මේ සංසාර චක්‍රය තුළදී අප ඉපදුණු වාර ගණන අසීමිතය. තිරිසන්, අපා, දෙව්, මිනිස්, බ්‍රහ්ම ලෝකයන්ගේ උපත ලද වාර ගණනින් දැක්විය නොහැක. අගක් , මුලක් දැකිය නොහැකි අනමතග්ග සංසාරයක් ලෙස බුදු රජාණන් වහන්සේ දක්වන්නේ එබැවිනි.
මිනිසත් භාවයන් ලබන්නේ, කණ කැස්බෑවකු විය සිදුරෙන් සඳ දකින්නා සේය. නමුත් ඒ දුර්ලභ බව බොහෝ දෙනකු නොදන්නේය. දැන ගත්තද, නොදැන ගත්තද සත්‍යය එයයි. එසේ ලබන ජීවිතය අදුරෙන් අදුර කරා හෝ අඳුරෙන් ආලෝකය කරා හෝ රැගෙන යාම තමන් සතු කාර්යයකි.
හැකි තාක් දුරට සිත,කය, වචනය සංවර කර ගනිමින්, විදසුන් භාවනාවක නොයැලෙමින් සසර කෙටි කර ගැනීමට වීර්යය කිරීම සියළු බුදු රජාණන් වහන්සේලාගෙ උපදේශයයි.
මෙසේ කටයුතු කිරීමට උත්සාහ දරන ගමනේදී අප අතින් අකුසල් සිදුවීමද වේ. කොතෙක් වළක්වා ගැනීමට උත්සාහ කළද නිරායාසයෙන් මෙන්, සතියෙන් තොර වූ විට අප තිදොරෙන් අකුසල් සිදු වේ. කය , වචනය නම් කෙසේ හෝ සංවර කර ගත්තද සිත සංවර කර ගැනීම ඉතා අසීරුය.
"චේතනා හං භික්ඛවේ කම්මං වදාමි" ලෙසින් බුදු රජාණන් වහන්සේ වඳාළ සේක.
"මහණෙනි මම චේතනාවම කර්මය යැයි වඳාරමි " යනු එහි අදහසයි.
යමෙක් කොතෙක් නම් කය, වචනය සංවර කර ගත්තද ඔහු තුළ නිරන්තර අකුසල් සිතිවිලි ගලා යන්නේ නම් ඔහු අකුසල කර්ම රැස් කර ගනී. එලෙසින්ම විපාකය ගොනු පසු පස යන ගැල මෙන් පසුපසින් එයි. එය වළක්වාලීමට කිසිවකුටත් නොහැකිය.
අප අතින් සිදුවන යම්කිසි කුසල හෝ අකුසල ක්‍රියාවන්හි විපාකය විවිධ වේ. කර්ම විෂය අචින්තය වේ. එය බුදුවරුන්ට පමණක් විෂය වන්නකි. අනෙක් අයට එය සිතා , ගළපා ගත නොහැක. නමුත් ඉතාමත්ම සරල වශයෙන් ගතහොත් කර්මය එයට බඳුන් වන පුද්ගලයාගේ ගුණ සම්පත්තිය අනුව විවිධ වේ. උදාහරණයක් ලෙස දානයක් එකම ලෙසින් පිළියෙල කර, එකම පිරිසිදු චේතනාවෙන් යුක්තව පිළිගන්වන්නෙ වී නමුදු, එය පිළිගනු ලබන පුද්ගලයාගේ ගුණයන් මත එහි විපාකය විවිධ වේ. බුදු රජාණන් වහන්සේට පූජා කළ දෙයෙහි විපාකය අනන්තය. පසේ බුදු වරුනට, මහ රහතන් වහන්සේලාට, මාර්ග ඵල ලාබීන්ට, සංඝ රත්නයට සිල්වතුන්ට, සාමාන්‍ය පුද්ගලයකුට, දුශ්ශීල පුද්ගලයකුට ආදී ලෙසින් එහි විපාකය විවිධ වීමට ප්‍රතිග්‍රාහකයාගේ ගුණ සම්පත්තිය බලපායි.
කුසලයට මෙන්ම අකුසලයටද මෙය එලෙසින්ම බලපායි. බුදු රජාණන් වහන්සේ පිළිබඳව යමෙක් සිතිවිල්ලකින් හෝ නුසුදුසු යමක් සිතුවේ නම් එහි විපාකය බුද්ධාන්තර ගණන් අවීචීය විය හැක. මෙලෙසින්ම පසේ බුදු, මහ රහතන් වහන්සේලා පිළිබඳවද, අනෙකුත් මාර්ගඵල ලාබීන් , සංඝ රත්නය ආදීන් පිළිබඳව ඇති කර ගනු ලබන කිළිටි මානසික, වාචික, කායික ක්‍රියා ඔබව දුගතිගාමී කරවන්නට සමත්ය. මෙහි බරපතලකම වන්නේ දැන, හෝ නොදැන කර්මයන් සිදු වූවද විපාකය එලෙසින්ම ලැබීමය. උදාහරණයක් ලෙස අන්‍ය ආගමිකයකු ද්වේෂ සිතින් සංඝ රත්නයට දෝෂාරෝපණය කරනවා යැයි සිතමු. ඔහු මිථ්‍යා දෘෂ්ටික වීම නිසා සංඝ රත්නය සතු අප්‍රමාණ ගුණස්කන්ධය නොදන්නවා විය හැක. නමුත් ඔහුගේ නොදන්නාකම එම අකුසලයේ විපාකය ලිහිල් නොකරයි. කර්ම විෂය අචින්තය යැයි කියන්නේ මෙසේ අපට එය සාධාරණීකරනය කොට සිතා ගැනීමට නොහැකි බැවිනි.
අප අතින් අනන්තවත් මේ ගෙවා ආ සංසාර ගමන තුළ අකුසල කර්මයන් සිදුවී ඇත. ඒවායේ විපාකයන් අදද අප ගෙවමින් සිටින්නෙමු. අකුසල කර්මය විපාක දීමට සුදුසු පරිසරය සෑදුණු විගසම ඒවා කල් නොයවා විපාක දෙයි. උදාහරණයක් ලෙස ඔබ පසුගිය ආත්ම වල සිල් රකින අයට, භාවනා වඩන අයට කිළිටි සිතින් යමක් සිදු කළේ නම්, ඒවයේ විපාකය ඔබට ළඟාවන්නේ ඇතැම් විට ඔබ කවදා හෝ එවැනි දෙයකට යොමු වීමේදීය. ඔබ සිල් රැකීමට යෑමේදී, භාවනා කිරීමට යෑමේදී ඔබට ඒවායේ බරපතලකම වැටහෙනු ඇත.
කුමන අන්දමින් හෝ අකුසලයක් කළද එහි විපාකය අප කරා පැමිණේ. කෙනකු අතින් සිදුවන බරපතලම අකුසලයන් වනුයේ ආනන්තරීය පාප කර්මයන්ය. ඒවායෙන් නිදහස් වීමට කෙලෙසකවත් නොහැක. එනම් මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ලේ සෙලවීම, රහතන් වහන්සේ නමකගේ දිවි තොර කිරීම, සංඝ භේදය යන ඒවාය. මේවා කෙනකු විසින් සිදුකළේ නම් නියත වශයෙන්ම අවීචීයට යෑම සිදුවේ. එය වළක්වාලීමට නොහැකිය. එතනින් මෙහා සිදුවන බරපතල අකුසල් නම් ත්‍රිවිධ රත්නය කෙරෙහි සිදුවන අකුසල්ය. බුද්ධ , ධම්ම, සංඝ රත්නයන් කෙරෙහි සිත, කය, වචනය යන තිදොරින් අකුසල් සිදු වේ නම් ඒවායේ විපාකය බරපතලය. ආර්යයන් වහන්සේ නමකට සිදුවන අකුසලයද බලවත්ය. එය ආර්ය උපවාද කර්ම ගනයට අයත් වේ. එයද අතිශයින්ම බලවත් අකුසලයකි.
ආර්ය උපවාදය යනු ආර්ය භාවයට පත්වූ එනම් සෝවාන්, සකදාගාමි, අනගාමි, අර්හත් ඵල ලාබී කෙනකු පිළිබඳව සිත, කය , වචනය යන තිදොරින් උන් වහන්සේලාගේ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව අරභයා ඇති කරනු ලබන අකුසල ක්‍රියාවන්ය.
අප විසින් කවර හෝ ආත්මයක එවැනි අකුසල කර්ම රැස් කොට තිබෙනවා නම් ඒවා කමා කර ගැනීමකින් තොරව මාර්ග ඵල නිවන් අවබෝධ කර ගැනීම නොහැකිය. යම්කිසි ආර්යන් වහන්සේ නමකට සිදුවූ අකුසලයක් නම්, උන් වහන්සේ ජීවත්ව සිටී නම්,ළඟට ගොස් වැඳ වරද කියා සමාව ගත යුතුය. උන් වහන්සේ ජීවත්ව නොසිටී නම් වැඩ සිටි දිශාව බලා සමාව ගත යුතුය.
මේවා අප සුළු කොට සැලකිය යුතු දේවල් නොවන්නේ, විපාකය අප කරා ඒමේදී අපට එසේ සිතීමට නොහැකි බැවිනි.
මාර්ගඵල ලබා සිටින කෙනකු අතින් වුවද ඉහත අකුසල කර්ම සිතුවිය හැක. තව දුරටත් කුසල් හෝ අකුසල් රැස් නොවන්නේ සියළු කෙලෙස් ප්‍රහාණය කර රහතන් වහන්සේලා අතින් පමණි. මන්දයත් උන්වහන්සේලා සියළු උපාදාන සිතින් ඉවත් කොට, මෝහය සම්පූර්ණයෙන්ම දුරලා, කෙලෙස් ගඟ වියළවා ඇති හෙයිනි. එයින් මෙහා සිටිනා සෑම කෙනකුටම අකුසල කර්ම රැස් වීම සිදු වේ. යම්කිසි මාර්ග ඵල ලාභීයකු අතින් , මෙසේ ආර්ය උපවාද ගනයට අයත් අකුසල කර්මයක් සිදුවන්නේ නම්, ඔහුට හෝ ඇයට එම කර්මයට පිළියම් යොදනා තෙක් තමන් ලබා සිටින තත්වයෙන් ඉදිරියට යැමට නොහැකි ලෙස නිවන් මග ඇහිරී යන්නේය. තමන් ලබා සිටින ඵලයට සිත පත් කර ගැනීමටද අපහසු වනු ඇත. එනම් ලබාගත් මාර්ග ඵලය නැතිවී යනවා නොව, තමාගේ සීලය, සමාධිය ආදී තත්වයන් පිරිහී යා හැක.
අතේ තුවාලයක් නැත්තකු විසින් විෂයක් අතින් ඇල්ලුවද එම විෂය ශරීරය කරා ගොස් හානියක් නොවන්නා සේම, අතේ තුවාලයක් ඇත්තකු විසින් සුළු හෝ විෂයක් අතින් ඇල්ලුවේද එම විෂ ඔහු මරණයට පත් කළ හැකි බව දත යුතුය. අන් කෙනකුගේ සීලය, සමාධිය, ප්‍රඥාව හෝ, අන් අයගේ කිසිඳු ක්‍රියාවක අඩු ලුහුඬුකම් සෙවීම හෝ එයින් සිත දූෂණය කර ගැනීම නුසුදුසුය. පිටින් කෙසේ පෙනුනද ඔවුන්ගේ අභ්‍යන්තර චිත්තය අප නොදන්නා බැවිනි. වඩා වැදගත් වන්නේ තමන් ගැන සොයා බැලීමය. සියළු සත්වයන්ගේ කෙලෙස් පිළිබඳ දතයුතු සියල්ල දන්නේ බුදු කෙනකු පමණි. එය බුදු කෙනකුටම පමණක් පිහිටන අසාධාරණ ඥාණයකි. එනම් අන් අයට එය නොමැත.
සම්මුති ලෝකය තුළ ජීවිත කොටු කර ගනිමින් අනුන් ගුණ දොස්ම විවේචනය පසෙකලා තමන්ගේ නිවන් මාර්ගය හැකි ඉක්මනින් පූරණය කිරීම අප්‍රමාදීව කළ යුතුය. යම්කිසි හෝ වරදක් සිදු වන බව දත විගසම එයට හැකි අයුරින් සමාව ගෙන නැවත එය සිදු නොවන ලෙස සතිය පිහිටුවා ගත යුතුය.
බුද්ධ, ධම්ම, සංඝ රත්නයන්ට හෝ ආර්යයන්ට සිදුවන වරදවල් කෙරෙහි දිනපතා සමාව ගැනීම කළ යුතුය. එය හදවතින්ම කළ යුතුය. ඔබ භාවනා වඩන්නකු නම් එය ඔබ උදෑසන, සවස, හා රාත්‍රී කාලයේ මෙන්ම භාවනාවට පෙරද සිදු කළ යුතුය. නිවැරදිව තුණුරුවන් සමා කර ගැනීනට නම්, ඔබ පිරිසිදු, මෛත්‍රී සිතක් පළමුව ඇති කර ගත යුතුය. පංච ශීලය සමාදන් වී මෙසේ හදවතින් සමාදන් විය යුතුය.
" අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා, මාගේ සිත කය වචනය යන තුන් දොරින් දැන හෝ නොදැන සියළු සම්මා සම්බුදු රජාණන් වහන්සේලට සිදුවූ සියළු පමා වැරදි වලට මම හදවතින්ම සමාව අයදිමි, මා කෙරෙහි අනුකම්පාවෙන් මට සමාව දෙන සේක්වා..
මට සමාව දෙන සේක්වා..
මට සමාව දෙන සේක්වා.."
එලෙසින්ම ,
"සියළු පසේ බුදු රජාණන් වහන්සේලාට,
ධම්ම රත්නයට,
අෂ්ට පුද්ගල ආර්ය මහා සංඝ රත්නයට,
ආර්ය භාවයට පත්වූ ගිහි, පැවිදි හෝ සිල් මාතාවන්ට,
ධ්‍යාන ලාබීන්ට,
සිල්වත්, ගුණවත් කවර හෝ උත්තමයකුට"
ආදී ලෙසින් ඉහත පාඨය හදවතින්ම කියමින් සමාව ගත යුතුය.
තෙරුවන් සමා කර ගැනීමේ පාලී ගාථාව :
කායේන වාචා චිත්තේන - පමාදේන මයා කතං
අච්චයංකම මේ භන්තේ - භූරිපඤ්ඤ තථාගතං
අච්චයංකම මේ ධම්ම - සන්දිඨ්ටික අකාලික
අච්චයංකම මේ සංඝ - සුපටිපන්න අනුත්තර
මෙසේ සිදු කිරීමෙන් භාවනාවට පළිබෝධ ධර්මයන් ඉවත්ව යනු ඇත. නමුත් එම කර්ම වල විපාක ශක්තීන් වෙනස් කිරීමට මෙයද සමත් නොවේ. භාවනාවට ඇති වූ බාධකය ඉවත් වී ගියද, විපාකය කෙදිනක හෝ ඉදිරිපත් වනු ඇත.
සියළු සත්වයෝ කර්මය දායාද කොට ඇත්තෝය. අප කර්මය කෙරෙහිද උපේක්ෂා වීම අනිවාර්යය. කර්මයට තැවි තැවී සිටීමෙන් සිදුවනුයේ තවත් අලුතින් කර්ම රැස්වීම පමණකි.
ප්‍රඥා ඇසකින්, විදසුන් ඇසකින් බලන කෙනකුට කර්මය හා විපාකය පිළිබඳව නිවැරදිව මනසිකාර පැවැත්වීමමද කමටහනකි.
බහුතරයක් දෙනා කර්ම රැස් කරගන්නේ අනුන් ගැන සිතීමට යෑමෙනි. අනුන්ගේ වැරදි අඩු පාඩු, සිටින ආකරය ගැන සිතීමට, යැමෙනි.අනුන් ගැන යොදන සිත එක මොහොතකට තමන් දෙසට හැරවූයේ නම් අපට තව තවත් පිරිසිදු විය හැක. අනුන් නුගුණ දකින සිත, ඔවුන්ගේ ගුණයන් දැකීමට පුරුදු කලේ නම් සිත මීට වඩා ප්‍රීතිමත් වනු ඇත.
අපට ලෝකය වෙනස් කළ නොහැක.
අපට කළ හැක්කේ අපේ සිත හදා ගැනීම පමණකි.
ලෝකයේ සැමදා නිවීමට , සැනසීමට පත්වූයේ ලෝකය සැදූ මිනිසුන් නොව තම සිත සදාගත් මිනිසුන්ය.
ඔවුන් ජය ලැබුවේ ලෝකයක් පරාජය කොට නොව තම සිත තුළ ඇති කෙලෙස්
පරාජය කරමිනි.
අප ළඟා කර ගතයුතු වන්නේ එවැනි ජයග්‍රහණයකි.
එය යළි කිසිදා කිසිම මාරයකුට, බ්‍රහ්මයකුට, දෙවියකුට, මනුෂ්‍යකුට උදුරා ගත නොහැකි, පරාජය කළ නොහැකි ජයග්‍රහණයකි.
එවැනි සිත් දැක දෙවියන්, බ්‍රහ්මයන් දුර සිට පවා වන්දනා කරන්නේ ඇයි දැයි කියා එවැනි සිතක් උදාකර ගත් දිනකට පමණක් අපට අවබෝධ වනු ඇත...!!!
එතෙක් අප ඒ පිළිබඳ සිත් පහදවා ඒ බුදු, පසේ බුදුවරු පියනැඟූ මාර්ගය ඔස්සේ වීර්යයෙන් පියවර තැබීමට අධිෂ්ඨාන කර ගත යුතුය.
තෙරුවන් සරණයි...!!!