අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ඩයනා ගැන පරීක්‍ෂණ කරන ලෙස නීතිපතිවරයා CIDයට නියෝග කරයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,586
    113
    හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සම්බන්ධයෙන් මතුව ඇති අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ පියවර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) උපදෙස් ලබාදී තිබෙයි.


    නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිය උපදෙස් නිකුත් කළේ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් අධිකරණයේ නඩු විභාගවලදී හෙළිදරව් වූ අපරාධ කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසුවය.

    ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සඟවාගෙන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

    ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධ කරුණු කිහිපයක් අනාවරණය වී ඇති බව රහස් පොලිසිය නීතිපතිවරයාට දන්වා ඇත. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර වේ.

    ගමගේ මහත්මියට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාක්ෂි මත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා රහස් පොලිසියට උපදෙස් දී ඇත.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,975
    1
    50,986
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උපදෙස ක්‍රියාත්මක වෙලා නෑ වගේ

    San Diego Lol GIF by San Diego Zoo Wildlife Alliance
     
    • Like
    Reactions: SLK_sri