මේකයි ප්‍රශ්නේ, අනුර කියනවා IMF වැඩ පිලිවෙල එක්ක ඉදිරියට යනවා කියලා. ඒත් එක්කම දැන් හැම තැනම කියනවා ගොඩක් බදු අඩු/අහෝසි කරනවා කියලා.
මම දන්න විදියට අද වෙනකන් අපිට IMF සීන් එකේ ඉන්න පුලුවන් උනෙ රාජ්ය ආදයම වැඩි කරගත්ත නිසා. ඊට අමතරව බදු වැඩියෙන් අයකරන්න ගත්ත නිසා (මම හිතන්නේ ආදායමේ ප්‍රතිශතයක් විදියට target එකක් දීලා තියෙන්නෙ IMF එක). හැබැයි ඒ target එකට තාම ඇවිත් නෑ, ඒත් ප්‍රගතිය බලලා තමා IMF තාම අපිට සපොර්ට් කරන්නෙ.
දැන් අනුර අඩු කරන්න ගත්තොත් ඒ ආදයම් අඩු වෙනවා. මම දැක්කා ගොඩක් තැන්වල කියලා තියෙනවා බදු නොගෙවූ උන්ගෙ අය කලාම මේ බදු අඩු කිරීම කරන්න පුලුවන් කියලා. ඒත් ඔය නොගෙවූ බදු ඇවිල්ලා අවුරුදු ගානක් පැහැර හැරපුවා නේද? එතකොට ඒවා එක පාර අය කලත් ඒක onetime revenue එකක් මිසක් හැම අවුරුද්දේම ඒ ගානම එන්නෙ නෑ නේද? උදා: අවුරුද්දට 100 ගානේ නොගෙව්වොත් අවුරුදු 5ක් යනකොට 500ක් ගෙවන්න ඕනා. ඕක අය කලත් ඒ අය කරපු අවුරුද්දට 500ක් ආවට, ඊට පස්සෙ ආයි 100 තමා අවුරුද්දකට හම්බෙන්නෙ.
අනික විදුලි ගාස්තුව 1/3කින් අඩු කරනවලු, මම හිතන්නේ IMF උන් cost reflective pricing තමා කරන්න කියලා තියෙන්නෙ. එතකොට 1/3කින් තව අඩු කරන්න කොහොමද cost එක අඩු කරන්නෙ? ඉන්න උන්ව අයින් කරන්නෙත් නෑනෙ?
ඕක IMF උන්ටත් පේනවා ඇති නේ? ඒ කියන්නෙ අපි ආයි පරන බදු නැති විදියට යන්න ගියොත් IMF සීන් එකටත් කෙලවෙයි වගේ.
මම කියන එක වැරදිද? නැත්තන් අපිට පෙන්නෙ නැති මොකක්හරි වෙන විදියක් තියෙනවද?