අදත් පින්වත් ඔබට හරිම ලස්සන පුංචි ධර්ම දේශනාවක් ඉදිරිපත් කරන්නටයි යන්නේ

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,486
    10,869
    113
    Colombo
    අදත් පින්වත් ඔබට හරිම ලස්සන පුංචි ධර්ම දේශනාවක් ඉදිරිපත් කරන්නටයි යන්නේ. පින්වතුනේ අපේ බොහෝ දෙනෙක් බෞද්ධයන් හැටියට කියන දෙයක් තමයි " නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං" ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ හැර වෙන සරණක් නැත කියලනේ නමුත් ඒ සමහර අයගේ ජීවිත දිහා බලනකොට ඒ අයට බුදු රජාණන් වහන්සේ හැර ඕන තරම් සරණවල් තියනවා. ඒ අයට බුදු රජාණන් වහන්සේ මතක් වෙන්නේ අමාරුවේ වැටුණු වෙලාවට විතරයි. නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගැන අපිට සැබෑම ගෞරවයක් ඇති වුණොත් අපිට නිරන්තරයෙන් ම සෑම කටයුක්තකදීම බුදු රජාණන් වහන්සේ සිහිපත් වෙනවා. ඉතින් ඒක අපිට පින් රැස් කර ගැනීමට කවදා හරි සසරින් එතෙර වීමට හේතු වෙනවා. මේ සිද්ධිය ඒ පිළිබඳවයි.

    පින්වතුනි මීට කල්ප අනූ හතරකට ඉහතදී ඒ කියන්නේ බොහෝ කාලයක් දැන් පින්වතුන් දන්නවා එක කල්පයක් ගත්තත් අවුරුදු වලින් කියන්න බෑ කොච්චරද කියලා කල්පය එතරම් දීර්ඝයි. බුදු රජාණන් වහන්සේ කල්පය ගැන වදාළේ උපමා වලින්. මම දැන් එකක් කියන්නම් සරලව. ඔන්න යොදුනක් උස යොදුනක් පළල ප්‍රදේශයක්. හිතන්නකෝ භාජනයක් කියලා. ඒක අබ ඇට වලින් පුරවනවා. ඉතින් යම් කිසි කෙනෙක් අවුරුදු සීයකට වරක් එක අබ ඇටයක් ඉවත් කරනවා. ඔය විදියට ඉවත් කරනකොට කවදා හරි ඒ භාජනය හිස් වෙනවා ඒත් කල්පය ඉවර නෑ.ඉතින් කල්පය එච්චර දිගයි. මේ සිද්ධිය සිද්ධ වුණේ එතකොට එවැනි කල්ප අනූ හතරකට ඉහතදී. ඒ කාලේ ලෝකයට හරිම පින්බර කාලයක් උදාවෙලා තිබුණා. හේතුව බුද්ධ ශාසනයක් පැවැතුණු කාලයක්. ඒ කාලේ සිද්ධාර්ථ කියන සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා පිං ඇති දෙව් මිනිසුන් ව සසර දුකෙන් එතෙර කරවමින් වැඩ සිටියා.

    ඉතින් ඒ කාලේ වනයේ හැසිරෙන බොහොම ජවසම්පන්න වඳුරෙක් හිටියා. මේ වඳුරා ගහෙන් ගහට පනිමින් වනයේ හැසිරෙනකොට හොඳින් ඵල දරා ඇති තිඹිරි ගසක් දැක්කා. ඉතින් අර තිඹිරි ගෙඩි දකිනකොට මේ වඳුරට එක පාරටම බුදු රජාණන් වහන්සේ මතක් උනා. පින්වතුනි මෙතනදී අපිට පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒක තමයි මේ වඳුරා මීට කලින් වරක් හෝ බුදු රජාණන් වහන්සේ දැකලා තියෙන්නට ඇති. ඒකනේ මතක් වුනේ. දැකල විතරක් නෙවෙයි බුදු රජාණන් වහන්සේ කෙරෙහි යම් කිසි පැහැදීමක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ බුදු රජාණන් වහන්සේ ලෝකයේ අනෙක් මිනිසුන් වගේ නොවේ. ඊට වඩා වෙනස් කෙනෙක්. හොඳ කෙනෙක්. කාටවත් හිරිහැර නැති කරුණාවන්ත කෙනෙක්. හැමෝටම පිහිට වෙන කෙනෙක්. කියලා.

    ඉතින් මේ වඳුරා දවස් ගානක් බුදු රජාණන් වහන්සේ හෙව්වා තිඹිරි ගෙඩි ටිකක් පූජා කරන්න. දැන් බලන්න පින්වතුනි නියම දවස උදා උනා. සිද්ධාර්ථ බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝ සතුන් ගැන බලන කොට තිඹිරි ගෙඩි පූජා කරන්න බුදු රජාණන් වහන්සේ හොයන මේ වඳුරාව දැක වදාළා. පින්වතුනි එදා බුදු රජාණන් වහන්සේ වෙන කාගෙන්වත් දානය ගත්තේ නෑ. මහ රහතන්වහන්සේලා දාහක් පිරිවරාගෙන අර වඳුරා ඉන්න ප්‍රදේශයට වැඩියා. බලන්න පින්වතුනි වාසනාවක මහත බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙන්නට වඳුරෙකුට අවස්ථාව ලැබිලා. උන් වහන්සේ සියලු දෙනාම නිකෙලෙස්.අති පාරිශුද්ධයි. ඉතින් ඒ වඳුරාට හරීම සතුටුයි කියන්න බැරි සතුටක්. ඇයි තමන් සොයමින් සිටි උතුමන් වහන්සේ දැන් තමන්ගේ ඉදිරියේ වැඩ ඉන්නවා.

    දැන් මේ වඳුරා තිඹිරි ගහට නැගලා ගෙඩි කඩාගෙන තමන්ගේ දෑතින් ම පූජා කර ගත්තා. බුදු රජාණන් වහන්සේ වඳුරා කෙරෙහි මහා කරුණාවෙන් එම තිඹිරි ගෙඩි පිළිගත්තා. බලන්න පින්වතුනි එදා ඒ වඳුරාට තරම් වාසනාවක් අද සමහර මිනිසුන් ට නෑනෙ. ඇයි දැන් බලන්න සමහරු උදේ ඉඳන් රෑ වෙනකල් කරන්නේ තෙරුවන් ට ගරහන එක නින්දා අපහාස කරන එක. එයට හේතුව තමයි ඒ අයට ත්‍රිවිධ රත්නයේ ගුණ තේරුම් ගැනීමට බුද්ධියක් නැති වීම. අනේ පව් තුණුරුවන් ට අගෞරව කර කර ඉඳලා ඒ අය මරණින් පසු අපායේ යයි. ඔය නිරයේ ප්‍රේත ලෝකයේ තිරිසන් ලෝකයේ දුක් විඳින්නේ ඒ අය තමයි. දැන් ප්‍රේත ලෝකය නිරය සාමාන්‍ය අයට පේන්නෙ නෑනෙ. නමුත් තිරිසන් ලෝකය පේනවනේ. හැබැයි පින්වතුනි අපිට සතුටු වෙන්න පුළුවන් හේතුව තමයි අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගෙන එයට ගරු සත්කාර කරමින් පිං කරමින් කුසල් වඩමින් සසරින් මිදෙන්න උත්සාහ කිරීම ගැන.

    ඊටපස්සේ පින්වතුනි අර වඳුරා මරණින් පසු දෙව්ලොව ඉපදුනා. ඒ විදියට දෙව් ලොව සැප සම්පත් විඳිමින් සසරේ එනකොට මීට කල්ප පනස් හතකට කලින් මනුස්ස ලෝකෙට ආවා හැබැයි නිකං නෙවෙයි සක්විති රජ කෙනෙක් ලෙස. ඊටපස්සේ ආයෙත් දෙව් ලොව ඉපදුනා මේ ගෞතම බුදධසාසනේ ට එනකම් අපායේ ගියේ නෑ. අපේ බුදු රජාණන් වහන්සේගේ කාලයේදී දඹදිව ඉපදිලා බුදු බණ අහල මහණ වෙලා උතුම් අරහත්වයට පත් වුණා.

    ඒ තමයි " තින්දුකදායක" මහ රහතන්වහන්සේ. පින්වතුනි දවසක් දා උන්වහන්සේ සමාධියට සමවැදී පුබ්බේනිවාස කියන ඥානයෙන් බැලුවා තමන්ට රහත් වෙන්නට පෙර කරපු පින්කම මොකක්ද කියලා එතකොට තමයි දැක්කේ කල්ප අනූ හතරකට ඉහතදී වඳුරෙක් වෙලා කරපු මේ පින්කම. බලන්න පින්වතුනි බුදු කෙනෙක් ලෝකයට පහළ වීම සැපක්මයි (සුඛෝ බුද්ධානං උප්පාදෝ) ඔබටත් මේ අනිත්‍ය වූ සසරින් වහ වහා නිදහස් වීමේ වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.
     
    • Love
    Reactions: Dubairox

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    45,848
    47,221
    113
    ඇස් ලියනගේ කියන්නේ ආගම ඕවර්ඩෝස් ගත්තු ටොක්සික් මානසික ලෙඩෙක්

    බුද්ධහගම නැති වෙලා ගියොත් යන්නෙ මේ වගේ උන් නිසා. මොකද නිතරම නෙගටිව් හැමදේම. නෙගටිව් නෙගටිව්.