අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    4,380
    5,432
    113
    මේ තුන නම් කවදාවත් අමතක වෙන්නේ නැ

    බ්‍රික් ගේම්ස්​

    90s Popular Toys in SriLanka

    දැන් කාලේ පොඩ්ඩෝ ගේම් ගහන්නේ ස්මාට් ෆෝන් වලින්නේ. ඒත් ඒ දවස්වල අපේ ස්මාට් ගැජට් එක වුණේ මෙන්න මේක. එක එක පාටවලින් තිබුණා. ගේම් සීයක් වගෙත් තිබුණා. බ්‍රික් ගේම් කියලා කිව්වේ හැම ගේම් එකක්ම නිර්මාණය කරලා තිබුණ ඝනක ආකෘතිය නිසයි.

    ඇටබෝල තුවක්කුව​

    90s Popular Toys in SriLanka

    සෙල්ලම් තුවක්කු සංස්කෘතියේ මුල් කාලේ පොඩ්ඩෝ අතර සෑහෙන ජනප්‍රිය වුණ ඇටබෝල තුවක්කුවල බුලට් එකකට අහු වුණා කියන්නේ මරණාසන්න අත්දැකීමක්. ලොකු පීඩනයකින් එළියට විසිවෙන හින්දා ඇඟක වැදුණම වෙඩි තිබ්බ එකාගේ දෙමාපිය නෑදෑ පිරිවරම මතක් වෙන තරමට රිදෙනවා. අහුවෙන ඕනි දෙයක් කටේ දාගන්න පුංචිම දරුවෝ එක්ක නම් මේ වැඩේ අමාරු වුණා.

    කැප් රෝල් පිස්තෝල​

    90s Popular Toys in SriLanka

    ඇට බෝල තුවක්කුව එන්න කලින් අපි අතර ෆේමස් වෙලා තිබ්බ භාණ්ඩෙ තමයි කැප් රෝල් හෙවත් කාටිස් පිස්තෝලෙ. මේකට වෙඩි බෙහෙත් පුරෝපු පුංචි බුබුලු සහිත රෝලක් එනවා පිස්තෝලෙට ඇතුළු කරන්න. වෙඩි තිබ්බම වෙඩි බෙහෙත් ගඳයි, වෙඩි සද්දෙයි එක්ක නියම ෆීල් එකක් තමයි එන්නෙ. රුපියල් විස්සට වගේ ලාබෙට මේ කැප් රෝල් පිස්තෝලයක් ගන්න පුළුවන්කම තිබ්බා. රුපියල් තිස් හතලිස් ගාණක් වෙද්දි නියම අශ්ව හිස සහිත මිටක් තිබ්බ ලස්සන පිස්තෝලෙකුත් තිබ්බා. තුවක්කුවට කැප් රෝල් වෙඩි බෙහෙත් ගන්න ළඟ කඩේට යන්න වුණ ඒ කාලෙ තමයි කාලෙ.

    මේ තුන නම් කවදාවත් අමතක වෙන්නේ නැ.අනිත් පිස්සුව තමයි රෙස්ලින් ඩේ කාර්ඩ්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    11,058
    3
    66,334
    113
    Gampaha
    රබර් පටියෙන් විදින කඩදාසි රොකට්

    ලන්ච් ශීට් පැරිශුට්

    අහස්කූර ගැටගහල බිම දිගේ යවන සෙල්ලං කාර්

    චීන පටස්

    පොළවෙ ගහල පුපුරවන ගෑස් ලයිටර්

    පෑන් තුඩට ගිණිකූරෙ වෙඩිබේත් පුරවල හදන බුලට්

    රබර්පටියෙන් විදින වයර් බුලට්, කඩදාසි බුලට්, ගල් සියඹල ඇට

    නූලෙ ගැටගහල යවන බත් කූරො, තුත්තිරි රා පොවල වලියට දාන කඩි දිමි ෆයිට්. (පවුකාර වැඩ)
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    493
    779
    93
    දැන් කාලේ තරම් ගැජමැටික්ස් නොතිබ්බ කාලේ අපිට සතුටින් සෙල්ලම් කරන්න තිබුණ එක එක අරුමෝසම් සෙල්ලම් බඩු අද තියෙන සංකීර්ණ දේවල් එක්ක බලද්දි නම් පට්ට සූපින් වගේ පේනවා. ඒත් ඒවායෙන් සෙල්ලම් කරලා ගත්තු සතුට රියැලිටි ෂෝ බලන පැංචෙක් ලබන සතුටට වඩා දාහෙන් සම්පතයි. අද වෙළඳපොළේ මේ සමහරක් දේවල් දකින්නත් නැති තරම්. බලන්න මතකද කියලා.

    බ්‍රික් ගේම්ස්​

    90s Popular Toys in SriLanka

    දැන් කාලේ පොඩ්ඩෝ ගේම් ගහන්නේ ස්මාට් ෆෝන් වලින්නේ. ඒත් ඒ දවස්වල අපේ ස්මාට් ගැජට් එක වුණේ මෙන්න මේක. එක එක පාටවලින් තිබුණා. ගේම් සීයක් වගෙත් තිබුණා. බ්‍රික් ගේම් කියලා කිව්වේ හැම ගේම් එකක්ම නිර්මාණය කරලා තිබුණ ඝනක ආකෘතිය නිසයි.

    සමබර කුරුල්ලා​

    90s Popular Toys in SriLanka

    මේකෙන් සෙල්ලම් කරන්න පටන් ගත්තට ඕවා මුල්ම කාලේ ගෙවල්වලට ආවේ සැරසිල්ලක් විදියට. කුරුලු ආකෘතියක් තියනවා. ඒ කුරුල්ලාගේ හොට මොකක් හරි පෘෂ්ඨයක තිබ්බම සමබරතාව තියාගෙන කුරුල්ලා පියාඹනවා වගේ දකින්න පුළුවන්. එක එක කුරුලු වර්ග ඒ දවස්වල හිටියා. ගෙවල්වල වීදුරු කැබිනට් අස්සේ ලස්සනට පේන්න තිබුණ කුරුල්ලෝ නම් හිටියේ ත්‍රිකෝණාකාර කුළුනකට හොට තියාගෙන.

    ඇටබෝල තුවක්කුව​

    90s Popular Toys in SriLanka

    සෙල්ලම් තුවක්කු සංස්කෘතියේ මුල් කාලේ පොඩ්ඩෝ අතර සෑහෙන ජනප්‍රිය වුණ ඇටබෝල තුවක්කුවල බුලට් එකකට අහු වුණා කියන්නේ මරණාසන්න අත්දැකීමක්. ලොකු පීඩනයකින් එළියට විසිවෙන හින්දා ඇඟක වැදුණම වෙඩි තිබ්බ එකාගේ දෙමාපිය නෑදෑ පිරිවරම මතක් වෙන තරමට රිදෙනවා. අහුවෙන ඕනි දෙයක් කටේ දාගන්න පුංචිම දරුවෝ එක්ක නම් මේ වැඩේ අමාරු වුණා.

    කැප් රෝල් පිස්තෝල​

    90s Popular Toys in SriLanka

    ඇට බෝල තුවක්කුව එන්න කලින් අපි අතර ෆේමස් වෙලා තිබ්බ භාණ්ඩෙ තමයි කැප් රෝල් හෙවත් කාටිස් පිස්තෝලෙ. මේකට වෙඩි බෙහෙත් පුරෝපු පුංචි බුබුලු සහිත රෝලක් එනවා පිස්තෝලෙට ඇතුළු කරන්න. වෙඩි තිබ්බම වෙඩි බෙහෙත් ගඳයි, වෙඩි සද්දෙයි එක්ක නියම ෆීල් එකක් තමයි එන්නෙ. රුපියල් විස්සට වගේ ලාබෙට මේ කැප් රෝල් පිස්තෝලයක් ගන්න පුළුවන්කම තිබ්බා. රුපියල් තිස් හතලිස් ගාණක් වෙද්දි නියම අශ්ව හිස සහිත මිටක් තිබ්බ ලස්සන පිස්තෝලෙකුත් තිබ්බා. තුවක්කුවට කැප් රෝල් වෙඩි බෙහෙත් ගන්න ළඟ කඩේට යන්න වුණ ඒ කාලෙ තමයි කාලෙ.

    ටීවී ගේම්​

    90s Popular Toys in SriLanka

    ටීවී ගේම් කියලා අපේ රටේ ප්‍රසිද්ධියට පත් වුණේ අටෝරාසියක් වෙච්චි ආකේඩ් ගේම් තමයි. එක එක මාදිලිවලින් මේවා ඇවිත් තිබුණා. සුපර් මාරියෝ එහෙම ජනප්‍රිය වුණේ නින්‍ටෙන්ඩෝ ආකේඩ් ගේම් පද්ධතියෙන්. අද වගේ ප්ලේ ස්ටේෂන් අරක මේක නැතත් කොන්සෝල් දෙකකින් පුංචි ගේමක් යාළුවෙක් එක්ක එකතු වෙලා ගහපු, සතුට පිරුණු මතකයක් තියනවා. සුපර් මාරියෝ, ටෑන්ක්ස්, ඩොන්කි කොන්ග්, කොන්ට්‍රා වගේ නානාප්‍රකාර ගේම් තිබුණා. හැබැයි කැසට් පීස් එකක් වගේ තිබුණ අයිටම්වල ගහලා තිබ්බා 9999 in 1 වගේ කෙබර.

    වළලු සෙල්ලම​

    90s Popular Toys in SriLanka

    අතේ බඳින වළලු නෙවේ වතුරේ ඉන්න කට්ට කෛරාටික කරදරකාරී වළලු. වෝටර් ගේම් කියලා හඳුන්වපු මේ සෙල්ලම් බඩුව අදටත් ඉඳලා හිටලා බොහොම කලාතුරකින් දැකගන්න පුළුවන්කම තියෙනවා. කරන්න තියෙන්නේ කොන්සෝල් එකක වගේ තියන බොත්තම් දෙකකින් වතුරේ තියන වළලු වතුරේම තියන කනු දෙකකට දාන එක. හෙන කට්ටක් කන්න ඕනි. ඉවසීමත් අම්බානෙකට තියෙන්න ඕනි.

    හමුදා අනුරූ​

    90s Popular Toys in SriLanka

    දැන් දැන් ලංකාවෙත් ලෙගෝ ජනප්‍රියයි නොවැ. ඒක එන්න කලින් සීන් එකේ හිටියේ මේ හමුදා සෙට් එකයි බිල්ඩින්ග් බ්ලොක්ස් කෑලියි. තුවක්කු අතේ තියන් ඉන්න, වෙඩිතියන, බඩගාන, දුවන ප්ලාස්ටික්වලින් හදපු පුංචි හමුදා නිලධාරීන් ටිකක් ඒ කාලේ හැම බබාටම වගේ තිබ්බා. මේ හමුදා නිලධාරීන්ට වාහන එහෙමත් තිබ්බා. පැකට් එකක් සම්පූර්ණයෙන්ම ගත්තම වාහන, බංකර්, කූඩාරම් එක්කම හමුදාවේ නඩය ලැබුණා.

    මැජික් බෝඩ්​

    90s Popular Toys in SriLanka

    මේකත් වෙන ම ආතල් එකක්. පුංචි එක්සර්සයිස් පොතක් තරමේ ප්ලාස්ටික්වලින් හැදුණ බෝඩ් එකක් තියනවා. ඒක දැන් ඉස්කෝලවල තියෙන වයිට් බෝඩ් එකක් වගේ එකක්. මේකත් එක්කම අමුතු පැන්සලක් දෙනවා. බෝඩ් එකේ ලියලා ඒකේ යට තියන ගැජට් එකක් පොඩ්ඩක් එහාට මෙහාට කරාම ලිව්ව දේ මැකෙනවා මොනා හරි ලිව්වද කියලා හිතාගන්න බැරිවෙන විදියට.

    යෝ යෝ
    90s Popular Toys in SriLanka

    90 ගණන් වල මුල් භාගෙ තමයි ලංකාවට යෝ යෝ පිස්සුව තදටම ඇතිවුණේ. කොකා කෝලා, ෆැන්ටා සහ ස්ප්‍රයිට් වලට හම්බවුණ ලස්සනම යෝ යෝ වර්ග දෙකක් තිබ්බා මතකයි ඒ කාලෙ. එක යෝ යෝ වර්ගයක් ඇතුළෙන් ලයිට් එහෙම පත්තුවෙන්න ගතියට හදල තිබ්බා. යෝ යෝ වලින් දාන්න පුළුවන් එක එක සෙල්ලම් වර්ගත් අපි ප්‍රැක්ටිස් කළා අම්බානට.

    පින්තූර ටීවී​

    90s Popular Toys in SriLanka

    මේ සෙල්ලම් බඩුව මතක නම් අනිවාර්යයෙන් ඔයා මේ වෙද්දි තිස් ගණන් වලවත් පොරක් වෙන්න ඕනෙ. මතකද මේ ටීවී එක? පිටි පස්සෙන් සිදුරක් තිබ්බ මේ ටීවී එකේ ඒ සිදුරට ඇහැක් තියලා බැලුවම ලස්සන සීනරීස් තියන පින්තූර පේනවා. උඩ හෝ යට තිබ්බ බොත්තමක් එබුවම ඒ පින්තූරෙ මාරු වෙලා තවත් ලස්සන පින්තූරයක් එනවා. අයිෆල් කුළුණ, ටාජ් මහල වගේ ලස්සන දර්ශන දහයක් විතර තිබ්බ මේ ටීවී ටෝයි එක අනූ මුල් ගණන් වල ළමයෙක් ගාව අනිවා තිබ්බ භාණ්ඩයක්.

    ඔයාලත් දන්න ඒ කාලේ ඉඳන් එන සෙල්ලම් බඩු ගැනත් කියන්න
    Okkoma mathakayi!
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,669
    2,490

    යටගිය මතකය අලුත් උනා... කැප් රෝල් පිස්තෝලයට මාර ආසයි ඒ කාලේ. ගත්තේ පල්ලිවල මංගල්ය්‍ය කඩ වීදි වලින්. මේ හැමදෙයක්ම වගේ හොද මතකයක් තියනවා. මාරම සුන්දර අතීතයකට ගියේ. මතක් කරලා දුන්නට ස්තුතියි. 🙏😔
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    3,853
    5,206
    113
    121
    Hogwarts
    මේකෙන් නම් සෑහෙන්න වැඩ අරන් තියෙනවා... ආයේ ඇට්ලස් පෑන් බටේට මුන් ඇට දාලා විදිනවා.

    තව කඩදාසියක් ත්‍රිකෝනේ හැඩේට නවලා ඇගිල්ලෙන් ගහන සෙල්ලමක් මතකයි නම නම් මතක නෑ.... :love2: :love2:
    Rugger goal eka wage ath deken hadala, football goal eka athin hadala, anit ekaa ta goal eka gahanna nodi defend karana eka ne:Dah tawa cricket ut gahano eken aragillen wicket eka hadala tawa agillakin bat karano😁
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,215
    4,518
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩෝ අර ටකරං පරන ලේලන්ඩ් බස් මොඩල් එක - දේවාලේ ගිනි පාගන්න යන්නේ කලින් දවසේ ඉඳන්. ඔය අටමගලක් ගන්න බලාන
    පුටු පුටු ගගා තෙල් වලින් දුවන බොට්ටුව
    තව බන් චූටි කුකුල් පැටව් අරන් ඩයල් එකක් අඅපේ පැත්තට එනවා මාස 2කට වගේ සැරයක්. පොඩි එව්වොන්ට මර මෙරක් වගේ
    උණ බට වෙඩි
    අර තරු ඉස්ටිකර්
    ටයිටැනික් බුක්මාර්ක්
    බටන් ඔබන්න පුළුවන් කාන්දම් පැන්සල් පෙට්ටි
    සරුංගල් - බැලන්ස් මොනරෙක් අටවනවා කියන්නේ පට්ට වැඩ්ඩෙක්. ජුලි මාසේ ඉඳන් බිලිපිති ගස් (කිතුල්) කපන්න කොල්ලෝ පට්ට තරඟයක් දෙන්නේ. හොඳ කිතුල් පිත්තක්මාරු කරන්න යෝයෝ එකක් දීපු අවස්ථාත් තිබ්බා
    පරෙයියෝ - අනේ අම්මෝ පරෙයි කුඩු තිබ්බ එවුන්ට සැලකුවේ හතර මහ නිධාන පහල උන උන් වගේ. ගෙදර වලි දාගෙන තියෙනවා පරෙයියෝ හදන්න ඉඩ නොදුන්නම. උන් හෙන ගැම්මට ඉන්නේ. සුදු පරෙයියෙක් අල්ලන්නවත් දෙන්නේ නෑ. කොමන් එකෙක් තමා අල්ලන්නවත් දෙන්නේ. පරෙයියෙක් අල්ලලා විසි කරා කියන්නේ හෙණ ගැම්මක් තමා ඇහ්. මාරයි බන් ඒ කාලේ

    අනේ අම්මෝ තිබ්බ දේවල් ඒ කාලේ නේහ්

    කට්ටිය විලි ගේම්ස් එහෙම ගැහුවේ නැද්ද?
    අඩෝ විලි ගේම්
    පැන් බටේ රවුමට නවලා එක උඩදාලා ඇඟිල්ලට ගන්න එවා
    බීම බෝතල් ඔට්ටුවට දාලා ඔය ගේම් ගහන්නේ
    පෝටලෝ ඔට්ටුවට
    ------ Post added on Sep 26, 2021 at 8:04 PM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    13,073
    1,606
    113
    රූකඩ රාජ්ජේ