අනාගත බලශක්තිය

Nov 30, 2011
6,617
879
0
මිහිතලයෙ
අනාගත බලශක්තිය

ඔන්න කාලෙකින් එකක් දාන්නයි අවේ පහුගිය ටිකේ මගේ නිසා මට මුකුත් කරගන්න බැරි උන ඒ වැඩ නිසා..එළකිරි අව ගිය විතරයි..

ඔන්න අද කියන්න යන්නෙත් අලුත් දෙයක් ගෙන අපේ ලෝකයේ තියෙන බලශක්ති අර්බුදයට විසදුම් ලෙස නිර්මාය කරන්න යන දෙයක් නැත්තම් අලුත් එකක් ගැන. සූර්ය ශක්තියෙන් විදුලිය නිපදවා එම විදුලිබලය මයික්‍රෝ-වේව් තරංග බවට පරිවතනය කොට පොළොවට ගෙන ඒවා බලශක්තිය විදිහට යොදා ගන්න විදිහක් තම මේක..තාම පර්යේෂණ තත්වයේ තියෙන මේක..ගොඩක් දුරට වැඩ සර්තකෛ කියල තාම කියන්නේ..2017 විතර තාම මේක ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙනවා කියල තියෙන්නේ..

මේ තියෙන්නේ ඒ චන්ද්‍රිකාව
images8il.jpg

මේ ඉන්නේ ජෝන් මැන්කින්ස් (බුවා තමා මේ වැඩේ කරන්නේ. )
johnmankins.jpg

හිටපු නාසා ඉන්ජිනේරුවකු වන ජෝන් මැන්කින්ස් විසින් නිර්මාණය කරන ලද මේ තාක්ශණය වැඩිදියුණු කොට ප්‍රායෝගිකව භාවිතා කල හැකිදැයි සොයා බැලීම සඳහා මැන්කින්ස්ට අයත් Artemis Innovation Management Solutions නම් සමාගමට මුදල් ප්‍රධානයක් ලබාදී තිබේ. නාසා ආයතනයේ මිනිසුන් රහිත අභ්‍යවකාශ ගවේශණ නිර්මාණය හා පාලනය කිරීම් සිදුකරන,විසිපස් වසරක සේවාවක අත්දැකීම් ඇති මැන්කින්ස් පවසන ආකාරයට ඔහු විසින් නිර්මාණය කරමින් පවතින මේ අභ්‍යවකාශ බලශක්ති තාක්ශණය අභ්‍යවකාශයේදී බලශක්තිය නිපැදවීමේ ලොව පලමු ප්‍රායෝගික තාක්ශණය වනවා. ලොව ඉදිරියට තබන තවත් එක තාක්ෂණික පියවරක් ලෙසද මෙය හදුන්වන බවද ඔහු කියා සිටිනවා..

liwpjpkifuhapjdkwzmtyzl.jpg

මේ තියෙන්නේ ක්‍රියා පිළිවෙල..

SPS-ALPHA ලෙස හඳුන්වන මෙය අභ්‍යවකාශයේ ස්ථායි කක්ශයක ගමන් කරන විශාල චන්ද්‍රිකාවක් වනවා.වයින් වීදුරුවක හැඩයක් ගන්නා මෙහි දර්පණවලට වැටෙන ආලෝකය ඇතුලතින් ඇති සූර්ය කෝශ වලට යොමුකරවන අතර එම සූර්ය කෝශ මගින් හිරුඑලිය විදුලිය බවට හරවා, ඉන් අනතුරුව එම විදුලිය මයික්‍රෝ-වේව් බවට හරවා පොලොවේ ඇති ග්‍රාහක ඇන්ටෙනා වලට සම්ප්‍රේශණය කිරීමට බලාපොරොත්තු වෙනවා.එමගින් ලැබෙන ශක්තිය ගබඩා කරගෙන පසුව යොදා ගන්න බෙවද පවසා තිබෙනවා..

මේ තියෙන්නේ ඒවා ලබාගන්න ග්‍රාහක ඇන්ටෙනා

fcdex900y900.jpg

මෙම චන්ද්‍රිකාවේ දර්පණ තනා ඇත්තේ වීදුරුවලින් නොව ඉතා තුනී පරාවර්තක පටල වර්ගයකිනි.ඉතා විශාල චන්ද්‍රිකාවක් වන මෙය කොටස් වශයෙන් අභ්‍යවකාශගත කොට අභ්‍යවකාශයේ එකලස් කිරීමට බලාපොරොත්තුවේ.

මේ තවත් ආකාර

images7ok.jpg

images4bq.jpg

හොදනම් සලකල යන්න...
කොමෙන්ටුවක් හරි දමල යන්න..
.

*http://www.space.com/15189-solar-power-beaming-satellite.html

*http://oilprice.com/Alternative-Energy/Solar-Energy/NASA-Take-an-In-Depth-Look-at-Space-Based-Solar-Power.html

:cool::cool::cool::cool::cool::cool::cool:
 
annunaki

Well-known member
  • Sep 7, 2012
    1,998
    240
    63

    ඕක හෙන පරණ තාක්ෂණයක් බන් ඇමෙරිකාව විසින් වසන් කරපු ,මේක කියවල බලන්න

    නිකොලා ටෙස්ලාගේ ශ්‍රේෂ්ඨතම සිහිනය වූයේ රැහැන් නොමැති විදුලි මගින් මුලු ලොවටම නොමිලේ විදුලිය ලබා දීමයි. පෘථිවියෙන් පිටත සිටද පෘථිවිය තුලද සැරි සරණ දහස් ගණනක් විද්‍යුත් චුම්බක තරංග පිළිඹදවද අධ්‍යයනය කල ටෙස්ලා එම තරංග යොදා ගනිමින් නොමිලේ විදුලිය ලබා ගැනීමේ උත්සායක් දැරුවේය.ලොව පුරා දුප්පතුන් හා ධනවතුන් වෙනසක් නොබලා බලය බෙදා දීම ඔහුගේ සිහිනය විය. එසේම ටෙස්ලාගේ මෙම සිහිනය සැබෑ වුවහොත් සාගර තරණය කරන නෞකාවේ සිට මෝටර් රථ නිවෙස් හා අහසේ ගමන් කරන ගුවන් යානාද මෙහි ප්‍රයෝජනය නොමිලේ ලබනු ඇත. විද්‍යුත් චුම්බක තරංග විකාශනය කරන ලෙසම මෙසේ කල හැකි බව පෙන්වූ ටෙස්ලා ඔහුගේ විද්‍යාගාරයේ සිට සැතපුම් ගණන් දුර ස්ථාන වල සිට රැහැන් නොමැතිව විදුලි බුබුළු දල්වා පෙන්වීය. ලොව පුරා පිහිටුවන කුලුණු මගින් ලබා පරිසරයේ ඇති ස්වාභාවිත තරංග ශක්තිය ට්‍රාන්ස් පෝමර භාවිතයෙන් වැඩි දියුණු කර අනතුරැව ලොව පුරා බෙදා හැරීමට ඔහුට හැකි වනු ඇත. ඔහුගේ විද්‍යාගාරයට ඉහළින් එසවුණු කුලුණෙන් අහසට සිට නිල්වන් විදුලි ධාරා ඇදී ගිය අතර සැතපුම් ගණන් දුර ප්‍රදේශ වල අහස ගුගුරවමින් කලු වලා වන්ගෙන් වැසී යන්නට විය.

    ගුවන් විදුලි සිහිනය බිද වැීමෙන් අමනාපයට පත් මොර්ගන් ටෙස්ලා තනිකර යාම උත්සහ දරන විට එය වළක්වා ගැනීමට ටෙස්ලා තම සිහිනය වුණු රැහැන් නොමැති විදුලිය ලොව පුරා බෙදා හැරීම පිළිඹදව මොර්ගන්ට දන්වා සිටියේය. ඔවුන් ඉදිකළ කුලුණ පළමුවෙන්ම මේ සදහායාදා ගැනෙනු ඇත.

    නමුත් කථාන්තර වලට අනුව ජේ පී මෝර්ගන් විමසා සිට ඇත්තේ එකම පැනයකි.

    මීටර් සවි කරන්නේ කොහේද?

    මෝර්ගන් ඉවත්ව යාමත් සමග ටෙස්ලාගේ මෙම නොමිලේ විදුලිය ලබා දීමේ සිහිනය බිද වැටුණි. පසු කලක හමුදා අතින් ‍මෙම කුලුණ විනාශ වුණු අතර ටෙස්ලා ගේ සාමාණාත්වතාවය නැවතත් ලොවට ලබා දීමට කිසිවකු උත්සාකලේ දැයි හෝ කිසිවකු ටෙස්ලා කල පරිදි එය කිරීමට හැකියාවක් ලබා ගත්තේදැයි දැන ගනීමට නොමැත. නමුත් ඒ බිද වැටුණේ ලෝකය වෙනතක හැරවීමට තිබුණු මහා පාලමකි. නමුත් තවත් කතාවකට අනුව තම නිර්මාණයේ ඇති බිහිසුණු පැත්ත ටෙස්ලාම දුටු නිසා එය නවතා දැමූ බවද කියවේ. මන්ද යත් ඕනෑම අවස්ථාවකදී අයන ගෝලයේ සිට ‍වොල්ට් බිලියන දෙකක පමණ විදුලි ධාරවක් පොළවට ඇද දැමීමට එයට හැකියාව තිබුණු බැවිනි. අහස් යානා නෞකා මහා නගර සැණෙකින් අලුවී යනු ඇත. පරමාණු බෝම්බය ඉක්මවා යන බලයක් ඉන් ජනිත වනු ඇත.

    කෙසේ වුවත් 1936 වසරේ ටෙස්ලා වෙතින් ලැබුණේ අමුතුම ආරංචියකි. එනම් ඔහු මාරාන්තික අවියක් නිපදවා ඇති බවයි. “Particle Beam Weapon” ලෙස හැදිණුවුණු මේ මගින් ටෙස්ලා බලාපොරාත්තුව වී ඇත්තේ ලෝක සාමයයි. ඔහු එහි සටහන් වෙන් කර තම රටට සීමා නොකර තවත් රට වලට ලබා දුන්නේ එබැවිනි. එවිට කිසිදු රටකට තවත් රටකින් අනවසරයෙන් ලගා වීමට නොහැකි වනු ඇත. එසේ වුවත් එය වරදවා තේරුම් ගැනීම ටෙස්ලාට ඉතිහාසයේ නියමිත ස්ථානය හිමි නොවීමට හේතුව බවද පැවසේ. මුලින්ම තාරකා යුද වැඩ පිළිවෙළ පිළඹදව මෙසේ සිහින දුටුවේ ටෙස්ලායි.

    ටෙස්ලා විසින් සිදු කරන ලද නිර්මාණ හා සිත්ගන්නා සුලු පර්යේෂණ නිමැවුම් සිය ගණනක් අන්තර් ජාලය තුළින් සොයා ගනීමට හැක. වරක් ටෙස්ලාගේ පර්යේෂණ වලට සහභාගී වුණු ලේඛකයකු වුණු රොබර්ට් අන්ඩර්වුඩ් නැමැත්තා පවසා තිබුණේ මිනිසකු ක්ෂණයකින් මරා දැමීමට සමත් වොල්ට් දහස් ගණනක විදුලිය ඔහුගේ පර්යේෂණා ගාරය තුළදී තම සිරුර හරහා ගිය බවත්, මෙම විදුලිය කිසිදු හානියකින් සිදු නොකරන බවත් ඔහු පවසා තිබුණි.

    Read more: http://sinhalabuddhist.com/2012/02/nikola-tesla/#ixzz29iRnwVOn
    Under Creative Commons License: Attribution
     
    Nov 30, 2011
    6,617
    879
    0
    මිහිතලයෙ

    niyamai...
    Rep added

    watinawa
    rep++

    thanks .. 2+

    rep pasuwata...

    පිස්සු හැදෙනවනේ සද
    ලොවෙත් නෑ මාරු බන් ලිපිය
    එකෙන්ම වටිනවා

    fatta machan.

    Rep added ++

    kalin rep dilalu ban.. :( ela post eka

    ela machan...tfs

    thanks hmadenatama
     
    thanks machan..
    mata internet eka innakota hambune..
    mn ithin demma aluth deyak kiyala hithala...