අනුර – ලාල්කාන්ත ජවිපෙ ගැටුම උග්‍රයි, අනුරගේ පුතාගේ නයිට් ක්ලබ් වීඩියෝ ලීක් කර ඇත්තේ ලාල්කාන්‍ත!

hitter

Well-known member
  • Dec 4, 2016
    3,345
    4,787
    113
    ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී සහ සමාජවාදී නොවන කණ්ඩායම් අතර අර්බුධය උග්‍රවී තිබේ.


    ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩලය කොටස් දෙකකට බෙදී සිටින්නේ කලෙකපටන්.


    ඒ උග්‍ර ට්‍රොට්ස්කිවාදියෙක් වන සාම්ප්‍රදායික සමාජවාදය තුලින් පක්ෂය මෙහෙයවන ලෙසට බල කරන ලාල්කාන්ත කණ්ඩායම සහ ජවිපෙ ආකෘතිය වෙනස් කරමින් ධනවාදයට නැඹුරු වෙමින් දේශපාලනයක නිරත වන අනුර කුමාර පිලයි.


    අනුර කුමාර යටතේ ජවිපෙ එජාපය සමග නොනිල සංධාන දේශපාලනයක නිරත වීමත්, සුපුරුදු සාම්ප්‍රදායික වාමාංශික දේශපාලනයෙන් ඈත් වීමත් ලාල්කාන්ත මින්පෙර පක්ෂ අභ්‍යන්තරයේදී දැඩිව විවේචනය කළේය. ඔහු යටතේ සමන්ත විද්‍යාරත්න ඇතුලු කණ්ඩායමක් ලාල් කාන්ත පිල නියෝජනය කරයි.


    විජිත හේරත්, බිමල් රත්නායක, වසන්ත සමරසිංහ ඇතුලු කණ්ඩායම දේශපාලන මණ්ඩලය තුල අනුර කුමාර දිසානායක පිල නියෝජනය කරයි. අනුර කුමාර දිසානායක පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට පක්ෂය තුල ඇතිවූ කතිකාවත තුල ඔහු රැක ගනු ලැබුවේ මෙම කණ්ඩායම විසිනි. මෙම කණ්ඩායම හතර දෙනාගේ කල්ලිය ලෙස හඳුන්වන අතර ඔහු දේශපාලනය තුල මුදල් ඉපැයීමට වඩා ලොල් වූ පුද්ගලයන් බවට ප්‍රතිවිරුද්ධ පාර්ශවය චෝදනා කරයි.


    මෙම අර්බුධයේ උච්ඡස්ථානය ලෙස පසුගිය දිනවල හෙළිවූ කේ.ඩී ලාල් කාන්‍තගේ ක්ෂනිකව සිදුවූ වත්කම් වැඩිවීමේ සාක්ෂි මාධ්‍යයට නිකුත් වූයේත් අනුර කුමාර දිසානායක පාර්ශවයෙන් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.


    මෙම ගැටුමේ නවතම සංධිස්ථානයක් යළිත් සටහන් කරමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ පුතු කසුන් දිසානායකගේ රාත්‍රී ජීවිතයේ වීඩියො සහ ඡායාරූප පසුගියදා සමාජ මාධ්‍යයට නිකුත් වුනා.


    මෙම මෙහෙයුම පසුපස ක්‍රියාකාරී චරිතය කේ.ඩී ලාල්කාන්ත බව ජවිපෙ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා. අනුර කුමාර දිසානායක සිය වත්කම් හෙළිකිරීමෙන් උරනව සිටි ඔහු සුදුසුම අවස්තාවක් බලා අනුර කුමාර දිසානායකගේ පුතාගේ කෙලිලොල් ජීවිතය සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙන බවත් වාර්තා වේ.


    මේ සමගම ජවිපෙ නායකත්වයෙන් අනුර කුමාර දිසානායක ඉවත් වී ලාල් කාන්තට නායකත්වය ලබා දිය යුතු බවටත් දේශපාලන මණ්ඩලයේ අරගලයක් දියත්ව තිබේ. ඒ සඳහා සමන්ත විද්‍යාරත්න නායකත්වය ගෙන තිබෙන බවත් වාර්තා වේ. ඔවුන්ගේ තර්කය වී ඇත්තේ අනුර කුමාර දිසානායකගේ පුතුගේ මේ තොරතුරු හෙළිවීමත් සමග පාක්ෂිකයාගේ විශ්වාසය පක්ෂ නායකත්වය තුලින් ගිලිහෙමින් පවතින බවය. මේ නිසා නායකත්වය වෙනසක් පක්ෂයට අවශ්‍ය බව ඔවුන් විසින් යෝජනා කර සිටියි.


    මේ සමගම පක්ෂය තුල දැඩි උණුසුම්කාරී තත්ත්වයන් ඇතිව තිබෙන බවත් එය මින්පෙර ජවිපෙ දෙකඩ වූ විමල් වීරවංශගේ නික්ම යාම සහ කුමාර් ගුණරත්න පාර්ශවය ඉවත්ව යාමේ තත්ත්වයට නොදෙවෙනි බවත් වාර්තා වේ.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,608
    5,612
    113
    ‍රනිල් සර ඔපරෙශන් එක ඉවර කරද්දි
    නිදහස් පක්සෙ කියලා එකක නෑ.
    ජෙප්පො දන්නෙ නෑ ජෙප්පන්ට මොක්ද උනෙ කියලාවත්,
    නාමල් රාජපක්ස යු.එන්.පි එකෙන් අගමැටි වෙනවා,
    සජියා විපක්සනායක ( දැනටම උ නෙ), පාර්ලිමෙන්තුව 80%කට වඩා යු.එන්.පි.

    තාම ගෙම් එක මුල හරිය යන්නෙ,,