අපේ වැඩ - සරල පැහැදිලි කිරීමක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    13,328
    10,112
    113

    “අස්ට්‍රාසෙනිකා දෙවන එන්නත සොයා ගැනීම දුෂ්කර වෙලා”​




    (සුජිත් හේවාජුලිගේ)
    අස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් ජනතාවට එහි දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත සොයා ගැනීම දුෂ්කර වී ඇතැයි එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි.
    අස්ට්‍රාසෙනිකා එන්නත හදන සිරම් ආයතනයට ඉන්දියාව මුහුණ දී ඇති අර්බුදය නිසා එන්නත් සැපයිම කළ නොහැකි වී ඇතැයි පැවැසූ වීරතුංග මහතා ඒ ආයතනය හදන එන්නත් ඉන්දියාවට ද අද මදි වී ඇතැයි ප්‍රකාශ කරයි.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් ආයතනයටවත් එම එන්නත සොයාගැනීම අද දුෂ්කර වී ඇතැයි ඔහු සඳහන් කරයි.
    එම එන්නත් හැකිනම් ලබා දෙන්නැයි රජය සිරම් ආයතනයෙන් ඉල්ලීම් කර ඇති බවත් එහෙත් ඔවුනට රජයේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් ලලිත් වීරතුංග මහතා පවසයි.
    එන්නත් මිලදී ගැනීමට රජයට මුදල්වල ප්‍රශ්නයක් නැතැයි ද ඔහු අවධාරණය කරයි.

    එක්කෙනාට දෙකක් ගානේ විදින්න හම්බුන ටික
    ලොකු කරලා පෙන්නන්න ඕනි නිසා / යාලුවන්ට හිතවතුන්ට දුන්න නිසා දෙගුනෙකට දුන්න

    දැන් දෙවෙනි එකක් ගන්න තැනක් නෑ

    ලැබෙන දේවල් රටේ තියන දේවල් නිකං නාස්ති කරගන්නේ මෙහෙමයි






    ශ්‍රී ලංකාව: කොරෝනා වෛරස එන්නත්කරණ වැඩපිළිවෙල පැහැදිලි සැලැස්මකට ක්‍රියාත්මක වන්නේ ද?​

    • දැහැමි රණවීර
    • බීබීසී සිංහල
    4 මාර්තු 2021

    ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන එන්නත් කිරීමේ වැඩසටහන 'සැලැස්මකට' අනුව ක්‍රියාත්මක නොවන්නේයැයි විවිධ පාර්ශව වෙතින් තවදුරටත් චෝදනා එල්ල වන ආකාරය බීබීසී සිංහල සේවය කළ විමසුමක දී පෙනෙන්නට විය.
    "මම එළවළු ගන්න පිටකොටුවට ගියා. ඒ හරියේ එන්නත් දෙන මධ්‍යස්ථානයක් තිබුණා. ඒ සෙනඟ පෝලිමට මමත් එකතුවෙලා ගිහින් එන්නත විදගත්තා. නැත්නම් පිළිවෙලකට ඕක හැමෝටම ලැබෙයි කියලා අපිට විශ්වාසයක් නැහැ," 75 හැවිදිරි පුද්ගලයෙකු බීබීසී සිංහල සේවයට පැවසීය. සිය නම හෙළිනොකරන ලෙස ඔහු ඉල්ලීමක් කළේය.
    ......

    'VIP සෙන්ටර්'​

    මේ අතර, කොළඹ ස්ථාන කීපයක ප්‍රභූන් (VIP) සඳහා වෙන් වූ එන්නත් මධ්‍යස්ථාන ගැන තොරතුරු ද බීබීසී සිංහල සේවයට ලැබිණි.
    "මම හෙදියක්, VIP වැක්සීන් සෙන්ටර් එකක වැඩ කරනවා. මට ඇත්තටම මහා කලකිරීමක් තියෙන්නේ මේ වැඩපිළිවෙල ගැන. අපේ පවුලේ වයසක අම්මට, තාත්තට තියා කිසි කෙනෙකුට එන්නත ලැබුණේ නැහැ. නමුත් VIP සෙන්ටර් එකට දේශපාලඥයන්, ඒ අයගේ නෑයෝ, යාළුවෝ සහ ප්‍රභූන් කියන අය ඔක්කොම ඇවිත් එන්නත විදගෙන යනවා."
    "මේක ඇත්තටම ලොකු අසාධාරණයක්," යැයි 'ප්‍රභූ එන්නත් මධ්‍යස්ථානයක' සේවය කරන හෙදියක පැවසුවාය. ඇය ද සිය නම හෙළි නොකරන ලෙස ඉල්ලීමක් කළාය.
    දැනට ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිවීම සම්බන්ධයෙන් තමන් දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය හමුවක දී පැවසීය.
    ප්‍රමුඛතා කණ්ඩායමට අයත් වූයේ වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් වන නමුත් එම ක්‍රියාවලිය වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පසුව තීරණය කළ බව එම සංගමය පැවසීය.



    එන්නත්කරණය ගැන ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් බීබීසී සිංහල සේවයට සිය අදහස් දැක්වීය.
    "හැටට වැඩි පුද්ගලයන්ට එන්නත් ලබාදෙනවා ආණ්ඩුව මුලින් කිව්වා. ඊට ටික කාලයකට පස්සේ 30-60ත් අතර අයටයි එන්නත දෙන්නේ කියලා පුවතක් ගියා. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ කීපදෙනෙකුට එන්නත දුන්නා. හැබැයි මේ අස්සේ වරායේ, මහජන පුස්තකාලයේ VIP මධ්‍යස්ථාන පිහිටුවලා දේශපාලඥයන් සහ හිතවතුන්ට එන්නත ලබා දෙනවා.
    මහජන පුස්තකාලයේ, වරායේ සේවකයන් අපිට කතා කරලා කියනවා ඔවුන්ට එන්නත ලැබෙන්නේ නැහැ, හැබැයි VIP අයට ලැබෙනවා කියලා.
    සමාජයෙන් එන විරෝධය වළක්වා ගන්න කොළඹ, මට්ටක්කුලිය, ගම්පහ, නාරාහෙන්පිට වගේ ප්‍රදේශවල එන්නත් දීගෙන යනවා. නමුත් පිළිවෙලකට ලිස්ට් එකකට නෙමෙයි. සෑහෙන දෙනෙක් හොර පාරෙන් එන්නත විදගන්නවා.
    කොරෝනා පාලනය කරන්න නම් එන්නත් ලක්ෂ 140ක් ලංකාවට අවශ්‍ය වෙනවා. ඒ වගේම, නිසි ක්‍රියාදාමයකට එන්නත්කරණය සිදු කළ යුතු වෙනවා," මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

    'දරුවන්ට නැහැ, ඒත් ගත්තා'​

    කිරිබත්ගොඩ පදිංචි 28 හැවිදිරි කාන්තාවක බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසුවේ, දරුවන්ට එන්නත ලබා දීමට රජයෙන් තවමත් වැඩපිළිවෙලක් නොමැති නමුත් තමන් මෙන්ම දෙහැවිදිරි දරුවා ද එන්නත ලබා ගත් බවය.
    "මම දන්නවා මේක වැරැද්දක් කියලා. නමුත් මම අසනීපවලින් පෙළෙන කෙනෙක්. මගේ එකම දරුවා ගැන තිබුණේ ලොකු බයක්. ඉතින් මම දන්න කෙනෙකු හරහා කොහොමහරි වැක්සීන් ගත්තා.
    වැක්සීන් දෙන පැහැදිලි ක්‍රමවේදයක් ගැන ආණ්ඩුවෙන් කියන්නේ නැහැ. එක එක දවසට හිතුන දේවල් කියනවා මාධ්‍ය හරහා. අපි කොහොම ද මේ රට ගැන විශ්වාසයක් තියෙන්නේ.
    දේශපාලඥයෝ සියල්ල ඩැහැගෙන ගියාම, අපි වගේ මිනිස්සුන්ට අවසානයේ ඉතිරි වෙන්නේ දුක විතරමයි. දියුණු රටවල වගේ වයසක සහ අසනීප අයට පිළිවෙලට වැක්සීන් එක දුන්නා නම් මේ කිසිදෙයක් වෙන්නේ නැහැ. නමුත් දේශපාලඥයන්ගේ ලැයිස්තු ටික කවර් කරන්න ඕන නිසා වැඩසටහන හිතේ හැටියට අවුල් කරලා," ඇය තවදුරටත් පැවසුවාය.
    මෙසේ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙය ඇතැම් හුදෙකලා සිද්ධි මත පදනම් වූ ප්‍රකාශ විය හැකි බවය.
    "මට කියන්න පුළුවන් මම ගැන. මම එන්නත ගත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන අවස්ථාවේදී. ඒත් මගේ පවුලේ කිසිකෙනෙකුට එය ලබාදීලා නෑ. ඒ වාරය එනකන් ඒ අය ඉන්නවා ඔය කියන දේ isolated incidents, තනිවේච්ච එක සිදුවීමක් හෝ දෙකක් අරගෙන generalise (සාමාන්‍යකරණය) කරන්න යනවද දන්නේ නෑ" යැයි අමාත්‍යවරයා කීය.
    ඔහු වැඩිදුරටත් පැවසුවේ, "එන්නත් කරණය දේශපාලනිකරණය වෙලා කියලා නොයෙකුත් අය චෝදනා නගනවා අපි දක්කා. ක්‍රීඩකයෙකුත් එන්නත්කරණය කළා කියලා චෝදනා කළා. ලෝකයේ අපි දැක්ක විවිධ ප්‍රසිද්ධ චරිත මේ එන්නත භාවිතය කිරීමට සුදුසුයි කියන එක කියන්න නැතිනම් මිනිස්සු බය වෙන එක නැති කරන්න එන්නත් කරනගෙන පෙන්නලා තියෙනවා." යනුවෙනි.

    'අවුරුදු තිහට වැඩි හැමෝටම'​

    පෙබරවාරි 24 වෙනි දින කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ වයස අවුරුදු තිහට වැඩි සියලු පුද්ගලයන්ට එන්නත් ලබාදෙන බවය.

    එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහායද ලබාගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය.
    "අපි තීන්දුවක් ගත්තා වයස අවුරුදු 30 සිට සියලු දෙනාටම මේ එන්නත ලබාදෙන්න. මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණ කොමිසමත් සමඟ සම්බන්ධවෙලා සෑම ග්‍රාම නිලධාරි වසමකම ලියාපදිංචි ඡන්ද නාමලේඛනය අරගෙන එයින් තිහට වැඩි අය හඳුනාගැනීමක් කරලා ඔවුන් ලියාපදිංචි කරන්න අවශ්‍ය සියලු කටයුතු සිදු කර තිබෙනවා. සල්ලි තිබුණත් අද එන්නත මිලදී ගැනීමේ ලොකු තරගකාරීත්වයක් ඇතිවී තිබෙනවා," අමාත්‍යවරිය පැවසුවාය.
    විවිධ කණ්ඩායම් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්ව උද්ගත වූ නමුත්, මේ වන විට එය වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ට ද ලබාදීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරිය සඳහන් කළාය.

    එන්නත්කරණය සිදු වන්නේ කෙසේද?​

    එන්නත ලබා ගැනීමෙන් පසු කාඩ්පතක් ලැබෙන අතර, එය සුරැකිව තබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
    දෙවෙනි එන්නත ලබාදීමේදී ඒ සඳහා අවශ්‍ය අනුක්‍රමික අංකය මෙම කාඩ්පතේ සඳහන් වන අතර ඉදිරියේදී විදෙස් ගතවීමේදී එන්නත්කරණය සිදුකරගත් බවට සාක්ෂි වශයෙන් ද මෙම කාඩ්පත අවශ්‍ය වන බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් නිවේදනය කර ඇත.

    "පුද්ගලයෙකුට මෙම එන්නතෙන් මාත්‍රා 02ක් ලබාදෙනවා. පළමු මාත්‍රාව දීලා සති හතරකට පසු දෙවෙනි මාත්‍රාව ලබාදෙනවා," වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.
    ඒ උනාට කොහොමද කයිවාරුව්

    https://lankacnews.com/කොරෝනා-පාලනය-අනිත්-ශ‍්‍ර/
    May 7, 2021 at 3:00 pm | lanka C news
    කොරෝනා පාලනයෙන් ශ‍්‍රී ලංකාව ඇතැම් දර්ශකවල ඉන්නේ නවසීලන්තයටත් වඩා හොද තැනකයි..- ගෙවිදු

    කොරෝනා වෛරසය පාලනය කිරීම අතින් ශ්‍රී ලංකාව අද සිටින්නේ සියලු රටවලට වඩා ඉදිරියෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරයි.

    මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් මෙම අදහස් පල කරන ලදී.

    රෝගී වූ ප්‍රතිශතයට වඩා අපේ රට 3.7 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. අපි ඉන්දියාවත් එක්ක ගත්තොත් එහෙම ඉන්දියාවේ ඒ ප්‍රතිශතයට වඩා 2.8 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාව සමග සංසන්දනය කළොත් අපි ඊට වඩා දහඅට ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ හොඳට ම කොවිඩ් පාලනය කෙරෙනවා යි පිළිගැනෙන නවසීලන්තය සමඟ සැසඳුවහොත් අපි ඊට වඩා 9.9 ගුණයක් පසුපසින් සිටින්නේ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    1,770
    1,062
    113
    ගොන් දොස්තරලා තමයි කොරෝනා වවාගෙන කන්නේ. ඕකුන්ට ගොම ගහන්නේ ලගදීම
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    17,854
    12,651
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @Sri_Sampath මට හිතුනෙ යුරෝපෙ ඇස්ට්‍ර සෙනෙකා නවත්තපු නිසා උන්ගෙ ස්ටොක් ඉල්ලගන්න බැරිවෙයිද කියල. එහෙම ගන්න බැරිද?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,328
    10,112
    113
    @Sri_Sampath මට හිතුනෙ යුරෝපෙ ඇස්ට්‍ර සෙනෙකා නවත්තපු නිසා උන්ගෙ ස්ටොක් ඉල්ලගන්න බැරිවෙයිද කියල. එහෙම ගන්න බැරිද?
    පුලුවන් ඇති. මෙයා ලට උවමනාවක් නැති පාටයි ,,
     
    • Like
    Reactions: topkollek

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    4,484
    4,114
    113
    මීටරේ දුර බලන්නේ බස් එක ඇතුලෙ මගීන් අතර නොවේ. බස් අතර පරතරයයි. කෝච්චි දෙකක් අතර අවම පරතරයයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,042
    6
    10,677
    113
    @Sri_Sampath මට හිතුනෙ යුරෝපෙ ඇස්ට්‍ර සෙනෙකා නවත්තපු නිසා උන්ගෙ ස්ටොක් ඉල්ලගන්න බැරිවෙයිද කියල. එහෙම ගන්න බැරිද?
    Yes... They have excess in the Netherlands & the rest of Europe except in the UK. Some countries stopped AZ and many countries use only for those over 50's.

    We cannot get these for two obvious reasons....

    No#1 We have "Diplomutts" in our Foreign Service - These mutts know nothing about "Diplomacy"

    No#2 When we order through shady companies in China the thieves can make money. Just order 1 Million doses, USD 5 Million in the pocket. Simple. :yes:
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    14,439
    5,134
    113
    Arkham City
    Yes... They have excess in the Netherlands & the rest of Europe except in the UK. Some countries stopped AZ and many countries use only for those over 50's.

    We cannot get these for two obvious reasons....

    No#1 We have "Diplomutts" in our Foreign Service - These mutts know nothing about "Diplomacy"

    No#2 When we order through shady companies in China the thieves can make money. Just order 1 Million doses, USD 5 Million in the pocket. Simple. :yes:
    many of these Euorpe countries, most of the diplomats are gottos or relations of current ministers. They are just spending their vacation there.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    17,769
    23,223
    113
    තාම ලන්කාවේ
    ලෝකේ හුගක් රටවල් අස්ට්‍රා සෙනිකා ගහන එක නවත්තලා.. සමහර රටවල 50 ට වෑඩි අයට විතරයි.. එහෙම තියෙද්දිත් අපිට වෑක්සීන් එක හොයා ගන්න බෑ.. විශාල ශබ්ධ පමණයි
     

    Similar threads