අගමැති මධ්‍යස්ථයි.. බැසිල් පක්‍ෂයි.. සෙසු පක්‍ෂ විරුද්දයි.. යුගදනවු සාකච්චා අසාර්ථකයි.. විස්තර මෙන්න..

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    4,678
    3,185
    113
    පෘථිවිය

    යුගදනව් බලාගාරයෙන් කොටසක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව අසාර්ථක වී තිබේ.​

    සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ හවුල්කාර පක්ෂවල නායකයන් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.​

    ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ මෙම බලාගාරය ඇරිකානු සමාගමකට පැවරීම ගැටලුකාරී බවත් බවයි.​

    නමුත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම මෙම ආයෝජනය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250 ක පමණ ලැබෙන බවත් එය වාසිදායක ආයෝජනයක් බවත් පෙන්වා දී තිබේ.​

    මෙම බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට ලබා දීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය නොදක්වන බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය ජයසිරි ජයසිංහ මහතා සාකච්චාව අවසානයේ මාධ්‍ය වෙත පැවසීය.​

    මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ විදුලි බල ඒකාධිකාරිය විදේශයකට හිමි වීමේ ඉඩක් ඇති බවට පැවසූ ඔහු එම විනාශයට තම පක්ෂය සහය නොදක්වන බව ද සඳහන් කළේය.​

    අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී මධ්‍යස්ථ ස්ථාවරයක් දැරූ බවයි.​

    අදාල කැබිනට් යෝජනාව ඉදිරිපත් කල මුදල් අමාත්‍යවරයා ඇතුළු පාර්ශවය එක් මතයක්ද සෙසු පක්ෂ නායකයන් වෙනත් මතයකුත් දැරූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.​

    බලාගාරය සම්බන්ධයෙන් තම මතය සඳහන් කරමින් අත්සන් සහිත ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමට ද හවුල්කාර පක්ෂ බලාපොරොත්තුවෙන් සිටී.​


    අනේ ආයේ ස සංවෙදි වෙයිද ?​

    ------ Post added on Sep 24, 2021 at 9:36 AM
    මධ්‍යස්ථයි, අනවශ්‍යයි, අකමැතියි, කැමතියි

    ජනතාව බොහෝම කැමතියි

    පිස්සු යක්කු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,945
    7,302
    113
    මේ බයිලන්තය ගෙඩිය පිටින් ඔස්ට්‍රේලියාවට විකුණගන්න බැරිවෙයිද?
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    1,387
    2,408
    113
    agamathiya thamayi me seratama waga kiyanna oona .... ratata melo wadak nathi project naya aran karala, ewain gasa kaala, sampath wikiuna wikuna jeewath wena thanata me rata adala daapu paahara balla thamayi ooka ... dan awith madyastha pakak kiyonawa ...:angry::angry:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    30,319
    32,378
    113
    ආශ්චර්යමත් රටක
    මයිනා විරුද්ධ නැත්තං බයිසන්ලත් විරුද්ධ නෑ. ඕක තේරෙන්නැද්ද?

    මයිනා කිව්වොත් බයියන්ගෙ අම්මල ටික ප්‍රසිද්ධ වෙන්දේසියෙ විකුණනවා කියලා ඒත් බයියො මීක් නෑ. හරි මතයක් බයියොන්ට කියන්න බැරි නාකි ලොන්ත පොන්නයා ඌ. ඒපැත්තටත් නෑ මේපැත්තටත් නෑ. ඇයි චන්දෙදි ඕන පැත්තකට හැරෙන්න පුලුවන්නෙ. එදා ඉඳලම ඕකා ඔහොමනේ. එක්කො පාර්ලිමේන්තුවෙ ඡන්දයක් දවසට ගෙදර ඇඳ යට.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    2,775
    1,512
    113

    අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී මධ්‍යස්ථ ස්ථාවරයක් දැරූ බවයි.​


    🤦‍♂️🤦‍♂️😄😄😄😄😂😂

    අහෝ ව්මලෙට වෙච්චි දෙයක්..
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    4,125
    2,267
    113
    ලංකාවම එක පාරටම ඇමරිකාවට වික්ක නම් හරි. මෙහෙම බලාගාර දෙක දීලනම් කිසි වැඩක් නෑ.
    මේකට නම් ලන්කාවෙ ගොඩක් උන් එකග වෙනව. 😍😍