයට පැමිණිය නො හේ. බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදින්නට නම්, බ්‍ර‍හ්ම ආත්ම භාවයක් හෙවත් බ්‍ර‍හ්ම ස්කන්ධපඤ්චකයක් ලැබීමට නම් එයට නිසි පින් කළ යුතුය. නිකම් නොලැබිය හැකි බව, පිනින් ම ලැබිය යුතු බව බ්‍ර‍හ්ම ස්කන්ධයන්ගේ සංඛත ස්වභාවයයි. සාමාන්‍ය මිනිසුන් කරන දාන...
  6. A

    නිවනෙහි ඇති සැපය කුමක් ද?

    දිව්‍ය ලෝකයේ දුඃඛත්වය පින් බලයෙන් ම මිස නිකම් දෙව්ලොව ඉපදිය නො හැකිය. නිකම් ම නො ලැබිය හැකි බව පින් කිරීමෙන් ම, ලබාගත යුතු බව, දිව්‍ය ස්කන්ධපඤ්චකයේ සංඛත ස්වභාවයයි. දිව්‍යස්කන්ධයන්ගේ මේ සංඛත ස්වභාවය නිසා දෙව්ලොව උපදින්නට කැමති තැනැත්තාට දුක සේ සපයා ගන්නා වස්තුව දන් දෙන්නට සිදු වේ. සිල් රක්නට සිදු...
  7. A

    නිවනෙහි ඇති සැපය කුමක් ද?

    රූප ශබ්දාදි කිසිවක් නැති, සැප විඳින පුද්ගලයකු නැති, නිවනෙහි ඇති සැපය කුමක් ද? විඳීම් සැපය, නිවීම් සැපය කියා සැප ජාති දෙකක් ඇත්තේ ය. දිව්‍යලෝක මනුෂ්‍යලෝක සම්පත් ලබා ඒවායේ ඇති සුන්දර රූප ශබ්දාදියේ මිහිර ආස්වාදනය කිරීම වූ සැපය විඳීම් සැපය ය. එනම් සුඛ සෝමනස්ස වේදනා දෙක ය. දැනට පවත්නා වූ ද මතු...
  8. A

    Buddhism and earth

    දුර සිට බලන කල්හි අපට එක් දෙයක් සේ පෙනෙන වැලි ගොඩක් එක් දෙයක් නොව, වැලි කැට සමූහයකි. අපට එක් එක් දෙයක් සේ පෙනෙන වස්තු සියල්ලම වැලි ගොඩ සේ ම කුඩා වස්තු සමූහයෝ ය. ඉතා කුඩා දෙය සැටියට සැලකෙන අබ ඇටය වුව ද එක් දෙයක් නොව කුඩා ද්‍ර‍ව්‍ය සමූහයකි. අපට පෙනෙන සියලු ම වස්තූන් සෑදී තිබෙන්නේ රූප කලාපවලිනි...
  9. A

    පරමාර්ථ ප්‍ර‍ඥප්ති භේදය

    ආකාශ ධාතුව රූප 28 න් එක් පරමාර්ථ ධර්මකි . පරමාර්ථ ධර්ම නැවත නොබෙදිය හැකිය. නමුත් ඔබේ උපුටා ගැනීම සූවිසි ප්‍රත්‍යන්ට පරමාර්ථ ධර්ම ප්‍රත්‍යය ප්‍රත්‍යයෝපන්න වන නොවන ආකාරය.එය මේ ප්‍රඥාප්ති පරමාර්ථ කතාවෙන් වෙනස් වූවක්
  10. A

    පරමාර්ථ ප්‍ර‍ඥප්ති භේදය

    චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය යනු පරමාර්ථ ධර්ම කොටස් සතරක් කියන ලදි. පරමාර්ථ ස්වභාව ධර්ම වූ ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය පහසුවෙන් තේරුම් ගැනීමට පරමාර්ථය පළමු කොට දැන සිටිය යුතුය. එබැවින් පරමාර්ථ ධර්ම තත්ත්වය ද දක්වනු ලැබේ. ලෝකයෙහි සත්‍ය වශයෙන් නැතිව, අන්‍ය වස්තූන්ගේ ක්‍රියා - පිහිටි ආකාරාදිය නිසා ඇති සේ...
  11. A

    මෝටර් රථ දැනුම(සිංහලෙන්) Auto Technology

    https://drive.google.com/drive/folders/1zVtqEZuBOtvu7HS2bf3foY7QwhWDLD-p?usp=sharing
  12. A

    ඇත්තටම මේ මොකක්ද බන්? (AKA සක්වල චක්‍රය)

    ඔය තියෙන්නේ ධර්මයේ විස්තර වෙන සක්වල චක්‍රයේ සටහනක්. මැද තියෙන්නේ මහාමේරුව සහ එය වටා ඇති පර්වත 7, චාතුර්මහාරාජික සහ අනෙකුත් දිව්‍ය බ්‍රහ්ම ලෝක එහි සටහන් වශයෙන් ඇත.
  13. A

    චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නො කොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?

    හොඳ ප්‍රශ්නයක්,චේතනාව ප්‍රධාන සිත් වල ක්‍රියාව සිදු නොවුනහොත් කුසල හෝ අකුසල කර්ම සිදුවන්නේ නැත.නමුත් චේතනාව අප්‍රධාන තවත් චෛතසික 21ක් කර්මය වශයෙන් ගණන් ගැනෙ එයට අනුව එය විසඳ ගත යුතුය. (හැකිනම් තේරුම් ගැනීමට උත්සහ දරත්වා ) දාන ප්‍රාණඝාතාදි ක්‍රියා සිදුකරන බලවේගයට බුදු සස්නෙහි ව්‍යවහාර වන නාමය...
  14. A

    මල් පුදන්නේ කුමට ද? එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද?

    අජීවමාන බුදුවරුන් රහතුන් උදෙසා කරන පූජා උන්වහන්සේ ලා නො පිළිගන්නාහ. පරිභෝග නොකරන්නාහ. නොපිළිගන්නා වූ, පරිභෝග නොකරන්නා වූ නැති බුදුවරුන්ට, නැති රහතුන්ට පිදීමෙන් පිනක් ලැබේද? ඵලයක් ලැබේද? යනු මේ පූජාවන් පිළිබඳව ඇතැමුන් නඟන ප්‍රශ්නයකි. ඔවුන් ඒ ප්‍රශ්නය නඟන්නේ පින් පව් නො හැඳිනීම නිසාය. ජීවමාන...
  15. A

    මල් පුදන්නේ කුමට ද? එයින් ඇති ප්‍රයෝජනය කුමක් ද?

    මල් පූජාව බුදුන් වහන්සේට හෝ චෛත්‍යයට බෝධියට විහාරයට හෝ මල්වලින් ඇති වුවමනාවක් නිසා කරන්නක් නොවේ. මනා වර්‍ණයෙන් හා සුවඳින් යුක්ත වන මල ප්‍රිය වස්තුවකි. ශුද්ධ වස්තුවකි. එබැවින් එය ලෝකයා විසින් උසස් දෙයක් කොට සලකනු ලැබේ. එබැවින් උසස් කොට සලකන මිණි මුතු ආදිය මෙන් මල් හිසෙහි ද පළඳිති. ගරු කළ යුත්තකුට...
  16. A

    අනිත්‍ය ලක්ෂණය ගැන හරියට දැනගනිමු.

    චතුරාර්‍ය්‍යසත්‍යය කියා දෙන්නා වූ අන්‍යයකුගේ උපකාරය නොමැතිව ස්වශක්තියෙන් ම එය දත හැකි වන්නේ කල්ප බොහෝ ගණනක් මුළුල්ලෙහි පුරන ලද පාරමිතා ඇති ලොව්තුරා බුදුවරුන්ට හා පසේ බුදුවරුන්ට පමණකි. උන්වහන්සේලා ගෙන් අන්‍ය වූ කවර පණ්ඩිතයකුට වුව ද මේ සත්‍ය සතර ස්වශක්තියෙන් සොයා ගත හැකි නොවේ. එබැවින් බුද්ධ ශූන්‍ය...
  17. A

    චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නො කොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?

    බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. ‘චේතනාවය’ යි කියන්නේ ඒ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපදනා සිත්වල ඇති ‘ක්‍රියා සාධක බලවේගය’ ට ය.
  18. A

    අනිත්‍ය ලක්ෂණය ගැන හරියට දැනගනිමු.

    “චත්තාරො මෙ භික්ඛවෙ! පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං, කතමෙ චත්තාරො? උග්ඝටිතඤ්ඤු, විපචිතඤ්ඤු, නෙය්‍යො, පදපරමො ඉමෙ ඛො භික්ඛවෙ! චත්තාරො පුග්ගලා සන්තො සංචිජ්ජමානා ලොකස්මිං." යන දේශනාව පරිදි ලෝකයෙහි උද්ඝටිතඥ ය, විපචිතඥ ය, නෙය්‍ය ය, පදපරම ය යි පුද්ගලයෝ සතර දෙනෙක් වෙති. බුදුවරයකු විසින් හෝ බුද්ධ...
  19. A

    අනිත්‍ය ලක්ෂණය ගැන හරියට දැනගනිමු.

    තේරුම් ගැනීම පහසු නැති බව පෙන්වීමටත්,තේරුම් නොයන පුද්ගලයාට එය ඔහුගේ වරදක් නොව අදල කරණයේ සංකීර්ණ ස්වභාවය පෙන්වීමටත්.ඒ නිසා වරක් නොව තව තවත් උත්සහ කරන්න යන අදහසින්. ධර්ම කරුණු අනුකම්පාවෙන්ම කුසල සිතින් පවසන බැවින් මාන්නය වැනි මානසික තත්වයන් එයට අදාල නැත

    No contents