(අති උගත් රාජ්‍ය සේවකයන්ගේ )තැපැල් චන්ද 36000ක් ප්‍රතික්ශේප වෙයි

Al Baik

Well-known member
  • Jan 5, 2011
    12,396
    9,669
    113
    Ohio, USA
    පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 100 ක් මේ වනවිට ලබාදී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

    මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප වී තිබෙන බවද මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය

    පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම නියමිත පරිදි මේ මස 22, 23, 24 යන දිනවලදි සිදුකළ හැකි බව අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා

    “පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පෙබරවාරි 10 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තැපැල් ඡන්ද සලකුණු කිරීම 22, 23, 24 යන දිනවල දී තම සේවා ස්ථානයේ දී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව තිබෙනවා. යම් දෙයකින් මෙම දින තුනේදී තමන්ගේ ඡන්දය සලකුණු කර ගැනීමට නොහැකි වුණොත් ඔහුට පුළුවන් 28 වනදා තමන්ගේ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කරන්න.

    ඒ වගේම තමයි පෙබරවාරි 19 වනදායින් පසුවත් ශ්‍රී ලංකා තැපැත් දෙපාර්තමේන්තුව නිල ඡන්ද දැන්වීම්පත් නිවෙස් වෙත බෙදීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා.”











    -GalleTimes.lk
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,274
    20,959
    113
    හරියට ඔන්ලයින් ෆොර්ම් එකක් පුරවන්න බෑ ගොඩක් උනට .