1. A

    අනිත්‍ය ලක්ෂණය ගැන හරියට දැනගනිමු.

    ගැඹුරු ධර්මයක් බොහෝ සරලව තියෙන්නෙ තේරුම් ගත නොහැකිනම් සරලව ඇති දේශනාවකින් සරලව තේරුම් ගන්න, තේරෙන්නේ නැති වචන ඇත්නම් පමණක් අසන්න රූප විකෘතිය යම්කිසි වස්තුවක පළමු පැවති ආකාරය නැතිවී එයට වෙනස් අන්‍යාකාරයකට පැමිණීමට විකෘතිය යයි කියනු ලැබේ. ඇසිපිය හෙළන තරම කලක් වත් ජීවත් නො වන රූපයකට අන්‍යාකාරයකට...
  2. A

    අනිත්‍ය ලක්ෂණය ගැන හරියට දැනගනිමු.

    වැසි වස්නා කල්හි ජලාශ වල දිය බුබුළු නැඟි නැඟී වහ වහා බිදී යන්නාක් මෙන් ද, බෙරයකට ගසන කල්හි හඩ නැඟි නැඟී වහ වහා අතුරුදහන් වන්නාක් මෙන් ද, සංස්කාරයෝ ද ඉපිද ඉපිදැ වහ වහා නිරුද්ධ වෙති. නිරෝධ යනු කිසිවක් ඉතිරි නොවී නැති වී යෑම ය. එයට බිඳීම යයි ද කියනු ලැබේ. ඇසි පිය හෙලීමට ගත වන කාලය තරම්වත් පවත්නා...
  3. A

    චේතනාව ම කුශලය නම් මහන්සි නොවී වස්තුව වියදම් නො කොට චේතනාව පමණක් ඇති කර ගත්තාම මදි ද?

    මෙය චේතනාව නො හැඳිනීම නිසා නඟන ප්‍ර‍ශ්නයෙකි. පරමාර්ථ ධර්මයන් ගැන දැනීම නැති අයට චේතනාව කුමක් ද? යන බව තේරුම් ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්‍ම ගැන දැනුම නැති බොහෝ දෙනා යම් කිසිවක් කරන්නට අදහස් කිරීම, නැතහොත් සිතීම චේතනාවය කියා වරදවා තේරුම් ගෙන සිටිති. මේ ප්‍ර‍ශ්නය නගන්නේ ඒ අය ය. ‘චේතනාවය’ යි කියන්නේ...
  4. A

    පව් කළවුන් අනිවාර්යෙන්ම දුගතියේ යන බව බුදුදහමෙහි සදහන්ද? පව්කම් වී ඇත්නම් සුගතිය අහිමිද?

    ලෙඩකට බෙහෙත් ගැනීමට සම්පුර්ණ වෛද්‍ය ශ්‍රස්තයම දන ගත යුතු නැත අවශ්‍ය වන්නේ විශ්වාස කල හැකි වෛද්‍යවරයකු සොයා ගැනීම සහ ඔහුගේ බෙහෙත් සහ වචනය පිළිපැදීම පමණකි. කර්මය බොහෝදුරට තේරුම් ගත හැකි බොහෝ ඉගැන්වීම් ද ධර්මයේ ඇත. ඒවා ගැඹුරු බැවින් පසුවට ඉදිරිපත් කරමි
  5. A

    පව් කළවුන් අනිවාර්යෙන්ම දුගතියේ යන බව බුදුදහමෙහි සදහන්ද? පව්කම් වී ඇත්නම් සුගතිය අහිමිද?

    ධර්මය හරියට නොදන්නා වූ නමුත් ධර්මයට පැහැදුණු පින්වතුන් අන් අය පවින් වළකුණු පිණිස පව් කළොත් අපායේ යාම අනිවාර්ය බව හුවා දක්වමින් නිරයත් එහි විදීමට ඇති කර්ම විපාකත් විස්තර කරමින් කියති. බොරුවක් කියූ පුද්ගලයාටම නිරයේ විදීමට ඇති අති මහත් දුක් විපාක දැන ගන්නා පුද්ගලයා පවින් වළකිනු ඇතැයි ඒ පින්වතුන්...
  6. A

    සත්ත්වයන් විසින් කරන කර්‍ම යම් කිසි තැනක රැස්වී පවතිනවා ද? එසේ නො පවතිනවා නම්, නැත්තා වූ අතීත කර්‍මවලින් විපාකයක් ඇති කරන්නේ කෙසේ ද?

    සන්තානය(continuity)යනු අඛණ්ඩව නොකැඩී පවත්නා පරම්පරාව යන අදහසයි. එහි, චිත්ත සන්තානය- යනු චිත්ත(සිත්) පරම්පරාව යන අදහසයි. ස්වසන්තානය-යනු තමන්ගේ නාම රූප පරම්පරාවයි. මෙහි පරම්පරාව යනු පරමාර්ථ ස්වභාවයෙන් එකකට එකක් පසුව අතරොක් නැතිව බිඳෙන උපදින ස්වභාවය යි
  7. A

    සත්ත්වයන් විසින් කරන කර්‍ම යම් කිසි තැනක රැස්වී පවතිනවා ද? එසේ නො පවතිනවා නම්, නැත්තා වූ අතීත කර්‍මවලින් විපාකයක් ඇති කරන්නේ කෙසේ ද?

    සත්ත්වයන් කරන කුශලාකුශල කර්ම සංඛ්‍යාත චේතනාදි ධර්‍ම සිත හා ඉපද සිත සමග ම නිරුද්ධ වෙනවා මිස, යම් කිසි තැනක රැස් නො වේ. ගින්නෙන් හටගන්නා ආලෝකය ගින්න ඇති කල්හි මිස ගිනි නිවුන පසු ඇති නො වේ. එමෙන් ඇතැම් හේතූන් ගේ ඵලය හේතුව විද්‍යමාන කාලයෙහි ම මිස හේතුව නැති වූ පසු ඇති නො වේ. ඒ න්‍යාය අනුව නම්...
  8. A

    නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය

    මේ ලිපිය මගින් අදහස් කළ කරණයෙන් පිට කාරණයක් වුවද ධර්මය අවබෝධ කිරීමේ අදහසින් අසන ලද්දක් යයි සිතා අප ශක්ති ප්‍රමාණයෙන් කෙටි පිළිතුරක් ලබදෙන්නෙමි, චිත්තක්ෂණ එකක් ඇති එක් සිතකින් කිසිම දෙයක් නිරීක්ෂණය නමැති ක්‍රියාව කළ නොහැකිය. ඕනෑම ක්‍රියාවක් කිරීමට සිත් වැලක් අවශ්‍ය වේ.එම සිත් වැලට චිත්ත වීථිය ය...
  9. A

    නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය

    නිවනට පැමිණීම හෙවත් මාර්ග සත්‍යය පුර්ණය වන ආකාරය පිළිබද බොහෝ දෙනෙකුට තම තමන්ගේ මත අදහස් මිස හරියාකාර ධර්ම දැනුමක් නොමැති බව පෙනී ගිය හෙයින් රේරුකානේ චන්දවිමල මහා නාහිමි ගේ ධර්ම ග්‍රන්ථ ඇසුරින් මෙසේ ලිපියක් සකස් කිරීමට තීරණය කළෙමු .එය කෙටියෙන් සංක්ෂිප්තව ඉදිරිපත් කරන හෙයින් වැඩි විස්තර පොත පතින්...
  10. A

    ඇසීමෙන් පවා ආනිසංස ලඟා කර දෙන ප්‍රබලතම බුද්ධ භාෂිතය

    ප්‍රස්ථාන ක්‍රමය(පට්ඨාන ප්‍රකරණය ) පිළිබඳ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ පොත් මගින් උපුටා ගැනීම්:- # පට්ඨාන මහා ප්‍රකරණය වනාහි ලෝකයේ ඇති විශාලම ප්‍රකරණය ය, එහි කොණක් නො දැකිය හැකිය. එබැවින් එය අනන්ත නයසමන්නාගත සමන්ත පට්ඨාන මහා ප්‍රකරණය යි කියනු ලැබේ.එය පොත් වල ලියා තිබෙන්නේ පෙය්‍යාල...
  11. A

    ඇසීමෙන් පවා ආනිසංස ලඟා කර දෙන ප්‍රබලතම බුද්ධ භාෂිතය

    අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම වන්දනාව ඥෙය්‍යසාගර පාරගත වූ අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම සඳහා සම්මර්ශනය කළ ධර්මය හේතු-ඵල ධර්මයයි. තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පූර්ණ අති දීර්ඝ හේතු-ඵල දේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි. එසේම...
  12. A

    අභිධර්මය

    ත්‍රි(3)පිටකය යනු විනය පිටකයත්,සූත්‍ර පිටකයත්,අභිධර්ම පිටකයත් යන තුන් පිටකයම බව සිහි තබාගන්න. මහා ගෝසිංග සූත්‍රයේ අභිධර්ම දැනුමැති භික්ෂුව වර්ණනාව විස්තර වශයෙන් දක්වා ඇත. එම නිසා අප හදාරන්නෙ නිවරදි බුදු දහම විනා අන් දහමක් නොවේ. රේරුකානේ ස්වාමීන් වහන්සේගේ උපුටා ගැනීම ඔබට නොව උන්වහන්සේ...
  13. A

    අභිධර්මය

    අභිධර්මය ප්‍රතික්ෂේප කරන්නවුන්ට බොහෝ දෑ ඇතත් සරල උපුටා ගැනීමක්- "සුත්‍ර පිටකය වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්ෂාකර ඒ ඒ රෝගියා උදෙසා ලියන ලද බෙහෙත් වට්ටෝරු සමුහයක් වැනිය.එසේ ලියූ බෙහෙත් වට්ටෝරු දහස් ගණනක් කියවීමෙන් වුවද කෙනෙකුට වෛද්‍යවරයකු නොවිය හැකිය. එමෙන් සූත්‍ර කෙතෙක් උගත ද එයින් බුදු...
  14. A

    අභිධර්මය

    හොඳ ප්‍රශ්නයක්. පරමාර්ථ ධර්ම ලෙස හැදින්වෙන ධර්ම 82ක් පවතිනවා.එහි සරල තේරුම ලෝකයේ සත්‍යය ලෙසම පවතින ධර්ම උද: පඨවි ආපෝ තේජෝ වායෝ..ආදී. නමුත් මේ පරමාර්ථ ධර්ම සත්ව සන්තානයට සංවේදනය වනුයේ පංචේන්ද්‍රියන් පමණක් සහ ඊට අනුකූලව පමණක් වේ. මේ පංචේන්ද්‍රියන්ගේ දැනීම සංඥාව නම් වේ. එනම් ඔබ ලෝකයේ සියල්ල හදුනා...
  15. A

    අභිධර්මය

    උපුටා ගැනීමක් නොවේ, පැහදිලි කිරීමක් පමණයි
  16. A

    අභිධර්මය

    එහි අදහස චතුරාර්ය සත්‍ය ධර්මය වේ. ඔබ එහි "ලෝකය" නැමති තැන් වලට "දුක" යන වචනය යොදා බැලුවහොත් එය සාමාන්‍ය චතුරාර්ය සත්‍යය දේශනය ලෙසින්ම අවබෝධ වේවි. නමුත් එහි ලෝකය සඳහා වෙනම අර්ථ විවරණයක් ඇත. ඔබට ගෝචර වන නොවන ලෝකය ලෙස සංඥාව හේතුවෙන් හදුන්වන සියල්ල දුකට මිස නිත්‍ය සැපයකට හේතු නොවන බැවින් ඒ සියල්ල...
  17. A

    covid කර්ම යටපත් කිරීමට

    යහපතේ හැසිරවෙන්නාවුවන්ට අමුතුවෙන් කිව යුතු නොවේ නමුත් එසේ නොවෙන්නන් පවා මරණයට බය වේ. මේ ඔවුන්ගේ සිහිය ඉපදවීමට කාලයයි. එසේම මේව යහපත් චේතාන්විතව කිරීම කුසල් ඉපදීමටත් පෙර කරන ලද මීට ප්‍රතිපක්ෂ අකුසල් යටපත් කිරීමට හේතුවන බවත් සත්‍යය. ඒ නිසා පඥාව මෙහෙයවා දක්ෂ ලෙස කුසල් උපදවත්වා !! සියලු සතුන්ගේ...
  18. A

    covid කර්ම යටපත් කිරීමට

    1. විකිණීමට ඇති පණ(හුස්ම) අදින මාලුන්ට අභය දීම 2.ස්වසන ආබාධ සහිත පුද්ගලයින්ට ඖෂධ ආධාර උපකාර කිරීම 3. විෂ දුම් පැතිරෙන කසල ආදිය ගිනි තැබීමෙන් වැලකීම සහ එවැනි දෑ කරන පුද්ගලයින් දැනුවත් කිරීම සහ වැළැක්වීම. 4. විෂ දුම් ආදි උපක්‍රමයන් මඟින් සතුන් මර්දනයෙන් වැළකීම සහ අන් අය වැළැක්වීම. 5.ජීවී...
  19. A

    බුද්ධාගම සම්බන්ධව ගැටළු

    මේ පොත් දෙක කියවන්න මුලින්ම, තෙරුවන් සරණයි !!! රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ යනු මෙරට පහළ වු විශිෂ්ටතම ධර්ම විග්‍රහයන් සරලව කළ හැකි ස්වාමීන් වහන්සේ නමකි. බොහෝ ධර්ම කතික ස්වාමීන් වහන්සේලාගේ මුල් අඩිතාලමද රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ගේ පොත්මය. ඔබේ ධර්ම දැනුම දුර්වල නම් බෞද්ධයාගේ අත්පොත...

    No contents