අනගාරික ධර්මපාලතුමා යනු ඇදහිය යුත්තෙක්ද?

firerix

Well-known member
  • Jan 29, 2018
    1,839
    2,166
    113
    වාහනය රට එකක් තමයි මචං එ උනාට ඔය විදියට ලි ගහලා හැදුවේ ධර් මපාලතුමා,එ දවස් වල දොන් කරෝලිස් සමාගමත් එ අයගේ නේ,ඔය හදලා තියෙන්නෙ ධර් මපාල තුමාගේ එක වාහනයක්,තව වාහනයක් තිබුනා ඔයිට ටිකක් වෙනස්,එකේ තමයි හරක් මස් නොකනු කියලා ගහල තිබ්බෙ,ඔය වාහනේ ඇතුලේ නිදියන්න,පොත් කියවන්න සහ දේශනා කරන්න පුලුවන් විදියට හදලා තිබුනේ,ඔකට සෝබන මාලිගාව කියලා දැම්මෙ,සිංහල අයට කැචි වෙන්න (ඔකට සෝබන මාලිගාව කියලා මුලින් කිව්වෙ එයා වටේ හිටපු සෙට් එක,නැතුව එයා නෙමෙයි,පස්සෙ එක ලංකාවම කියන්න ගත්තා),ඔක ඇත්තටම caravan එකක්...මේ පොත් දෙකකින් ගත්තු ෆොටෝ එකක්,ෆ්ලැශ් නැති නිසා පැහැදිලි මදි කරන්න දෙයක් නැ...ඔය යට එක හදලා තියෙන්නෙ...

    66wAzh1.jpg
    දොන් කරෝලිස් එක තවම මේ family එකට අයිතිමචන් ..ලංකාවේ තියන හොදම ලි බඩු බ්‍රෑන්ඩ් එක ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,538
    11,766
    113
    Mahanuwara
    8efd520bcd3addb26d351dbf4093d00c.jpg


    අනගාරික ධර්මපාල, නිකොලා ටෙස්ලා සහ ස්වාමි විවේකානන්ද සමග
    මේ ඉන්නෙ අනගාරික ධර් මපාලතුම සහ ස්වාමි විවේකානන්ද,ඉට එහායින් ඉන්නෙ ටෙස්ලා නෙමෙයි මෞරි කියන පුද්ගලයෙක්..ඔක ලෝක ආගම් පාර් ලි මේන්තු සැසියේ දි ගහපු ෆොටෝ එකක් 1893 දි.ඔකට ඇමරිකාවට ගියපු ධර් මපාලතුමාට එහේ මැගසින් කාරයෝ කිව්වලු ඔයා ජෙසුස් වහන්සේ වගේමයි කියලා,මගේ ගාව තීයන පොතක එහෙම කියලා තිබුනා,එක ෆොටෝ එකක් තියනවා එයාගේ එ වගේමයි...ටෙස්ලා සහ ස්වාමි විවෙකානන්ද අතර සම්බන්ධයක් තිබුනා,එ ගැන විවිධ කතා තියනවා නමුත් ටෙස්ලා ඔතනට කිසිම සම්බන්ධයක් නැ...මට මතකයි අර හින්දු ඇකඩමි කියන යිටියුබ් එකෙන් කියනවා ඉන්දියාවේ ෆොයිස් කට් එකක් යනවාලු ස්වාමි විවේකානන්ද මේ පාර් ලිමේන්තු සැසියේ කතා කරපු ඔඩියෝ එක කියලා එකත් පට්ට බොරුවක්...හැමතැනම මචං වැඩිය තියෙන්නෙ බොරුව-ඇත්ත හොයාගන්න,මේ ත්‍රෙඩ් එකෙත් බොරු ‍තෝග ගනන් තියනවා....ඔවට පිළිතුරු දිමෙන් කිසි ඵලක් නැ.....

    දොන් කරෝලිස් එක තවම මේ family එකට අයිතිමචන් ..ලංකාවේ තියන හොදම ලි බඩු බ්‍රෑන්ඩ් එක ..
    :yes: මම එතන එ අයිති වෙලා තිබුනා කියන එකෙන් අදහස් කලේ නැ මචං දැන් අයිති නැ කියලා..
    ------ Post added on Feb 1, 2023 at 8:44 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    46,409
    12,532
    113
    Gotland
    ගවමස් නොකනු කියල සිංහලුන්ගේ මොළ ශෝදනය කරා. අන්තිමට පරිප්පු කන ජාතියක් උනා සිංහලු

    ඔකුං කිසිවෙක් ඇදහිය යුතු නෑ
    සිංහලයා කියන්නේ මහරජාගේ ඉදන් ආමි කාරයා වෙනකන් අදහගෙන වහල්ලු වගේ ඉන්න ආස ජාතියක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    31,069
    84,692
    113
    එකමත් එක රටක
    ගවමස් නොකනු කියල සිංහලුන්ගේ මොළ ශෝදනය කරා. අන්තිමට පරිප්පු කන ජාතියක් උනා සිංහලු

    ඔකුං කිසිවෙක් ඇදහිය යුතු නෑ
    සිංහලයා කියන්නේ මහරජාගේ ඉදන් ආමි කාරයා වෙනකන් අදහගෙන වහල්ලු වගේ ඉන්න ආස ජාතියක්
    උන්ව බේරාගෙන උන්ව හරිමාර්ගෙට ගන්න කවුරු හරි වීරයෙක් හොය හොයා ඉන්න උන් ටිකක්.
    මොකෙක් හරි නාට්ටියක් කරල ඉක්මනට රවට්ටගන්න ලේසි ඒක නිසා.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    8,673
    6,526
    113
    ඔව් දැන් නං මෙහ් දැකපු දේවල් හැටියට හිතෙනවා ඔය අපි ජාතික වීරයො කියල හිතාගෙන ඉන්න ඔක්කොම අඩු කුලේ පොන්නයො වෙන්නැති කියලා.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    712
    1,184
    93
    ඉස්සර නං මට හිතුනේ අනගාරික ධර්මපාල කියන්නේ පිස්සෙක් කියලා.

    හැබැයි ඉන්දියාවේ කාලයක් හිටියම පස්සේ තේරුනා මේ උත්තමයාගේ තියෙන වටිනා කම.

    ඉන්දියාවේ තියෙන බෞද්ධ සිද්ධස්ථාන අදටත් රැකිලා තියෙන්න මෙතුමන්ගේ කැපවීම නිසා.

    අපි කවුරුත් මිනිස්සු. හැමෝගෙම හොද නරක තියෙනවා. අදහන්න ඕනි නැහැ. හොද දෙයක් තියෙනවා නං අරගෙන, අදාල නැති දේ බැහැර කරා නම් හරි.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,984
    3,406
    113
    අදහන්න එපා...
    තමන්ට හරි කියල හිතෙනවනම් තෙරුම් ගන්න පුලුවන්නම් අන් අයට කරදරයක් නැත්නම් පිලිගන්න, පිලිපදින්න
    එච්චරයී....
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,006
    1,391
    113
    දැන් ගෝටා ව එලෙව්වේ මූද බන්
    :lol: :lol: :lol: ඊලගට ඕකා පාර්ලිමේන්තු යවලා නවතියි ගොන් හරක් ටික ..


    එතුමා පළමුව අගාරික බව අත්හළේ ය. පසු කළ තම අනගාරික බවේ වඩාත් දුරදිග යමින් බුදු හිමි සව්වෙක් විය. මව්පියන්ට යැවූ පහත ලිපිය ඔහුගේ අල්පේච්ඡ බවත් උතුම් පරමාර්ථ සඳහා වූ බලවත් කැපවීමත් දක්වයි.

    “එක පුද්ගලයකුගේ නොව සියලු ලෝකවාසීන්ගේ සැප ප්‍රාර්ථනා කරන මට ඔවුන්ගේ දියුණුවට වැඩ කිරීමට ඉඩ දෙනු මැනවි. ලෞකික සැපයක් ඕනෑ නොකරන නිසාත්, බලාපොරොත්තු නොවන නිසාත් මට යමක් ඕනෑ නොකරයි… සම්පූර්ණයෙන් මගේ කාලය බුද්ධාගමේ දියුණුව පිණිස වැඩ කරන්නටයි. මගේ ජීවිකාව ආරක්ෂා කර ගැනුමට මසකට රුපියල් පහක්වත් ලැබෙන්නටත් ඉල්ලමි. මේ ඉල්ලීම ඉෂ්ඨ කළොත් අප සියල්ලන්ගේම නිවන් මාර්ගය ලේසි වේ… සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අප බෝධිසත්වයන් වහන්සේ ලෝක සත්වයා නිසා දුක් වින්ඳා නම් පුළුවන් පමණක් ලෝක සත්වයාගේ දියුණුවට වැඩ කරන්නට අපට නොහැකි ද?”

    එදා බුදු හිමි “චරක භික්ඛවෙ චාරිකං…” යනාදී ලෙසත් වදාළ ප්‍රකාශය මෙහිදී අපට සිහිවෙයි. ජීවිතයට ලෝක සත්වයාගේ දියුණුවට කැපවුණ ධර්මපාලතුමා සිරි දේවමිත්ත ධම්මපාල හාමුදුරුවෝ වූහ.

    වර්ෂ 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේදී පැවිදි බිමට පත්වෙද්දී “මිය යාමට පෙර මගේ මේ දෑතින් භික්ෂු පාත්‍රය ගැනීම ආශාවක් විය. එය අද සපිරුණේ ය” යි ප්‍රකාශ කළේ ය.

    ගිහියකුගේ වැදගත් අවස්ථා – මංගල්‍ය අවස්ථා දෙස බලන විට නිතැතින්ම පරණ ඇඳුමක් නොව අලුත් ඇඳුමක් ඇදීම සිරිතය. පැවිදිවීම උතුම් මංගල්‍යය කරුණකි. මේ අවස්ථාවේදී යම් අයෙකු පරිභෝග කළ සිවුරක් පැවිදිබිමට පත්වන පුද්ගලයා භාවිතා කළේ යයි කිවහොත් ධර්මපාලතුමාගේ චරිතය ගැන බලනවිට පුදුම විය යුතු නොවේ.

    අල්පේච්ඡතාව

    ධර්මපාලතුමා පැවිදි බිමට පත්වීමේදී පරිභෝග කළේ අම්බලන්ගොඩ, රන්දොඹේ මහාචේතිය පිරිවෙන ආරම්භ කරමින් දෙස් විදෙස් පතළ කීර්තිධර මහා පඬිරුවන් බිහිකළ මහා‍චේතිය පරිවේණාධිපති හා එම විහාරාධිපති තොටගමුවේ පඤ්ඤා‍මෝලි නාහිමියන් පරිභෝජනය කළ සිවුරකි.

    ධර්මපාලතුමා ඒ හිමියන්ගෙන් උන්වහන්සේ පරිභෝග කළ සිවුරක් ඉල්ලා සිටීම නාහිමියන් වහන්සේට ද මහා ගෞරවයක් විය. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ අත්‍යුදාර සේවාවක් කළ ධර්මාශෝක මහ රජාණන්ට පමණක් දෙවැනි වන ලෝක ධර්මදූත ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා තමන් පරිභෝග කළ සිවුරක් හැඳ පැවිදිවීම යනු කොතරම් ගෞරවයක් දැයි උන්වහන්සේට සිතෙන්නට ඇත. එය ගුරු පරම්පරාවට කළ කෘතගුණ ගෞරව සේම පඤ්ඤාමෝලි නාහිමියන් සමඟ පැවති කුළුපගභාවය, සුහදත්වය, හිතෛෂි භාවය, ගෞරවය මනාව පිළිබිඹු කරන අතරම, ධර්මපාලතුමාගේ අල්පේච්ඡතාවය, නිරහංකාරත්වය වැනි උතුම් ගුණාංග ද පිළිබිඹු කරයි.

    තොටගමුවේ පඤ්ඤාමෝලිතිස්ස නාහිමි‍යෝ එම සිවුර සමඟ පහත දැක්වෙන සුභාශිංසන ආශිර්වාදාත්මක ගාථාව ද සිය අත් අකුරින් ලියා යැවූහ.

    “ධම්මපාලො මහා සත්තො
    සන්තො සමණ කප්පියං
    ඉමං චීවර මාදාය
    පබ්බජිත්වා සුඛං වරෙ” යි මුළු හදවතින්ම ධර්මපාලතුමාට ආශිර්වාද කළහ.

    ධර්මපාලතුමා පැවිදිවීමේදී අනිකකු පරිහරණය කළ සිවුරක් භාවිතා කළ බව කියැවෙතත් ධර්මපාලතුමා ගැන කියැවෙන ලියැවෙන ‍බොහෝ තැන්හි මේ පිළිබඳව එතරම් සඳහනක් දක්නට නොමැත. මෙම සිවුර කාගේදැයි බොහෝ දෙනා නොදනිති.

    මාදම්පේ චේතිය ගිරි විහාරය පෘතුගීසි ආක්‍රමණයෙන් විනාශයට පත්ව නෂ්ටාවශේෂ කාගේත් සැලකිල්ලට ලක් නොවී පැවති අවධියේ තොටගමුවේ පඤ්ඤාමෝලි නාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් පුනරාරම්භය විය. එම පුනරාරම්භයෙන් වසර සියයක් පිරුණු 2010දී නිකුත් කළ සියවස් සමරු මුද්දරය පිළිබඳව මුද්දර කාර්යාංශයේ මුල් දින ලියුම් කවරය තුළට බහාලන විස්තරයේදී මවිසින් මෙසේ සඳහන් කෙරිණි.

    තොටගමුවේ පඤ්ඤා‍මෝලි නාහිමි

    “… ප්‍රදේශය ගැන ද ආගමානුකූල දෙවියන් හා ඉතිහාසය ගැන ද මනා දැනුමෙන් යුත් රන්දොඹේ මහාචේතිය පරිවේණාස්ථානය ආරම්භ කොට වදාළ අමරපුර ගුණපාමොක්ඛාචරය ධම්මකිත්ති සිරි තොටගමුවේ පඤ්ඤාමෝලි තිස්සාභිධාන අමරපුර මූලවංශික මහා නිකායේ මහානායක හිමියෝ වර්ෂ 1910දී මේ ස්ථානය යළි බෞද්ධ විහාරස්ථානයක් ලෙසින් පුනරාරම්භ කළහ. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හා සමීප සබඳතා පැවති පඤ්ඤාමෝලි තිස්ස මාහිමියන් වහන්සේ පෙරවූ සිවුරක් ධර්මපාලතුමා පැවිදිවීමේදී ලබාගත් අතර එය මිත්‍රත්වය මෙන්ම උන්වහන්සේ කෙරේ පැහැදීමෙන් පැවති ගෞරවනීය පිළිගැනීම ද පෙන්වයි. ශ්‍රීමත් වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිදුන් ද උන්වහන්සේගේ ගිහි ශිෂ්‍යවරයෙකි.”

    දිනපොත

    මෙම විස්තරය අඩංගු පත්‍රිකාව සහිත මුල් දින මුද්දර කවරය පඤ්ඤාමෝලි මහානායක හිමි පරපුරේ ත්‍රිපිටක පරියන්ති විශාරද වලගෙදර සෝමාලෝකතිස්ස මාහිමි හා පණ්ඩිත මාදම්පේ සෝමසිරි තිස්ස මාහිමියන්ගෙන් අනතුරුව වර්තමාන චේතියගිරි පුරාණ විහාරාධිපතිව කටයුතු කරන දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක බම්බලපිටියේ ආනන්දතිස්ස මාහිමියෝ සිය දඹදිව බුද්ධභූමි වන්දනා අවස්ථාවේ බරණැස මූලගන්ධි කුටි විහාරාධිපති පැලවත්තේ සීවලී මාහිමිපාණන් වහන්සේට ප්‍රදානය කෙරිණි.

    උන්වහන්සේ ඒ පිළිබඳ මහත් සතුටට පත්ව එහි සඳහන් සිවුර පිළිබඳව බොහෝසේ කථා කළහ. භක්ත්‍යානුමෝදනා වේදීද උන්වහන්සේ මේ පිළිබඳව බලවත් සතුටින් ප්‍රකාශ කළහ. ධර්මපාලතුමාගේ දිනපොතේ ද පැවිදිවීමේදී ලබාගත් සිවුර ගැන සඳහන් වෙතත් පඤ්ඤාමෝලි හිමියන් කවුරුන්දැයි බොහෝ දෙනා නොදත් බව කියැවිණ.

    පැවිදිවීම හා සම්බන්ධිත මෙම සිවුර ගැන සඳහන් අතිශය වැදගත් බවත් එය දුන් පඤ්ඤාමෝලිතිස්ස හිමියන් ගැන විස්තර හා ඡායාරූපයක් ලබාදෙන ලෙසත් සීවලී හිමියන් කළ ඉල්ලීම පරිදි ආනන්දතිස්ස හිමියෝ පඤ්ඤාමෝලි තිස්ස හිමියන්ගේ ඡායාරූපයක් යැවූහ. මෙම ඡායාරූපය අද දඹදිව විහාරස්ථානයන්හි දක්නට ලැබීම ධර්මපාලතුමාගේ ජීවන තොරතුරු අගයන සැමට වැදගත් ය.

    ------ Post added on Feb 1, 2023 at 11:46 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    31,069
    84,692
    113
    එකමත් එක රටක
    :lol: :lol: :lol: ඊලගට ඕකා පාර්ලිමේන්තු යවලා නවතියි ගොන් හරක් ටික ..

    ඌට කැමති උන් ටික එකතු වෙලා පාර්ලිමේන්තු යැව්වට නම් කමක් නෑ .
    මම කිව්වේ ඕනවට වැඩිය ඌව උස්සගෙන යන්න ගිහින් රනිල්ට ඕන විදියට දෙයක් වෙන්නේ. මූ නිසා නෙවෙයි අරගලේ ගියේ. දැන් රනිල ඒක පෙරට්ටෝ කරපු දෙයක් ගානට දාල තියනව මුව හිරේ දාල.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,006
    1,391
    113
    ඌට කැමති උන් ටික එකතු වෙලා පාර්ලිමේන්තු යැව්වට නම් කමක් නෑ .
    මම කිව්වේ ඕනවට වැඩිය ඌව උස්සගෙන යන්න ගිහින් රනිල්ට ඕන විදියට දෙයක් වෙන්නේ. මූ නිසා නෙවෙයි අරගලේ ගියේ. දැන් රනිල ඒක පෙරට්ටෝ කරපු දෙයක් ගානට දාල තියනව මුව හිරේ දාල.
    ඌට කැමති උන් විතරක් උස්සන් ගිහින් පාර්ලිම‍ේන්තු යැව්වට කමක් නැත්නම් අනිත් පක්ෂවල එවුනුත් ම‍ොකාහරි උස්සන් ගිහින් පාර්ලිම‍ේන්තු යැව්වාමත් කමක් නැද්ද බන් ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    31,069
    84,692
    113
    එකමත් එක රටක
    ඌට කැමති උන් විතරක් උස්සන් ගිහින් පාර්ලිම‍ේන්තු යැව්වට කමක් නැත්නම් අනිත් පක්ෂවල එවුනුත් ම‍ොකාහරි උස්සන් ගිහින් පාර්ලිම‍ේන්තු යැව්වාමත් කමක් නැද්ද බන් ?
    මට කමක් නෑ සිරාවට. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන් එක්ක බැලුවම කිසි අවුලක් නෑ .
    මම කිව්වේ මූව නිකන් ජාතික වීරයා කරගෙන අර කලින් කරපු අරගලේ කරන්න බෑ පක්ෂ ටිකක් ඔතනට ඇවිත්. ඒක කරගත්තේ පක්ෂ බලන්නේ නැතුව ආපු මිනිස්සු නිසා මිසක් පක්ෂ වල උන් නිසා නෙවෙයි. පක්ෂ වල උන් තමයි එතන ඉදන් මීඩියා වලට කතා කරේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,006
    1,391
    113
    මට කමක් නෑ සිරාවට. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න උන් එක්ක බැලුවම කිසි අවුලක් නෑ .
    මම කිව්වේ මූව නිකන් ජාතික වීරයා කරගෙන අර කලින් කරපු අරගලේ කරන්න බෑ පක්ෂ ටිකක් ඔතනට ඇවිත්. ඒක කරගත්තේ පක්ෂ බලන්නේ නැතුව ආපු මිනිස්සු නිසා මිසක් පක්ෂ වල උන් නිසා නෙවෙයි. පක්ෂ වල උන් තමයි එතන ඉදන් මීඩියා වලට කතා කරේ.
    උඹට කමක් නැති උනාට බදු ගෙවන අපිට අවුල් .. දැන් ඉන්න එවුන්ට චන්දය දුන්න එවුනුත් කියයි අපි කැමති එවුන් තමයි අපි යැව්ව‍‍‍ේ කියලා . එහමෙනම් තමන් කැමති එවුන් පාර්ලිමේන්තුව‍ේ යැව්වාම අකමැති එවුන් කටවහන් ඉන්න ඕන‍ේ .
    ඕක මුල ඉදන් කෙරුවේ පක්ෂවල එවුන් තමයි . වැඩ‍ේ කෙළව‍ෙන කොට එක එකා මාරු උනා අපිටනම් නිර්පාක්ෂිකයි කියලා . ඔතන හිටිය‍ේ ඇත්තටම අරගලයක් අවශවුන එවුන් නෙව‍ෙයි ව්‍යාජ අරගලයක පාක්ෂිකයන් ..
     
    • Sad
    Reactions: Heshan Daminda