අපේ අම්මට අයිය බලු වැඩක් කරා.. | ElaKiri lawyer වැඩ්ඩනි හෙල්ප්... Please..

NiGHT_WALK3R

Active member
  • Mar 13, 2007
    275
    92
    28
    case එක කෙටියෙන් මේකයි..

    අම්ම ප්‍රාණභුක්තිය තියල අයියගේ නමට අයිය දැන් ඉන්න ගේ ලියල දුන්න
    (දැන් අපි ඉන්න ගේ නෙමෙයි)

    ලියල ටික දවසකින් අම්ම ගියා අයියලව බලන්න අපේ ලොකු අම්මත් එක්ක..
    එතකොට ඇයි මේ ලොකු අම්මල එක්කං මෙහෙ ආවේ කියල අයියගේ ගෑනි බැනල අම්මලාව එලවගත්ත :(
    අම්මට එදා නිදාගන්න වත් තැනක් නැතුව රස්තියාදු වෙලා වෙන කොහෙවත් නිදාගෙන චාටර් වෙලා පහුවදා තමයි ඇවිල්ල කිව්වේ :(

    අම්ම පොලිසි ගිහින් Entry එකක් දැම්මම අයියලා ව ගෙන්නුවා.. පොලිස්යෙන් advice දුන්න අම්මලට මෙහෙම කරේ ඇයි එහෙම කියල, එත් උන් ඒක ගණන් ගත්තේ නැහැ.

    ඒ නිසා අම්ම lawyer කෙනෙක් හම්බවෙලා නඩුවක් දැම්ම මෙහෙම සලකන්නේ නැ කියල.

    නඩුව දැම්ම ගමන් සිතාසිය එනකං මූ හිටියේ නැහැ, රට පැන්න...

    අද වෙනකන් කතාවක් වත් නැහැ, ලෝයර් කියනවා address එකක් නැතුව කෙස් එක දාන්න බැහැ කියල...

    නඩුව දාගන්න ඕන කොහ්මහරි...

    address කියන්නේ නැහැ.. කොටින්ම.. අයියගේ යාලුවන්ටත් මු කියල තියෙන්නේ address මොකුත් කියන්න එපා කියල. හැංගිලා ඉන්නව.

    පොලිසියෙන් කියනවා ලංකාවේ ඉන්න wife ගෙන් අයිය ඉන්න තැන් වල address ඉල්ලගන්න අයිතියක් නැහැ කියල...


    මේකට මොකක් හරි උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,909
    6,581
    113
    අවුලක් තියෙනවා නේ එහෙනම් 🙄
    ------ Post added on Jun 29, 2023 at 8:12 AM
    ඉතිං ඕව ඒ විදියට හදල ඇත්තෙ ලංකාවෙ ඇතිවෙලා තියෙන ප්‍රශ්න සලකල බලල වෙන්න ඇති බං. ඒ තරම් කේස් ගොඩක් ඇවිල්ල ඇති. අම්මල තාත්තලගෙන් දේපළ ලියල පාරට දාන. ඊට පස්සෙ වෙන වෙන සමාජ ප්‍රශ්න නිසා තමයි ඔහොම නීති දාල ඇත්තෙ. මට නම් කිසිම වැරැද්දක් පේන්නෙ නෑ.
     
    • Sad
    Reactions: NRTG and B.Chat

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    227
    137
    43
    අම්මට අයියා සලකන්නේ නැත්නම් උඹ අම්මට සලකනවා නම් අම්මට ඉන්න තැනකුත් තියෙනවා නම් ඇයි බන් අයියට විරුද්දව නඩු කියන්න යන්නේ ..ඒ මිනිහ කවද හරි වන්දි ගෙවන්න වෙයි අම්මට නොසලකා හැරපු නිසා ..

    අනිත් දේ තෑගි ඔප්පුව ලියලා තියෙන විදිය බලපන් lawyer කෙනෙක් හම්බ වෙලා හරි ..ක්‍රම දෙකකට ලියන්න පුළුවන්..මටත් තාත්තා තෑගි ඔප්පුවකින් ප්‍රාණ බුහුක්තිය තියලා ගෙයක් ලියලා දුන්නා ...හැබැයි එයාගේ තනි කැමත්තට ඒක cancel කලා ...
     
    • Like
    Reactions: NRTG

    Martin

    Well-known member
  • Aug 15, 2006
    661
    416
    63
    Rata panna kathawak nathuwa hitapu address ekata naduwa dapan., uge NIC numbers and Passport Numbers mention karala. Simple.
     
    • Like
    Reactions: NRTG

    Fade

    Well-known member
  • May 25, 2022
    1,144
    2,310
    113
    ඇයි බන් උබලා අයුක්තියට නැගි හිටින්නේ නැත්තේ
    මූ මට පේන්නේ මූට ගෙදර හම්බුනේ නැති එකට තරහට අම්මව කුලප්පු කරලා අයියට නඩු දම්මන්න හදන්නේ
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    4,724
    5,747
    113
    umbe gaani ammawa thiyaganna kamathi nathi nisa neda lokuma awula?
    umbata ge dunne nathi nisa ayyath ekka awlakuth thiyenwa wage
     
    • Like
    Reactions: NRTG

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    921
    766
    93
    දන්න තරමට ප්‍රාන බුක්තියට යටත්ව ලියපුවා විකුනන්න කලින් අහන්න ඕන නේද?
     
    • Like
    Reactions: NRTG

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    18,882
    5,066
    113
    ගෙදර/බෝඩිමේ
    අයියයි උගේ ගෑනියි කොහොමත් අවුල් කියමුකො, අම්ම මොකද බං ගහෙන් ගෙඩි එන්න වගේ අයියගෙ ගෑනි ගෙට එන්න එපා කියල එක පාරක් බැන්න කියල පුතාට විරුද්ධව පොලීසි ගිහින් සලකන් නෑ කියල උන් ඔක්කොම ගෙන්නල වාත කරේ,

    තව අම්ම ඒක එහෙම කරා කියල නඩුවක් වැටෙයි කියල අරුත් මේ හේතුව නිසාම විතරක් උගේ ඔක්කොම දේවල් අතෑරලා මේක හින්දම රට පැන්නෙ, කතාව ටිකක් අබ්ලික්... උබ මේකෙ මුලු ස්ටෝරියම දාල නෑ...

    අම්මටත් මොන්ගල්ද බන් ඉන්න වෙන ගෙදරකුත් තියෙනවනම් දුන්න ගෙයක් අස්සේ ගිහින් හැමිනෙන්න හදන්නේ. අනිත් එක අම්මව උබ බලාගනින්. අම්මටත් කියපන් නඩු කියන්නේ නැතුව පාඩුවේ ඉන්න කියලා. අම්මලයි පුතාලටයි ඔක්කොටම පිස්සුද කොහෙද මට පේන්නේ. අනිත් එක යකෝ ඉන්න ගෙදරක් තියෙනවනම් මොන මගුලකටද එලවපු දවසේ ඉන්න තැනක් නැති වුනේ. කෝල් එකක් දාල උබලට විස්තරේ කියන්න තිබ්බනේ.
    මටත් හිතුනෙ ඕක, ඒ අම්මටයි පුතාටයි දෙන්නටම revenge සීන් එකේ ඉන්න ඕන වගේ, තමන්ට ඉන්න තැනක් අරූ නැති කරා නම් ඒකට පොලීසි උසාවි යන එක වෙනම කතාවක් ඉතිං..මේක මේ තෑගි ඔප්පුත් දීල ඒ ගෙදරට ආයෙ ගිහිං තමන්ගෙ සහෝදරී එක්ක, අනිත් මොංගල් ගෑනි අම්මව මොකක් හරි හේතුවකට ගේ ඇතුලට ගත්තෙ නැති උනාම ඉතිං තමන්ගෙ අක්ක ඉස්සරහ ලේලිට පදිරි වෙනවනෙ අනික තමන්ම ලියල දීපු ගෙදරට ගත්තෙ නෑ කිව්වම..අම්ම ලොකු අම්මත් එක්ක එහේ ගිහින් තියෙන්නෙ එයා දීපු ගෙදර එයාගෙ කලර්ස් පෙන්නන්න වගේ එකකටද නැත්තම් වෙන කොහේ හරි යමින් ගමන් ගිහින්ද, ඕකෙ පලවෙනි එක නම් ගියපු හේතුව මන් නම් කියන්නෙ මේකට සම්බන්ද ඔක්කොටම ට්‍රැක්...

    දෙවෙනි එක නම්.. ඉතිං ඒත් එහෙමයි, අරූට ඕක තමන්ගෙ කැමැත්තෙන්ම දුන්න නම්, තමන්ටත් ඉන්න තැනක් (අනාථ නොවී) කන්න බොන්න තියෙනව නම්,අනිත් ලමයි සලකනව නම්, පුතාගෙයි ලේලිගෙයි තරම අම්ම දන්නව නම් මොන රෙද්දකටද බං උං අස්සෙ ආයෙම පැටලෙන්න ගියේ? උන්ව අයින් කරල දාල ඉන්නෙ නැතුව? එක්කො ඔය මගුල නොලිය ඉන්න ඕන මුලින්ම...
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    48,591
    73,260
    113
    ආශ්චර්යමත් රටක
    දෙන එකා නීතී දාලා දෙන එක උගේ වැඩක් . ගන්න එකා දැන ගන්න ඕනේ, ඒවා කරන්න බැරි නම් නොගෙන ඉන්න. එතකොට නාකින්ගෙ අනට යටවෙලා ඉන්න ඕනේ නෑනෙ.

    :yes:
     

    tin tin

    Active member
  • Mar 26, 2007
    191
    185
    43
    Calgary, AB
    case එක කෙටියෙන් මේකයි..

    අම්ම ප්‍රාණභුක්තිය තියල අයියගේ නමට අයිය දැන් ඉන්න ගේ ලියල දුන්න
    (දැන් අපි ඉන්න ගේ නෙමෙයි)

    ලියල ටික දවසකින් අම්ම ගියා අයියලව බලන්න අපේ ලොකු අම්මත් එක්ක..
    එතකොට ඇයි මේ ලොකු අම්මල එක්කං මෙහෙ ආවේ කියල අයියගේ ගෑනි බැනල අම්මලාව එලවගත්ත :(
    අම්මට එදා නිදාගන්න වත් තැනක් නැතුව රස්තියාදු වෙලා වෙන කොහෙවත් නිදාගෙන චාටර් වෙලා පහුවදා තමයි ඇවිල්ල කිව්වේ :(

    අම්ම පොලිසි ගිහින් Entry එකක් දැම්මම අයියලා ව ගෙන්නුවා.. පොලිස්යෙන් advice දුන්න අම්මලට මෙහෙම කරේ ඇයි එහෙම කියල, එත් උන් ඒක ගණන් ගත්තේ නැහැ.

    ඒ නිසා අම්ම lawyer කෙනෙක් හම්බවෙලා නඩුවක් දැම්ම මෙහෙම සලකන්නේ නැ කියල.

    නඩුව දැම්ම ගමන් සිතාසිය එනකං මූ හිටියේ නැහැ, රට පැන්න...

    අද වෙනකන් කතාවක් වත් නැහැ, ලෝයර් කියනවා address එකක් නැතුව කෙස් එක දාන්න බැහැ කියල...

    නඩුව දාගන්න ඕන කොහ්මහරි...

    address කියන්නේ නැහැ.. කොටින්ම.. අයියගේ යාලුවන්ටත් මු කියල තියෙන්නේ address මොකුත් කියන්න එපා කියල. හැංගිලා ඉන්නව.

    පොලිසියෙන් කියනවා ලංකාවේ ඉන්න wife ගෙන් අයිය ඉන්න තැන් වල address ඉල්ලගන්න අයිතියක් නැහැ කියල...


    මේකට මොකක් හරි උදව්වක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?

    නඩුවක් දාල ඔය තෑගි ඔප්පුව අවලංගු කරන්න පුලුවන් බරපතල අකෘතඥතාවය යටතේ. අයියා ලංකාවේ නැතිවුනාට කමක් නෑ ලංකාවේ ස්ථීර ලිපිනය දාල නඩුව File කරන්න. නැත්නම් අවුරුදු 10 පැන්නම නඩු දාන්න බැරි වෙනවා.

    ප්‍රාණ භුක්තිය තියෙනවා නම් අම්මාව එලවන්න කාටවත් බෑ. ඒ සම්බන්ධව අධිකරණයට කරුණු දක්වලා අයියාට විරුද්ධව Injunction Order එකක් ගන්න පුලුවන්.

    Address එක නැතුව සිතාසි භාරදෙන්න බැරි කථාව ඇත්ත. හැබැයි අයියා ඉන්න රටක් හරියට දන්නවා නම් Embassy එක හරහා try එකක් දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG