සාමකාමී ලෙස ඡන්දය පවත්වන්නේ කොයි රටේද
ලංකාවේ අපේ ලංකාවේ
අවංක එඩිතර කට්ටිය බලේ ඉන්නේ කොයි රටේද
ලංකාවේ අපේ ලංකාවේ
හොර ඡන්දෙන් මැතිසබේට රිංගන්නේ කොයි රටේද
එංගලන්තෙ එංගලන්තෙ
පාගා ගහන හොර ඇමතිලා
ගොඩක් ඉන්නේ කොයි රටේද
එංගලන්තෙ එංගලන්තෙ
එංගලන්තෙ එහෙම වුණත්
ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
අපෙ ඇමතිලා පගා ගන්නෙ නෑ
රැකියා ප්‍රශ්නෙට විසඳුම්
සොයා ගත්තේ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
ලෝකේ අද නිවාඩු අඩුවෙන්ම ඇත්තේ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
එතකොට මන්ත්‍රීලගෙ ලියුම්
වලට ජොබ් දෙන්නේ මොන රටේද
එංගලන්තෙ එංගලන්තෙ
වැඩ වර්ජන උද්ඝෝෂණ ගොඩක් ඇත්තේ මොන රටේද
එංගලන්තෙ එංගලන්තෙ
එංගලන්තෙ එහෙම වුණත්
ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
අපෙ ඇමතිලා ලියුම් දෙන්නෙ නෑ
සුද්දන්ට එන්ඩ කියමු
අපේ රට බලන්ඩ කියමු
බලාලා ඉගෙනගන්ඩ කියමු අපි
සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි
විනීත ලෙස රිය පදවන ඇත්තෝ ඉන්නේ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
මාර්ග අනතුරු අඩුවෙන්
සිද්ධ වෙන්නේ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
කණ පැලෙන්න බීල බීල එලවන්නෙ කොයි රටේද
එංගලන්තෙ එංගලන්තෙ
කහ ඉර මැද්දේ මිනිස්සු
මැරිල වැටුනෙ කොයි රටේද
එංගලන්තෙ එංගලන්තෙ
එන්ගලන්තෙ එහෙම වුණත්
ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
අපෙ කට්ටිය, බීපුවාම එළවන්නේ නෑ
කලාකරුවෝ එකමුතුවී වැඩ කරන්නෙ කොයි රටේද
ලංකාවේ අපේ ලංකාවේ
සංදර්ශන සංවර ලෙස පවත් වන්නේ කොයි රටේද
ලංකාවේ අපේ ලංකාවේ
එතකොට බෝම්බ ගහලා රසිකයන්ව
මරා දැම්මේ කොයි රටේද
ඉන්දියාවෙ ඉන්දියාවෙ
ගායකයෝ නොම්බරේට ගහගන්නේ කොයි රටේද
ඉන්දියාවෙ ඉන්දියාවෙ
ඉන්දියාවේ එහෙම වුණත්
ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
අපේ ගායකයෝ ගහ ගන්නේ නෑ
සුද්දන්ට එන්ඩ කියමු
අපේ රට බලන්ඩ කියමු
බලාලා ඉගෙනගන්ඩ කියමු අපි
සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි
උපාධියට හොඳ සැලකිලි ලබා දෙන්නේ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
දොස්තර වරු ඇප කැපවී සේවෙ කෙරුවෙ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
කැම්පස් වල තරුණ කොල්ලෝ
මරාගත්තේ මොන රටේ ද
ඇමරිකාවෙ ඇමරිකාවෙ
ලෙඩ්ඩු මළත් දොස්තරලා
ස්ට්‍රයික් කෙරුවෙ මොන රටේද
ඇමරිකාවෙ ඇමරිකාවෙ
අමරිකාවෙ එහෙම වුණත්,
ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
අපේ දොස්තරලා ස්ට්‍රයික් කරන්නෑ
හොඳම සුපිරි මහ මාර්ග
වැඩිය ඇත්තේ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
ඇමති ගොල්ලො මන්ත්‍රීවරු
පයින් යන්නේ මොන රටේද
ලංකාවේ අපේ ලංකාවේ
එතකොට අලි නාවන තඩි වලවල්
පාරේ ඇත්තේ මොන රටේද
ඇමරිකාවෙ ඇමරිකාවෙ
එක ඇමතිට කාර් පහක් දීලා ඇත්තේ මොන රටේද
ඇමරිකාවෙ ඇමරිකාවෙ
අමෙරිකාවෙ එහෙම වුණත්
ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
පයින් මිසක්, කාර් වලින් ගමන් යන්නේ නෑ
සුද්දන්ට එන්ඩ කියමු
අපේ රට බලන්ඩ කියමු
බලාලා ඉගෙනගන්ඩ කියමු අපි
සුද්දන්ට ටියුෂන් දෙමුකෝ අපි
ලෝකේ උතුම් රට ලංකාවයි
සිරි ලංකාවයි
ලෝකේ උතුම් රට ලංකාවයි,
සිරි ලංකාවයි
එහේ උද්ඝෝෂණ නෑ වැඩවර්ජන නෑ
පාගා ගන්නෙ නෑ බීලා එළවන්නේ නෑ
පාරේ තඩි වලවල් නෑ
ඇමතිලා ලියුම් දෙන්නෙ නෑ
කැම්පස් වල මරා ගන්නෙ නෑ
මේ වගෙ රටක් ඇත්තේ නෑ
නෑ නෑ නෑ ඒ වගෙ රටක් ඇත්තේ නෑ
නෑ නෑ නෑ