අනුර කුමාර ගෝඨාබය රාජපක්ෂට සමානයි

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    2,327
    5,918
    113
    මම දන්නේ නැහැ අනුර කුමාරට ජනාධිපති වෙන්න පුලුවන්ද නැද්ද කියල. අඩුම තරමේ මාලිමාව දිනයිද නැද්ද කියල කියන්නත් තේරෙන්නේ නැහැ. හැබැයි යම් ලෙසකින් අනුර කුමාර ඇතුළු ජවිපෙ දිනුවොත් ඒ දවස් වල ගෝඨාබය රාජපක්ෂ දිනවන්න මිනිස්සු දඟලපු දැඟලිල්ල වගේ අනුරව දඟලල දඟලල ජනාධිපති කලොත් ගෝඨාබය රාජපක්ෂ ගේ දෙක වෙනවා.

    අපහු මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙලා , ගෑස් ටික නැති වෙනවා. විදුලිය නැති වෙයි. ඩොලරය රුපියක් 400 දක්වා උනත් ඉහල යන්න පුළුවන්. රටේ උද්දමනය අධික වෙයි. රටේ අභ්‍යන්තර කල කෝලාහල සිවිල් යුද්ධ පවා ඇති වෙයි. විදේශ රටවල් වලින් ලංකාව කොන් කරලම දාවී. ආර්ථික සම්බාධක ඇති වෙයි. ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දියාවටවත් විසා එකක් ලැබෙන්නේ නැතිව යයි.

    මේ ත්‍රෙඩ් එක සේව් කරලා තිය ගනිල්ලා. අනුර කුමාර ජනාධිපති විසින් එළකිරි සහ අනෙකුත් සමාජ මාධ්‍ය ජාල අවහිර නොකලොත් මේ ත්‍රෙඩ් එක උබලට කියවන්න පුළුවන් වෙයි. ( VPN රහිතව )

    Love Is in the Air
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: ksujith and 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,061
    1
    58,396
    113
    Kaduwela
    Apita-Pukada-Ponnayo.gif

    puka-nodi-pala-2.gif
     
    • Haha
    Reactions: Xi Jinping

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    669
    870
    93
    මාතර දෙවිනුවර උපන් අනුර කුමාර ඇයි තඹුත්තේගම උපන්නා කියන්නේ?
    ඇයි උපන් ගම හංගන්නේ?
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,793
    4,114
    113
    canada
    සරලව කියනවනම්,

    ආර්ථිකය කඩාවැටුනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා.
    ආර්ථිකය ඉදිරියට ගෙනියන්න IMF එක්ක වෙළදපොල මුල් කරගත් නව ආර්ථික ප්‍රතිපත්තියකට යන්න ඕනේ. නැතිනම් ඉදිරියේ අර්තිකය නැවත කඩ වැටෙන්න පුළුවන්.
    මේක JVP /NPP ආර්ථික ප්‍රතිපත්තිවලට සම්පුර්ණයෙන්ම අනිත්පැත්ත කල යුතු තීරණාත්මක අවදියක්.

    හොරු අල්ලන ඕනේ වගේ ගැලරිය පිනවන සුන්දර කතාවලින් රටක් හදන්න බැහැ
     
    Last edited:
    • Like
    Reactions: dananjaya696

    topkollek

    Well-known member
  • May 22, 2014
    34,126
    1
    45,967
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒවා දන්නේ නැහැ.
    අනුර කුමාර ගොන්ටා වගේ නම් එයාට දෙන්න බෑ නෙ!!

    එතකොට රනිල් හාමු බටලන්දේ මිනි මරුවා, මහබැංකුව හොරා කෑවා, අපේ කතා කිරීමේ නිදහස නැති කරා - ඒ නිසා එයාට දෙන්න බෑ නෙ!!

    සජියා මෝඩයා - ඒ නිසා එයාට දෙන්න බෑ නෙ!!

    මහින්දයත් වල පයයි ගොඩ පයයි - ඒ නිසා එයාට දෙන්න බෑ නෙ!!

    සුමන්තිරන් හකීම් වගේ එවුන් නරකද?

    කෙලින්ම කියපන් කාටද දෙන්න ඕන කියල
     
    • Like
    Reactions: laka007

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    16,808
    1
    33,587
    113
    Erozan's Mom's room
    සරලව කියනවනම්,

    ආර්ථිකය කඩාවැටුනේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා.
    ආර්ථිකය ඉදිරියට ගෙනියන්න IMF එක්ක වෙළදපොල මුල් කරගත් නව ආර්ථික ප්‍රතිපත්තියකට යන්න ඕනේ. නැතිනම් ඉදිරියේ අර්තිකය නැවත කඩ වැටෙන්න පුළුවන්.
    මේක JVP /NPP ආර්ථික ප්‍රතිපත්තිවලට සම්පුර්ණයෙන්ම අනිත්පැත්ත කල යුතු තීරණාත්මක අවදියක්.

    හොරු අල්ලන ඕනේ වගේ ගැලරිය පිනවන සුන්දර කතාවලින් රටක් හදන්න බැහැ

    https://elakiri.com/threads/රනිල්-වික්‍රමසිංහ-ලංකාවට-කෙළවපු-හැටි-3.1805453/

    රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -3-

    රනිල් වික්‍රමසිංහ ලංකාවට කෙළවපු හැටි - -3-

    නිදහස්‌ අධ්‍යාපනයට ධවල භීෂණය එල්ල කළ ධවල පත්‍රිකාව

    srilankanpm1-kZ0--621x414@LiveMint.JPG


    davala.jpg



    රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කොට සම්මත කරගනු ලැබූ නිදහස්‌ අධ්‍යාපන පනතින් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක්‌ ඇතිකිරීම අරමුණු කොටගත් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා හෙවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය.

    එහෙත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ 1981 අගෝස්‌තු මාසයේ දීය. පවතින අධ්‍යාපන ක්‍රමය උඩුයටිකුරු කිරීමට හේතුවන මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා සිව්දෙසින් දැඩි විරෝධයක්‌ එල්ල විය.

    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක්‌ මෙසේය.

    * පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.

    * බාලාංශ පංතිය අහෝසි කෙරේ.

    * පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.

    * ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.

    * අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.

    * එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.

    * පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

    * පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.

    * රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.

    * ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.

    * පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.

    * විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.

    මෙවැනි යෝජනා රාශියකින් යුත් අධ්‍යාපන ධවල පත්‍රිකාවට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලින් මෙන්ම රටේ සෑම දෙසින්ම දැඩි විරෝධතා එල්ලවන්නට වූයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද කිහිපවරක්‌ම කල් දැමීමට අධ්‍යාපන ඇමැතිවරයාට සිදුවිය.

    මහාචාර්ය විශ්වා වර්ණපාල, මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, මහාචාර්ය බන්දුසේන ගුණසේකර ආදීන් ඇතුළු ප්‍රවීණ අධ්‍යාපනඥයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් ද මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවේ අදාළ යෝජනා පිළිබඳව මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කළහ.

    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් බෞද්ධ අධ්‍යාපනයට සිදුවන හානිය පෙන්වාදෙමින් මඩිහේ පඤ්Æසීහ මහ නාහිමියන්, බද්දේගම විමලවංශ අනුනායක හිමියන්, අකුරැටියේ අමරවංශ නායක හිමියන් වැනි සම්භාවනීය පැවිදි නායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්ද ගිහි බෞද්ධ නායකයකු වූ අධිනීතිඥ සිරි පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා බෞද්ධ සමිති නියෝජිත සභාව රටපුරා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක්‌ ගෙන ගියේ මේ පිළිබඳව ගිහි බෞද්ධ ජනතාව සහ භික්‍ෂුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහාය.


    ඉතිරිය මෙතනින් කියවන්න

    http://www.divaina.com/2014/08/18/mano05.html
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,897
    5,047
    113
    කාටද දෙන්න ඕන?
    පොඩ්ඩක් හිටපන් චන්දෙලන් වුනාම කියයි... කොහොමද විකල්පයක් දාල චන්ද කැඩුවොත්
     
    • Haha
    Reactions: topkollek