අපි ඉන්දියාවේ ම පොඩි කෑල්ලක් කියලා හිතෙන්නැද්ද වෙලාවකට ?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    952
    749
    93
    අපිට අපේම කියලා අනන්‍යතාවක් තිබ්බා බන් 77 වෙනකම්. 77 විවෘත්‍ර ආර්ථිකයත් එක්ක අපේ මාර්කට් එක ඉන්දියාවට ඇරුනා. දැන් ඉතින් ලෝකේ සලකන්නේ අපි ඉන්දියාවෙම කෑල්ලක් විදිහට. අපි විතරක් නෙමේ ඉන්දියාව වටේම එකම බෝට්ටුවේ. හැබයි අපේ ටෙලිනාට්‍ය මුල් කාලේ සෑහෙන්න ඉස්සරහින් හිටියා. සිරස අර ජරා ශාන්ති ගෙනල්ලා විනාස කරන කම්. ඊට පස්සේ ඉන්දියන ජරාව අපේ නළු නිළියෝ දාලා හැදුවා. අර ගෙවල් ඇතුලේ බස් එකේ එහෙම කොට් දාන් ගිය නාට්‍ය තාම සිරසේ යන වද කොහෙද? අපේම තිබ්බ නාට්‍ය කලාව කෑමේ වගකීමනම් සිරසම තමා බාර ගන්න ඕනේ.
     

    The average guy

    Junior member
  • Sep 19, 2018
    36
    65
    18
    අපේ රට වැඩියෙන්ම ආභාෂය ලැබිල තියෙන්නේ භාරතයෙන්. අපේ ආහාර, භාෂාව, ඇඳුම්, දර්ශනය/ආගම්, වෛද්‍ය ක්‍රම වගේ හැම දෙයකම ඒ දෙය දකින්නට පුළුවන්. අපිට එම කාරණාව බැහැර කරන්න බැහැ. ඉතා සමීප භූගෝලීය පිහිටීම නිසා සිදුවූ වසර දහස් ගණනක මානව සම්බන්ධතා නිසා මේ දෙය සිදුවෙන්න ඇති.

    නමුත් දැන් වෙන්නේ වෙනස් ම දෙයක්. දැන් වෙන්නේ කෙලින් ම ඉන්දියනුකරණය වීම. කාලයක් තිස්සේ ඉඳන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම කොපියක් කරවමින් පවතිනවා.

    දැන් රූපවාහිනී නාලිකාවල යන්නේම හින්දි, දෙමළ, මලයාලම් චිත්‍රපටි. ඒ මදිවට ඉන්දියානු නාට්‍ය සහ ඉන්දියානු කාටූන්. ළමයි පොඩි කාලේ ඉඳන් ම ඕවාට හුරු වුනාම ඒ මනස්වල පිහිටන්නේ ඉන්දියානු ආරේ ගති පවතුම් ම තමයි.

    අපිට මේ වෙනස දැනෙන්නේ අපි මේ විගඩම් මේතරම් වෙන්න කලින් තිබුන තත්වය ගැන අවබෝධයක් තියෙන නිසා. දල වශයෙන් 2000න් පස්සේ ඉපදුන අයට මේකේ වැරැද්දක් පෙනෙන එකක් නෑ, මොකද මේ ඔවුන් දකින සාමාන්‍ය තත්වය.

    මට මේ සම්බන්ධව මෙහෙමත් හිතෙනවා, අපි දැන් දකින “සෑම දෙයක් ම ඉන්දියානු වීමට” ලොකු වැඩ කොටසක් කරන්නේ තමන්ගේ ලාංජනය විදියට ත්‍රිකෝණයක් තියෙන නාලිකාව කියලා. අනූ ගණන්වල මැද හරියේ මුලින් ම ශාන්ති වගේ මෙගා නාට්‍ය පෙන්නුවා. ඊට පස්සේ ප්‍රගති වගේ ඒවා. මුලින් උපසිරැසි දාල, පස්සේ හඬ කවලා, ඊටත් පස්සේ ඒ නිළියෝ මෙහෙ ගෙනල්ලා ඉන්දියාවේ ආරටම මෙහෙ නාට්‍ය හැදුවා. අද වෙනකනුත් එහෙමයි. ඉන්දියාවේ විකාශය වන වෙනත් වැඩසටහන් ඒ විදියටම මෙහෙ කරන්න පටන් ගත්තා. දැන් ළමයි හැදෙන්නේ ඔයාකාරයේ වැඩසටහන් එක්ක නිසා පොඩි එවුන් හැදෙන්නෙත් ඔය ආරටම තමයි.
    ( @ S.GUNE ත් මේ මතය දරන බව දැකීම සතුටුයි)

    කනගාටුවට කරුණක් තමයි අනෙකුත් නාලිකාත් ඒ මාර්ගයේ ම ගමන් කිරීම, විශේෂයෙන් කොම්බුවක් තියෙන නාලිකාව සහ සූර්යයා ලාංජනය විදියට තියාගෙන ඉන්න නාලිකාව. දැන් හැදෙන රුපවාහිනී නාට්‍ය බහුතරයක් ඉන්දියාවේ ගොබ්බ style එකටම හදනවා. රඟපෑම් අධි තාත්වික මට්ටමේ. තියෙන්නෙ ම මරාගැනිලි, එක ම පවුලේ එක එකා කා කොටා ගන්න හැටි. රාජ්‍ය මාධ්‍යත් ටික ටික ඒ පාරේම යනවා වගේ දැනෙනවා. TV බලන අපේ මිනිස්සුත් 'මේක තමයි අපේ විදිය' කියල හිතාගන්නවා. අපිත් පොඩි කාලේ මල්ගුඩි දවස වගේ ගුණාත්මක වැඩසටහන් බැලුවා. හැබැයි දැන් එකක් පස්සේ එකක් පෙන්නන්නේ විකෘති.

    මේක කොච්චර ඔඩු දුවලද කිව්වොත්, ඉන්දියාවේ මනුස්සයෙක් ලංකාවට ඇවිල්ලා TV එක දැම්මම, මිනිහට හිතෙන්නේ තාම එයා ඉන්නේ ඉන්දියාවේ කියලා. මේ කතාව මට ඉන්දියන්කාරයෝ කීපදෙනෙක් කියල තියෙනවා (මම වැඩකරන අංශයේ ගොඩක් ව්‍යාපෘතිවලට ගෙන්වන්නේ ඉන්දියාවේ අය). තමන්ගේ ඉස්සරහ ම එහෙම කියනකොට පොළව පලාගෙන යන්න හිතෙනවා.

    මේ ගැන කියන්න ගොඩක් දේවල් හිතට ආවත්, වචනවලට හරවන්න වෙලාව මදි. අන්තිමට කියන්න තියෙන්නේ මේවා දකිනකොට හිතට දැනෙන්නේ මහා ලොකු වේදනාවක්. අපි දවසින් දවස අනුන්ට අතපාන, අනුන්ට යටත් රටක් බවට පත්වෙමින් යනවා. තව කාලෙකින් ශ්‍රී ලාංකික අනන්‍යතාව (විශේෂයෙන් සිංහල අනන්‍යතාව), නැත්තටම නැතිවෙලා යයි. හැබැයි මේවට වගකියන්න ඕනෙත් මේ රටේ බහුතරයක් වෙන සිංහලයන් ම තමයි.
     

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    782
    2,079
    93
    Spain
    @The average guy නියම රිප්ලයි එක. :yes:


    කොහොමත් සිංහල රජ කාලෙදිත් ඉන්දියාවෙ බිසවට රන්දෝලිය කියල සිංහල බිසවට යකඩ දෝලිය කියපු සෙට් එකකුත් හිටපු එකේ දැන් ගැන මොන කතාද. :dull:
     

    HYBRIDPC

    Active member
  • May 13, 2015
    761
    203
    43
    අපේ රට වැඩියෙන්ම ආභාෂය ලැබිල තියෙන්නේ භාරතයෙන්. අපේ ආහාර, භාෂාව, ඇඳුම්, දර්ශනය/ආගම්, වෛද්‍ය ක්‍රම වගේ හැම දෙයකම ඒ දෙය දකින්නට පුළුවන්. අපිට එම කාරණාව බැහැර කරන්න බැහැ. ඉතා සමීප භූගෝලීය පිහිටීම නිසා සිදුවූ වසර දහස් ගණනක මානව සම්බන්ධතා නිසා මේ දෙය සිදුවෙන්න ඇති.

    නමුත් දැන් වෙන්නේ වෙනස් ම දෙයක්. දැන් වෙන්නේ කෙලින් ම ඉන්දියනුකරණය වීම. කාලයක් තිස්සේ ඉඳන් ශ්‍රී ලංකාව ඉන්දියාවේ ම කොපියක් කරවමින් පවතිනවා.

    දැන් රූපවාහිනී නාලිකාවල යන්නේම හින්දි, දෙමළ, මලයාලම් චිත්‍රපටි. ඒ මදිවට ඉන්දියානු නාට්‍ය සහ ඉන්දියානු කාටූන්. ළමයි පොඩි කාලේ ඉඳන් ම ඕවාට හුරු වුනාම ඒ මනස්වල පිහිටන්නේ ඉන්දියානු ආරේ ගති පවතුම් ම තමයි.

    අපිට මේ වෙනස දැනෙන්නේ අපි මේ විගඩම් මේතරම් වෙන්න කලින් තිබුන තත්වය ගැන අවබෝධයක් තියෙන නිසා. දල වශයෙන් 2000න් පස්සේ ඉපදුන අයට මේකේ වැරැද්දක් පෙනෙන එකක් නෑ, මොකද මේ ඔවුන් දකින සාමාන්‍ය තත්වය.

    මට මේ සම්බන්ධව මෙහෙමත් හිතෙනවා, අපි දැන් දකින “සෑම දෙයක් ම ඉන්දියානු වීමට” ලොකු වැඩ කොටසක් කරන්නේ තමන්ගේ ලාංජනය විදියට ත්‍රිකෝණයක් තියෙන නාලිකාව කියලා. අනූ ගණන්වල මැද හරියේ මුලින් ම ශාන්ති වගේ මෙගා නාට්‍ය පෙන්නුවා. ඊට පස්සේ ප්‍රගති වගේ ඒවා. මුලින් උපසිරැසි දාල, පස්සේ හඬ කවලා, ඊටත් පස්සේ ඒ නිළියෝ මෙහෙ ගෙනල්ලා ඉන්දියාවේ ආරටම මෙහෙ නාට්‍ය හැදුවා. අද වෙනකනුත් එහෙමයි. ඉන්දියාවේ විකාශය වන වෙනත් වැඩසටහන් ඒ විදියටම මෙහෙ කරන්න පටන් ගත්තා. දැන් ළමයි හැදෙන්නේ ඔයාකාරයේ වැඩසටහන් එක්ක නිසා පොඩි එවුන් හැදෙන්නෙත් ඔය ආරටම තමයි.
    ( @ S.GUNE ත් මේ මතය දරන බව දැකීම සතුටුයි)

    කනගාටුවට කරුණක් තමයි අනෙකුත් නාලිකාත් ඒ මාර්ගයේ ම ගමන් කිරීම, විශේෂයෙන් කොම්බුවක් තියෙන නාලිකාව සහ සූර්යයා ලාංජනය විදියට තියාගෙන ඉන්න නාලිකාව. දැන් හැදෙන රුපවාහිනී නාට්‍ය බහුතරයක් ඉන්දියාවේ ගොබ්බ style එකටම හදනවා. රඟපෑම් අධි තාත්වික මට්ටමේ. තියෙන්නෙ ම මරාගැනිලි, එක ම පවුලේ එක එකා කා කොටා ගන්න හැටි. රාජ්‍ය මාධ්‍යත් ටික ටික ඒ පාරේම යනවා වගේ දැනෙනවා. TV බලන අපේ මිනිස්සුත් 'මේක තමයි අපේ විදිය' කියල හිතාගන්නවා. අපිත් පොඩි කාලේ මල්ගුඩි දවස වගේ ගුණාත්මක වැඩසටහන් බැලුවා. හැබැයි දැන් එකක් පස්සේ එකක් පෙන්නන්නේ විකෘති.

    මේක කොච්චර ඔඩු දුවලද කිව්වොත්, ඉන්දියාවේ මනුස්සයෙක් ලංකාවට ඇවිල්ලා TV එක දැම්මම, මිනිහට හිතෙන්නේ තාම එයා ඉන්නේ ඉන්දියාවේ කියලා. මේ කතාව මට ඉන්දියන්කාරයෝ කීපදෙනෙක් කියල තියෙනවා (මම වැඩකරන අංශයේ ගොඩක් ව්‍යාපෘතිවලට ගෙන්වන්නේ ඉන්දියාවේ අය). තමන්ගේ ඉස්සරහ ම එහෙම කියනකොට පොළව පලාගෙන යන්න හිතෙනවා.

    මේ ගැන කියන්න ගොඩක් දේවල් හිතට ආවත්, වචනවලට හරවන්න වෙලාව මදි. අන්තිමට කියන්න තියෙන්නේ මේවා දකිනකොට හිතට දැනෙන්නේ මහා ලොකු වේදනාවක්. අපි දවසින් දවස අනුන්ට අතපාන, අනුන්ට යටත් රටක් බවට පත්වෙමින් යනවා. තව කාලෙකින් ශ්‍රී ලාංකික අනන්‍යතාව (විශේෂයෙන් සිංහල අනන්‍යතාව), නැත්තටම නැතිවෙලා යයි. හැබැයි මේවට වගකියන්න ඕනෙත් මේ රටේ බහුතරයක් වෙන සිංහලයන් ම තමයි.

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.....